Nathasha vlogs ❤️
March 1, 2025 at 06:12 AM
බොහෝ වෙලාවට අපේ මානසික සුවය නැතිවෙන්නේ අපි තුළින්ම හදාගන්න දේවල් නිසා ! " අරයා මං ගැන මොනවා හිතනවා ඇතිද .. එයාලා මං ගැන මොනවා කතා වෙනවා ඇතිද.. මට මෙහෙම දෙයක් වෙයිද.. ඇයි එයා මාව දාලා ගියේ ... මම ලස්සන නැහැ.. මට කවුරුත් නැහැ.. ඇයි එයා වගේ මට මෙහෙම දේවල් නැත්තේ .. මම පරක්කුයි... මට තාම මට කියලා කිසිම දෙයක් නැහැ.. මං එහෙම කිව්වොත් එයා මං ගැන මොනවා හිතයි ද .. මං තමා මේ හැමදේටම වැරදි.. අනිත් හැමෝම මට ඉරිසියයි.. හැමෝටම ඕනේ මාව නැති කරන්න..." මේ විදිහට ඔයා ඔයාගේ හිත තුළින්ම හදාගන්න එක එක සිතුවිලි සහ එක එක හේතු නිසා තමයි අපේ ජීවිතයේ වැඩිපුරම අපි අසතුටෙන් ඉන්නේ... මුලින්ම ඔයාගේ හිත සන්සුන් කරගන්න ! මුලින්ම ඔයාගේ හිත පිරිසිදු කරගන්න. ඊට පස්සේ වටපිටාවේ මොන දේ සිද්ධ වුනත් ඔයාට කලබලයක් නැතුව ඔයාගේ ගමන යන්න පුළුවන් ! -Gumiho's Diary-
❤️ 1

Comments