Solution Srilanka
Solution Srilanka
February 19, 2025 at 02:28 AM
මේ තියෙන්නේ මේ අලුත් ආණ්ඩුව පත් වුන දවසේ ඉඳන් මේ වෙනකං ගත්ත අමාත්‍ය මණ්ඩල තීරණ. සමහර ඒවා මේ වෙනකොටත් ක්‍රියාත්මක කරලා ඉවරයි. සමහර ඒවා දැනට වැඩ පටන් අරන් තියෙන ඒවා. සමහර ඒව පටන් ගන්න යෝජිත ඒවා. ඒත් මේ දේවල් හරියට ජනතාව අතරට නොයෑම නිසා විපක්ෂය දිගට හරහට 'මොනාද උඹලා කරේ' කියලා අවඥාවට ලක් කරන්න සමත් වෙලා තියෙනවා. මේ හැම තීරණයක්ම සවිස්තරාත්මකව බලාගන්න පුළුවන් රජයේ කැබිනට් තීරණ update වෙන website එකට ගියාම. මේ website එකේ තියෙන සමහර තීරණ පරණ රජයන් ගත්ත ඒවා. මේ පහළ ලිස්ට් එකට මං දාන්න උත්සාහ කරලා තියෙන්නේ පුළුවන් තරම් එහෙම නොවෙන ඒවා. ඒ කියන්නේ මේ රජය විසින්ම කරපු ඒවා. 1. විශ්‍රාමිකයින්, වී ගොවීන් සහ ධීවර කාර්මිකයින් වෙත සහන සැලසීම. 2. ආර්ථික අර්බුදය හේතුවෙන් ධීවර කර්මාන්තයට ඇති වී තිබෙන බලපෑම අවම කර, ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන. 3. 2025 වර්ෂය සඳහා මහජන චීන සමූහාණ්ඩුව විසින් ප්‍රදානයක් ලෙස ලබා දෙන පාසල් නිල ඇඳුම් රෙදි, පාසල් හා පිරිවෙන් සිසුන් වෙත බෙදාහැරීම. 4. ස්වෛරී ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යූහගත කිරීම ක්‍රියාත්මක කිරීම. 5. රාජ්‍ය ආයතනවලට විශාල වැය බරක් වන අධි සුඛෝපභෝගී වාහන විධිමත් ක්‍රමවේදයකට අනුව අපහරණය කිරීම. 6. “Clean Sri Lanka” වැඩසටහන ක්‍රියාත්මක කිරීම. 7. අස්වැසුම සුබසාධක ගෙවීම් යෝජනා ක්‍රමය සඳහා සංශෝධන හඳුන්වා දීම. 8. අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත (Proceeds of Crime Bill). 9. පාසල් ලිපිද්‍රව්‍ය ලබා ගැනීම සඳහා පාසල් ළමුන්ට දීමනාවක් ලබා දීම. 10. ශ්‍රී ලංකාව හා රුසියාව අතර රේගු කටයුතු සම්බන්ධිත සහයෝගිතාවය හා අන්‍යෝන්‍ය පරිපාලන සහාය ලබා ගැනීම පිළිබඳ ගිවිසුම. 11. ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව ස්ථාපිත කිරීම. 12. දේශගුණික විපර්යාසවල තීව්‍ර වන බලපෑම් මඟින් අවදානමට ලක්විය හැකි ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රජාවගේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා වන කලාපීය ව්‍යාපෘතිය. 13. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා ALCO ඩීසල් එන්ජින් 22ක් ඉන්දියානු රජයේ ප්‍රදානයක් ලෙස ලබාගැනීම. 14. නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම. 15. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පාලනය වන බංගලා නිවාස, විසුම්පාය සහ විවිධ ප්‍රදේශයන්හි පවතින ජනාධිපති මන්දිර උපයෝජනය කිරීම පිණිස යෝග්‍ය ක්‍රමවේදයක් හඳුන්වා දීම. 16. බැංකු විසින් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ කාලය දීර්ඝ කිරීම. 17. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණය කිරීම පිණිස අවශ්‍ය වන ණය කළමනාකරණ මෘදුකාංග පද්ධතියක් මිල දී ගැනීම. 18. ලෝක ආහාර වැඩසටහන යටතේ මියුරියේට් ඔෆ් පොටෑෂ් පොහොර මෙට්‍රික්ටොන් 55,000ක් ප්‍රදානයක් වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත ලබා දීම. 19. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මහානායක චාරිකාරාමයේ ප්‍රතිසංස්කරණ කටයුතු. 20. මෙහෙයුම් නිරුපද්‍රිතතාව සහ ගුවන් යෝග්‍යතාව අඛණ්ඩව පවත්වා ගැනීමේ සහයෝගිතා සංවර්ධන වැඩසටහන. 21. ශ්‍රී ලංකා පොලීසිය සතු මිරිහාන, කිකිළියාමාණ සහ වව්නියාව සන්නිවේදන කුලුනු අලුත්වැඩියා කිරීම. 22. අම්පාර එක්ගල්ඔය සංචාරක බංගලාව සහ රිවස්ටන් සංචාරක බංගලාව (දුම්බර වන නිවහන) නවීකරණය කිරීම. 23. ද්විත්ව බදුකරණය මගහැරවීම සහ ආදායම් මත බදු ගෙවීම පැහැර හැරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කර ගනු ලබන ගිවිසුමේ සන්ධාන පත්‍රය. 24. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අල්ලස් වැටලීම් අත්තිකාරම් ගිණුමේ සීමාවන් ප්‍රතිශෝධනය කිරීම. 25. ආසියානු සංවර්ධන බැංකුව විසින් මූල්‍යනය කරනු ලබන මහා පරිමාණ ව්‍යාපෘති සඳහා සුළු වියදම් මූල්‍යනය පහසුකම හරහා අරමුදල් සලසා ගැනීම. 26. ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක්නොලොජි (ප්‍රයිවට්) ලිමිටඩ් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔහායෝ ප්‍රාන්ත විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම. 27. සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන එක්සත් රාජධානියේ වෙළෙඳ යෝජනා ක්‍රමයෙහි ඇතුළත් "අන්තර් කලාපීය සමුච්චයනය" යටතේ වන පහසුකම් ලබා ගැනීම පිණිස ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව විසින් ඒකාබද්ධව අයදුම්පත්‍රයක් ඉදිරිපත් කිරීම. 28. 2025 වසර සඳහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම. 29. කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ (BIA) පිටත්වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රසම්පාදනය. 30. අඩු ආදායම්ලාභී පුද්ගලයින් සඳහා චීන රජයේ ආධාර වැඩසටහන යටතේ නිවාස ඒකක 1,996ක් ඉදිකිරීම. 31. 2024‑12‑01 දින සිට 2025‑05‑31 දින දක්වා කාලය තුළ පෙට්‍රල් 92 Unl නැව් තොග 05ක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව. 32. කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ තාක්ෂණික හා මූල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සහ චක්‍රීය ආර්ථිකයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය. 33. 2025 වර්ෂයේ ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම. 34. දේශීය වෙළෙඳපොළේ නාඩු සහල් හිඟය සහ සහල් මිල පාලනය කිරීම පිණිස සහල් ආනයනය කිරීම. 35. ඩීසල් (0.05% M.S.) නැව් තොග 04ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම. 36. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ දේශීය ඖෂධ නිෂ්පාදකයින් වෙතින් අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයීම් ප්‍රසම්පාදනය. 37. රාජ්‍ය සේවයේ නියුතු සංවර්ධන නිලධාරින්, ආශ්‍රිත සේවාගණවල නිලධාරින් රාජ්‍ය සේවයට ඇතුළත් වීමට මූලික සුදුසුකමක් ලෙස උපාධිය සලකා නොබලන නමුත් උපාධියක් සහිතව රාජ්‍ය සේවයේ විවිධ තනතුරුවල දැනටමත් ඇතුළත් වී සිටින නිලධාරින් හා රාජ්‍ය සේවයට ප්‍රවේශ වීමට අපේක්ෂාවෙන් සිටින උපාධිධාරින් ආශ්‍රිතව පවතින ගැටලු හඳුනාගැනීම හා නිරාකරණය කිරීම. 38. සීමාසහිත සීනෝර් පදනමට අයත්, කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කිරීම. 39. තෙත්බිම් සම්බන්ධ අන්තර්ජාතික රැම්සාර් සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ සම්මේලනයට ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාව. 40. ඩිජිටල් සංවර්තනය සඳහා ක්‍රියාත්මක කරන ලද සාර්ථක ඩිජිටල් විසඳුම් හුවමාරු කිරීමේ සහයෝගිතාව පිළිබඳව ඉන්දියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුම. 41. ශ්‍රී ලංකා පොලීසියේ වාහන අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ඉන්දීය රජය විසින් ලබා දෙනු ලබන මූල්‍ය ප්‍රදානය. 42. දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම පිණිස උසස් ආරයේ ගවයන් ආනයනය කිරීම. 43. හිංසනයෙහි වින්දිතයින් බවට පත් වන කාන්තාවන්ගේ ආරක්ෂාව සැලසීම සඳහා වන තාවකාලික රැකවරණ නිවාස පරිපාලනය. 44. භාර ආඥාපනත සංශෝධනය කිරීම. 45. බහුආංශික ප්‍රදාන ආධාර ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම. 46. ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල ජෛවවිවිධත්වය පිළිබඳ ගිවිසුම. 47. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට සිදු වූ හානි හා වන්දි ගෙවීමේ වැඩපිළිවෙල. 48. 2025.04.01 දින සිට 2025.08.31 දින දක්වා කාලය තුළ මර්බන් වර්ගයේ බොර තෙල් නැව් තොග 06ක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව. 49. 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත පරිච්ඡින්න කිරීම. 50. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහාලුම් නිදහස් කිරීමේ කටයුතු කාර්යක්ෂම කිරීම. 51. ශ්‍රී ලංකාවේ පළමු ද්විවාර්ෂික විනිවිදභාවය පිළිබඳ වාර්තාව දේශගුණ විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියට ඉදිරිපත් කිරීම. 52. වී මිල දී ගැනීම සඳහා මීට පෙර ක්‍රියාත්මක කරන ලද ඔඩපණ ණය යෝජනා ක්‍රමය 2024/25 මහ කන්නයේ සිට වාර්ෂික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීම. 53. කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි පිටත්වීමේ/සංක්‍රමණ ප්‍රදේශය තුළ ප්‍රසිද්ධ වෙළෙඳ සන්නාමවලට අයත් කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයේම ඇඟළුම් සහිත අලෙවිසැල් ක්‍රියාත්මක කිරීම. 54. මෙරපනම් එන්නත් ග්‍රෑම් 1න් වයල් 900,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය. 55. ටෙනෙක්ටිප්ලේස් එන්නත් මිලිග්‍රෑම් 40න් වයල් 9,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය. 56. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සඳහා දෙමහල් වානේ ව්‍යූහ ගබඩාවක් ඉදිකිරීම. 57. රාජ්‍ය නිලධාරින්ගේ ඇප ආඥාපනත සංශෝධනය කිරීම. 58. 2024 අංක 36 දරන විදුලිබල පනත යළි සලකා බැලීම. 59. රාජ්‍ය ආයතන මහජනතාවට වගවීම තහවුරු කිරීම පිණිස අමාත්‍යාංශවල විමර්ශන ඒකක පිහිටුවීම. 60. ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර රේගු කටයුතු සම්බන්ධිත සහයෝගිතාව හා අන්‍යෝන්‍ය සහාය ලබාගැනීම පිළිබඳ ගිවිසුම. 61. රජයේ ආයතනවල ඉවතලන කඩදාසි සීමාසහිත ජාතික කඩදාසි සමාගමේ වාලච්චේන කඩදාසි කම්හල වෙත භාර දීම. 62. නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේදී අක්ෂි ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන් කිහිපදෙනෙකුගේ දෘෂ්ටිය අහිමි වීමට අදාළ වන්දි ගෙවීම. 63. කොළඹ වරායේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියට වරාය ටග් යාත්‍රා දෙකක් කුලියට ගැනීම. 64. රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ "රිච්මන්ඩ් කාසල්"අලුත්වැඩියා කොට සංරක්ෂණය කිරීම. 65. නව අනුරාධපුර - නව හබරණ කිලෝවෝල්ට් 220 සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය ඉදිකිරීම. 66. 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සඳහා සංශෝධන. 67. චීන වෙළෙඳපොළට කුකුල් මස් අපනයනය සම්බන්ධ ක්‍රියාපටිපාටිය (Protocol) සඳහා අදාළ වන ගිවිසුම අත්සන් කිරීම. 68. සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ මහජන චීන සමූහාණ්ඩුවේ ආයතන අතර අවබෝධතා ගිවිසුම්වලට/සහයෝගිතා ගිවිසුමට අත්සන් තැබීම. 69. පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබා දීමේ වැඩසටහන යටතේ අස්වැසුම නොලබන අනෙකුත් සුදුසුකම් ලබන පවුල්වල ළමුන් සඳහා දීමනාව ලබා දීම. 70. ශ්‍රී ලංකා රජය සහ ඉතාලි රජය අතර ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම. 71. කැලණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතයේ අනවසර පදිංචිකරුවන් ප්‍රතිස්ථාපනය කිරීම. 72. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ IHE‑Delft Institute for Water Education මඟින් ප්‍රජා වත්කම් කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම. 73. තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහිපැවිදි සිසුන් හා සීලමාතාවන් සඳහා පාසල් පාවහන් යුගලක් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම - 2025. 74. කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ අදියර II හි බටහිර බහාළු පර්යන්ත II සඳහා බටහිර දියකඩනය දීර්ඝ කිරීමේ සවිස්තරාත්මක සැලසුම මෙහෙයවීම සඳහා උපදේශක සේවාව. 75. කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ ශ්‍රී පාලි මණ්ඩපය සංවර්ධනය කිරීම. 76. ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාල හා විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම්වලට එළඹීම. 77. කසළ ප්‍රවාහනය සඳහා භාවිත කරන Garbage Compactors මිල දී ගැනීම සඳහා ජපන් යෙන් මිලියන තුන්සියයක ප්‍රදානයක් ලබා ගැනීම. 78. “නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය - සරුසාර” පොලී සහනාධාර යෝජනා ක්‍රමය 2025 වර්ෂයේ සිට වාර්ෂික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීම. 79. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ ඉතාලි ජනරජයේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍යාංශය අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම. 80. ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තු පනත කෙටුම්පත් කිරීම. 81. විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රී ලංකා රජය හා ජපාන රජය අතර හුවමාරු පත්‍ර සහ ශ්‍රී ලංකා රජය හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) අතර සංශෝධන ගිවිසුම අත්සන් කිරීම. 82. ඒකාබද්ධ ග්‍රාම‑නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය. 83. මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම. 84. රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීම. 85. ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම. 86. මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සබරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්වවිද්‍යාලවල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම. 87. සීමාසහිත ශ්‍රීලංකන් ගුවන්සේවයේ CFM 56‑5B එන්ජින් අලුත්වැඩියාව සඳහා වන කොන්ත්‍රාත්තුව සහ නඩත්තු, අලුත්වැඩියා සහ මෙහෙයුම් පිරිවැඩියා කොන්ත්‍රාත්තුව. 88. 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීම. 89. විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම. 90. ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අන්‍යෝන්‍ය ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ යෝජිත ගිවිසුම. 91. ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ ලේඛන ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය. 92. නව සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම - ශ්‍රී ලංකා මහ බැංකුව. 93. සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය සංවර්ධනය කිරීම සහ පුළුල් කිරීම. 94. කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි පිටත්වීමේ/සංක්‍රමණ ප්‍රදේශය තුළ ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක ආහාරපාන ජාලවල අලෙවිසැල් ක්‍රියාත්මක කිරීම. 95. උතුරු සහ නැගෙනහිර පළාත්වල ග්‍රාමීය මාර්ග පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීම. 96. නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ විධිවිධාන පරිදි නිකුත් කරන ලද නියමය සහ සුරාබදු ආඥාපනතේ විධිවිධාන පරිදි නිකුත් කරන ලද නිවේදනය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම. 97. 1971 අංක 14 දරන වී අලෙවි මණ්ඩල පනත සංශෝධනය කිරීම. (මූලාශ්‍ර රන්දුණු යසරන්ග විසින් ලියූ සටහනිකින් උපුටාගෙන ඇත.) ජය 🧭 මෙවැනි පුවත් දිනපතා දැනගැනීමට අපගේ Whatsapp චැනලය සමග සම්බන්ධ වන්න 👇👇👇 https://whatsapp.com/channel/0029Va4mAwS6WaKfROmaIg47 #solutionsrilanka
❤️ 👍 10

Comments