DREAMBOOKS🌼✨️
DREAMBOOKS🌼✨️
March 1, 2025 at 11:16 AM
*යශෝදරාගෙන් සිදුහතුන්ට...🩷🤍* ලේන කුලයේ සිටම ආ මඟ සුන්දරයි මා සමිඳුනි පුරා පන්සිය ආත්මයක් වී ඔබේ පසුපස සෙවණැලි නැහැ තනි කළේ අවසන් භවයෙදිත් මා ඔබ ළඟ රැඳි වුණෙමි කෝලිය වංශයේ රූබර සිදුහත් පතිනි ස්වයං වරයෙදි දුටුව මා ඒ දිදුළනා ඒ නෙත් යුග එසැණින්ම බැඳුණේ ඔබ හා සසර බන්ධනය නිසාමද නමුදු පිය රජු වෙද්දි අකමැති දෙන්න මා අවිහිංසක කුමර හදකට කෙසේ නම් මා දරාගන්නද ඔබෙ වෙන්නටත් ප්‍රථමව ශිල්ප පෙන්වා එදා පෑ විකුමන් අගෙයි මා කුමරුනි නිහතමානී සිනහ සරකින් හැඩවූ මුව දුටුවේ මා පමණකි මඟුල් මඬුවෙදි බැඳුණු දෑඟිලි නැවත කිසිදින නොලිහමි අවසන් සසර බැඳුමෙදිත් ඔබේ විය මා කුමරුනි සුළඟේ තනුවට මුසු වුණා වූ ඔබේ වස්දඬු ස්වර රටා අසා සිටියේ සැනසෙමින් මා තබා හිස ඔබේ උර තලා සොඳුරු විය මා දිවි ගමන තැබූ පියවර සැම පුරා නොදුටුවෙමි ඔබවන් කෙනෙක් මා සසර ගමනේ මඟ පුරා සැමට පෙර ඔබ සිතුවේ සැමවිට තව කෙනෙකුගේ සුවයමයි අතැර යන බව පැවසුවත් මා රැඳුණේ ඔබ ළඟ තුටින්මයි එදා අප හැර ගියත් අහිතක් හිතේ නම් නෑ ඇත්තමයි පුර සඳක් බැබළුණත් අහසේ මාගේ ලොවට නම් අමාවකයි කන්ථකත් පළාගත්තලු හද ඔබ යනෙන විට ගංදිය එතෙරට පැළෙන්නට නම් තිබුණා මගේ හදවතත් කන්ථකටත් කලින් ම නෙතේ කදුළැලි කොපුල් හරහා දෝරෙ ගියෙ දුක කියන්ට කෙසේ නම් හද පළාගන්නද අමතක කොට රාහුල කිරිකැටියව වසර හයකුත් ගෙවී ගිය තැන පෙරුම් පිරුවේ බුදු හිමි දකින්ට කිඹුල්වත්පුර වැඩිය දවසේ කවි කීවේ ඔබේ ගුණ කඳ වයන්ට මාළිගාවට වැඩිය බව වැකුණු විට කන පෙඟුණේ දෑසුත් සතුටට නොආවේ කුටියෙන් පිටතට මා නොවේ අහංකාරකමකට පැතූ පැතුමේ පින් බලේටම වැඩි විටදි බුදු හිමි මා කුටියට කෙසේ නම් හද දරාගන්නද ඔබේ පින් රුව දැක දැක නෙතින් ගිලිහුණු කදුළු කැට හා ඔබේ සිරිපතුල් සිම්බට සමාවෙන්ට බුදු හිමියෙනි මට තිබුණා සංවර වෙන්නට YK💜 2025.03.01
❤️ ♥️ 💜 🖤 ❤‍🩹 💗 💙 🤍 30

Comments