අනුශාන් මලින්ත - Anushan M Hettiarchchi
අනුශාන් මලින්ත - Anushan M Hettiarchchi
February 26, 2025 at 03:05 AM
මේ මේ අහන්නෝ මගෙ පොඩි සාධු සකී හොරැහින් බලන්නෝ අපෙ ලොකු සාධු දකී ඇසුනොත් අපේ රහසක් දැන් මෙමා මෙකී අද හවසටත් දණ බිම ගා සිටිය හැකී මේ මගෙ සකී පොඩි නම නුබ උප නන්ද එසුවඳ හුරුයි සේ පෙර දිනෙකදි වින්ඳ එය විඳ ගන්න මිහිරියි නොවැ උප නන්ද විඳ නවතින්න ගිජු නොව සේ සිල් බින්ඳ නෙක නෙක බොජුන් තිබුණත් පුද කර දානේ ගිජු ලෙස සිතින් අල්ලා ගනු කැප නෑනේ හේතුව ඵලය සිහි කර වදනක් ගානේ ලොකු හිමි සිටිය යුතුමය පෙනෙනා මානේ දන් ටික රසයි පමණට නුබ කෑවාදෝ කෑ බත් කටට පිං දී සෙත් පැතුවාදෝ අවුළුපතට හිම කිරමක් මරු නේදෝ වැඩිපුර ටිකක් කෑවොත් පව් සිදු වේදෝ ඇසුණිද විජිත යමකට මගෙ නෙත ඇදුනා පිරිකර ළඟින් සෙල්ලම් කාරුත් තිබුණා ඒ ටික අපිට වග මගෙ කනටත් ඇසුනා ලොකු සාධුවත් ගෙන යමි ඒකෙන් හිතුනා > අනුශාන් මලින්ත 🤍
Image from අනුශාන් මලින්ත - Anushan M Hettiarchchi: මේ මේ අහන්නෝ මගෙ පොඩි සාධු සකී හොරැහින් බලන්නෝ අපෙ ලොකු සාධු දකී ඇසුනො...
❤️ 🤍 ♥️ 🙏 10

Comments