Out of Mind🔮💙🧿
February 18, 2025 at 12:02 PM
රොබරෝසියා මල
හිරු කිරණ ඇත නිදහසේ ගලමින්...
ඔබේ මතකය ගලයි මගේ සිතට එලෙසින්...
මම එමි ඔබ දකින්නට නැවතත්...
අනේ මලේ අදත් සුවද දෙන්න එදා මෙන්...
බොලද හිත ආශා කරයි දකින්නට ඔබව ආයෙත්...
නුඹේ දෑස් දෙස බලා මනමාලකම් පාන්නට බෑ මට නම්...
මනමාලකම් නොව කරමි මා ඔබට
ආදරය නම්...
නැත තරහක් මාගෙන් ඔබ සිටියත් වෙනකෙකු සමගින්...
සුදු ගවුමට හැඩට එදා මෙන් සිටිවිදෝ...
එදා මෙන් හොරැහින් මා දෙස බලාවිදෝ...
හොරැහින් අනෙක් මල් සමග මදහස පාවිදෝ...
ඔය මුවින් මට එදා මෙන් මදහසක් දේවිදෝ...
ඔය මුවින් එක වචනයක් අහන්නට ආසයි...
ඔය මුවින් එක සිනාවක් දකින්නට ආසයි...
ඔය දෑසින් එක ඉගියක් දකින්නට ආ
ආසයි...
අනේ මලේ ආදරේ නම් මහ පුදුමාකාරයි...
ගයනාත් ගුණසේකර
❤️
🩷
5