
අනුශාන් මලින්ත - Anushan M Hettiarchchi
337 subscribers
About අනුශාන් මලින්ත - Anushan M Hettiarchchi
කවියක්ව සැනසෙමි .... 🤍
Similar Channels
Swipe to see more
Posts

සිසිවන උවන මිටි කොට ගත් හැඩැති ඉඟේ සරි වූ ලෙසින් රණ තිසරුන් දෙවන රඟේ නිසි පුළුලුකුල කරමින් ඒ කලට දඟේ එකලට ළඳුන් අද නැත ඒ ඇයිද හැඟේ මනහර කෙරූ සඳ නැති කළ දිලෙන තරු සමහර තරූ මහ වැසි ඇද හැලෙන තුරු නාඹර යුරු පෙනි බඳ උඩ රණ තිසරු කේසර හුරු දුටු කල පිරි සිහ කෙසරු රිය සකයුරුව හැඩ වූ ඒ පුළුලුකුල රන් වන් තිසරු වූ කල ලිය වෙයි උදුල හිස සිට ලලිත වූ තුරු පා යටි පතුල ලියකගේ සිනිඳු බව තෙපලයි රත් දෙතොල සිත් කලු සුනිල් වන් දික් වරලස ද ගොතා නෙත් කලු දැකුම් මවමින් ඒ රුවම පතා දත් මදහසින් කරම්න් සුමිහිරිව කතා මත් අමතකය කවියේ ඈ ගැනම සිතා සන්සුන් විලාසෙන හැඩ රූ සපු දුලින ඒ හැටි සොඳුරු රූ අදටත් නැත මිලින යන මග තොටෙහි දුටු සිරියා කත ලෙසින පෙර මග ගොසින් හැරි හැරි ආපසු බැලින හැඩ වූ රුවක් ලියකට විය මිණි වැන්න පෙර සිටි ලියන් සම නෑ කවුරුත් දන්න හිමිදිරි මලට හැඩැතිව වැටුනත් පින්න රිවි මුදුනකදි පිණි නැති බව දැනගන්න අනුශාන් මලින්ත - Anushan M Hettiarachchi


ශර්වප්ර ශාස්ත්රා කෘත ඊශ්වරානී සුර විශ්ව රඤ්ඤා සුර සුන්දරානි සුර නෘත්‍ය ගීතා සුරංගනානි හර ශස්තෘ දෝෂා ජයමංගලානි


*||බදුලු ඔය රැලි ගසා හිනැහෙයි* *ඔබට මට පැතුමක් වෙලා 🙃🤍✨🫶🏻||* බදුලු ගං ඔය අසලදී සිටියා ඔබ එන තුරු බලා අවට මල් සැම සුපුල වී සිටිති අපට අවනත වෙලා එවිට ගුවන ගැබ දුලින වී වියන් බැඳ මෙන් සුදු වළා පවන මිහිරි සිසිලක් දිදී මෙපුර සුරපුර සම කළා ඔබේ තතු මා නොදනිමියි කියූ කල මා එක හෙළා අසල කදුරු ගහ මට කියයි ඔබේ තතු රූ වත ගොතා මිහිරි ඔබ ගැන අසා සිටි කල ඔබේ රුව ඈතකින් පෙනුණා පළමු වර ඒ ඔබේ රූ දුල දෙමින් ඔබ සිත තවත් බැඳුනා ඉතින් සබැඳිය ඔබව අගනා දුටුව මගෙ සිත තුටු වෙලා නොයෙක් වන් පුල් මලුත් වැටුනා ඔබට මග පලසක් වෙලා බදුලු ඔය රැලි ගසා හිනැහෙයි ඔබට මට පැතුමක් වෙලා ගුවන ගැබ පිණි පොදක් හෙළවයි නොමැති කල කළු වැහි වළා ඉතින් සඳවත මෙසේ පවසමි මමද ඔබ හට ආදරේ දෙනෙත් ලා මා තදින් සිප ගමි තරම් මා පෙම් සාගරේ අනුශාන් මලින්ත - Anushan M Hettiarachchi 🤍


බාහිර අසංතුලිත බල එක පිට එක මා දෙසට යොමු වුවද මා විසින් මා හටම ඝර්ෂණයක් ඇති කරගත්තෙමි. එනමුදු ඇය, බාහිර බල සඳහා ප්‍රතිරෝධය නොදැක්වී ය ඒ වෙනුවට අතිරික්ත බල පවා එකතු කරන්නට විය. අහෝ කරුමෙකි ඇය සතුව ආනත බලයකි. සම්ප්‍රයුක්තය පවා එම දිශාවටම විය. මා ඇයට tan 90 තරම් ප්‍රේම කළද, ඇය මට Cos 90 තරම්වත් ප්‍රේම නොකළහ. ඇගේ ආදරයෙහි දිග පළල මැනීමට සිතුව ද, ව'නියරය පවා මළ කා හමාරය. දෝෂය ගණනය කිරීමකින් තොරවම අත් හරිමි. එබැවින් මා නවතිම්. අනුශාන් මලින්ත - Anushan M Hettiarachchi 🤍

Follow the අනුශාන් මලින්ත - Anushan M Hettiarchchi channel on WhatsApp: https://whatsapp.com/channel/0029VaV99puHFxP9aehn541H

සුබෝදෑසනක් හිතෝතුනි 🫶🏻🤍. අද 2025.05.21 බදාදා. *ලග්න ඵලාඵල* වෙන් වෙන්ව නෑ හිතෝතුනි. ලග්නෙන් ඵලයක් ගන්න ඕනෙනම් තමන් වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න. එච්චරයි 🤍. හැමෝටම සුබ දවසක්.

මේ සම්බන්ධව ඔබේ අදහස දක්වන්න. Inbox හරි දාන්න. 0764224340


Buisnes mind හිතෝතුනි 🌚


*නිවනය සුඛ අම වැනිය* 🤍☸😇 අතු අග ලෙළෙන පත් අග පිණි මල් පිපුණා ඒ පිපි පිණි මලුත් බර වී බිම වැටුණා බිම වැටුනේද පිපි බැවුමය වග සිතුනා වැටි පිණි බිඳුව විසිරී යළි දිය සැදුනා මේ බව තදින් සිහි වී සිතටම වැදුනා පෙර කල බලා මා ගැන මට දුක හිතුනා මේ බව අදට කළියෙන් මා හට දැනුනා එනමුදු එබව නොසිතා යළි යළි බැඳුනා බැඳුනා ලෙසින් යළි යළි සිත නිති බිඳුනා නොම කළ යුතුවමුත් යළි යළි එහි රැඳුනා මේ හැම දැනම මා බැව් මා හට රිදුනා යළි මේ සැමට විසඳුම සොයනෙමි හිතුනා අතු අග පිණි මලද සම විය මම වැනිය ඒ පිණි බිඳුව බිමැදෙනු දුකමය හිමිය ඒ ලෙස මටද දුක ජාතිය පිණි මෙනිය ජාතිය මුදනු නිවනය සුඛ අම වැනිය වැටි පිණි බිඳුව විසිරී යළි දිය සැදුනි මා වුව මළ කලෙක යළි ඉපදෙනු පෙනුනි ජාතිය නිම කෙරුව මගෙ හිමි සක්ය මුණි මඟ ගිය සැවොම නිවනින් දුකකින් මිදුනි > අනුශාන් මලින්ත 🤍


රැල්ලට වෙරළ කිසිදා හිමි නොවන ප්‍රෙමයක මුනගැසි වෙන්වෙන හැගිම් සමුදායක් රැස්වී හිමිනොවුවද නොවෙනස් ප්‍රේමයකි සැමදාක සිතට සැනසුමයි නුබේ පෙම් කතාව දුටුහි මා ද පෙම් කතා දොඩා ඇත බොහොසේ සිත නිවිමට ඔබ දෙස බලා සැනසුනුසේ අවරට ගිය හිරු සේ නුබ තුල සැගවි මගේ සෝසුසුම් මා නුබ හට පුදමී පෙම් කලානම් මා වෙත නුබ මෙන් සසරේ නොවේ දැරිමට නුබට බර මා කඳුළු බිදුවේ එසේ නම් නොබැදේ කිසි දින මෙලෙසේ ඉතින් එහෙනම් මේ බංකුවත් හුදකලාවේ ප්‍රවීන් මධුසංක ❤️
