Mindfulness ( සිහිය)
Mindfulness ( සිහිය)
February 24, 2025 at 03:23 AM
ලන්කාවෙ මිනිස්සු තරම් ජීවිත සන්කීර්ණ කරගත්ත අය තව රටවල ඉන්නවද.... බහුතරය වර්තමාන මොහොතේ සුන්දරත්වය විදින්න දන් නැහැ, එක්කො වැලලුන අතීතයක එල්ලිලා ඩිප්‍රෙශන් කියයි, නැත්තම් තාම එන්න හිතලවත් නැති අනාගතයක් ගැන වොරි වෙලා කාන්සාව කියයි. ඇත්තටම ලන්කාවෙ මිනිස්සු තරම් දේවල් වල එල්ලිලා ඇලිල ඉන්න තරම් මිනිස්සු ලෝකෙ තව ඉන්නවද? බිම් අන්ගලක ඉදල මීට අවුරුදු ගානකට කලින් කෙනෙක් කල සුලු මදි පුන්චිකමක් බදාගෙන කොච්චර තමන්ගෙ ඊගෝව පරිස්සම් කරන්න ට්‍රයි කරනවද? ඒ ඔක්කොටම වඩා තමන් දන් නැහැ තමන්ට ඕනෙ මොනවද කියල, තමන්ගෙ අනාගතේ තීරණය කරන්නෙ එක්කො කාලෙන් කාලෙට එන රැල්ලක්, නැත්තම් එක එක ඒව ඔලුවට දාන නෑදෑයෙක් මිත්‍රයෙක් කියල හිතන් ඉන්න එකෙක්..... තමන් හදන නිවසෙ ප්‍රමාණය, ගන්න වාහනේ තීරණය කරන්නෙ තමන්ගෙ බජට් එක නෙමෙයි රටේ ලෝකෙ මිනිස්සු.... තමන් ළමයි හදන්න ඕනෙද නැද්ද, ළමයි කී දෙනෙක් හදන්න ඕනෙද කියල තීරණය කරන්නෙ වෙන මිනිස්සු, නැත්තම් සමාජය, කොටින් තමන් කසාදයක් බදින්න ඕනෙද නැද්ද කියන කාරනේ පවා තීරණය කරන්නෙ ඒ විදියට, තමන්ගෙ සතුට මොකද්ද කියල තමන්ට තීරණයක් ගන්න නිර්භීතකමක් නැහැ. ඔහෙ යනවා..... අඩු තරමින් තමන්ගෙ ගෑණිට මිනිහට ආදරේ කරන්න ඕනෙ විදිය තීරණය කරන්නෙත් තමන් නෙමෙයි, එක්කො ඩ්‍රාමා එකක්, නැත්තම් මොකක් හරි මොඩර්න් ට්‍රෙන්ඩ් එකක්, නැත්තම් මොකෙක්ගෙ හරි ගොබ්බ පොතක්.....බෞද්ධකම තීරණය කරන්නෙ කරන පින්කමට වියදම් කරන ප්‍රමාණය මත, 84000ක් අහවල් එක පූජ කලා, කඨිනෙ මෙහෙම කලා, අහවල් ප්‍රසිද්ධ ස්වාමීන්වහන්සේ ගෙනත් බනක් කියෙව්වා..... ඔච්චරයි. චතුරාර්ය සත්ය කියන්නෙ මොකද්ද ඇහුවොත් කියාගන්න බැහැ. අඩු ගානෙ බෞද්ධ දර්ශනයෙ අරමුණ මොකද්ද කියල ඇහුවොත් කියාගන්න බැහැ. බෞද්ධ දර්ශනයෙ එන සරලත්වය, මමත්වය අත් හැරීම මේ දේවල් ලාවටවත් ගෝචර වෙන් නැහැ. ළමයින්ගෙ ඉලක්ක තීරණය කරන්නෙ ඌ ඉපදුන දක්ශතාවය නෙමෙයි තුන්වෙනි ලෝකෙ රටවල පිළිගන්න ජොබ් කීපයක් අතර උන් දෝලනය වෙනවා. උන් ඇතුලෙ ජීවත් වෙන කළාකාරයො අධ්යාපන ක්‍රමයෙන්ම මරල දානවා.... ප්‍රේමය, විවාහය, ජීවිතය, මානව සබ්දතා මේ තරම් සන්කීර්ණ කරගත්ත මිනිස්සු ඉන්න තව රටක් තියෙනවද.... කවදා hari නිදහසේ පැත්තකට වෙලා තමන්ට ඇත්තටම ඕනෙ මොන දේද කියල හිතන්න පුලුවන් දවසට, ඒ දේ ඕනෙ ඇත්තටම මටමද නැත්තම් වෙන කෙනෙක්ටද කියල තමන්ට හිතන්න පුලුවන් උන දවසක, අතීතය, අනාගතය කියන සිරගෙවල් වලින් උන් මිදුන දවසක, තමන්ගෙ ඊගෝව දිනවන්නම උත්සහ නොකර ලෝකෙට සමාව දෙන්න පුලුවන් උන දවසක, ඒ ඔක්කොමත් එක්ක තමන් තමන්ට සමාව දෙන්න පුලුවන් ස්ව ආත්ම ප්‍රේමයක් දැනුන දවසක අඩු තරමින් තමන් තමන්ට බොරු කරන එක නැවැත්තුවොත්..... මේ මිනිස්සු නිදහස් වෙයි...... සටහන- දුලිත කසුන්
❤️ 👍 🙏 💜 😂 42

Comments