
ගිනිහුළ (Channel)
February 17, 2025 at 01:28 AM
*ඩොලර් අරගලය*
ඊනියා අරගලය කළේ ඇමරිකානු ඩොලර්වලින් බව දැන් ඇමරිකාවෙන්ම ඔප්පු කර තිබේ. මැද පෙරදිග සහ යුක්රේනය ඇතුළු රටවල ඇමරිකාව විසින් මුදලට ගත් කුලීකරුවන් ලවා සිද්ධ කළ රෙජීම් චේන්ජ් හෙවත් ආණ්ඩු පෙරළීම, ලංකාවේ කළේ “අරගලය” නමින් බව දැන් කුඩා දරුවන් පවා දනී. එහි සන්නාමය නිර්මාණය කිරීමේ පටන් එහි අවසාන අරමුණ වූ බෞද්ධ සිංහල නායකයා ඉවත් කර ඇමරිකාවේ රූකඩයක් ජනාධිපති පුටුවේ වාඩි කරවීම දක්වා වූ සියල්ලට වියදම් කළේ ඇමරිකාවේ මිලියන ගණන් ඩොලර් බව දැන් තහවුරු වී අවසානය. දැන් ම්ලේච්ඡ අරගලකාරයන්ට මොකද හිතෙන්නේ?
පපුව ඇඹරෙනවා වගේ නේද? ඔළුව ගිනි ගන්නවා වගේ නේද? තමන්ගේ රටේ නීත්‍යානුකූල නායකයාව එළවන්න ඇමරිකන් ඩොලර්වලින් කාපු පිළිණු බුරියානිවල පිළීගඳ උඹලගේ පරගැති පරම්පරාවල අශුද්ධ රුධිරයට එකතු වෙලා තිබෙනවා කියලා හිතෙන කොට කොහොමද?
ඔය බලපල්ලා… ඇමරිකන් ඩොලර්වලින් මරපු තමන්ගේ මිනිස්සුන්ගේ ලේ උඹලගේ අත්වල ගෑවිලා… ඔය බලපල්ලා… ඇමරිකන් ඩොලර්වලින් ගිනි තියපු ගෙවල්වල අළු උඹලගේ දරුවන්ගේ මූණේ ගෑවිලා… ඔය බලපල්ලා… බලපල්ලා!
තමන්ගේ මව්බිමට එරෙහිව ඇමරිකානු ඩොලර්වලට උඹලගේ කාලකන්නි පුංචි ආත්මයත් විකිණුනා කියලා දැනෙන කොට කොහොමද? රනිල් වික්‍රමසිංහ වගේම අනුර කුමාරත් එහෙව් නින්දිත අරගලයකින් පත් වුණු ඇමරිකන් සුරතලුන් කියලා දැනෙන කොට කොහොමද? හා හා හා හා! අන්තිම සිනහාව අපටයි!
වසංගතය දඩමීමා කර ගෙන කෘත්‍රිම තෙල් පෝලිම් හදලා, විදුලිය කපලා, ගෑස් සිලින්ඩර් පුපුරවලා, උගන්ඩාවට ඩොලර් කන්ටේනර් ගෙනිච්චා කියලා දාහක් බොරු වපුරලා, වෛරය වපුරලා කරපු පාහර අරගලයේ සාමාජිකයන්ට මැරෙන කල් හිතට වධ දෙන සත්‍යය දැන් එළි වී තිබෙනවා. උඹලා ඒ ඔක්කොම කළේ ඇමරිකන් ඩොලර්වලට. උඹලා දැන දැන උඹලගේ කුහක ආත්මය ඇමරිකන් ඩොලර් දෙකට තුනට පාවලා දුන්නා. උඹලගේ මනුස්සකම ඩොලර්වල දිය වුණා… උඹලගේ දරුවන්ගේ ගෞරවය ඩොලර්වලට වික්කා… ලැජ්ජ වෙයල්ලා… අරගලකරුවනි, ලැජ්ජ වෙයල්ලා…
පළමු අරගලකරුවා නම් ලැජ්ජාවට සියදිවි නසා ගත්තා… ඌ පව්. ඇමරිකන් සිහිනය දැකපු නූගත් මෝඩයෙක්. ඇමරිකන් ඩොලර් කුඩු ගහලා මොළේ අවුල් වුණු ගොඩේ ගංකබරයෙක් … අරගලයට එක වචනයකින් හෝ සහාය දුන් උඹලා කියලත් වෙනසක් නැහැ. උඹලා අන්තර්ජාතික දේශපාලන බල සෙල්ලමක චූටි ඉත්තන් වුණා…
ඒකනේ මාලිමාවේ උගන්ඩා නිලන්ති කිව්වේ “අපි දැනගෙන තමයි බොරු කිව්වේ” කියලා! ඔව්… ඇමරිකන් ඩොලර්වලට දැනගෙන බොරු කිව්වා. ඇමරිකන් ඩොලර්වලට දැන දැන අහුවුණා. අන්තිමට අනුන්ට ඇමරිකන්කාරයා කියලා විහිළු කරපු අරගලකාරයන් ඇමරිකන් ඩොලර් කොළවලට සිල්ලරට විකිණුනා… ඊයා… උඹලට අනුකම්පා කරනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ…
ඇමරිකන් බුරියානි කාලා, ඇමරිකන් කූඩාරම් ඇතුළේ ලැගලා, ඇමරිකන් මල් අරගෙන උඹලා අරගල කළේ ඇමරිකන් ඩොලර්වලටයි. “ලක් අම්මා ලක් අම්මා” කිය කිය අරගල කරපු උන් අද කෝ? ඩොලර්වලට ලයිව් ආව සමාජ මාධ්‍ය වීරයන් අද කෝ? උන් ඩොලර් අරගෙන මාරු වුණා… උඹලත් ලැබිච්ච දෙයක් අරගෙන මාරු වුණා… රටේ ගෞරවය ලෝකයක් ඉදිරියේ කෙලෙසුවා… අහිංසක ගැහැණුන්ව වතුරේ ගිල්වලා අතවර කළා… මිනීමැරුවා… අනුන්ගේ ගෙවල් දොරවල් ගිනි තිබ්බා… උඹලගේ මළ ගෙදර පාංශුකූලේට වඩින හාමුදුරුවන්ව බස් එකේ හිටවලා යැව්වා… ඔන්න උඹලගේ අරගලය! ඒ ඔක්කොම කළේ ඇමරිකන් ඩොලර්වලට. උඹලා මොන කතා කීවත් අවසානයේ ඉතිරි වන්නේ එම ඒකාන්ත සත්‍යය පමණී! ඔබේ සිත රිදුනා නම් සමාවෙන්න… ධර්මය ඔබට මග වේවා!
https://ginihula.blogspot.com/2025/02/blog-post_16.html
👍
👏
😢
7