ගිනිහුළ (Channel)
February 10, 2025 at 03:26 PM
මම මේ කල්පනා කළේ කර්මය විපාක දෙන විදිහ. වසංගතයයි නියඟයයි අස්සේ ජලාශ හිස් කරලා, බලාගාර කඩලා, ඉන්ධන නැහැ කියලා ජනතාව බය කරලා, තෙල් එකතු කරවලා, පෝලිම් හදලා ඒ දවස්වල නටපු නාඩගමට ඒ විදිහටම විපාකය ආව හැටි බලන්න. ඒ දවස්වල විදුලිය කපපු ක්‍රමයටම ප්‍රදේශ බෙදලා අනුර කුමාරගේ ආණ්ඩුවටත් විදුලිය කපන්න වුණානේ. ලැජ්ජාවට කියන්නේ “විදුලිය කළමනාකරණය” කරනවා කියලා.
අර අභිෂේකා විමලවීර කියලා අරගලකාරිනියක් ඒ දවස්වල මැරෙන්න හැදුවා ගෙදර මාළු ටැංකියට ඔක්සිජන් නැතුව මාළු මැරෙනවා කියලා. දැන් එයාගේ මාළුවා පීනනවද දන්නේ නැහැ. ඔච්චරම මාළු ගැන හිතනවා නම් උන්ට ඉන්න දීපල්ලකෝ ගඟේ මුහුදේ නිදහසේ…
හම්බෝ ඒ දවස්වල නටපු තරම්. එසැණ එකෙන් විනාඩියෙන් විනාඩියට එව්වේ විදුලිය නැතුව වෙන දේවල් ලියලා. ඉස්පිරිතාලවල ලෙඩ්ඩු මැරෙනවා කිව්වා. දැන් මැරෙන්නේ නැහැ මං හිතන්නේ…
ලංකාවේ ජනතාවට 2009 ට කලින් හිටියා වගේ 50% කට විතරක් විදුලිය තිබුණා නම් හරි. මහින්ද රාජපක්ෂලා 99% කට විදුලිය දෙන්න ගියානේ. ඒකෙ කෙළෙහිගුණයනේ අපි දැක්කේ. එහෙම සේවය කරන්න වටින මිනිස්සු නෙවෙයි මේ රටේ ඉන්නේ. අන්තිම ගුණමකු ජනතාවක් ඉන්නේ.
සාම්පූර් බලාගාරය හදනවට විරුද්ධව රිලව් කාන්ත උසාවි ගියා. උමා ඔය හදනවට විරුද්ධව කිහිලි සමන්ත උපවාස කළා. සුළං බලාගාර ඉන්දියාවට දෙනවට විරුද්ධව අනුර කුමාර මයික් පැලුවා. අද ඒ අයටම ඒවා කරන්න වෙලා. අනුරගේ ආණ්ඩුව අද පෞද්ගලික අංශයේ සපත්තු ලෙව කනවා. කර්මය විපාක දෙන හැටි නම් හරිම අපූරුයි.
අපිට නම් විදුලිය නැතුව ඉන්න පුළුවන්. අපිට ඉවසීම තියෙනවා. මොකද අපිට මතකයි අද ආණ්ඩු කරන එදා ජේවීපී ත්‍රස්තවාදීන් ට්‍රාන්ස්ෆොර්මර් ගිනි තියපු හැටි. ලයිට් දැම්මොත් ඇවිල්ලා වෙඩි තියපු හැටි. චන්ද්‍රිකාගේ කාලේ නියඟයට වරු ගණන් විදුලිය නැතුව හිටිය හැටි. විදුලිය තිබිලා නැතිව හිටිය අපට තියෙනවා එහි වටිනාකම ගැන අවබෝධයක්. 2000 න් පස්සේ කරන්ට් ලැබුණ ඩොටේ ගොඩයන්ට තමයි ඔය බොරු රුදාව තියෙන්නේ. හරියට මේ උන්ගේ අම්මලා අප්පලා හැමදාම ලයිට් දාගෙන හිටියා වගේ… බොරු සෝබනේ. දැන් ඉන්නවා ගලේ පැහැරූ බළලා වගේ.
කොහොම හරි මේ කර්මය පටිසන් දෙන ආකාරය නම් ඉතාම විනෝදජනකයි. වසවිස පොහොර මාෆියාවට කත් ඇදපු මෝල් කරුණාරත්නට වෙලා තියෙන වින්නැහිය බලන්න. ගොවීන් උසිගන්වලා කුඹුරු ගිනි තියවපු මාලිමාකාරයන්ට අන්තිමට හාල් ටික දීගන්න බැරුව පිටරටින් ගෙන්වන්න වුණා. එකම විදිහට වෙන හැටිනේ අරුමය. තව වුණේ නැහැ. මේ යන විදිහට කර්මය විපාක දීම කොහෙන් නතර වෙයිද කියලා කියන්න අමාරුයි. මම නම් කියන්නේ අර වසංගතයෙන් ජීවිත බේරුව මිනිහට විරුද්ධව වැඩ කළ ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව තමයි අවසානයේ ඔවුන්ගේ සබ්බ සකල සේසතම පිච්චිලා ලොකුම විපාකය විඳින්නේ. ධර්මය ඔබට මග වේවා!
👍
8