Solution Srilanka WhatsApp Channel

Solution Srilanka

4.2K subscribers

About Solution Srilanka

බිඳවැටුණු මව්බිම ගොඩනගන Digital අරගලය... ✊🧭🚩

Similar Channels

Swipe to see more

Posts

Solution Srilanka
Solution Srilanka
6/18/2025, 4:16:53 PM

මෙම වසර තුළ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන සියයක් ආරම්භ කිරීමටත්, ඉදිරි වසර දෙක හමාර තුළ ජනගහණය හත්දහසකට එක් ඒකකයක් ලෙස දිවයිනම ආවරණය වන පරිදි නව ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන ඉදිකිරීමටත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සැලසුම් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය පිළිබද උපදේශන රුස්වීමට සහ එක්දින වැඩමුළුවට එක්වෙමින්. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ “සංකථනි” ශාලාවේදී මෙම උපදේශන රුස්වීම සහ එක්දින වැඩමුළුව ඊයේ (17) පැවැත්වුණා. මෙවැනි පුවත් දිනපතා දැනගැනීමට අපගේ Whatsapp චැනලය සමග සම්බන්ධ වන්න 👇👇👇 https://whatsapp.com/channel/0029Va4mAwS6WaKfROmaIg47 #SolutionSrilanka

Post image
👍 ❤️ 💐 🙏 8
Image
Solution Srilanka
Solution Srilanka
6/18/2025, 9:06:03 AM

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ හා දියණිය ව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අද (18) පෙරවරුවේ හිටපු අමාත්‍යවරයා ඇතුළු පිරිස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදී. අයථා වත්කම් ඉපැයීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එල්ල වී ඇති චෝදනාවකට මෙලෙස කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගනු ලැබුවා. 2024 මාර්තු 14 වැනි දින අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලද හිටපු අමාත්‍යවරුන්ගේ වත්කම් බැරකම් විගණනය කර ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා කළ පැමිණිල්ල සම්බන්ධයෙන් වන පරීක්ෂණයකට අදාළ ව මෙම අත් අඩංගුවට ගැනීම සිදු ව තිබෙනවා. එම වත්කම් බැරකම් විගණනය කළ යුතු බවට පැමිණිලි කෙරුණු ලැයිස්තුවේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ඒ.එච්.එම්. ෆවුසි, නිමල් සිරිපාල ද සිල්වා, රාජිත සේනාරත්න, මෛත්‍රීපාල සිරිසේන, පවිත්‍රා වන්නිආරච්චි හා චන්න ජයසුමන යන අය ද නම් කර තිබුණා. මෙවැනි පුවත් දිනපතා දැනගැනීමට අපගේ Whatsapp චැනලය සමග සම්බන්ධ වන්න 👇👇👇 https://whatsapp.com/channel/0029Va4mAwS6WaKfROmaIg47 #SolutionSrilanka

Post image
👍 4
Image
Solution Srilanka
Solution Srilanka
6/18/2025, 4:16:24 PM

ශ්‍රී ජයවර්ධනපුර රෝහලට අනුයුක්තව සේවය කළ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියක වන මහේෂී විජේරත්න යන අය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පසුගියදා අත්අඩංගුවට ගත්තා. ඒ අනුව ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකිරීමට නියෝග කර තිබෙනවා. ස්නායු ශල්‍යකර්ම සදහා අවශ්‍ය ශල්‍ය උපකරණ රෝහල තුළ නැති බව කියමින් එම ද්‍රව්‍ය ඈ විසින් නිර්දේශ කරන ලද පෞද්ගලික ආයතනයකින් මිලදී ගැනීමට ඔවුන් යොමු කිරීම හරහා සිය ගණනක් රෝගීන් දරුණු මූල්‍ය සූරාකෑමකට ලක් කිරීම ඇයට එල්ල වී තිබෙන චෝදනායි. අදාල ශල්‍ය උපකරණ, රෝහලට මිල දී ගැනීම සදහා වාර්ෂික ප්‍රසම්පාදන ඇස්තමේන්තුවලට ඇතුළත් කිරීම මෙම විශේෂඥ වෛද්‍යවරිය හිතාමතාම මගහැර තිබෙනවා. එමගින් රෝගීන් සූරාකෑමට අවස්ථාව උදාකර දී ඇති බව සඳහන්. රෝහල මගින් මිලදී ගත්තානම් රුපියල් 17,500 ක් පමණ වන ශල්‍ය ද්‍රව්‍ය, විශේෂඥ වෛද්‍යවරිය විසින් නිර්දේශ කරන ලද පෞද්ගලික ආයතනයෙන් මිලදී ගැනීම සදහා එක් රෝගියෙකු රුපියල් 125,000 ත් 250,000 ත් අතර මුදලක් වැය කර තිබෙනවා. රක්ෂිත බන්ධනාගාරගතකර සිටින මෙම දූෂිත ශල්‍ය වෛද්‍යවරියට එරෙහිව මීට පෙරද චෝදනා කිහිපයක් එල්ල වී තිබෙනවා. ඉන් එක් ප්‍රධාන චෝදනාවක් වන්නේ, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රට වෙඩි තැබීමේ සිද්ධියේදී, දුමින්ද සිල්වාට ව්‍යාජ වෛද්‍ය වාර්තා නිකුත් කිරීමයි. එමෙන්ම, කිසියම් උත්සවයක දී තවත් කාන්තාවකට පහර දී තිබෙන බවටද ඇයට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබුණා. මෙවැනි පුවත් දිනපතා දැනගැනීමට අපගේ Whatsapp චැනලය සමග සම්බන්ධ වන්න 👇👇👇 https://whatsapp.com/channel/0029Va4mAwS6WaKfROmaIg47 #SolutionSrilanka

Post image
👍 😮 5
Image
Solution Srilanka
Solution Srilanka
6/17/2025, 3:14:17 PM

හිටපු රාජ්‍ය අමාත්‍ය දයා ගමගේ මහතාට අයත් බව කියන ආයතන තුනක් ජූලි 2 දා උදෑසන 10 ට ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය තීන්දු කර තිබේ. කොළඹ වාණිජ මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්, නියෝජ්‍ය පිස්කල් විසින් පුවත්පත්වල ප්‍රසිද්ධ දැන්වීමක් පළ කරමින් මෙලෙස දැනුම් දී ඇත. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමට අයවිය යුතු දස කෝටි හතළිස් දෙලක්ෂ විසිනව දහස් තුන්සිය හතළිස් දෙකක (104,229,342) මුදලක් අයකර ගැනීමේ අරමුණෙන් මෙලෙස ප්‍රසිද්ධ වෙන්දේසි කිරීමකට තීන්දු කර තිබේ. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමට අය විය යුතු දසකෝටි අසූතුන් ලක්ෂ නවදහස් තුන්සිය හතළිස් දෙකක (108,309,342) මුදලින් රුපියල් හතළිස් ලක්ෂ අසූදාහක (4,080,000) පමණ මුදලක් වගඋත්තරකරුවන් විසින් ගෙවා ඇති නිසා ඉතිරිය අය කරගැනීමේ අරමුණින් මෙලෙස වෙන්දේසි කරන බව දැනුම් දී තිබේ. දයා ගෲප් ලිමිටඩ්, දයා ඇපරල් එක්ස්පෝටර් (ප්‍රයිවට්) ලිමිටඩ්, ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන මෙලෙස වෙන්දේසි කිරීමට නියමිතව ඇතැයි එම ප්‍රසිද්ධ දැන්වීමේ පළ කර තිබේ. මෙවැනි පුවත් දිනපතා දැනගැනීමට අපගේ Whatsapp චැනලය සමග සම්බන්ධ වන්න 👇👇👇 https://whatsapp.com/channel/0029Va4mAwS6WaKfROmaIg47 #SolutionSrilanka

Post image
👍 ❤️ 11
Image
Solution Srilanka
Solution Srilanka
6/16/2025, 6:13:55 AM

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය ජාතික ජන බලවේගයේ ව්‍රායි ඛැලී බර්තසාර්ට..

Post image
❤️ 🎊 👍 💐 31
Image
Solution Srilanka
Solution Srilanka
6/15/2025, 1:21:44 PM

අපි හදල තියෙනව ගාර්ඩ් එකට එක පොලිස්කාරයෙක් නැතිව රටේ ලොකුම බලවත්ම ඇමතිකමක් දරන ඇමති කෙනෙක් පක්ෂෙ සහෝදරයෙක්ගෙ මලගෙදරකට ඇවිත් කුස්සියෙ උයන උන් එක්ක චැට් එකක් දාගෙන චිල් එකේ ඉන්න දේශපාලන සංස්කෘතියක්... මේ දේවල් වල මූල්‍යමය වටිනාකමක් නැති වෙන්න පුලුවන්..හැබැයි මේ අපි හදන දේශපාලන සංස්කෘතිය මේ රටේ ඉදිරි ගමනට ලොකු තල්ලුවක්..ඒ ප්‍රතිඵල ඉස්සරහට.. ලොක්කගෙ අතේ තියෙන්නෙ සලාදෙට කපපු ලුණු ගම්බිරිස් දාපු පිපිඥ්ඥා මදයක්.. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත සහෝදරයාගේ මියගිය පියාණන්ගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ලාල් කාන්ත සහෝදරයා සම්බන්ධ වූ මොහොත.. වසන්ත අයියගෙ පියාණන්ට නිවන් සුව ලැබේවා...

Post image
❤️ 👍 🙏 😁 35
Image
Solution Srilanka
Solution Srilanka
5/28/2025, 5:20:15 PM

ශ්‍රී ලංකාව තුළ ඇති ආයෝජන අවස්ථා ගැන අධ්‍යනය කිරීමට හා ආයෝජන සැලසුම් කිරීම වෙනුවෙන් චීන ව්‍යාපාරිකයෙන් පිරිසක් දිවයිනට පැමිණි අතර එම පිරිස සහ කර්මාන්ත අමාත්‍යංශය අතර සාකච්ඡාවක් අද (28) දින කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍යාංශයේදී පැවැත්විණි. ලංකාවේ වාහන එකලස් කිරීම, රබර්, රසායන ද්‍රව්‍ය, සංචාරක, මැණික් හා ස්වර්ණාභරණ, කෘෂිකාර්මික නිෂ්පාදන, ඛනිජ නිෂ්පාදන ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවල පවතින ආයෝජන අවස්ථා ගැන අප විසින් ඔවුන්ට පැහැදිලි කළ අතර ඔවුන් විසින් මේවාට අමතරව AI, Robotics සහ විදුළි භාණ්ඩ ඇතුළු ඔවුන්ට ආයෝජනය කළ හැකි වෙනත් කර්මාන්ත පිළිබඳව ද ඔවුන් අපව දැනුවත් කලේය. මෙහිදී ශ්‍රී ලංකාවේ නව රජය ආයෝජකයන් වෙනුවෙන් කුලී පදනම මත ඉඩම් සහ අවශ්‍ය අනෙකුත් පහසුකම් ආයෝජකයන් වෙත ලබා දෙන බවත්, ලංකාවේ පවතින භූගෝලීය පිහිටීම කර්මාන්තකරුවන් වෙත විශේෂ වාසියක් සලසා දෙන බවත්, ඔවුන් ලංකාවේ සිටින සති දෙකක කාලය අවසානයේ සැලසුම් කරන ආයෝජන සාර්ථක කර ගැනීමට අවශ්‍ය සහයෝගය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය ලබාදෙන බවටද පෙන්වා දුන්නේය. මෙම අවස්ථාවට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර ඇතුළු අමාත්‍යංශ නිළධාරින්, අමාත්‍යංශයය අනුබද්ධ ආයතන වල සභාපතිවරුන්ද පෞද්ගලික අංශය නියෝජනනය කරමින් ව්‍යාපාරික නියෝජිතයන් සහභාගී වූ අතර චීනය වෙනුවෙන් China Chamber of Commerce for Import and Export of Machinery and Electronic Products (CCCME)හි උප සභාපති liu chun මහත්මිය, China International Chamber of Commerce for the Private Sector (CICCPS)හි උප සභාපති Nan yi මහතා ඇතුළු ව්‍යාපාරිකයන් රැසක් මෙම අවසථාවට එක් වී සිටියේය. මෙවැනි පුවත් දිනපතා දැනගැනීමට අපගේ Whatsapp චැනලය සමග සම්බන්ධ වන්න 👇👇👇 https://whatsapp.com/channel/0029Va4mAwS6WaKfROmaIg47 #SolutionSrilanka

Post image
❤️ 👍 😂 14
Image
Solution Srilanka
Solution Srilanka
5/30/2025, 3:04:45 AM

නව රජය පත්වූ දින සිට මේ දක්වා ගෙවුණු මාස 05ක කාලයේ ඩොලර් මිලියන 650ක් වටිනාකමකින් යුත් ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘති 64ක් සම්මත වී ඇතැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ ඇති ආයෝජන අවස්ථා ගැන අධ්‍යයනය කිරීමට හා ආයෝජන සැලසුම් කිරීම වෙනුවෙන් දිවයිනට පැමිණ සිටින චීන ව්‍යාපාරිකයන් සමඟ පෙරේදා (28) කොළඹ පැවති සාකච්ඡාවකදී නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය. මේ දක්වා ලැබී ඇති ආයෝජන සම්බන්ධ යෝජනාවලින් රුපියල් බිලියන 3.7ක ව්‍යාපෘති ශක්‍යතා අධ්‍යයනයට යොමුකර තිබේ.මේ ආයෝජන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමටත් ඊට අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීමටත් විශේෂ ව්‍යාපෘති කීපයක් ක්‍රියාත්මක වේ. විදේශ සම්බන්ධතා හරහා ආයෝජන ප්‍රවර්ධනයේ එක් අවස්ථාවක් ලෙස ලංකාවේ වාහන එකලස් කිරීම, රබර්, රසායන ද්‍රව්‍ය, සංචාරක,මැණික් හා ස්වර්ණාභරණ, කෘෂිකාර්මික නිෂ්පාදන, ඛනිජ නිෂ්පාදන ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවල පවතින ආයෝජන අවස්ථා පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කර ඇති බව ද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය. මෙවැනි පුවත් දිනපතා දැනගැනීමට අපගේ Whatsapp චැනලය සමග සම්බන්ධ වන්න 👇👇👇 https://whatsapp.com/channel/0029Va4mAwS6WaKfROmaIg47 #SolutionSrilanka

Post image
❤️ 👍 😂 16
Image
Solution Srilanka
Solution Srilanka
5/27/2025, 5:40:02 PM

“සමුද්‍රීය මාර්ගයේ රාත්‍රී යාමය: නොනිදන කොළඹ” (Marine Nights: Awakening Colombo) තේමාව යටතේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ සිට දෙහිවල දක්වා කිලෝමීටර 7.4ක් පමණ වන කොළඹ සමුද්‍රීය මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. රාත්‍රී කාලයේ සංචාරක ක්‍රියාකාරකම් වැඩි කිරීම හරහා දේශීය ආර්ථිකය ඉහළ නැංවීම, සංචාරක කර්මාන්තය නංවාලීම සහ කොළඹ නගරයේදී අත්විඳිය හැකි සංචාරක අත්දැකීම් වැඩි කිරීම සඳහායි. ඒ අනුව, ගාලු මුවදොර කෙලවර සිට ශාන්ත තෝමස් ප්‍රාථමික පාසල දක්වා මීටර 400ක් පමණ වන කලාපය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමටයි අපේක්ෂා කර ඇත්තේ. මේ සඳහා යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. මෙවැනි පුවත් දිනපතා දැනගැනීමට අපගේ Whatsapp චැනලය සමග සම්බන්ධ වන්න 👇👇👇 https://whatsapp.com/channel/0029Va4mAwS6WaKfROmaIg47 #SolutionSrilanka

Post image
👍 ❤️ 🙏 13
Image
Solution Srilanka
Solution Srilanka
6/3/2025, 7:02:48 AM

කොළඹ මහ නගර සභාවේ සමගි ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂක ලෙස නම් කිරීමට යෝජිත බව පැවසෙන රීසා සරුක්ට එරෙහිව ''අරගලයේ නියමුවෝ'' සංවිධානයේ කැඳවුම්කරු ප්‍රදීප් චාල්ස් විසින් අල්ලස් හෝ දුෂණ කොමිෂමට ඊයේ පැමිනිල්ලක් ඉදිරිපත්කර තිබෙනවා. ඒ, කොළඹ නගර සභාවේ සිදුව ඇතැයි කියන මහාපරිමාණයේ වංචාවක් සම්බන්ධ විගණකාධිපති වාර්තාවක් ද සමගින්. මෙවැනි පුවත් දිනපතා දැනගැනීමට අපගේ Whatsapp චැනලය සමග සම්බන්ධ වන්න 👇👇👇 https://whatsapp.com/channel/0029Va4mAwS6WaKfROmaIg47 #SolutionSrilanka

Post image
👍 😱 🙏 🫡 🫤 9
Image
Link copied to clipboard!