දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
February 23, 2025 at 03:44 PM
දන්නවද අහස
සමහර දවසට කාටවත්ම කියන්න බැරිවුනු දේවල්
කීවේ හැමදාම ඔයා දිහා බලාගෙන
මොකද සමහර සිතුවිලි
තමන්ම දරාගන්න ඕනී කියලා හැඟෙනවා
අන්න ඒ වෙලාවට ඉතින්
ඔයා දිහා බලාගෙන
මටම විතරක් ඇහෙන්න මුමුණනවා ඇරෙන්න
මේ හිතට වෙන හයියක් නෑ
ප්‍රකාශ කරන්න බැරි හැගීම් එක්ක
මිනිස්සු පෙම් බදින්න ගන්නවා ඔයාට
ඒකයි තනිවුනු මිනිස්සු වගේම
හැඟීම් වලින් ඈත්වෙලා ඉන්න අය
අහසට පෙම් බැන්දේ
> *Gethmina Bandara |°* ✍️
❤️
♥️
💐
🤍
🪄
7