Solution Srilanka
February 5, 2025 at 04:48 PM
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ලබන 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණයෙන් සිතාසි නිකුත් කර තිබේ.
ඒ ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට අදාළව විත්තිකාර නාමල් රාජපක්‍ෂ මහතාට එරෙහි අධිචෝදනා පත්‍ර බාරදීම සඳහාය.
නාමල් රාජපක්ෂට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයේ ඉඩම් අක්කර 4.3ක් බදු දීමේදී රගර් තරගාවලියක් සදහා රුපියල් මිලියන 70ක මුල්‍ය අක්‍රමිකතාවයක් සිදුකිරීම සම්බන්ධයෙනි.
නීතිපති විසින් මෙම නඩුව පවරා ඇත්තේ, දූෂණ විරෝධී හඩ කමිටුවේ කැදවුම්කරු වසන්ත සමරසිංහ විසින් 2016 වසරේදී කළ පැමිණිල්ලකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනවලින් අනතුරුවය.
මෙවැනි පුවත් දිනපතා දැනගැනීමට අපගේ Whatsapp චැනලය සමග සම්බන්ධ
වන්න 👇👇👇
https://whatsapp.com/channel/0029Va4mAwS6WaKfROmaIg47
#solutionsrilanka
👍
❤️
🥤
12