Story නිම්නය....✍️❤️📖
Story නිම්නය....✍️❤️📖
February 26, 2025 at 06:29 AM
🌹 *නංගිගෙ Husband*🌹 - මෙය කොටස් කිහිපයක කෙටිකතාවකි. 𝘌𝘗𝘐𝘚𝘖𝘋𝘌 0️⃣2️⃣ ⭕ *කතු අයිතිය බුද්ධිමය දේපළක් බැවින් කරුණාකර කතු අයිතිය සුරකින්න.*⭕ ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 𝘸𝘳𝘳𝘪𝘵𝘦𝘯 𝘣𝘺 - 𝗦𝗮𝗰𝗵𝗶𝘁𝗵 𝗽𝗿𝗮𝗺𝗼𝗱✍️ පවන් මටත් මම පවන්ටත් ආදරය කරන්න ගත්තේ දැනට අවුරුදු හතහමාරකට විතර කලින්. එතකොට අයියා ඒලෙවල් එක්සෑම් එක කරලා ඉවරවෙලා අවිස්සාවේල්ල පවන් අයියලාගෙ ගමේ තේ ෆැක්ටරි එකක පොඩි ජොබ් එකක් කර කර හිටියේ. එතකොට මම ඒලෙවල් කරනවා. මම ඒලෙවල් වලට කරේ මැත්ස්. පවන් අයියාට තිබුනේ හරිම ලස්සන රූපයක්. කෙල්ලෙක් දෙපාරක් හැරිලා බලන තරමේ ලස්සන රූපයක් පවන් අයියාට තිබුනේ. *" ඒයි මෝ!ඩි මොකද කරන්නේ...?"* *" එන්නෙපා මට ඕන්නැති කතා කියාගෙන මම මෝ!ඩි!යෙ!ක් නෙමෙයි හරිද...?"* මම දුකින් ඉන්න ඉමෝජියත් එක්කම ඒම මැසේජ් එක ටයිප් කරේ. පවන් අයියා මට මෝ!ඩි කියලා කිව්වම ඇත්තටම මට දුක හිතුණු නිසා. *" අනේහ්...විහිලුවක් කළේ මැ!ට්!ටි!යේ...මගේ නංගි පණට දුක හිතුනද...?"* *" හ්ම්...."* *" මගේ නංගි පණ මොකෝ කරන්නේ ඉතිම්...* මුලින් ම මම පවන් අයියාව ආශ්‍රය කරේ හරියට මගේ ම අයියා වගේ. මට අයියා කෙනෙක් නැති නිසාද මන්දා පවන් අයියාගේ ආදරය , කරුණාව මම වැඩි වැඩියෙන් හෙව්වා. *" මම මේ කකුළත් වතුර බේසමක දාගෙන පාඩම් කරනවා අනේහ්..."* ඒ වෙද්දි මම උසස් පෙළ විභාගෙට සූදානම් වෙමින් හිටියේ ගණිත අංශයෙන්. මගේ එක ම හීනේ වුනේ දවසක දක්ශ ආකිටෙක්චර් කෙනෙක් වෙන එක. ඒ නිසාමයි මම උසස් පෙළට මැත්ස් කරන්න ගත්තේ. *" පාඩම් කරන වෙලාවට නිදිමත හැදෙනවට කෝපි එකක් බොන්න නංගි..එතකොට නිදිමත නැතිවෙනවා..."* පවන් අයියා ඒම කිව්වම මට හිතුනා මේ වෙලාවෙ පවන් අයියාත් මෙතන හිටියා නම් කොච්චර හොඳද කියලා. *" අනේහ් කම්මැලියි අප්පාහ්...ඔයාට බැරිද අයියා මට හදලා දෙන්න කෝපි එකක්..."* පවුලේ වැඩිමහල් ම ළමයා මම වුනාට කවදාවත් කුස්සියට ගිහින් අඩුම තරමේ තේ එකක්වත් හදාගෙන බීපු කෙ!ල්!ලෙ!ක් නෙමෙයි මම. ඒත් මම පවන් අයියාගේ ආදරණීය පෙම්වතිය වුනාට පස්සේ එක එක වර්ගයේ සු!කු!රු!ත්!ත!ම් කෑම ජාතිත් හදන්න ගත්තෙ දවසක පවන් අයියායි මායි එක වහලක් යටට වුනාට පස්සේ මගේ පවන් අයියාට අවශ්‍ය කෑම බීම හදලා දෙන එක මගේ පරම යුතුකමක් හා වගකීමක් සේ මට දැනුනු නිසා. මම ආසයි මගේ පවන් අයියාට මගේ අතින් ම කෑම හදලා මගේ අතින් ම කවන්න. ඒත් තෙල් කෑම , වැඩිපුර සීනි දාපු කෑම කොහෙත්ම කන්න දෙන්නෙ නෑ මම මගේ පවන්ට. පවන්ට හදන තේ එකට වුනත් දාන්නෙ එක සීනි හැන්දක් විතරයි. ඒ වගේ හීන කන්දක් මේ හිතේ පොදි බැඳගෙන මම මගේ රත්තරන් පවන් අයියාට ආදරේ කරේ. ඒත් මගේ ම නංගි මගේ ඒ හීන කන්දට ගිනි තියලා විනාස කරලා දැම්මේ හරිම අසාධාරණ විදියට. *" පි!ස්!සි!යෙ!ක්!නෙ මේහ්...මං කොච්චර කියනවද පාඩම් කරන්න අපේ ගෙදර එන්න කියලා....ඔයා ඒම ආවා නම් මම ඔයාව හොඳට බලාගන්නවනේ..."* *" ආහ්, කෝමද දැන් පවන් අයියා මාව බලාගන්නේ....?"* *" හැමදාම ඔයා පාඩම් කරන වෙලාවට ඔයාට මගේ අතින් ම හදපු රස ම රස කෝපි එකක් මං හදලා දෙනවා.....එතකොට ඒක බොමු දෙන්නත් එක්ක කයියක් ගගහා බාගේ බාගේ....."* පවන් අයියා මාත් එක්ක කතාකරපු හැම වචනයක් වගේ ම හරිම ආදරණීයයි. මටත් නොදැනිම මගේ හිත පවන් අයියාට ඇදිලා යාමේ රහස ඒක වෙන්න ඇති. *" හෑ....පි!ස්!සෝ...ඒම බාගෙ බාගෙ බොන්නේ කෙල්ලයි කොල්ලයිනේ...අයියලා නංගිලා ඒම බාගෙ බාගෙ බොනවද...?"* *" හා, දැන් අයියලා නංගිලාට ඒම බාග බාග බොන්න හොඳ නැද්ද...?"* *" නෑනේ...හී...."* *" ඒනම් ඔයයි මායි කෙල්ලයි කොල්ලයි වෙමුකො පැංචියේ..."* එක පාරටම පවන් අයියාගේ මුවින් පිටවුනු ඒ වචන කිහිපය මගේ හදවතෙ විදුලියක් කෙටුවා වාගෙයි මට දැනුනේ. මම හීනෙකින්වත් අහන්න බලාපොරොත්තුවෙන් හිටපු වචනයක් නෙමෙයි පවන් අයියා ඒ කිව්වේ. ඒත් පවන් මට ආදරය කරනවා කියලා මුලටම මට දැනුනේ එදා. *"පි!ස්!සු!ද මෝ!ඩ!යෝ...මොනවද ඔය නිදිමත විකාරෙන් කියවන පි!ස්!සු කතා....නිදිමත නම් ගිහින් පි!ස්!සු කතා කියවන්නෙ නැතුව ගිහින් නිදාගන්න...."* එතකොට වෙලාව අලුයම එකයි තිස් පහයි. *" ඔයා හිතන්නෙ මම මේ නිදිමත විකාරෙන් කියවන කතා කියලද නංගි..ඇත්තටමයි මම කියන්නේ අපි ලවර්ස්ලා වෙමුකෝ.."* *" පි!ස්!සු!ද අයියේ ඔයාට....හැමදාම ඔයා මට මගේම අයියා විතරයි...වෙන විදිහකට ඔයා දිහා බලන්න මට නම් බෑ..තව අවුරුදු දෙකකින් ලොකු එක්සෑම් එකකට ෆේස් කරන්න ඉන්න ළමයෙක් මම...පි!ස්!සා පි!ස්!සු කතා කියවලා මගේ ඔලුවත් විකාර කරනවා මෙතන...මම යනවා යන්න...ඔයත් ගිහින් නිදාගන්න වි!කා!ර හිතන්නැතුව...."* පවන්ට එහෙම කියලා ගුඩ් නයිට්වත් කියන්නැතුව මම ෆෝන් එක තිබ්බා. කේන්තියි මට පවන් අයියාත් එක්ක. එදා මට කේන්ති ගියත් අද නම් මට ඒ ගැන හිතෙද්දි දැනෙන්නෙ සතුටක්. මාව හරි ලස්සන ලෝකෙකට අරන් ගිය පවන් අයියාව මුලින් ම මට කැමතියි කියලා කිව්වෙ එදා නිසා. ඒත් මගේ ම නංගි ඒ හැම දෙයක්ම විනාස කරා නේද කියලා හිතද්දි මාව පිච්චෙනවා දෙයියනේ😭 💫 *මතුවට*💫 ☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰ කතාව හොඳයි නම් කතාව කියවලා කමෙන්ට් එකක් , රිඇක්ට් එකක් දාගෙන යන්න යාළුවනේ. *කමෙන්ට් කරනවා නම් ඉතිම් 0759175759 ට කමෙන්ට් කරන්න.* කතාවේ ඉතිරි කොටස් දාන්නෙ page එකේ විතරක් නිසා page එක follow කරලා තියාගන්න.👇 https://www.facebook.com/profile.php?id=61568173084109&mibextid=ZbWKwL
Image from Story නිම්නය....✍️❤️📖: 🌹 *නංගිගෙ Husband*🌹 - මෙය කොටස් කිහිපයක කෙටිකතාවකි.  𝘌𝘗𝘐𝘚𝘖𝘋𝘌 ...
❤️ 💗 😮 34

Comments