Madura Amarasinghe
                                
                            
                            
                    
                                
                                
                                February 17, 2025 at 01:13 PM
                               
                            
                        
                            ඔබට කුඩා දරුවන් ඉන්නවා නම් ඔවුන් 
- ඔබ ඔවුන් වෙනුවෙන් day care center එකට කොතරම් වියදම් කරනවාද?
- ඔබ ඔවුන්ට ලබා දෙන ඇඳුම් වල මිල සහ සන්නාම
- ඔවුන්ව ජනප්‍රිය පාසලකට ඇතුලත් කරන්න කොතරම් මුදලක් වියදම් කරනවාද?
- ඔබ ඔවුන්ව රැගෙන යන වාහනයේ මිල කීයද? 
ආදී දේවල් ගැන තමන්ගේ අවධානය ලබා දෙන්නේ නැහැ. 
නමුත් ඔවුන් අවධානය ලබා දෙන්නේ
- ඔවුන් අඩන විට ඔවුන්ව සනසවන්නේ කවුද? 
- ඔවුන් සමග සෙල්ලම් කරන්නේ කවුද? 
- ඔවුන්ව පෙරපාසලෙන්, පාසලෙන් pick කරන්න පැමිණෙන්නේ කවුද? 
- ඔවුන් ක්‍රීඩා කරන තරඟ නැරඹීමට පැමිණ ඔවුන්ව දිරිමත් කරන්නේ කවුද? 
- ඔවුන් perform කරන concert එකක් නැරඹීමට පැමිණ ආඩම්බරයෙන් අත්පොලසන් දෙන්නේ කවුද?
ආදී දේ ගැනයි. සරලවම කියනවා නම් දරවන් වැඩි වටිනාකමකින් අගය කරන්නේ ඔබ ඔවුන් වෙනුවෙන් වියදම් කරන මුදලට වඩා ඔබ ඔවුන් සමග ගත කරන කාලයටයි. 
ඒ නිසා දරුවන් වෙනුවෙන් හොඳම දේ ලබා දෙන්න මුදල් ඉපයීම වෙනුවෙන් අධික ලෙස රැකියාව සහ ව්‍යාපාරය වෙනුවෙන් වෙහෙසීම නිසාම ඔබට ඔවුන් සමග ගත කරන්න තියෙන කෙටි, සුන්දර කාලය මග හැර ගන්න එපා. 
හැම විටම රැකියාව, ව්‍යාපාරය හා දරුවන් වෙනුවෙන් සමබරව ඔබේ කාලය කලමණාකරණය කර ගන්න.❤️
මධුර අමරසිංහ
                        
                    
                    
                    
                        
                        
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            👍
                                        
                                    
                                        
                                            🙏
                                        
                                    
                                        
                                            ✨
                                        
                                    
                                    
                                        37