
අනුශාන් මලින්ත - Anushan M Hettiarchchi
March 1, 2025 at 08:22 AM
නිමිති නැතිවම ඔහේ ලියු පද
අගට ඇයට වූ තැන් ද එමටය
පෙමැති සිතකින් නොම ලියූ පද
එහෙත් ඒ පද ඇගේ නමටය
අරුත නොමැති මුත් ලියූ ඒ පද
වෙනදා මෙන් නොව වඩා සුමටය
රජත අකුරින් ලියූ ඒ පද
තවම හිත ඇති ඇගේ පෙමටය
ඇයට වැඩියෙන් මගේ අද පෙම
හද පුරා දුන් තැන් ද එමටය
පයට දූවිලි ලෙසින් වූ සම
ඇගේ වනු එය මගේ පවටය
කවට ඈ හට පෙම නොකර නිම
පත් ලියා කවි ඇගෙම නමටය
පෙමට පෙම දී දුලින අද පෙම
අත් හලොත් මා අදම නිවටය
> අනුශාන් මලින්ත 🤍
❤️
🤍
6