Sri Lanka Economy
Sri Lanka Economy
February 7, 2025 at 01:58 AM
*Famous Custom Officer in Sri Lanka Murdered during Chandrika times after Custom Officer Amarapala Incident in Ranasinghe Premadasa times, Amarapala and Sujith Prasanna 2 case studies that reveal Sri Lankan Corruption of Businessmen moving to Billionaire list with Political Backing* බොහෝ අය මියගිය හැරී ජයවර්ධනට බායි කියති. පහත දැක්වෙන පින්තූරයේ සිටින්නේ ලක්ෂ එක් දහසකට අධික ඔහුගේ බදු වංචාවකට එරෙහිව සටන් කිරීම නිසා ඝාතනය වූ රේගු නිලධාරි සුජිත් ප්‍රසන්න පෙරේරා ය.. ඉතා අවංක කීර්තිමත් , ඉතිහාසයක් තිබෙන මේ රේගු නිලධාරියා හැරීගේ බදු වංචාවට එරෙහිව එවක ආණ්ඩුවත් සමඟද හැප්පුණෙය. එකල ජනාධිපති ධුරය දැරූ චන්ද්‍රිකා කුමාරතුංග හැරී ආරක්ෂා කළාය. බණ්ඩාරනායක පවුල ට වියදම් කළේ හැරීය. වික්ටර් අයිවන්ගේ චෞර රැජින පොතේ සඳහන් වන ආකාරයට චන්ද්‍රිකා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු පැවැත් වූ සතුටු සාදයේදී තමන් ළඟට පැමිණි චන්ද්‍රිකාට හැරී ප්‍රකාශ කළේ මේ ළමයා ජයග්‍රහණය කළේ අපේ වෙලාවට කියලයි. රේගු නිලධාරියාගේ ඝාතනයට අත්අඩංගුවට ගත් අනුර වීරවංශ නමැති රේගු නිලධාරියා ට හැරී සමග සබඳතා තිබුණි. නිලධාරියා ඝාතනය කළ දා ඔහු හැරී සමග පැය දෙකක දුරකථන සංවාදයක යෙදී තිබුණි. කෙසේ වුවද සහකාර රේගු අධිකාරි සුජිත් ප්‍රසන්න පෙරේරා මහත්මා ඝාතනය කළ 2001 මාර්තු 24දායින් පසු රට ගැන හිතා නීතිය අනුව කටයුතු කළ ඉහළ මට්ටමේ රේගු නිලධාරීහු රැසක් රට අත්හැර ගියහ. රේගුව හොරුන්ගේ ග්‍රහණයට හසුවීමට මෙම සිදුවීම ප්‍රබල ලෙස බලපෑවේය.

Comments