අනුශාන් මලින්ත - Anushan M Hettiarchchi
අනුශාන් මලින්ත - Anushan M Hettiarchchi
February 6, 2025 at 06:42 PM
*#ප්‍රේමයක තතු....* 🤍🌼✨ මින් දද ඔසවමින් සුදු මල් මිටක් දරා..... තෙපළමි මෙලෙස තතු කර ප්‍රේමයක නුරා.... පෙම දී නොඅඩුවම දිනයක මියෙන තුරා..... සිත හා බැඳී යමි මා නුබෙ දෙ අත් දරා.... සිහියට අරන් මා දිනෙකදි කියු රහස.... සඳ තරු කියයි ඔබ මට දුන් පෙම් පහස.... සිප ගත් දෙතොල් සිහි වී නැඟු මදහාස.... යට කර දමා සිහි කරවයි නුබ අහස.... සන්සුන් නුරා වැහි මැද සිප ගත් තිසරු.... නළලත තබා එක් කොට ගත් සිත් විසිරු.... රාගී සරාගී රත් දෙතොලක රුසිරු..... දැක සැඟවුනා බෙනයක සිහ පිරි කෙසරු.... තරු පූදිමින් සඳු දිලි හැඩ රෑ යාමේ.... ඔබ මා දුරින් හිඳ හද බැඳි වායාමේ.... ඵල දී සිතට තුටු ළං කරමින් සාමේ.... මතු දින පවා පවතී අපෙ පෙම් නාමේ.... > අනුශාන් මලින්ත 🤍
❤️ 🤍 11

Comments