Mindfulness ( සිහිය)
Mindfulness ( සිහිය)
March 1, 2025 at 08:02 AM
මේ මොහොත අවසාන මොහොත බව සිතා ජීවත් වෙන්න පුළුවන් ද?🫣 "ඔබ ඔබේ ජීවිතයේ මේ වනවිට කෝපි කෝප්ප, තේ කෝප්ප, බත් පිඟන් දහස් ගාණක් රස විඳ ඇත. එයින් ඔබේ මතකයේ කීයක් රැඳී ඇත්ද? ඔබ දෛනිකව කෙතරම් නම් කනවාට කා බී ඇත්ද? කෑවේ මොනවද නොදැන කෙතරම් නම් කෑම කන්නට ඇතිද? 🍹🍸🥂🍷🍫🍨🍧🍜🍰🥪 මා මේ කියන්නේ ඒ මොහොත තුළ ජීවත්වීම පමණක් ඔබට ඉතුරු වන බවය. අතීතය ඔබ සමඟ නැත. අනාගතය ද නැත. මේ මොහොත පමණකි ඇත්තේ. ඒ මොහොත මගහැරගන්නේ ඇයි? ටිබෙට් ජාතිකයන් අතර මේ ගැන ප්‍රචලිත කතාවක් ඇත. ඔවුන්ගේ ජනප්‍රවාදවල Shambhala නම් පාරාදීයක් ගැන මතයක් තිබේ. දිනක් දඩයම්කරුවෙක් දඩයමේ යන විට ඔහුට කඳු දෙකක් මුණගැසී ඇති අතර රැවුල වවාගත් මහලු මිනිසෙක් ද මුණගැසී ඇත. මහලු මිනිසා ඔහුට කඳු දෙක අතර ඇති මනරම් උද්‍යාන, ගහකොළ, ප්‍රීතිමත් මිනිසුන් පිරි සශ්‍රීක ප්‍රදේශයක් දැකීමට සලස්වා ඇත. දඩයක්කරුට ඇස් අදහාගත නොහැකිව බලාසිටින විට මහලු මිනිසා පවසා ඇත්තේ මෙය ඔබ සොයාගත්තේය. ඔබට සැමදා මෙහි සතුටින් ජීවත්විය හැකියි යනුවෙනි. දඩයක්කරු ක්ෂණිකව පවසා ඇත්තේ එය එසේ නමුත් නගරයේ සිටින ඔහුගේ සහෝදරයන් තිදෙනා හා යහළුවන් දෙදෙනා ද කැඳවාගෙන ඒමට යා යුතු බවයි. එවිට මහලු මිනිසා පවසා ඇත්තේ එය ඔබේ කැමැත්තයි. නමුත් shambhala වේ දොරටු හැරෙන්නේ ජීවිතයටම එක්වරක් පමණක් බවයි. මම පරක්කු නොවී එන්නම් යැයි පවසා දඩයක්කරු යහළුවන් හා සහෝදරයන් සොයා ආපසු යන අතර ඔවුන් නැවත පැමිණෙන විට දොරටු වැසී තිබී ඇත. මේ කියන්නේ කුමක්ද? මේ ලැබෙන මොහොත මේ මොහොතේ පමණක් බවයි මට අනුව shambhala යනු ඔබේ ජීවිතයයි. මේ ජීවිත පාරාදීසය තුළ ඇති සෑම මොහොතක්ම ආනන්දනීය දොරටු වේ. ඔබ මේ මොහොත මගහැරගන්නවා යනු ඔබට පාරදීසයක ආශ්වාදය විඳීමට ඇති දොරටු වසාගන්නවා යන්නයි. මිතුරනි, අපගේ ජීවිතය තණ අග ඇති පිනි බිඳුවක් තරම්වත් විශ්වාස කළහැකි එකක් නොවේ. අද රාත්‍රියේ නිදාගන්නා ඔබ හෙට උදෑසන අවදි වන බවට ඇති සහතිකය කුමක්ද? මා ඔබට කියන්නේ හැම මොහොතක්ම අවසාන මොහොත බව සිතා ‘ජීවත්වන්න’ යන්නයි. හැම මොහොතක්ම එහි සැබෑ අර්ථයෙන් විඳිය යුතු බවයි. දවස අවසානයේ නින්දට යන සෑම මොහොතකම මම එදවස කිසියම්ම හෝ අසතුටක්, කණස්සල්ලක් ඇතනම් එය අවසන් කරමි. ආදරණීයයන්ට ආදරය වග පවසමි. පසුදා උදෑසන ගැන බලාපොරොත්තුවකින් කිසිම දිනයක මා නින්දට යන්නේ නැත. හැම දිනයකම අවසානය මට මරණයකි. පසුදා අවදි වුවහොත් එය උපතකි. එබැවින් කිසිවෙකු සමඟ අමනාපකම් පවත්වාගැනීමක්, අසතුටක් මගේ ජීවිතයේ නොවේ. මේ මොහොත පමණකි මට ඇත්තේ. ඉතින් ප්‍රිය මිතුරනි, සතුටින් ජීවත්වන්නට අවැසි නම් ඔබ ප්‍රගුණ කළ යුතු මූලිකම පාඩම මේ මොහොතේ ජීවත්වීම බැව් ලියමි. ඔබ කරන සියල්ල දැනගෙන කරන ලෙසත්, සිහියෙන් කරන ලෙසත් ඉල්ලමි. අමනාපකම් පවත්වාගෙන නොයන මෙන් ඉල්ලමි. සමාවදීම, සමාවගැනීම ලෝකයේ ඇති සැනසිලිදායකම වචන බව කියමි. Now or never මතක තබාගන්න යැයි ඉල්ලමි. " උ.ගැ අවසන්! සම්පූර්ණ ලිපිය පලමු comment එකෙන්.. ..............................................................................
❤️ 👍 6

Comments