Smart Teachers Association
February 28, 2025 at 12:19 PM
ආන්ඩුව සමාජ ගතකරන ගුරු වැටුප් වැඩි කිරීමේ බොරුවේ ඇත්ත මෙන්න.
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඇත්තටම විසඳිලාද නැද්ද ඇත්ත කතා කරමු.......
වංචාවෙන් මුලාවෙන් බොරු නූල් සූත්‍ර වලින් ගුරු විදුහල්පතිවරුන් රැවටිය නොහැක.
මෙවර අයවැයෙන් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය විසඳීමට ඇත්තටම හැකියාවක් නැත්නම් ඒ සත්‍ය තත්ත්වය ගුරුවරුන්ට පහදා නොදී උප්පරවැට්ටි යොදා ගුරුවරු විදුහල්පතිවරුන් ගොනාට අන්දන්නට උත්සාහ කිරීම තරයේ හෙලා දකිමු..........
🎦🎦🎦🎦🎦🎦🎦🎦🎦🎦🎦🎦🎦🎦🎦🎦🎦🎦
පසු සටහන: පසුගිය මාර්තු 28 මේ රටේ ස්වාධීන ගුරු-විදුහල්පතිවරුන් ආරම්භ කළ වැටුප් අරගලය මේ රටේ දේශපාලන පක්ෂ න්‍යායපත්‍රවලට අනුව නැටවෙන *ගුරු-විදුහල්පති සංධානයේ මහින්ද ජයසිංහ ප්‍රමුඛ දේශපාලන බත්බැලයන්ට ඕනෑ ඕනෑ ලෙස විනාශ කර දැමීමට රෙදිනැතිව කඩේ ගිය ජෝසප් ස්ටාලිං ප්‍රමුඛ නඩේ ගුරොන්ට ගුරු-විදුහල්පතිවරුන්ට මුහුණදීමට මේ මොහොතවනවිට නොහැකිවී ඇත්තේ දෛවයේ සරදමටයි*
අප දන්නා පරිදි පෙබරවාරි 08 වෙනි දින අවසන් වරට ජනපති,අගමැති ප්‍රමුඛව පැවති අවසන් සාකච්ජාවේදී පවා ගුරු-විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවයෙන් ඉතිරි තුනෙන් දෙක ලබා දෙනබවට ගුරු-විදුහල්පති සංධානයට ලබාදුන් පොරොන්දුව මෙවර අය-වැයෙන් වාතපිණ්ඩියක් සේ ඉවතලා ඇති බව පෙනේ.
තත්වය එසේ තිබිය දී ආණ්ඩු පාර්ශවයෙන් නේකවිධ ගණන්හිලව් හදමින් මහජනයා අතර ගුරු-විදුහල්පතිවරුන්ගේ විශාල වැටුප් වැඩිවීමක් ලබාදී ඇති අතර ගුරු-විදුහල්පතිවරුන්ව උසි ගන්වමින් විපක්ෂයේ ඇතැම් පිරිස් ආණ්ඩුව වැට්ටීමට උත්සහ ගන්නා බව සමාජයේ පතුරුවමින් සිටී.
ඒ එදා හදපාන්ගොඩ ප්‍රමුඛ පොදුජන පෙරමුණේ මඩබලකාය විසින් වසර 24ක් නොවිසිදුණු ගුරු-විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය විසදන ලෙසට ඉල්ලා මහමග සටන්වලට ප්‍රවේශවීම වළක්වාලීමට මහජනයා කුපිත කරවීමේ කූඨ උපායක් ලෙසිනි.ගුරු-විදුහල්පතිවරුන්ගේ කරමතින් බලයට ආ මෙම ආණ්ඩුවේද ඇතැම් පිරිසි මේ දිනවල ගුරු-විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය විසදී ඇතැයිද,සුබෝධනී වාර්තාවේ යෝජිත ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ලැබී ඇතැයිද,ගුරු-විදුහල්පතිවරුන් ටොප් ටෙන් අතරට පැමිණ ඇතැයි ද යනුවෙන් සමාජගත කරමින් වැටුප් විෂමතාවය විසදන ලෙස ඉල්ලා හඩ නගන ගුරු-විදුහල්පති වෘත්තීය සංගම් නායකයින් ප්‍රමුඛ ගුරු-විදුහල්පතිවරුන්ට විපක්ෂයේ දේශපාලන ලේබල් අලවමින් සිටී.
ඒ කුමක් කීවද ගුරු-විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවයෙන් ඉතිරි තුනෙන් දෙක ලබා දෙන බවට වූ පොරොන්දුව කඩ කරමින් එක් අතකින් සමස්ත ගුරු-විදුහල්පති ප්‍රජාවම ද,අනෙක් අතින් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සංධානය විශ්වාස කරමින් මෙතෙක් සිටි වෘත්තීය සංගම් නායකයින්වද අමු අමුවේ රවටා ඇත.
ඒ කුමක් වුවද 🕸⚡වැටුප් සටන පෙරට ගමු⚡ ඇඩ්මින් මණ්ඩලය ලෙස අප සැමදාම පෙනී සිටින්නේ පාට,පක්ෂ,සංගම් බේදයකින් තොර ස්වාධීන ගුරු-විදුහල්පතිවරුන් ලෙස ගුරු-විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවයෙන් ඉතිරි තුනෙන් දෙක ඇතුලු මේ මොහොතේ මතුව ඇති අධ්‍යාපන පද්ධතියෙ කාලීන වෘත්තීය ගැටලු විසදා ගැනීමට අවංක සත්චේතනාවෙන් අරගල බිමට එක්වන ඕනෑම ගුරු-විදුහල්පති සංගමයකට කොන්දේසි සහිතව අපගේ සහයෝගය ලබා දීමට සූදානම් බව මෙලෙස ලියා තබන්නෙමු
👍
❤️
😂
😮
29