LORA_🕊️ᥫ᭡፝֟፝֟
February 24, 2025 at 09:50 AM
අර්න්සට් හෙමිංග්වේ එක වතාවක් මෙහෙම කියනවා අපේ ජීවිතේ අඳුරුම මොහොතවල්වලදි අපිට ඕනේ විසඳුම් හෝ උපදෙස් නෙමෙයි. අපි ඒ වෙලාවට හොයන්නෙ අපේ ළඟ ඉන්න සූදානම් මනුස්සයෙක්ව. නිහඬව අපේ ළඟ ඉන්න, මෘදු විදිහට අපිව අල්ලගෙන ඉන්න කාව හරි කෙනෙක්වයි අපි හොයන්නෙ. විශේෂයෙන්ම ජීවිතේ අපිට දරාගන්න බැරි තරම් අපහසු එකක් කියලා හිතෙන දවස්වලට මේ කුඩා ස්පර්ශයන්වලට පුළුවන් අපිව ඉතාම තිර විදිහට අල්ලගෙන ඉන්න. " ඒ නිසා කරුණාකරලා මාව 'හරි ගස්සන්න' උත්සහ කරන්න එපා. ඔයා මගේ වේදනාව ඔයාගෙ කරපිටට ගන්න ඕනේ නෑ. මගේ අඳුරු හෙවණැලි එක්ක ඔයා ගැටෙන්න ඕනේ නෑ. මම මගේ අභ්‍යන්තරික බරපතල කුණාටු හරහා ගමන් කරනකන් මගේ ළඟින් ඉඳගෙන ඉන්න. මට ඒ ඇති හොඳටම. මම ආයේ මගේ පාර හොයාගෙන ඇවිදන් එද්දි මට එන්න උදව්වෙන්න මාව අල්ලගන්න එක අතක් ඕනේ. පුළුවන්නම් ඒ කෙනා වෙන්න මට. මට ගෙදර එනකන් අල්ලන් ඉන්න ඕන කරන අත වෙන්න. මගේ වේදනාව මම අරගෙන යන්නම්. මගේ සටන්වලට මම මුහුණදෙන්නම්. ඒත් ඔයා මගේ ළඟ ඉන්න එක මට මතක් කරාවි මේ ගමනෙදි මම තනි නැහැ කියලා. මේ බය හිතෙන ලෝකේ ඇතුළෙ මම තනිවෙලා නැති බවත්, මම කුඩුපට්ටම් වෙලා කියලා හිතෙද්දිත් ආදරේ ලබන්න තරම් මම වටින කෙනෙක් බව ඔයාගෙ පැවැත්ම මට මතක් කරාවි. මට පාර වැරදුණාම, ඔයාට පුළුවන් වෙයිද මං වෙනුවෙන් මෙතන ඉන්න? මාව බේරගන්න කෙනා හැටියට නෙමෙයි මගේ ගමන් සඟයා හැටියට? ඉතාම ඝනදුරු රැයකට පස්සෙත් උදා ආලෝකය දර්ශනය වෙනවා කියන ඇත්ත මට මතක් කරමින් මගේ අත අල්ලගෙන, මට අමතක වෙලා ගිය ශක්තිය මතක් කරමින් මගේ ළඟ ඉන්න පුළුවන්ද? ඔයාගෙ නිහඬ සහයෝගය තමා ඔයා මට දෙන විශාලම තෑග්ග. මට මාව අමතක වෙන වෙලාවටත් ඔයාගෙ ආදරේ මට මතක් කරාවි මම කවුද කියලා. ඒක ඒ වගේ ආදරයක්. ඉතින් ඔයා මගේ ළඟ ඉන්නවද?" ♥️✨ අනුවර්තනය: ෂෙනූ පෙරේරා Art: Manka Kasha _______________________________ Follow us 👇 https://whatsapp.com/channel/0029VamVfngKwqSQbNYV6T3q
Image from LORA_🕊️ᥫ᭡፝֟፝֟: අර්න්සට් හෙමිංග්වේ එක වතාවක් මෙහෙම කියනවා  අපේ ජීවිතේ අඳුරුම මොහොතවල්ව...
❤️ 1

Comments