
ගිනිහුළ (Channel)
520 subscribers
About ගිනිහුළ (Channel)
දේශපාලනය, ජීවිතය, දැනුම
Similar Channels
Swipe to see more
Posts

USAID එකෙන් ඔබ සල්ලි ගත්තේ නැත්නම් හෙට (බ්‍රහස්පතින්දා) සවස 3.30 ට කොල්ලුපිටියේ ඇමරිකන් එම්බසිය ඉස්සරහට එන්න. පක්ෂ පාට අදාළ නැහැ. ලක්මව වෙනුවෙන් එන්න. ඩොලර් මිලියන 8 ක්, ලංකාවේ රුපියල් කෝටි 240 ක් වියදම් කරලා මේ රටේ කරපු සාහසික දේශපාලන අතපෙවීමට විරුද්ධ වෙන්න කොන්ද පණ තියෙන දේශප්‍රේමීන් තාමත් ඉන්නවා කියලා පෙන්වන්න. කලබල කරන්නේ නැහැ. නිහඬව පාර අයිනෙ ඉඳලා විරෝධය දක්වනවා. සියල්ල එළි කරන්න කියලා ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලිපියක් බාර දෙනවා. කැමති අය මාධ්‍යයට කතා කරනවා. සාමකාමීව විසිර යනවා. ඔවුන්ගේ සල්ලි බලයෙන් කෙලෙසුවේ ඔබේ පරමාධිපත්‍යයයි. එයට විරුද්ධ වෙන්න. හෙට 3.30 ට කොල්ලුපිටියට එන්න. සංවිධානය කරන්නේ ජාතික සංවිධාන ටික එකතු වෙලා. ස්තුතියි.

බොත්තම් කාස වරද්දවා ගැනීමට අනුකම්පා කොට සමාව දිය හැකි වුවත් අනුර කුමාරගේ “ආලෝක වර්ෂ වේගය” කථාවට නම් කිසිදු සමාවක් දිය නොහැකිය. භෞතික විද්‍යා තබා සාමාන්‍ය විද්‍යා උපාධියක් ගත් අයෙකුට වුවත් කිසිසේත්ම එවැනි අවිද්‍යාත්මක කථාවක් කියවෙන්නේ නැත. “අට පාස්” යැයි කියමින් මාලිමාකාරයන් අපහාස කළ අයෙකු වුවත් ආලෝක වර්ෂ යනු දුර මනින ඒකකයක් මිස වේගය මනින ඒකකයක් නොවන බව දනී. එනම් වර්ෂයක කාලයකදී රික්තකයක් තුළ ආලෝකය ගමන් කරන දුරයි. එසේ ආලෝකය ගමන් කරන වේගයට කියන්නේ “ආලෝකයේ වේගය” කියාය. සම්පූර්ණ ලිපිය>>> https://ginihula.blogspot.com/2025/02/blog-post_14.html

USAID කෝටි 240 ආණ්ඩු පෙරළීමට විරෝධය දැක්වූයේ දේශප්‍රේමීන්ය. එය කිසිදු පක්ෂයක ක්‍රියාවක් නොවේ. දශක ගණනාවක් තිස්සේ බෞද්ධ සිංහල රාජ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා වෙහෙසෙන ප්‍රතිපත්තිගරුක අහිංසක මිනිසුන්ම එහි විය. එබැවින් එහි මාගේ සම්බන්ධය ගැන කියා මාගේ කර ගැනීමට මා අකමැතිය. එය පොදු ව්‍යායාමයකි. එයට සහභාගී වූද සහාය දැක්වූද සියලු දෙනා කෙරෙහි මා තුළ ඇත්තේ හදපිරි ගෞරවයකි. ඔවුන්ගේ පළමු ව්‍යායාමය සාර්ථකය. මෙය ආරම්භය පමණී. තව විශාල විරෝධතාවයන් ඉදිරියේදී දැක ගත හැකි වනු ඇත. ජූලී චන්ග් ඊයේ පොහොට්ටු කාර්යාලයට පැමිණ පාපොච්චාරණයක් කර තිබේ. තමා ඇමරිකානු රජයේ සේවකයෙක් පමණක් බවත්, පසුගිය කාලයේ කළ කී දෑ කළේ එවක ඇමරිකානු ආණ්ඩුවේ උපදෙස් අනුව මිස පුද්ගලිකව හිතාමතා නොවන බවත්, දැන් වැඩ කරන්නේ අලුත් ආණ්ඩුවේ උපදෙස් අනුව බවත්, දැන් ඇය වෙනස් වී ඇති බවත්, ඉදිරියේදී ඇයගේ සම්පූර්ණ සහාය පොහොට්ටුවට දෙන බවත් මුහුණ ඇස් රතු කරගෙන තමා හට පැවසූ බව නාමල් රාජපක්ෂ කීවේය. වෙනත් වචනයෙන් කිවහොත් “වැරදි කළේ හිතාමතා නෙවෙයි, ආයෙත් එහෙම කරන්නේ නැහැ” වැනි චාපල්‍ය ගැහැණියකගේ කථාවකි. නාමල් රාජපක්ෂට ජූලී බැරිනම් ජූලීගේ මව හෝ මුණගැසිය හැකිය. එය ඔහුගේ නිදහස සහ අයිතියයි. ඒ පිළිබඳව මාගේ උපදෙස ඊයේ විමසූ විට මා කීවේ මුණ නොගැසීම වඩාත් සුදුසු බවත්, එහෙත් මුණගැසීමට අවශ්‍යම නම් කොන්ද කෙලින් තබා ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට අතපෙවීමට විරුද්ධව සෘජුව කතා කරන ලෙසත්ය. නාමල් බබෙකු නොවේ. ඔහු පක්ෂයක ජාතික සංවිධායකය. තීරණය ගත යුත්තේ ඔහුය. එම තීරණයේ හොඳ සහ නරක විපාක විඳිය යුත්තේ ඔහුය. අප කරන්නේ හොඳ නරක පෙන්වීම පමණී. රටේම ඡන්ද ලක්ෂ තුනට වැටී හොම්බෙන් යන පක්ෂයක් නැවත නැගිට්ටවන්නේ කෙසේද යන්න නාමල් හමුවේ ඇති අභියෝගයයි. ඔහුගේ තෝරා ගැනීම් අනුව එහි අනාගතය තීරණය වනු ඇත. ජූලීගේ පොච්චාරණයෙන් ඇය කියන්නේ ඊනියා අරගලය සහ ඒ ආශ්‍රිත ව්‍යාපෘතිය පසුගිය ඇමරිකානු ආණ්ඩුවේ වැඩක් කියා නොවේද? ඒ වෙනුවෙන් USAID සහ තවත් ඩොලර් වියදම් කළ බව නොවේද? ඇය කර ඇත්තේ වරද පිළිගැනීමකි. මා හිතන්නේ එයට නම් බලපෑවේ පෙර දින සිද්ධ කළ දැඩි විරෝධය බවයි. ඇය කළේ ඇමරිකානු මුදලට විකිණුනු නූගත් මෝඩ ම්ලේච්ඡ අරගලකාරයන් අමුඅමුවේ පාවා දී තමන්ගේ ඇඟ බේරාගැනීමයි. ඇය වෙනුවෙන් හෑලි ලියමින් අපට කුණුහරුපයෙන් බැන වැදුණු මෝඩ අරගලකාරයන්ගේ කණට ගැසීමයි. තමන්ගේ අතින් කවා හැදූ සුනඛයන්ට පයින් ගැසීමයි. නමුත් ජූලී පොහොට්ටුව ඉදිරියේ නැවී සමාව ඉල්වා වැඩක් නැත. පොහොට්ටුව දැන් ලංකාවේ බෞද්ධ සිංහල කඳවුරේ නියෝජිතයා නොවේ. මහින්දට හෝ ගෝඨාභයට හෝ තිබුණු එම පිළිගැනීම තවම නාමල්ට නොමැත. එබැවින් ජූලී ගොස් ඇත්තේ වැරදි දේවාලයටය. ජූලී සමාව ගන්නවා නම් ගත යුත්තේ පළමුව මෙරට සමස්ත බෞද්ධ සිංහල ප්‍රජාවගෙනි. දෙවනුව ගෝඨාභයගෙනි. තෙවනුව මහින්දගෙනි. නමුත් ඇයට ඒ තරම් කොන්දක් නැති බව අපි දනිමු. විරෝධය සංවිධානය කළේ පොහොට්ටුව නොවේ. ඊළඟට එන විරෝධතා රැල්ල සංවිධානය කරන්නෙත් පොහොට්ටුවෙන් නොවේ. ධර්මය ඔබට මග වේවා! https://ginihula.blogspot.com/2025/02/blog-post_15.html

සිහියෙන් කටයුතු කිරීමේ වැදගත්කම පේනවා නේද? තමන්ගේ කමිසයේ බොත්තම් ටික හරියට දාගන්න තරම් සිහියක් නැත්නම් ඔබට රාජ්‍යයක් පාලනය කරන්න කිසිසේත්ම බැහැ. ඔන්න ඕක තමයි මිනිහෙකුට නිවැරදි ශික්ෂණයක්... සම්පූර්ණ ලිපිය>>> https://ginihula.blogspot.com/2025/02/blog-post_12.html

මම මේ කල්පනා කළේ කර්මය විපාක දෙන විදිහ. වසංගතයයි නියඟයයි අස්සේ ජලාශ හිස් කරලා, බලාගාර කඩලා, ඉන්ධන නැහැ කියලා ජනතාව බය කරලා, තෙල් එකතු කරවලා, පෝලිම් හදලා ඒ දවස්වල නටපු නාඩගමට ඒ විදිහටම විපාකය ආව හැටි බලන්න. ඒ දවස්වල විදුලිය කපපු ක්‍රමයටම ප්‍රදේශ බෙදලා අනුර කුමාරගේ ආණ්ඩුවටත් විදුලිය කපන්න වුණානේ. ලැජ්ජාවට කියන්නේ “විදුලිය කළමනාකරණය” කරනවා කියලා. අර අභිෂේකා විමලවීර කියලා අරගලකාරිනියක් ඒ දවස්වල මැරෙන්න හැදුවා ගෙදර මාළු ටැංකියට ඔක්සිජන් නැතුව මාළු මැරෙනවා කියලා. දැන් එයාගේ මාළුවා පීනනවද දන්නේ නැහැ. ඔච්චරම මාළු ගැන හිතනවා නම් උන්ට ඉන්න දීපල්ලකෝ ගඟේ මුහුදේ නිදහසේ… හම්බෝ ඒ දවස්වල නටපු තරම්. එසැණ එකෙන් විනාඩියෙන් විනාඩියට එව්වේ විදුලිය නැතුව වෙන දේවල් ලියලා. ඉස්පිරිතාලවල ලෙඩ්ඩු මැරෙනවා කිව්වා. දැන් මැරෙන්නේ නැහැ මං හිතන්නේ… ලංකාවේ ජනතාවට 2009 ට කලින් හිටියා වගේ 50% කට විතරක් විදුලිය තිබුණා නම් හරි. මහින්ද රාජපක්ෂලා 99% කට විදුලිය දෙන්න ගියානේ. ඒකෙ කෙළෙහිගුණයනේ අපි දැක්කේ. එහෙම සේවය කරන්න වටින මිනිස්සු නෙවෙයි මේ රටේ ඉන්නේ. අන්තිම ගුණමකු ජනතාවක් ඉන්නේ. සාම්පූර් බලාගාරය හදනවට විරුද්ධව රිලව් කාන්ත උසාවි ගියා. උමා ඔය හදනවට විරුද්ධව කිහිලි සමන්ත උපවාස කළා. සුළං බලාගාර ඉන්දියාවට දෙනවට විරුද්ධව අනුර කුමාර මයික් පැලුවා. අද ඒ අයටම ඒවා කරන්න වෙලා. අනුරගේ ආණ්ඩුව අද පෞද්ගලික අංශයේ සපත්තු ලෙව කනවා. කර්මය විපාක දෙන හැටි නම් හරිම අපූරුයි. අපිට නම් විදුලිය නැතුව ඉන්න පුළුවන්. අපිට ඉවසීම තියෙනවා. මොකද අපිට මතකයි අද ආණ්ඩු කරන එදා ජේවීපී ත්‍රස්තවාදීන් ට්‍රාන්ස්ෆොර්මර් ගිනි තියපු හැටි. ලයිට් දැම්මොත් ඇවිල්ලා වෙඩි තියපු හැටි. චන්ද්‍රිකාගේ කාලේ නියඟයට වරු ගණන් විදුලිය නැතුව හිටිය හැටි. විදුලිය තිබිලා නැතිව හිටිය අපට තියෙනවා එහි වටිනාකම ගැන අවබෝධයක්. 2000 න් පස්සේ කරන්ට් ලැබුණ ඩොටේ ගොඩයන්ට තමයි ඔය බොරු රුදාව තියෙන්නේ. හරියට මේ උන්ගේ අම්මලා අප්පලා හැමදාම ලයිට් දාගෙන හිටියා වගේ… බොරු සෝබනේ. දැන් ඉන්නවා ගලේ පැහැරූ බළලා වගේ. කොහොම හරි මේ කර්මය පටිසන් දෙන ආකාරය නම් ඉතාම විනෝදජනකයි. වසවිස පොහොර මාෆියාවට කත් ඇදපු මෝල් කරුණාරත්නට වෙලා තියෙන වින්නැහිය බලන්න. ගොවීන් උසිගන්වලා කුඹුරු ගිනි තියවපු මාලිමාකාරයන්ට අන්තිමට හාල් ටික දීගන්න බැරුව පිටරටින් ගෙන්වන්න වුණා. එකම විදිහට වෙන හැටිනේ අරුමය. තව වුණේ නැහැ. මේ යන විදිහට කර්මය විපාක දීම කොහෙන් නතර වෙයිද කියලා කියන්න අමාරුයි. මම නම් කියන්නේ අර වසංගතයෙන් ජීවිත බේරුව මිනිහට විරුද්ධව වැඩ කළ ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව තමයි අවසානයේ ඔවුන්ගේ සබ්බ සකල සේසතම පිච්චිලා ලොකුම විපාකය විඳින්නේ. ධර්මය ඔබට මග වේවා!

මෝඩ, මූඪ, මොඝ, මෝහ, මුග්ධ ආදී වචනයෙන් අදහස් කරන්නේ සත්‍යය නොදන්නාකමය. මා බොහෝ විට ලංකාවේ ජනතාව “මෝඩයන්” ලෙස හඳුන්වන්නේ එම අර්ථයෙනි. එයට සාක්ෂි ඕනෑ තරම් තිබේ. ආසන්නතම උදාහරණය වන්නේ මෙරට ජනතාව විසින් 2022 කළු මැයි දිනයදා නිවාස සහ වාහන ඇතුළු බොහෝ දේපළ කොල්ල කා ගිනි තබා විනාශ කිරීමත්, එම ජනතාවගේම බදු මුදලින් එම දේපළ වෙනුවෙන් මුදලින් වන්දි ගෙවීමත්ය. උඹලට මෝඩයෝ කියන්නේ නැත්නම් වෙන මොකක්ද කියන්න පුළුවන්? Read Full Article >>> https://ginihula.blogspot.com/2025/02/blog-post_6.html

*Mr. Donald J. Trump* The President The White House 1600 Pennsylvania Avenue NW Washington, DC 20500 United States of America *Your Excellency,* Warm congratulations on your successful return to leadership! The American people are fortunate to have a leader who loves his country and is proud of its cultural values. We too had a national leader who sought to preserve Sri Lankan values, protect our borders, and rebuild our economy independently. However, as we knew and is now being divulged, the Biden-Kamala administration played a key role in the removal of our president and the toppling of the government through an undemocratic and violent regime change in 2022. Your Excellency would have seen the murder, assault, burning of private and public property, and the sheer destruction caused by leftist political groups in Sri Lanka. We believe that this would not have happened if you had been in power in the USA. As a result, we now have a socialist and former terrorist organization in power. They are dragging Sri Lanka into deeper economic and social chaos, with shortages of essential foods, skyrocketing commodity prices, heightened corruption, and rising criminal activity caused by their incoherent policies, incompetence, and increasingly fascist rule. We thank you for shutting down USAID and exposing their corruption and undue cultural interventions. As DOGE has already published, nearly *eight million U.S. dollars* of American taxpayers’ money has been spent in Sri Lanka to supposedly train journalists on gender pronouns. This amounts to over *two and a half billion rupees*, a staggering amount in the local context. We earnestly await the full disclosure of not only this program but also other schemes that were used for regime changes and cultural disruption, such as those allegedly funded by agencies linked to the infamous George Soros, who reportedly received over two hundred and sixty million U.S. dollars through USAID. The 2022 regime change in Sri Lanka was driven by a violent mob of so-called social media influencers, many of whom were evidently trained and funded by USAID. Therefore, we believe that a large sum of U.S. tax money was spent to groom local individuals and organizations as change agents, also providing them with remuneration, technology, vehicles, and premises to artificially create an uprising against the legitimately elected president of Sri Lanka through fake news, hate speech, and organized cultural attacks. They also actively promoted the LGBTQ and woke agenda while using cancel-culture tactics to silence conservatives, similar to what was attempted with your Twitter account removal. There have been many such obstructions of free speech, especially on Facebook in Sri Lanka, but since your victory, Facebook seems to have changed their stance. We also believe that *Ambassador Julie Jiyoon Chung* played a role in this collapse of democracy and violation of the constitution. She was sent to Sri Lanka by the corrupt Biden-Kamala regime. Ms. Chung has been acting beyond her ambassadorial scope by undiplomatically and rather shamelessly intervening in the internal affairs of Sri Lanka. Ms. Chung is an advocate of the LGBTQ agenda. She was recorded dancing in the hands of drunken politicians in public and parading with military leaders at the expense of the American people’s hard-earned money. Her highly unprofessional behavior has brought much disgrace and distrust to American diplomacy abroad. Therefore, we respectfully request that you consider the following: 1. Instruct DOGE to publish the full list of people and institutions that benefited from USAID along with the amounts and various properties they received. 2. Recall Julie Jiyoon Chung and appoint a decent U.S. Ambassador to Sri Lanka who embodies true American values. 3. Rebuild the US-SL diplomatic relationship through trust, respect, and mutually beneficial economic programs without intervention in internal affairs. We wish you nothing but success in your worthy endeavors to end corruption and Make America Great Again! Most Respectfully, E. R. Ginige On behalf of the patriotic Sri Lankans

*ඩොලර් අරගලය* ඊනියා අරගලය කළේ ඇමරිකානු ඩොලර්වලින් බව දැන් ඇමරිකාවෙන්ම ඔප්පු කර තිබේ. මැද පෙරදිග සහ යුක්රේනය ඇතුළු රටවල ඇමරිකාව විසින් මුදලට ගත් කුලීකරුවන් ලවා සිද්ධ කළ රෙජීම් චේන්ජ් හෙවත් ආණ්ඩු පෙරළීම, ලංකාවේ කළේ “අරගලය” නමින් බව දැන් කුඩා දරුවන් පවා දනී. එහි සන්නාමය නිර්මාණය කිරීමේ පටන් එහි අවසාන අරමුණ වූ බෞද්ධ සිංහල නායකයා ඉවත් කර ඇමරිකාවේ රූකඩයක් ජනාධිපති පුටුවේ වාඩි කරවීම දක්වා වූ සියල්ලට වියදම් කළේ ඇමරිකාවේ මිලියන ගණන් ඩොලර් බව දැන් තහවුරු වී අවසානය. දැන් ම්ලේච්ඡ අරගලකාරයන්ට මොකද හිතෙන්නේ? පපුව ඇඹරෙනවා වගේ නේද? ඔළුව ගිනි ගන්නවා වගේ නේද? තමන්ගේ රටේ නීත්‍යානුකූල නායකයාව එළවන්න ඇමරිකන් ඩොලර්වලින් කාපු පිළිණු බුරියානිවල පිළීගඳ උඹලගේ පරගැති පරම්පරාවල අශුද්ධ රුධිරයට එකතු වෙලා තිබෙනවා කියලා හිතෙන කොට කොහොමද? ඔය බලපල්ලා… ඇමරිකන් ඩොලර්වලින් මරපු තමන්ගේ මිනිස්සුන්ගේ ලේ උඹලගේ අත්වල ගෑවිලා… ඔය බලපල්ලා… ඇමරිකන් ඩොලර්වලින් ගිනි තියපු ගෙවල්වල අළු උඹලගේ දරුවන්ගේ මූණේ ගෑවිලා… ඔය බලපල්ලා… බලපල්ලා! තමන්ගේ මව්බිමට එරෙහිව ඇමරිකානු ඩොලර්වලට උඹලගේ කාලකන්නි පුංචි ආත්මයත් විකිණුනා කියලා දැනෙන කොට කොහොමද? රනිල් වික්‍රමසිංහ වගේම අනුර කුමාරත් එහෙව් නින්දිත අරගලයකින් පත් වුණු ඇමරිකන් සුරතලුන් කියලා දැනෙන කොට කොහොමද? හා හා හා හා! අන්තිම සිනහාව අපටයි! වසංගතය දඩමීමා කර ගෙන කෘත්‍රිම තෙල් පෝලිම් හදලා, විදුලිය කපලා, ගෑස් සිලින්ඩර් පුපුරවලා, උගන්ඩාවට ඩොලර් කන්ටේනර් ගෙනිච්චා කියලා දාහක් බොරු වපුරලා, වෛරය වපුරලා කරපු පාහර අරගලයේ සාමාජිකයන්ට මැරෙන කල් හිතට වධ දෙන සත්‍යය දැන් එළි වී තිබෙනවා. උඹලා ඒ ඔක්කොම කළේ ඇමරිකන් ඩොලර්වලට. උඹලා දැන දැන උඹලගේ කුහක ආත්මය ඇමරිකන් ඩොලර් දෙකට තුනට පාවලා දුන්නා. උඹලගේ මනුස්සකම ඩොලර්වල දිය වුණා… උඹලගේ දරුවන්ගේ ගෞරවය ඩොලර්වලට වික්කා… ලැජ්ජ වෙයල්ලා… අරගලකරුවනි, ලැජ්ජ වෙයල්ලා… පළමු අරගලකරුවා නම් ලැජ්ජාවට සියදිවි නසා ගත්තා… ඌ පව්. ඇමරිකන් සිහිනය දැකපු නූගත් මෝඩයෙක්. ඇමරිකන් ඩොලර් කුඩු ගහලා මොළේ අවුල් වුණු ගොඩේ ගංකබරයෙක් … අරගලයට එක වචනයකින් හෝ සහාය දුන් උඹලා කියලත් වෙනසක් නැහැ. උඹලා අන්තර්ජාතික දේශපාලන බල සෙල්ලමක චූටි ඉත්තන් වුණා… ඒකනේ මාලිමාවේ උගන්ඩා නිලන්ති කිව්වේ “අපි දැනගෙන තමයි බොරු කිව්වේ” කියලා! ඔව්… ඇමරිකන් ඩොලර්වලට දැනගෙන බොරු කිව්වා. ඇමරිකන් ඩොලර්වලට දැන දැන අහුවුණා. අන්තිමට අනුන්ට ඇමරිකන්කාරයා කියලා විහිළු කරපු අරගලකාරයන් ඇමරිකන් ඩොලර් කොළවලට සිල්ලරට විකිණුනා… ඊයා… උඹලට අනුකම්පා කරනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ… ඇමරිකන් බුරියානි කාලා, ඇමරිකන් කූඩාරම් ඇතුළේ ලැගලා, ඇමරිකන් මල් අරගෙන උඹලා අරගල කළේ ඇමරිකන් ඩොලර්වලටයි. “ලක් අම්මා ලක් අම්මා” කිය කිය අරගල කරපු උන් අද කෝ? ඩොලර්වලට ලයිව් ආව සමාජ මාධ්‍ය වීරයන් අද කෝ? උන් ඩොලර් අරගෙන මාරු වුණා… උඹලත් ලැබිච්ච දෙයක් අරගෙන මාරු වුණා… රටේ ගෞරවය ලෝකයක් ඉදිරියේ කෙලෙසුවා… අහිංසක ගැහැණුන්ව වතුරේ ගිල්වලා අතවර කළා… මිනීමැරුවා… අනුන්ගේ ගෙවල් දොරවල් ගිනි තිබ්බා… උඹලගේ මළ ගෙදර පාංශුකූලේට වඩින හාමුදුරුවන්ව බස් එකේ හිටවලා යැව්වා… ඔන්න උඹලගේ අරගලය! ඒ ඔක්කොම කළේ ඇමරිකන් ඩොලර්වලට. උඹලා මොන කතා කීවත් අවසානයේ ඉතිරි වන්නේ එම ඒකාන්ත සත්‍යය පමණී! ඔබේ සිත රිදුනා නම් සමාවෙන්න… ධර්මය ඔබට මග වේවා! https://ginihula.blogspot.com/2025/02/blog-post_16.html

ලංකාවේ මාධ්‍යකරුවන් ස්ත්‍රී හා පුරුෂ ලිංග පද භාවිතා නොකරවීම සඳහා ඩොලර් මිලියන 8 ක් හෙවත් රුපියල් කෝටි 240 ක අතිවිශාල මුදලක් කුප්‍රකට USAID ආයතනය විසින් වියදම් කර ඇති බව අලුතෙන් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුව විසින් හෙළිදරව් කොට තිබේ. මේ දිනවල අන්තර්ජාතික ජනමාධ්‍යයේ ප්‍රධාන සිරස්තලය මෙයයි. මෙය ලංකාවේ ජනමාධ්‍ය පිළිබඳ බරපතල ප්‍රශ්න රාශියක් මතු කරයි. විශේෂයෙන්ම 2019 සිට හතු පිපෙන්නාක් මෙන් බිහි වූ සිංහල බෞද්ධ සංස්කෘතික විරෝධී යූටියුබ් මාධ්‍ය මාෆියාව මෙයින් පැහදිලි කළ හැකිය. කුප්‍රකට මාධ්‍ය මුදලාලියෙකු වන දිලිත් ජයවීර නමැත්තා පසුගියදා... Full Article>>> https://ginihula.blogspot.com/2025/02/240.html

සල්ලි ගත්තා නම්, ගත්ත අය ඉන්න ඕනා රොහාන් සමරජීව වගේ. USAID එකේ කෝටි 240 මගඩිය එළියට ඇවිල්ලා කාගෙ කාගෙත් දෙකොන රත් වෙලා තියෙන වෙලාවේ මෙන්න බොලේ නිර්මාල් දේවසිරි ගුරු දේවයන්ට තද වෙලානේ… USAID එක හදපු මුල්ගලේ ඉඳන් ආඩපාලි කියනවා. ඒ අස්සේ “බලාගමු” කියලත් අභියෝග කරනවා. කාටද නිර්මාල් ඔයා බලාගමු කියන්නේ? ඩොනල්ඩ් ට්‍රම්ප්ටද? නිකා හිටහන්… නිකා හිටහන්… මහාචාර්යතුමා, ඔයා ඉගෙන ගන්න රොහාන් සමරජීවගෙන්. රොහාන් USAID එකෙන් සල්ලි ගත්තද නැද්ද කියලා දන්නේ නැහැ. හැබැයි මේ වගේ අවස්ථාවක් උද්ගත වුණාම හැසිරෙන ආකාරය ගැන USAID එකෙන්ම දෙන පාඩම් ටික නම් හරියටම එයා ඉගෙන ගෙන තිබෙනවා. බලන්න රොහාන් නොකර සද්ද ඉන්න විදිහ. මුලින්ම මුට්ටිය දාලා බැලුවා. ඒකත් හර්ෂ ද සිල්වාගේ ඔළුවට මුට්ටිය දාලා. (Harsha, you saw what your buddy did there, right?) Tweet එකක් දැම්මා, එන පොට හොඳ නැහැ කියලා තේරුණා, වහාම සද්දෙ වහලා පැත්තකට වුණා. නිර්මාල්ට කවදාවත් සමරජීවලගේ ලෙවල් එකට එන්න බැහැ. ඒකට පාසල් සහ පවුල් පසුබිම අවශ්‍යයි. ඔය share වෙන නම් ලැයිස්තුව නම් නිල වාර්තාවක් නොවෙයි. නමුත් එහි අඩංගු සමහර නම් ඉතින් කොහොමත් ඇමරිකාවේ ඒජන්තයෝ කියලා එයාලම පිළිගන්නවා. පාක්‍යසෝති සරවනමුත්තු කෙලින්ම කිව්වා “ඔව් ගත්තා, ඉතින්?” කියලා. එක්කෝ ඒ ලෙවල් එකෙන් එන්න ඕනා. නිර්මාල්ට එහෙම එන්න තරම් පිටකොන්දක් නැහැ කියලා කවුරුත් දන්නවා. ඒ නිසා ඔය ආඩපාලි කිය කිය ඉන්නවා. පාකිනකේලට තමන්ගේ රටට විරුද්ධව වැඩ කරන්න පිටරටින් සල්ලි ගන්න එක ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම තමයි ඔවුන්ගේ “සදාචාර මාලිමාව” (moral compass) උපතින් සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක වරදක් කියලා ඔවුන්ට කිසිම විදිහකින් හිතෙන්නේ නැහැ. ඔය “ඉතින්?” කියලා අහන්නේ ඇත්තටමයි. නිර්මාල්ට එහෙම බැහැ. නිර්මාල් දන්නවා එයා කරන්නේ වරදක් කියලා. ඒ නිසා වගකීම බාරගන්න බැහැ. දැන් බලන්න වින්‍යා ආරියරත්න… ඔය ඉන්නේ ගල් බිල්ලා වගේ. ඒක තමයි ක්‍රමය. ලංකාවේ ලොකුම NGO කාරයා. ඒ මනුස්සයට කරන්න දෙයක් නැහැ. එයාගේ තාත්තා හදපු ක්‍රමය ඇතුළේ එයාට ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. පවුල් දේශපාලනයට විරුද්ධව අපිට යහපාලන මූලධර්ම උගන්වනවා. ලැජ්ජාවක් නැහැ. නිර්මාල්ට එහෙම නැහැ. නිර්මාල්ට ලැජ්ජාවක් තියෙනවා. ඒ නිසා සිත නැවෙනවා. ඔය ලැයිස්තුව බොහෝ විට එළියට දැම්මේ පැලවත්තෙන්. හරිනි අමරසූරිය සහ ඇයගේ සංගමය පැහැදිලිවම ටාර්ගට් කරලා තියෙන විදිහට පේනවා ඒක අභ්‍යන්තර ප්‍රහාරයක් බව. නලින්ද ජයතිස්සත් ඇඟටපතට නොදැනී කිව්වා අදාළ ආයතනය හෝ ඇමරිකානු රජය තමයි තහවුරු කළ යුත්තේ කියලා. ඔය වාර්තාව ඇත්ත වෙනවා නම් වැඩිපුරම සතුටු වෙන්නේ පැලවත්තේ සහෝදරයෝ. මේ යන විදිහට අනුප්‍රාප්තික ජනාධිපති ගැන ඔවුන් වද වෙනවා. ලැයිස්තුවේ නම නැතුවත් නිර්මාල් බොරුවට කලබල වෙලා. නිර්මාල්ට USAID එකෙන් සල්ලි දුන්නත් දෙන්නේ ඔය ලංකාවේ බෞද්ධ භික්ෂුවට විරුද්ධව පොතක් ගහන්න වගේ සූපින් වැඩකට විතරයි. ඒක තමයි එයාගේ සතුට. ලොකු funding දෙන්න නම් රොහාන්ලා වගේ ටොප් ලෙවල් එකක ඉන්න ඕනා. නිර්මාල්ට ඒ සමාජ පිළිගැනීම කවදාවත් ලැබෙන්නේ නැහැ. නිර්මාල් දන්නේ නැහැ USAID එකේ ඇමරිකන්කාරයෝ එක්ක සෝෂලයිස් වෙන්න. නිර්මාල් වගේ අයව non-profit sector එකේ හඳුන්වන වචනයක් තියෙනවා. දිස් ඉස් පොලිටික්ස්.