
අනුශාන් මලින්ත - Anushan M Hettiarchchi
January 31, 2025 at 03:09 PM
*#කවියෙකුගේ_විලාපය* 🍂🖤
නොයෙක නොයෙකුත් දෙයම එක් කොට දෙව්න් අත මත ලොවක් තැනුනා....
ලොවට මිනිසුන් මවන විට දෙව් අතින් කුරිරු ගති වැඩිව වැටුනා....
කලට ගැළපෙන ලෙසින් නොයෙකුත් වියත් මනුසත් කැලක් මැව්නා....
හදේ ඇති දුක් කියනු බැරි තැන කඳුළු මුසු වී කවක් බැඳුනා....
ඇයිද දෙවියනි සිහිය නැතිවද සිටියෙ ඔබ මනු කැල මවද්දී....
කුරිරු ගති වැඩි ලෙසින් වැටුනද වරදකින් යහ ගුණ දමද්දී....
වරදකින් වුව මුසු කලේ රුදු අමිනිසුන් ගති ලොව දකිද්දී....
දෙව්නි ඔබ හට කුමක් සිතුනිද මාද එය පැමිණිලි කරද්දී....
හදින් බැඳි අය හටද මගකදී යාවි අප අමතක වෙලා....
දෙව්න් වුව ඔබ වුවත් දන්නෑ ඔබත් ඇත නිහඬව බලා....
දුකම පමණයි උරුම මනු ලොව කඳුළු බරව නෙත් තෙත් වෙලා....
කඳූළු මුහු කොට කවක් ලියුවෙමි හදින් මා අද යමි පලා....
මෙසේ අයදිමි මදක් කන් දෙනු මැනව ලොව මැව් දෙවිඳුනි....
තරයේ කියනෙමි ලොව මවන විට ඔබට කොහෙ හරි වැරදුනි....
සඟවමින් එය සිටියමුත් එය මිනිස් ගතියෙන් හෙළි වුනි....
විලාපය සේ මාව ඇසුනිද කඳුළු මුසුව කව් ලියවුණි....
> *අනුශාන් මලින්ත*
❤️
🤍
12