
Mindfulness ( සිහිය)
February 27, 2025 at 08:47 PM
*ප්‍රශ්නය*
අයියේ,
එක පාරට අපිට එක එක බියවල් එනවනේ ..
මෙහෙම වුණොත් මොකද කරන්නේ
මෙහෙම වුණොත් මොකද කරන්නේ කියලා
එතකොට එළියෙන් ගන්න ඕන පියවර සහ යම් සැලසුම් කිරීමක් දැනටමත් කරලා ඉවර නම්
පැහැදිලිව ම එතන මනස කරන උපක්‍රමයක් කියලා තේරෙනවා නේ .
( ඉස්සර ඕක වත් තෙරුනේ නෑ..හිත එක එක බිය සහගත දේවල් මතු කරද්දී ඒක ට සූදනම් වෙන්න ඕන කියලා හිතා ගෙන, දිගටම සිත ඇතුලේ අතරමං වුන එක වුණේ.)
දැන් එළියෙන් හදන සැලසුම හෝ කළ යුතු දේ දැනටමත් කරලා ඉවර නම්
ඒත් අර බිය ගන්වන සිතුවිල්ල එනවා නම් කරන්න ඕන කිසිවක් නොකර නිශ්චලව අපි ඒ සිතිවිල්ලට ප්‍රතිචාර නොදක්වා බය වෙන්නේ නැතුව සිතුවිල්ල ට මුහුණ මුහුණට දෙන එක නේද ?
*පිළිතුර*
*හිත ඕන එකක් කරපුවාවෙ. එයා කරන ඒව ඔයාගෙ කරගන්න එපා. එයා බයක් හදනව කියන්නකො. ඒක එයාගෙ. ඔයාට අදාලම නෑ*... *හරියට ඔයා කාබරේ ඉන්නව, එලියෙ කෙනෙක් එක එක ඒව කරනව. එයා කරන ඒව ඔයාට තමයි කරන්නෙ කියල ගත්ත ගමන් ඒව ඔයාගෙ. එයා කරන ඒව මොනවද, බයද, සැකයද, තව... මොන මගුලක්ද කියලවත් බලන්න ඕන නෑ. ඔයා ඔයාගෙ වැඩේ කරගෙන ඉන්න*.
*දැනටමත් සැලසුම් කරල කියන්නෙම හිතත් එක්ක ඉදලනෙ. ඉතිං ඔයා එයාගෙන් අහපු ඒව ගැන සහ ඔයාගෙ බලාපොරොත්තු ගැන එයා දන්නව. ඒක අල්ලගෙන එයා ඔය අවධානය ගන්න පොටක් හදනව. එච්චරයි. එයා අවශ්‍ය වෙලාවට අරං හරිම වෙලාවෙ යවන්න. *සැලසුම් කිරීම හිත කරන දෙයක්, ඒක එයත් එක්ක කලා... ඉවරයි...* *ආයෙ ඒව ගැන එයා කියන ඒව අදාල නෑ.*
Manjula Kumarasiri
🙏
❤️
12