DREAMBOOKS🌼✨️
DREAMBOOKS🌼✨️
February 28, 2025 at 05:37 PM
✍️මියුලැස් අත්තනායක වැටෙන සීතල වැස්ස මගේ කනට ගසන්නාක් මෙන් කියා සිටින්නේ ම පාසල් දිවියේ මෙතෙක් ගත කළ වසර එකොළහකට ආසන්න කාලයේ තමා නෙලා ගන්නා ප්‍රථම අග්‍රඵලය නෙලා ගැනීමට ආරම්භ කිරීමට තව දවස් දහසයක් බවටයි.පොළව සංස්පර්ශනය කරනා වැහි බින්දූන් පොළව මතට පතිත වනවාත් සමගම ඔවුන්ගේ මුවගින් නිකුත් වන්නේ මියුලැස් පාඩම් කරපන් පාඩම් කරපන් කියා ය.වහලය මතට පතිත වී හීං සීරුවේ රූටා වැ⁣ටී පොළව ආදරයෙන් වැළද ගන්නා වැහි බින්දුද තරයේ කියා සිටින්නේ දැන්වත් පටන් ගනිම් කියා ය.වැහි බින්දු කොපමණ අවවාද අනුශාසනා දුන්නද හැමදාමත් මාත් සමග ඉන්න මාගේ යහන මට අතවනන්නේ කෝමළ සිනහවක් ද තම කොට්ට තුළ රදවා ගනිමිනි. "මොනා කරන්න ද බං.පොතක් අතට ගත්ත ගමන් උබ හිනා වෙනවා.උබ දිහා බලපු ගමන් නිදි මත ඇස් අගින් බේරෙන්න පටන් ගන්නවා.තේරුම් ගන්න උබ දිහා නොබලා ඉන්නෙ තරහකට නෙමෙයි බං.පුංචි කාලෙ ඉදම් හිතේ දරාගත්තු හීන තියෙනවා.ඒ හීන මලඉලව් නින්දක් නිසා මගෙ ඇස් ඉස්සරහම බොද කරගන්න බෑ බං.උබ ඔය කොට්ට එක්ක දොයිය ගනින්..මේසෙ උඩට ම⁣ගේ ඔළුකට්ට පත බෑ වෙනකම් මට ඇහැක් ඇරල බලන්න අවසර තියෙන්නෙ පොත දිහා විතරයි උබ දිහා නෙමෙයි....." හැමදාමත් වගේ මොන අධිෂ්ඨානෙ හිත මුදුනට ගැහුවත් පෘථග්ජනනීය මාගේ මොළය සහ හදවත ම⁣ගේ යහනේ මාර රංගනය ඉදිරියේ පරාජය වී පොත පසෙකින් දමා ඒ ක්ෂණයෙන් මාගේ දෑස් පැය ගණනක සුව නින්දක් කරා බලහත්කාරයෙන්ම රැගෙන යනවා. අහෝ මම කුමක් කරම්ද ? කරුමය නින්ද ආකාරයෙන්ද පැමිණිය හැක.....
❤️ 😂 🥲 💯 😅 😓 😢 🙂‍↕ 🤭 🩵 71

Comments