Madura Amarasinghe
                                
                            
                            
                    
                                
                                
                                February 18, 2025 at 04:27 PM
                               
                            
                        
                            2 Mins Before Sleep 
දවස අවසානයේ අපිට සතුටින් නින්දට යන්න පුලුවන් වීම කියලා කියන්නේ අපි එතරම් notice නොකරත් මිනිහෙකුට තියෙන luxury එකක්.
ඒ සඳහා කිසිම මුදලක් වියදම් කරන්නේ නැතුව ඔබට කරන්න පුලුවන් දෙයක් තමයි හැකි අයුරින් ඔබව වටා ඉන්නා පුද්ගලයින්ව දිරිමත් කරන එක. 
ඔබ වටා ඉන්නා කෙනෙකු පොඩ්ඩක් මනසින් පහලට වැටිලා ඉන්නා විට ගිහින් ඔහුව දිරිමත් කරන්න. ඔහුගේ මානසික මට්ටම improve වෙන්න කතා කරන්න. 
ඔබ නොදන්නා කෙනෙක් වුණත් වචනයකින්, ඔබේ body language එකෙන් ඔහුව දිරිමත් කරන්න.
අනිත් අයව දිරිමත් කරන මිනිසුන් ඉන්නා සමාජයක් නිර්මාණය කර ගන්න පුලුවන් නම්  ඒ සමාජයේ සාර්ථකත්වය සඳහා තියෙන ඉඩකඩත් වැඩි වෙනවා. 
ඒ වගේම වෙන කෙනෙකුව දිරිමත් කිරීම ඔබටත් අනිත් පැත්තට වෙස් වලාගත් ආශීර්වාදයක් වෙනවා. 
ඒ නිසා පුලුවන් හැම විටම අනිත් අයව පහලට ඇද දැමීම වෙනුවට දිරිමත් කරන්න. දවස අවසානයේ සතුටින් නින්දට යන්න. 
සුබ රාත්‍රියක්!
මධුර අමරසිංහ
                        
                    
                    
                    
                        
                        
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            🙏
                                        
                                    
                                        
                                            ♥️
                                        
                                    
                                        
                                            💯
                                        
                                    
                                        
                                            😂
                                        
                                    
                                        
                                            🫂
                                        
                                    
                                    
                                        66