
අකුරට අරුතක්...✍️ 📖
February 26, 2025 at 01:00 PM
කෝපි කෝප්පයක් එක්ක වැහි බර වෙලාවක් ගැන
අද හරි නිස්කලංක සීතල දවසක්...
සැරෙන් සැරේ ඇද වැටෙන සිලි සිලි වැස්සේ
හමන සීතල මද පවන ඇඟේ හිරිකඩු පුප්පවන්නේ
දත් කිටි කිටියේ ගැහෙද්දි....
අනේ රහ කෝපී කෝප්පයක් තොල ගාන්න තිබ්බනම්
කියලා හිතෙන අහිංසක පෙරේතකමකින්
හිත වෙලාගද්දි...
කොච්චර නිදහස්ද ඒ සිතුවිලි
සිරිකඩ වැස්සත් කෝපි කෝප්පයත් කියන්නෙම
එක්තරා විදිහකට ආගමක් කීවොත් හරි
මොකද ඒ තරමට ඒ දේවල් දෙක එකිනෙකට
තදින්ම මැච් වෙනවා
හරියට කිරි පැණියි වගේ
ඉතින් මං නම් කියන්නෙම
වැස්ස වෙලාකට කෝපී කෝප්පයක් එක්ක
තනිවෙන එක තරම් සොදුරක් තවත් නැහැ
> *Gethmina Bandara |° ✍️*
❤️
🤍
2