Mindfulness ( සිහිය)
Mindfulness ( සිහිය)
March 1, 2025 at 11:47 AM
ඔයා ළමයෙක් ඔයාගේ කකුලේ ලොකු තවාලයක් හැදෙනවා තාත්තා ඔයාට හොඳ දොස්තර කෙනෙක් චැනල් කරලා බෙහෙත් අරන් දෙනවා අම්මා නියමිත වෙලාවට බෙහෙත් බොන්න දීලා, තුවාලෙ සුද්ද කරලා බොහොම පරෙස්සමට ඒ බෙහෙත් ටික දාලා ආදරෙන් ඔයාට සාත්තු සප්පායම් කරනවා. ඔයත් ඉක්මනින් සුවවීමේ පරමාර්ථයෙන් ඒ සියල්ල ඉවසනවා , පිළිගන්නවා ඉතින් මෙතනදී... තාත්තාගේ සල්ලි, දොස්තරගේ බෙහෙත් අම්මාගේ සාත්තුව , ඔයාගේ ඕනෑකම යන සියළු දේ බාර අරගෙන තිරයට පිටුපසින් සිට සුවවීමේ ක්‍රියාවලිය සිද්ද කල ස්වභා දහමත් මේ සම්පූර්ණ වැඩේට දායක වෙලා තියනවා. ඇත්තෙන්ම බැලුවොත් තව දහස් ගානක් දෙනා මේ ක්‍රියාවලිය ඇතුලේ ඉන්නවා ඒ කියන්නේ මේ බෙහෙත් සොයාගත්ත විද්‍යාඥයො එතකොට ඒවා නිෂ්පාදනය කල අය ඒවට අමුද්‍රව්‍ය , බෙහෙත් පැළෑටි ආදිය සපයපු අය, එතකොට ඒවා ලංකාවට ගෙන්වපු ඖෂධ සමාගම් (අධික ලාභයක් ලැබීම වෙනම දෙයක්) බෙහෙත් ටික කරල් පෙති ආදී ලෙස ෆාමසියෙන් ඔයාගේ අතට ඒම දක්වා දායක වූ අය අති මහත් පිරිසක්. එතකොට මේ විදිහට බැලුවොත් ඔයාගේ මේ සම්පූර්ණ සුවවීමේ ක්‍රියාවලියට දායක වුන පිරිස හිතාගන්නවත් බැරි තරම් මෙතනින් එක් කෙනෙකුට අත උස්සලා කියන්න බෑ මම තමයි හොඳටම කලේ කියලා මේ සියල්ලම සමස්තයම ස්වභා දහම මම කෙනෙක් කොතැනවත් නෑ ✍️ඉන්දිකා වේවැල්පනාව
❤️ 1

Comments