
Solution Srilanka
February 21, 2025 at 01:53 AM
ශ්‍රී ලංකා රජයේ අයවැය මඟින්, දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස මූල්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා බලධාරීන්ගේ කැපවීම ඉස්මතු කර තිබෙන බව Fitch Ratings ආයතනය නිවේදනයක් නිකුත්කරමින් පවසයි.
ශ්‍රී ලංකාවේ අයවැය සම්බන්ධයෙන් නිකුත් කර ඇති එම නිවේදනයෙන් Fitch Ratings අවධාරණය කරන්නේ, මෙම ප්‍රවේශය සාර්ථක වුවහොත්, ස්වෛරී ණය පැතිකඩෙහි දිගුකාලීන දුර්වලතාවයක් සමනය කරනු ඇති බවය.
කෙසේ වෙතත්, මූල්‍ය දැක්ම සඳහා අවදානම් සැලකිය යුතු ලෙස පවතින අතර මූල්‍ය ඒකාබද්ධතාවයේ වේගය මන්දගාමී කිරීමේ සැලසුම් මධ්‍ය කාලීනව ණය අඩු කිරීමේ අපේක්ෂාවන් මත බර තැබිය හැකි Fitch Ratings පෙන්වා දෙයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය 17දා ඉදිරිපත් කරන ලද සිය රජයේ පළමු අයවැය කතාවෙහි අයවැය යෝජනා බොහොමයක්, 2024 දෙසැම්බර් මාසයේ දී Fitch Ratings විසින් කරන ලද ඇගයීමේ උපකල්පනවලට අනුකූල බව සලකන බවද එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙවැනි පුවත් දිනපතා දැනගැනීමට අපගේ Whatsapp චැනලය සමග සම්බන්ධ
වන්න 👇👇👇
https://whatsapp.com/channel/0029Va4mAwS6WaKfROmaIg47
#solutionsrilanka
👍
5