
DREAMBOOKS🌼✨️
March 1, 2025 at 04:52 AM
*සෙංකඩගල රූ වරුණ*
සෙංකඩ අහස හිරිකඩ සේලය ඇඳලා
මේඝ පවුරු පෙම් දිය හුල වට කරලා
කාක කොක් නදින් වැව්දිය ඇහැ ඇරලා
තුරුලිය තුරුල් මල් බිළිඳුන්ගෙන් පිරිලා
සහසැස් තෙදැති බහිරව ගිර සිඹින සඳ
කලදෝ රැසින් පුද රද දළඳා සමිඳ
තෙදසිඳු තෙදින් තැතිගත් අසුරන් එසඳ
පැනගිය ලෙසින් හිරිකඩ පහවෙයි නිබඳ
දම්රද කුල සසල කල මද මාරුතිය
මායා මව් තුරුලෙ නැලැවෙයි මියුරැතිය
හැර ගිම් නිවා ඉසිඹුලමින් එහි නිතිය
කිරිසිඳු දියෙන් සැනැහෙයි ඉන් ඉක්බිතිය
පුර'ඹර නිලට රන් පැහැ එක්වෙන කලට
තුරු මනු සැම සතම වැඩ අල්ලති පෙලට
නිල'ඹර රනින් පිරි ඉතිරෙන කල සොඳට
නුවරම පිරෙයි සින්ධුන් සේ දන දියට
රිවි ඇල් බැල්ම යොමුවෙන කල අවරතට
රෑ දෙව්ලියන් දළදා හිමි නමදින්ට
පැමිණෙන කලට රෑ මල් ගෙන දෝතකට
සොමිඳුන් ඇඟිලි ගනිතියි නුවරත ගන්ට
දළදා සමිඳු වැජඹෙන මේ පුර පවර
මිහිකත නොමඳ දොඩමලු සමඟින් අඹර
ලක්බිම රජ දවස නම් හිරුනට අවර
මේ බිම පින් බිමක් නොමවන්නේ කවර
✍️අයෝද්

❤️
💞
🩵
26