ඉගිලෙන පිටු
ඉගිලෙන පිටු
January 31, 2025 at 03:42 AM
කුළුදුලේ පෙම් කරපු හින්දම, ඉවසන්න බෑ අදත් පුදුමයි කරපු ප්‍රේමය එදා වාගෙම, අදත් මගෙ පපු කොනේ සත්තයි කාසි කොල වල තිබුන ඇද කුද, හින්දා අපෙ හිත් ඈත් කෙරුවයි එදා ඉදලම වෙනස් නැතුවම, මැණික මට ජීවිතේ තිත්තයි.. දාලා මුද්දක් දිවුරුවත් මන්, දවස ගෙව්වෙ උඹේ මත්තෙයි කිසිම දවසක කැමැත්තෙන් මන්, තුරුලු වෙල නෑ ඌට සත්තයි පුදන කොට උඹ රැකපු දේවල්, දරාගත්තේ තනිව අඬලයි වැදලා පාමුල ඉල්ලන්නෙ මන්, වෙන මොකුත් නොව උඹෙ සමාවයි.. උරුමයෙන් ලද සියලු සම්පත් නුඹේ හද ලග නිෂ්ඵලයි පිරී ඉතිරිණු හැම දෙයක් ළඟ මගේ හද තුල හිස්තැනයි ලොවට හඬගා සිනාසෙන්නේ සඟවගෙන දුක් කඳුලමයි මගේ තනියට ඉන්නෙ තාමත් පුරුදු විදියට තනි කමයි.. කිලිටි නොකරම රැකපු මගෙ වත, දකින්නටවත් නොහැකි හින්දයි ලේ උරුමෙ නැති උනත් පැටියට, මුලින් උඹෙ මූණම දකින්නයි හොයා හොයා උඹ ඉන්න රෝහල, චැනල් කෙරුවේ ඒක හින්දයි කපාපන් ඔය පිහිය අරගෙන, මැණික මේ මං උඹෙ අයිතියයි.. ගැහි ගැහී කුස දෙපලුකෙරුවත්, රිදුනේ නෑ මට මැණික සත්තයි වෙන ලෙයක උරුමයක් දැරුවත්, මැවෙන්නේ මට උඹේ රුවමයි ගනිද්දිම පොඩි පැටියා දෑතට, පුරුදු සුවදක් ආව හින්දයි තිබ්බෙ උඹෙ නම අද ඊයෙ නොව, කුසට ආ දවසේ ඉදන්මයි.. දුකට ලියූ කවි 127 වෛද්‍ය ශිෂ්‍ය ජානක රාජපක්ෂ 02/09/2013  5.24pm (Inspired on a true event at the maternity ward no 03, Peradeniya teaching hospital)
❤️ 💔 22

Comments