ගිනිහුළ (Channel)
February 19, 2025 at 10:57 AM
අනේ… අනේ… සාහසික අපරාධකාරයන්ට අත්පුඩි ගහලා එළියට ගත්තු ලෝයර් මහත්තයෙක් වගේම ඇඳගෙන ඇවිදින් උසාවිය ඇතුළෙම වෙඩි තියලා යනවා නේද… අනේ… අනේ… මහදවල් අනුන්ගේ ගෙවල් ඇතුළට පැනලා මංකොල්ල කාලා ගිනි තිබ්බ ම්ලේච්ඡ අරගලකාරයන් වගේ දැන් විනිශ්චයකාරයා ඉස්සරහම මරලා දාලා යනවා නේද… අනේ… අනේ… ජනාධිපති කාර්යාලය ඇතුළට පැනලා රාජ්‍ය දේපළ හොරකම් කරපු USAID ඩොලර් අරගලකාරයන් වගේ උසාවි ඇතුළේ වෙඩි තියලා බේරිලා යනවා නේද… අනේ… අනේ… අහිංසක මිනිස්සුන්ට මහමග ගහලා මරලා දැම්මා වගේ දැන් මහමග තාත්තටයි කිරිකැටි දරුවන්ටයි වෙඩි තියලා යනවා නේද…
ඇයි… උඹලා හිතුවේ ඒ සාහසික අපරාධ කළාට පස්සේ මේ රටේ ආරක්ෂාව සුපිරියට හැදෙයි කියලද!
“ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය” කියලා කිව්වේ කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි. එයා 1983 මොරටුවේ පාර අයිනේ තිබුණු අහිංසක දෙමළ මනුස්සයෙකුගේ පෙට්ටි කඩේ කඩලා මංකොල්ලා කාපු පාහර අධමයෙක්. එවැනි මිනිහෙකුගේ කතාව අහගෙන උඹලත් ගෙවල් ගිනි තිබ්බා… පාරේ වාහන නවත්තලා ගිනි තිබ්බා… තමන්ගේ අල්ලපු වත්තේ මිනිහට එළියට ඇදලා ගැහුවා… කැපුවා… මැරුවා… ඉතින් ඒ සංස්කෘතිය තමයි අද ක්‍රියාත්මක වෙන්නේ! උඹලා තමයි මේක හැදුවේ. වෙල් ඩන්!
අනික ඉතින් අනුර කුමාර ඇතුළු මේ ආණ්ඩුවම ඔය වගේ අපරාධ කළ පිරිසක් තමයි… 1971 ත් 1988-89 ත් ගෙවල් ඇතුළට පැනලා ගල් කටස් එකෙන් වෙඩි තිබ්බා… පොලීසි මංකොල්ල කාලා ගිනි තිබ්බා… බැංකු මංකොල්ල කෑවා… විජය කුමාරතුංග මහතාගේ මුහුණ කුඩු වෙන්න ඔය ජේවීපී ත්‍රස්තයන් වෙඩි තිබ්බා… දළදා මාළිගාවට බෝම්බ ගැහුවා… පාර්ලිමේන්තුවට බෝම්බ ගැහුවා… අද ආණ්ඩු කරන්නේ තනිකරම ත්‍රස්තවාදී අතීතයක් තිබෙන වංචනික හොර මිනීමරු පිරිසක්… ඉතින් ඒ වගේ ආණ්ඩුවක් බලයේ ඉන්න කොට උසාවි ඇතුළේ වෙඩි තියලා යන එක පුදුමයක් නොවෙයි…
ඒ නිසා දැන් උඹලා බොරුවට අඬන්න එපා… 68 ලක්ෂයක් එකතු වෙලා, බොරු කියලා, වෛරය වපුරලා, අරගල කරලා පත් කරගත්තේ ඕකට තමයි. මේක ඉදිරියේදී තව තවත් දරුණු වෙනවා… ඔබේ ආරක්ෂාව ඔබ සලසා ගන්න. ශ්‍රී ලංකාව විනාශ කළාට අනාගත පරම්පරාවෙන් සමාව ගන්න… ධර්මය ඔබට මග වේවා!
👍
6