OL කුප්පිය - රුක්ෂාන් සර්
February 23, 2025 at 10:10 AM
සිංහල සාහිත්‍යය රසාස්වාදය Lesson 14 *වැළපීම🤍🌻* ✨ප්‍රවේශය:- ලෝක සාහිත්‍යයේ මහා කෙටිකතාකරු වශයෙන් හැඳින්විය හැකි ඇන්තන් පවුලොවිච් චෙකොෆ්ගේ "වැළපීම " නැමැති කෙටිකතාව ගැඹුරු තේමාවක් විශය කර ගත් නිර්මාණයකි. මෙම අපූරු කෙටිකතාව, ඉංග්‍රීසි පරිවර්තනය ආශ්‍රයෙන් සිංහලයට නගන ලද්දේ සුප්‍රකට සිංහල ලේඛකයෙකු වන අමරදාස වීරසිංහ මහතා විසිනි. "වැළපීම " ඉතා සීරුවෙන් තෝරා ගන්නා ලද සිද්ධීන් කිහිපයක් මගින් ඉයෝනා නමැති අසරණ අස්රියකරුගේ එකම දරුවා වන කුෂ්මාගේ මරණය තේමා කොට ගනිමින් රචිත ප්‍රබල කෙටිකතාවක් ලෙස නම් කළ හැකිය. ✨උද්ධෘත: (පරිසර වර්ණනා නිර්මාණයේ සාර්ථකත්වයට දායක වීම) ⭕"ඇඳිරි යාමයයි.නොබෝ වේලාවකට පෙර වීදියේ දැල්වුණු පහන් සිසාරා ඝන හිමකැට වැටෙමින් ගෙවල්වල පියසිත්, අශ්වයින්ගේ පිටවලුත්, මිනිසුන්ගේ උරහිස් හා හිස්වැසුමුත් වසාගෙන තුනී තට්ටුවක්ව පවතියි..තනි සුදු පැහැය ගෙන සිටි ඉයෝනා පොටපොෆ් නම් රියකරු අවතාරයක් මෙන් පෙනෙයි." ⭕" සැඳෑ මීදුම නගරය වෙත ගලා යමින් බැබලෙමින් පැවති පහන් එළිය සුදුමැලි කරයි.වීදියේ ඝෝෂාව ද අධික වෙයි." ( අවස්ථා හා සිද්ධි මනාව නිරූපණය කිරීම) ⭕" ඒයි ,කරත්තේ, පොලිස් පාලමට! යි ගොරෝසු හඬකින් කුදා කෑ ගසයි. " අපි තුන්දෙනාටම ග්‍රිවෙනික් දෙකක් දෙන්නම්! ඉයෝනා තෝන්පට ගෙන තලු මරයි." ⭕" ඈ මිනිහෝ උඹ කසාද බැඳලාද ? හීන්දෑරි එකෙක් අසයි."මම? ඉහි, ඉහි, සෙල්ලක්කාර මහත්තුරුනේ මට දැන් ඇත්තේ මගේ ගෑනිත් තෙත පොළවත් විතරයි..ඉහි, ඉහි,..ඒ කියන්නේ මගේ හෝම්පළයි. මගේ පුතා මැරුණා." ⭕"උඹට වතුර බොන්න ඕනෑද ? " යි ඉයෝනා ඕනෑකමින් අසයි. නැත්නම් "හුම්, හොඳ සීතල වතුර නේද? මේ මල්ලී, උඹ දන්නවා ද? මගෙ පුතා මැරිලා දැන්... උඹට ඇහුනා ද? මේ සුමානේ. ඉස්පිරිතාලේ... ආ ඒක දිග කතාවක්." #admin_yasuu✍️🍃

Comments