LORA_🕊️ᥫ᭡፝֟፝֟
February 24, 2025 at 05:20 AM
අවුල් සහගතයි , විෂ සහිතයි කියලා හොඳටම දන්න රිලේෂන්ශිප් එකක දිගටම ඉන්න හිතෙන්නෙ ඇයි? බලන්න ඔයාට මේ ලක්ෂණ තියෙනවද කියලා * ඔයා එක්ක දිගටම ඉඳීවි කියලා විශ්වාස කරන්න අමාරු/ කොයි වෙලේ හරි ඔයාව අත් හරින්න නියමිත බව දන්න අයටම ආකර්ශනය වෙන පුරුද්දක් ඔයාට තියෙනවද? * ඔයාට අවශ්‍ය දේවල් ඒ කියන්නෙ ස්ථිරසාර ආදරය, අවධානය, ඔයාව කෙයා කිරීම වගේ දේවල් ලබා නොදෙන අයටම ආකර්ෂණය වෙන පුරුද්දක් ඔයාට තියෙනවද? * මොකක් හරි අවුලක් තියෙනවා කියලා, ඒත් ඒ මොකද්ද කියලා හරියටම තේරුම් ගන්න බැරි අපහැදිලි තැන් වල රැඳිලා ඉන්න පුරුද්දක් ඔයාට තියෙනවද? * ඔයා ඔයාගෙ සම්බන්ධතාවය ඇතුළෙ තියෙන අසතුට ගැන, ප්‍රශ්න ගැන, නොසළකාහැරීම් ගැන ඔයා ඔයාගෙ යාලුවො එක්ක චෝදනාත්මක ස්වරූපයෙන් කතා කරමින් . නමුත් ඔයා දිගින් දිගටම ඒ සම්බන්ධයටම ආශක්තව ඉන්නවද? සමහර විට මේක ඔබේ කුඩා කාලයේ සිට පැවතුන පුරුද්දක ප්‍රතිඵලයක් විදියට වර්තමානයේ ඉබේම සිද්ධවෙන දෙයක් වෙන්නත් පුලුවන්. කුඩා අවධියේදි දරුවෙක් විදියට ඔයාට උවමනා වුණ ආදරය, කරුණාව, රැකවරණය නිසි අයුරෙන් ලැබිලා නැත්තම්, ප්‍රමාණවත් නැති තරම් අවමයකින් සෑහීමකට පත් වෙන්න ඔයාට සිද්ධ වුණා නම් ඒකෙ ප්‍රථිඵලයක් විදියට ඔයා වැඩිහිටියෙක් බවට පත් වුණාට පස්සෙත්; ඔයාගෙ චිත්තවේගීය අවශ්‍යතා සම්පූර්ණ කරන්න බැරි, සෞඛ්‍ය සම්පන්න බැඳීමක් නිර්මාණය කරගන්න නොදන්න, අන්‍යෝන්‍ය වශයෙන් තෘප්තිමත් වෙන්න බැරි විදියෙ බැඳීම් වලටම , ඒ බව දැන දැනම ආකර්ශණය වෙන්න පුලුවන්. කුඩා අවධියෙදි කරලා තියෙන විදියටම ඔයා ලැබෙන දෙයින් සතුටු වෙන්නත්, සියලු අකටයුතුකම් සාධාරණීකරණය කරමින් ලැබෙන කුඩාම දෙයක් දිහා සතුටින් සහ කෘතඥතාවයෙන් බලන්නත්, වැඩි වැඩියෙන් ඉවසන්න සහ දරාගෙන ඉන්නත් උත්සහ කරනවා. ඒකට හේතුව තමයි ඔයාගෙ කුඩා අවධියෙදි අහන්න සිදු වුණ මෙන්න මේ වගේ වාක්‍ය ඔයාගෙ මනසේ තැම්පත් වෙලා තියෙන එක. * ලැබෙන දෙයින් සතුටු වෙන්න ඕනෙ. අනික් අයට මෙහෙම වත් දේවල් නෑ. * ඔයා හැම වෙලේම හිතන්නෙ ඔයා ගැන. * ඔයා ඇයි ඔච්චර අවධානෙ බලාපොරොත්තු වෙන්නෙ? ඒක ඕනවට වඩා වැඩියි. * ඔයාගෙ විකාර වැඩ වලට වඩා ගොඩක් වැදගත් දේවල් මට කරන්න තියෙනවා. * ඔයාගෙ බලාපොරොත්තු යථාර්ථවාදී නැති ඒවා. මේ ලෝකෙ නැති හීන ඔයාට තියෙන්නෙ. * පුලුවන් තරමට තමයි අපි ඔයාව බලාගන්නෙ. අපේ වැරදො හොයන එකෙන් පේන්නෙ ඔයාගෙ කළගුණ නොදත්කම. * කියවගෙන ආවොත් ඔච්චර වත් කරන්නෑ කුඩා දරුවෙක්ට දිගින් දිගටම මෙහෙම කතා අහන්න ලැබුණට පස්සෙ එයා ඒ ගැන තේරුම් ගන්නෙ මෙන්න මේ විදියට. * මම නරකයි, *මගෙ මොකක් හරි අවුලක් තියනවා, *මම මම විදියටම හිටියොත් ඒක අනික් අයට අපහසුවක්, *ඒකෙන් අනික් අයට තරහ යනව, *මගෙ හැඟීම් අවුල් සහගතයි, *මම ඕනවට වඩා දේවල් බලාපොරොත්තු වෙන කෙනෙක්. ඉතින් මේ විදියට හිතන අභ්‍යන්තර දරුවෙක් ඔයා තුළ ඉන්නතාක් , ඔයා ඒ අභ්‍යන්තර දරුවාව සුවපත් නොකරගන්නා තාක්කල් ඔයා චිත්තවේගීයව අසම්පූර්ණ බැඳීම් වලට ආකර්ශනය වෙනවා. අනුවර්තනය; උපේක්ෂා ගලප්පත්ති Heart Of Healing උපුටා ගැනීමකි. _______________________________ Follow us 👇 https://whatsapp.com/channel/0029VamVfngKwqSQbNYV6T3q
Image from LORA_🕊️ᥫ᭡፝֟፝֟: අවුල් සහගතයි , විෂ සහිතයි කියලා හොඳටම දන්න රිලේෂන්ශිප් එකක දිගටම ඉන්න ...
❤️ 3

Comments