
ඉගිලෙන පිටු
February 1, 2025 at 10:13 AM
සුවඳට වහ වැටිල
අඹ කන්න එන
වවුල්ලු
අඹ අතු වල එල්ලිලා
දැකපු පළවෙනිම අඹේ කාල
සතුටින් පියාඹල යනව..
අඹේ ගැට වුණත්,
මදේ කොහු උනත්,
රස නැති වුණත්,
කට ඇඹුල් වුණත්,
උන් සතුටින්..
මමත් වවුලෙක්,
ගැට අඹ අස්සෙ
තාමත්
ඉදිච්ච අඹයක් හොයන..
රැඩිකල් ප්‍රේමය 04
වෛද්‍ය ශිෂ්‍ය ජානක රාජපක්ෂ
23/08/2011 01.36am
(Base on a true event)
❤️
♥️
23