
Story නිම්නය....✍️❤️📖
March 1, 2025 at 03:00 AM
🌹 *නංගිගෙ Husband*🌹 - මෙය කොටස් කිහිපයක කෙටිකතාවකි.
𝘌𝘗𝘐𝘚𝘖𝘋𝘌 0️⃣3️⃣
⭕ *කතු අයිතිය බුද්ධිමය දේපළක් බැවින් කරුණාකර කතු අයිතිය සුරකින්න.*⭕
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Wrriten by - 𝗦𝗮𝗰𝗵𝗶𝘁𝗵 𝗽𝗿𝗮𝗺𝗼𝗱 ✍️
අප්‍රෙල් මාසේ එන හැම සිංහල අලුත් අවුරුද්දකටම අපි හිඟුරලකන්දේ පවන් අයියලාගේ ගෙදර යනවා.
*" කවද්ද නංගී ඔයාලා අපේ ගෙදර එන්නේ...?"*
පවන් අයියා මගෙන් ඇහුවේ මම මම අවුරුද්දට විශ් කරන්න පවන් අයියාට කතාකරපු වෙලාවේ.
*" අම්මලා නම් ඒවි හෙට අනිද්දා දිහාවට..."*
*" ඇයි අම්මලා විතරක්....එතකොට ඔයා එන්නේ නැද්ද...?"*
පවන් අයියා ඒක අහපු විදියට නම් හිනාත් යන්න ආවා මට. පව් කො!ල්!ලා හොඳටෝ ම බයවෙලා වගේ. 😢
*" මම හිතන් ඉන්නේ මේ පාර ඔයාලගෙ දිහා එන්නේ නැතුව ඉන්න....අනික මට එක්සෑම් එකත් තියෙනවනේ....පාඩම් කරන්නත් ඕනිනේ...."*
මම කිව්වේ ටිකක් විතර නලවලා. පවන් අයියා සුට්ටක් විතර කේ!න්!ති ගස්සන්න මට ආස හිතුනා ඒකයි මම එහෙම බො!රු!ව!ක් කිව්වේ.
දැන් එයා හිතන් ඉන්නේ මම එහෙම කිව්වේ ඇත්තටමයි කියලා. ඒත් එයා දන්නෙ නෑ මේ කෙල්ලත් එහේ යන්න ඇඟිලිත් ගැන ගැන උන්නේ කියලා.
*" අනේහ් මේහ්, ආවේ නැත්නම් මම ඔහේට ඇවිත් ත!මු!සෙ!ව උස්සන් යන්නේ හරිද මැ!ට්!ටි!යේ...."*😡
අනේහ් පවු, මම කියපු දේට පවන් අයියාට හොඳටම කේ!න්!ති ඇවිත්. ආසයි මට මේ දැන්ම වීඩියෝ කෝල් එකක් අරන් මෝ!ඩ!යා!ගේ රතුවෙච්ච මූණ ටිකක් බලන්න.
පවන් අයියාගේ හිත හරිම හොඳ වුනාට එයාට හරි ඉකමට කේ!න්!ති එනවා. ඒ වෙලාවට ඒ මූණ ජම්බු ගෙඩියක් වගේ රතු ම රතු පාට වෙනවා. පවන් අයියාගේ මූණ ගොඩක් සුදුයිනේ. ඒ නිසා ඒ මූණ රතු පාට වුනාම හොඳට කැ!පි!ලා පේනවා.
*" පවන් අයියේ..."*
*" ම්...."*
*" මම වැලිතලප ඩිංගිත්තක් හැදුවා ඔයාටම කියලා....අම්මලා එද්දී අරන් ඒවි හොඳේ....කාලා රසයිද කියන්නකො මට...හාද....?"*
මම හොඳට ම දන්නවා වැලිතලප කියන්නේ පවන් අයියාගේ ෆේවරිට්. පවන් අයියාට වැලිතලප තිබුනොත් වෙන මුකුත් ම ඕනේ නෑ. වැලිතලප හට්ටියක් වුනත් කාවී ඉවරවෙනකම්ම. පවන් අයියා වැලිතලප කනවා නම් එයාට වැලිතලප එකත් එක්ක සීනි නොදා හදපු උණු ම උණු කහට කෝප්පයක් ඕනෙමයි.
පවන් අයියා කැමති ගොඩක් දේවල් මම මතකේ තියාගෙන හිටියේ. පවන් අයියා ආසම පැණිරස කෑම තමයි වැලිතලප. බත් කනවා නම් පවන් අයියාට පොල් සම්බෝලයක් ඕනෙමයි. සුදු බතුයි චිකන් හොදි කිරට හදලා පොල් සම්බෝලත් එක්ක කන්න පවන් අයියා ගොඩක් ආසයි. නෙස්කැෆේ තමයි පවන් අයියාගේ ප්‍රියතම පානය. එතකොට ආසම පාට තමයි කොළ පාට. ඩෙනිම් දිග් කලිසමට අත්දිග ටීශර්ට් තමයි එයා අඳින්න ආසම. එහෙම ඇන්දම පවන් අයියා සල්මන් ඛාන්ගෙ තරුණ කාළේ වගේ හරි ලස්සනයි. හී...😁
ඒ වගේ අයියා කැමති ගොඩක් දේවල් මම මතකේ තියන් හිටියේ ඇයිද කියලා කියන්න මංවත් දන්නෙ නෑ.
ඒත් මම අහලා තියෙනවා කතාවක්, ගෑ!ණු ළමයි ජීවිත කාළෙට ම එක ම එක පි!රි!මි!යෙ!ක් ගැන එයා ආස දේවල් ඔක්කොම මතකේ තියන් ඉන්නවලු. ඒ එයා මේ ජීවිතේ වැඩොයෙන් ම ආදරේ කරන පිරිමි ළමයා ගැනලු. ඒ කියන්නෙ මගේ හිත ආදරේ කරන්නෙ පවන් අයියාටද...?
*" මට ඔය මුකුත් ඕනේ නෑහ් දෝණි.....ඔයා අවුරුද්දට අපේ ගෙදර එනවා නම් මේ හිත සතුටින් පිරෙන්න ඒ හොඳටෝ ම ඇති....කියන්න මට, මගේ හොඳ ළමයා වගේ ඔයත් එනවා නේද...?"*
එයා මට සමහර වෙලාවට කතාකරේ දෝණී කියලා. අයියා එහෙම කතාකරනවාට මාත් ආසයි ඉතිම්😁
៚༺ S͜͡ A͜͡ C͜͡ H͜͡ I͜͡ T͜͡ H͜͡ P͜͡ R͜͡ A͜͡ M͜͡ O͜͡ D͜͡ ៚༺
ඒ අවුරුද්දෙත් අම්මලා පවන් අයියලාගේ ගෙදර යද්දි මමත් ගියා අම්මලත් එක්ක.
කලින් මම පවන් අයියාට එන්නේ නෑ කියලා කිව්වේ බො!රු!ව!ට. පවන් අයියා සප්‍රයිස් කරන්න මගෙ හිත ගොඩක් කැමැත්තෙන් හිටියේ. ඒකයි මම පවන් අයියලාගේ ගෙදර යද්දි පවන් අයියා කැමති ම නිල් පාට ඩෙනිම් ජින්ස් එකට රෝස පාට බලවුස් එකයිත් ඇඳගෙන ම ගියෙත්.
" ඔයා ඔය රෝස පාට බ්ලවුස් එකට ගොඩක් ලස්සනයි දෝණි....."
අයියා , මම මේ ඇඳුම ඉන්නවා දැකපු මුල් ම දවසේ කිව්වේ එහෙම.
" බො!රු කියලා මාව මුරුංගා අත්තේ තියන්න හැදුවට මම නගින්නේ නෑමයි ඔය මුරුංගා අත්තේ...."
ඇත්තටම මට හිතුනේ පවන් අයියා මට ලස්සනයි කියලා කිව්වේ බොරුවට කියලා. ඒකයි මම හිනාවෙලා පවන් අයියාට එහෙම කිව්වේ.
" අනේහ් දෝණි, සත්තමයි....ඔයා ඔය ඇඳුමට ගොඩක් ලස්සනයි....ඇරැත් මම ඔයාට කවදාවත් ම බො!රු!ව!ක් කියන්නෙවත් කරන්නෙවත් නෑමයි....ගෝඩ් ප්‍රොමිස් දෝණි..."
මගේ එක අතක් තදින් අල්ලගෙන හරිම සීරියස් විදියට පවන් අයියා ඒම කියපු හැටි අද වගේ හොඳ හැටි මතකයි මට තාම.
" ඉතිම් අයියේ, මේ කළු කෙ!ල්!ල කෝමද ලස්සන වෙන්නේ.....?"
" කවුද දෝණි ඔයා කලුවුනා කියලා කැතයි කියන්නේ.....කලු වුනත් ඔයාට තියෙන්නේ හරිම ලස්සන අහිංසක පෙනුමක්....ඇත්තටම මම හරි ආසයි ඔයා ඔය ඇඳුම ඇඳගෙන මම ළඟට වෙලා වෙසක් කූඩුව වගේ කැරකි කැරකි ඉන්නවට....."
මහ ගොඩක් ආදරේ ඒ ඇස් දෙකේ පුරෝගෙන එයා එහෙම කියද්දි මට දැනුනේ සතුටකට වඩා බයක්.
ඒ වෙනකොටත් මට හොඳටම තේරිලයි තිබුනේ, පවන් අයියා මට ගොඩක් ආදරේ කරනවා. ඒත් මේ කෙ!ල්!ල!ගෙ හිත ගොඩක් බයයි දැන්ම ආදරේක පැටලැවෙන්න.
මම තාමත් ඉගෙනගන්න වයසෙ ඉන්න චූටි කෙ!ල්!ලෙ!ක්.
මේ ලංකාවේ ආදරේ කරන ගොඩක් පෙම්වතුන්ට ආදරේ කරලා අවසානයට ඉතිරිවෙන්නේ දුකක් ම විතරයි. මටත් එහෙම දෙයක් වුනොත් මට ජීවත්වෙන එකත් එපාවෙයි දෙයියනේ😢
එහෙම හිතලයි ඒ කාළේ මම ආදරේට බයවුනේ.
එදා මම හිතපු විදියටම, මහමෙරක් තරමට ආදරේ බලාපොරොත්තු මට දීලා මාවත් ආදරේට පොළඹවා ගත්තු මගේ පවන් අයියා එක බ!ඩ!වැ!ල කඩාගෙන ආපු මගේ ම නංගි වෛද්‍ය විද්‍යාලයට තේරුනාට පස්සේ මාව කලුයි , කැ!ත!යි කියලා මාව කුණු මාළු කෑල්ලක් ගානට දාලා මගේ ම නංගි භාවනාත් එක්ක යාළුවුනා කියලා මම කෝම නම් විශ්වාස කරන්නද දෙයියනේ😭
💫 *මතු සම්බන්ධයි*💫
☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰
`මට විශ්වාසයි, මේ කතාව කියවලා ඉවරවෙද්දි ඔයත් අඬනවා සත්තයි`
අද කතාව දුන්නේ ගොඩ දවසකට පස්සේ නිසා කතාව කියවලා Comment එකක් react එකක් දාගෙන යන්න කියලා ඉල්ලන්නේ බොහොම ආදරෙන්.
*ඔයාගේ කමෙන් 0759175759 ට වට්සැප් කරන්න.*
┈┈┈┈┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┈┈┈┈
*කතුගේ වෙනත් නිර්මාණ*
`ලියා අවසන් කළ නවකතා -:`
01. භාවනාවකි නුඹත්
2. හිත හැදෙන කතාවක්
3. The break-up
4. හන්තානෙට පායපු හද
5. ඔය දෑස්
6. ගිණියම් වූ කාර්තුවක
7. මායාවක් ඈ
8. එක සඳයි - තරු තුනයි
9. දෙව්ලි
10. නිල් නෙතු
11. සිතිජ - මන්දාකිණි
12. ස්නේහා
13. Tiktok ආලේ
14. ඉස්කෝලේ
15. ඉස්කෝලේ -2
16. සඳමඩලට මුතු වැටිලා
17. වැහි කුරුල්ලා
18. ආදරේ අහඹුවක්
19. ආදර යුද්දධය
20. ඔෆිස් කෙල්ල
21. කුළුඳුල් පෙම මගේ
`එක් කොටසක කෙටිකතා -:`
01. පුදුම ඔසුව (සිතක සේයා -වැලන්ටයි කෙටිකතා තරඟය සඳහා රචනා කළ කෙටිකතාව)
2. පිංකි
3. මැණිකක් ලදිමි
4. සුරංගනාවියක් ඉකිබින්දා
5. ආදරණීය සුදු නංගී
6. Mine best friend (නවකතා දිගන්තය -කෙටිකතා තරඟය සඳහා රචනා කළ කෙටිකතාව)
7. මට ආදරේ කරන්න කෙල්ලෙක් ඕනේ
8. දෙවියන් මට ම මැවු ඔයා
9. ස්නේහයේ නව නගරය - සෙංකඩගල
10. Love Auction - ආදරෙත් හරියට වෙන්දේසියක් වගේ.
11. දෙවියන් මට දුන් මැණික
12. අහිමි ඇස් දෙක මාගේ
13. ආදරයේ අරගලය
14. මා පතිනියක් නොවේ
15. Love Test එක
16. පළමු පෙම
`Ongoing Novels`
01. ඔබ රැවටිල්ලක් දෛවේ
2. නංගිගෙ Husband
3. පූජනීය ආදරයක්
*මේ නිර්මාණ ඔයාගෙ වට්සැප් ගෲප් එකේ , වට්සැප් චැනල් එකේ , ටෙලිග්‍රෑම් එකේ පළකරගන්න අවශ්‍යයි නම් 0759175759 ට ඔයාගෙ නමත් එක්ක ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න මට.*

❤️
6