ඉගිලෙන පිටු
ඉගිලෙන පිටු
February 22, 2025 at 02:59 AM
එක එක කාලවලදී අපිට හම්බෙනවා එක එක ජාතියෙ මි +නි + ස් + සු ..සමහරු මතක එක්ක අපිව දාලා යනවා..වෙලාවකට හිතලම නැත්තන් අහම්බෙන් ,ඒ මතක එක්ක අපි දැවෙනවා /තැවෙනවා/නිවෙනවා/සැනසෙනවා/නොමැරී මැරෙනවා ඔය ඔක්කොම නැත්තන් මැරෙන් නැතුව ජීවත් වෙනවා !! එහෙම තමයි අපි ඇවිත් ඉන්නෙ ආපහු යන්න බලාගෙන..කොයි මොහතකද , කොතනකද කියලා දන්නැතුව..හරියට මිරිඟුවක් පස්සෙ දුවනවා වගේ අපි හති වැටෙනකන් ඔහේ කෙළවරක් පේන්නෙ නැති පාරක ඉබාගාතේ යනවා - නවතිනවා - ආයෙ දුවනවා - ... ජීවිතේ ලස්සනට පේන්න ගන්නෙ තමන් බලන විදියට..හොඳ මතක එක්ක විතරක් ජීවත් වෙන්න..ඒකත් අධිමාත්‍රාවෙන් නෙවෙයි..සීමාවකට !!මොකද මතක අයිති අතීතෙට ~ ✍️Himaja >
❤️ ♥️ 🍃 🩶 19

Comments