Citizen.lk News
Citizen.lk News
February 28, 2025 at 05:23 AM
🟠 ‍ ‍*ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් රහස්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කෙරේ* සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් රහස්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලිගේ නිල මැදිරියේදී අදාළ වාර්තාව ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ. එම වාර්තාවට අනුව අධිකරණය විසින් පොලිසියට නියෝග කිහිපයක්ද නිකුත් කර ඇති අතර බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ද නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. පසුගිය 19 වනදා පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 05 අධිකරණ ශාලාවේ නඩු විභාග වෙමින් පවතින අතරතුර විත්ති කූඩුවේ සිටි සංවිධානාත්මක අපරාධකරුවකු වූ ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කර තිබුණා. *තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.* https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W *2025.02.28* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠
Image from Citizen.lk News: 🟠 ‍ ‍*ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් රහස්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිර...

Comments