Sri Lanka Economy
February 11, 2025 at 03:53 PM
Note By Eranda Ginige
සල්ලි ගත්තා නම්, ගත්ත ඇය ඉන්න ඕනා රොහාන් සමරජීව වගේ. USAID එකේ කෝටි 240 මගඩිය එළියට ඇවිල්ලා කාගෙ කාගෙත් දෙකොන රත් වෙලා තියෙන වෙලාවේ මෙන්න බොලේ නිර්මාල් දේවසිරි ගුරු දේවයන්ට තද වෙලානේ… USAID එක හදපු මුල්ගලේ ඉඳන් ආඩපාලි කියනවා. ඒ අස්සේ “බලාගමු” කියලත් අභියෝග කරනවා. කාටද නිර්මාල් ඔයා බලාගමු කියන්නේ? ඩොනල්ඩ් ට්‍රම්ප්ටද? නිකා හිටහන්… නිකා හිටහන්…
මහාචාර්යතුමා, ඔයා ඉගෙන ගන්න රොහාන් සමරජීවගෙන්.
රොහාන් USAID එකෙන් සල්ලි ගත්තද නැද්ද කියලා දන්නේ නැහැ. හැබැයි මේ වගේ අවස්ථාවක් උද්ගත වුණාම හැසිරෙන ආකාරය ගැන USAID එකෙන්ම දෙන පාඩම් ටික නම් හරියටම එයා ඉගෙන ගෙන තිබෙනවා. බලන්න රොහාන් නොකර සද්ද ඉන්න විදිහ. මුලින්ම මුට්ටිය දාලා බැලුවා. ඒකත් හර්ෂ ද සිල්වාගේ ඔළුවට මුට්ටිය දාලා. (Harsha, you saw what your buddy did there, right?) Tweet එකක් දැම්මා, එන පොට හොඳ නැහැ කියලා තේරුණා, වහාම සද්දෙ වහලා පැත්තකට වුණා. නිර්මාල්ට කවදාවත් සමරජීවලගේ ලෙවල් එකට එන්න බැහැ. ඒකට පාසල් සහ පවුල් පසුබිම අවශ්‍යයි.
ඔය share වෙන නම් ලැයිස්තුව නම් නිල වාර්තාවක් නොවෙයි. නමුත් එහි අඩංගු සමහර නම් ඉතින් කොහොමත් ඇමරිකාවේ ඒජන්තයෝ කියලා එයාලම පිළිගන්නවා. පාක්‍යසෝති සරවනමුත්තු කෙලින්ම කිව්වා “ඔව් ගත්තා, ඉතින්?” කියලා. එක්කෝ ඒ ලෙවල් එකෙන් එන්න ඕනා. නිර්මාල්ට එහෙම එන්න තරම් පිටකොන්දක් නැහැ කියලා කවුරුත් දන්නවා. ඒ නිසා ඔය ආඩපාලි කිය කිය ඉන්නවා.
පාකිනකේලට තමන්ගේ රටට විරුද්ධව වැඩ කරන්න පිටරටින් සල්ලි ගන්න එක ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම තමයි ඔවුන්ගේ “සදාචාර මාලිමාව” (moral compass) උපතින් සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක වරදක් කියලා ඔවුන්ට කිසිම විදිහකින් හිතෙන්නේ නැහැ. ඔය “ඉතින්?” කියලා අහන්නේ ඇත්තටමයි. නිර්මාල්ට එහෙම බැහැ. නිර්මාල් දන්නවා එයා කරන්නේ වරදක් කියලා. ඒ නිසා වගකීම බාරගන්න බැහැ.
දැන් බලන්න වින්‍යා ආරියරත්න… ඔය ඉන්නේ ගල් බිල්ලා වගේ. ඒක තමයි ක්‍රමය. ලංකාවේ ලොකුම NGO කාරයා. ඒ මනුස්සයට කරන්න දෙයක් නැහැ. එයාගේ තාත්තා හදපු ක්‍රමය ඇතුළේ එයාට ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. පවුල් දේශපාලනයට විරුද්ධව අපිට යහපාලන මූලධර්ම උගන්වනවා. ලැජ්ජාවක් නැහැ. නිර්මාල්ට එහෙම නැහැ. නිර්මාල්ට ලැජ්ජාවක් තියෙනවා. ඒ නිසා සිත නැවෙනවා.
ඔය ලැයිස්තුව බොහෝ විට එළියට දැම්මේ පැලවත්තෙන්. හරිනි අමරසූරිය සහ ඇයගේ සංගමය පැහැදිලිවම ටාර්ගට් කරලා තියෙන විදිහට පේනවා ඒක අභ්‍යන්තර ප්‍රහාරයක් බව. නලින්ද ජයතිස්සත් ඇඟටපතට නොදැනී කිව්වා අදාළ ආයතනය හෝ ඇමරිකානු රජය තමයි තහවුරු කළ යුත්තේ කියලා. ඔය වාර්තාව ඇත්ත වෙනවා නම් වැඩිපුරම සතුටු වෙන්නේ පැලවත්තේ සහෝදරයෝ. මේ යන විදිහට අනුප්‍රාප්තික ජනාධිපති ගැන ඔවුන් වද වෙනවා. ලැයිස්තුවේ නම නැතුවත් නිර්මාල් බොරුවට කලබල වෙලා.
නිර්මාල්ට USAID එකෙන් සල්ලි දුන්නත් දෙන්නේ ඔය ලංකාවේ බෞද්ධ භික්ෂුවට විරුද්ධව පොතක් ගහන්න වගේ සූපින් වැඩකට විතරයි. ඒක තමයි එයාගේ සතුට. ලොකු funding දෙන්න නම් රොහාන්ලා වගේ ටොප් ලෙවල් එකක ඉන්න ඕනා. නිර්මාල්ට ඒ සමාජ පිළිගැනීම කවදාවත් ලැබෙන්නේ නැහැ. සල්ලි ගත්ත තෝරු මෝරු තමන්ගේ ෆේස්බුක් පිටු පවා මේ දවස්වල වහනවා. නිර්මාල් දන්නේ නැහැ USAID එකේ ඇමරිකන්කාරයෝ එක්ක සෝෂලයිස් වෙන්න. නිර්මාල් වගේ අයව non-profit sector එකේ හඳුන්වන වචනයක් තියෙනවා. දිස් ඉස් පොලිටික්ස්.