
Solution Srilanka
February 25, 2025 at 03:22 PM
උඩරට එළවළු සහ අර්තාපල් ටොන් 300ක් ගබඩා කළ හැකි ශීතාගාරයේ වැඩකටයුතු අවසන් අදියරට පැමිණ තිබෙනවා. බීජ අර්තාපල් සහ අනෙකුත් එළවළු මෙට්‍රික් ටොන් 300ක් පමණ ගබඩා කළ හැකි පරිදි අංග සම්පූර්ණ නවීන පහසුකම් සහිතවයි ශීතාගාරය ඉදිකර තිබෙන්නේ.
එහි වැඩකටයුතු මේ වනවිට සියයට 90කින් පමණ අවසන් කර තිබෙනවා. යුරෝපා සංගමයේ සහාය යටතේ රජය මෙම ව්‍යාපෘතිය සඳහා වැයකළ මුදල රුපියල් කෝටි 16ක්. මෙම ශීතාගාරය ඉදිකිරීම තුළින් උඩරට අර්තාපල් සහ එළවලු අතිරික්ත කාලවලදී ගබඩා කිරීමේ පහසුකම් සැලසෙනවා. එමෙන්ම මිල වෙනස්වීම පාලනයට ද මෙය සෘජු ලෙස දායක වන බවයි ගොවි ජනතාව පවසන්නේ.
මෙවැනි පුවත් දිනපතා දැනගැනීමට අපගේ Whatsapp චැනලය සමග සම්බන්ධ
වන්න 👇👇👇
https://whatsapp.com/channel/0029Va4mAwS6WaKfROmaIg47
#solutionsrilanka
❤️
👍
21