
ගිනිහුළ (Channel)
February 12, 2025 at 04:46 PM
USAID එකෙන් ඔබ සල්ලි ගත්තේ නැත්නම් හෙට (බ්‍රහස්පතින්දා) සවස 3.30 ට කොල්ලුපිටියේ ඇමරිකන් එම්බසිය ඉස්සරහට එන්න.
පක්ෂ පාට අදාළ නැහැ. ලක්මව වෙනුවෙන් එන්න. ඩොලර් මිලියන 8 ක්, ලංකාවේ රුපියල් කෝටි 240 ක් වියදම් කරලා මේ රටේ කරපු සාහසික දේශපාලන අතපෙවීමට විරුද්ධ වෙන්න කොන්ද පණ තියෙන දේශප්‍රේමීන් තාමත් ඉන්නවා කියලා පෙන්වන්න.
කලබල කරන්නේ නැහැ. නිහඬව පාර අයිනෙ ඉඳලා විරෝධය දක්වනවා. සියල්ල එළි කරන්න කියලා ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලිපියක් බාර දෙනවා. කැමති අය මාධ්‍යයට කතා කරනවා. සාමකාමීව විසිර යනවා.
ඔවුන්ගේ සල්ලි බලයෙන් කෙලෙසුවේ ඔබේ පරමාධිපත්‍යයයි. එයට විරුද්ධ වෙන්න. හෙට 3.30 ට කොල්ලුපිටියට එන්න. සංවිධානය කරන්නේ ජාතික සංවිධාන ටික එකතු වෙලා. ස්තුතියි.
👍
❤️
😂
6