ඉගිලෙන පිටු
ඉගිලෙන පිටු
February 19, 2025 at 04:31 AM
මේ එක්තරා විදේශ රටක පාසලක උන සිදුවීමක්... මේ ඒ දෙමව්පියන්ගේ අත්දැකීම.. " මගේ දරුවගේ ටීචර් මටයි මගේ හස්බන්ඩ්ටයි ඊලග දවසේ වහාම පාසලට එන්න කියල දරුවා අතේ පණිවිඩයක් එවලා තිබ්බා.." මම මුලින්ම කලේ මගේ දරුවගෙන් ඒ ඇයි කියලා අහන එක. එතකොට පුතා කියුවේ, " ටීචර් මගේ චිත්‍රයට එච්චර කැමති වුනේ නැහැ, ඒකයි එන්න කියන්න ඇත්තෙ කියල.." ඊලග දවසේ අපි දෙන්නා ටීචර් හම්බෙන්න ගියේ කුතුහලයකින්. " ඇයි ටීචර් අපිට එන්න කියුවේ.." "මම ඊයේ පන්තියෙ හැමෝටම පවුලෙ අයත් එක්ක හිටපු හැටි ගැන චිත්‍රයක් අදින්න කිවුවා, ඔයාගේ පුතා ඇන්දේ මේ චිත්‍රය.. ඇයි පුතා මෙහෙම චිත්‍රයක් ඇන්දේ කියල මට කියන්න පුලුවන්ද...?" "පුලුවන් මිස්.. මේ අපි ගිය නිවාඩුවට ස්නූකලින්ග් ඒ කියන්නෙ වතුර යට මසුන් බලන්න ගියපු දවස, එදා පුතා හරි සතුටින් හිටියේ, ඇයි මිස් මොකක්ද මේකෙ වැ‍රැද්ද..?" (Snorkelling - වතුර යට කිමිදීම. වතුර යට දී හුස්ම ගැනීමට යොදා ගන්නා උපකරණය තමා ඒ ඇද ඇත්තේ...) සමහර විට ඔබටත් මේ චිත්‍රය මුලින්ම වෙනස් විදිහකට පේන්න ඇති... ඉතින් මොකක්ද මේකෙන් ගන්න පුලුවන් පාඩම... "ඔබේ දරුවා ගැන ඔබට තරම් වෙන කෙනෙකුට තේරෙන්නේ නැති වෙන්න පුලුවන්. ඉතින් මේ නිසා වෙන කෙනෙක් ඔබගෙ දරුවා ගැන මොනව හරි කියනවනම්, ඒ ගැන දෙවරක් නොව කිහිපවරක් සිතන්න..." ජය ❤
❤️ 👍 31

Comments