දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
February 28, 2025 at 03:16 PM
සොහොන් කොතටම එන අරලියාව....
මේ පාලු හිතටම එබිකම් කරලා
අදුරුවෙලා මකුලු දැලු බැදිලා තිබුනු
හදවතේ තුනී කුටීර පවා
එලිපෙහෙලි කරලා ඒ හැම තැනකම
උබේ සුවදම පුරවපු උබ
කවුද බං ඇත්තටම.....
මරණ මංචකේ වෙනකන්ම
මං ගාවම ඉන්නම් කියන උබ
ඉන්නවද ඇත්තටම
සොහොන් කොතටම එන අරලියාවක් වගේ
මිනිස්සු කොච්චර මල් වලට පෙම්බැන්දත්
අරලියාවයි තනි මැකුවේ මළ සොහොනටත්...!
> *Gethmina Bandara |° ✍️*
❤️
🤍
🪻
11