රාදි 🤎🍂
February 1, 2025 at 06:24 AM
"අනේ මේ.. උබලා දෙන්නගෙ ලපටි මං කියන්නෑ.. නිදිමතනම් නිදාගනිල්ලකො මට නිදහසේ ලව් කරගන්න දීලා.. ගියාම ඇහැරවන්නම්.."
අපි දෙන්නා කටත් ඇරන් බලාගෙන ඉද්දි දෑස්ටත් කලින්ම එහෙම කිව්වෙ අර්චි..
"මේකි යකෝ.."
ඒකනම් අපි දෙන්නටම එකටම කියවෙන්න ඇති..
..........................................................♡
ඒත් ඊට පස්සේ එකපාරටම තවත් තප්පරයක්වත් නොගිහින් දෑස් අර්චිගෙ කර වටේට අත දාලා ලඟට ඇරන් ඒකිගෙ නලල ඉම්බෙ අපි දෙන්නම කට ඇරගෙන බලාගෙන ඉද්දි..
"ඕයි ඕයි.. මේ බලහන්කො මීදු මුන් දෙන්නා.."
"ඒක තමයි යකෝ.. අනේ අම්මපා මුන්නම්.."
අපි දෙන්නා මාරුවෙන් මාරුවට කියවද්දි දෑසුයි අර්චියි දෙන්නා හයියෙන්ම හිනා වෙනවා..
හිනාවෙලා නාඩගම් නටලා දෑස් අපිව සැලෝන් එක ලඟින් දාලා ගියා..
"කෝ කවුද මුලින් එන්නේ.."
"මුන් දෙන්නගෙන් එකෙක්ව ගන්න අක්කේ මුලින්.."
මොනේෂා අක්කා ඇවිත් අහද්දි මම එහෙම කියාගෙනම ලඟ තිබ්බ පුටුවකට වැටුනෙ සංසිව ඉස්සරහට තල්ලු කරලා..
මොනේෂා අක්කා කියන්නෙ අපෙ මැන්ඩි අක්කගෙ නැන්දගෙ දුව..
ඉතින් අන්තිමට එතන ඉඳන් සංසියි අර්චියි ජෝඩුවම ලෑස්ති වෙලා ඉවර වෙනකල් මම ඔහේ එෆ් බී එකේ උඩ පල්ලෙහා ගියා..
"යාලුවෝ දෙන්නා හරි. දැන් ඔයා එන්න සුදූ.."
අක්කා කතා කරද්දි තමයි මම ඔලුව උස්සලා ඉස්සරහා බැලුවෙ..
"ආවුස් අප්පා යකෝ මුන් දෙන්නගෙ හැඩ.. අම්මෝ.. අඳුරගන්නත් බෑ යකෝ.. මේ අඩේ..."
මං අර ජෝඩුව වටේටම කැරකි කැරකි කියවන්න ගත්තා..
ඇත්තමයි උන් දෙන්නා මාර ලස්සනයි..
අපේ හිච්චි කපල් එක කොහොමත් මැච් කරලනෙ අඳින්නේ. අද ඒක කරගන්න විදියක් නෑනේ.. දෑස් පැංචා දෙවනි මනමාලයානේ..
ඒක නිසා අර්චි ඇන්දෙ රත්තරන් පාටට හුරු ලෙහෙන්ගා එකක්..
සංසි ඇඳගෙන හිටියෙ තද නිල් පාට ඕෆ් ශෝල්ඩර් දිග ගවුමක්..
"කෝ කෝ.. එනවා සුදූ. අපිත් ලෑස්ති වෙලා යන්න ඕනෙ.."
එහෙම කියලා නේෂා අක්කා මාවත් ඇදගෙන ගියා..
පැය බාගයක් විනාඩි හතලිස්පහක් යද්දි අක්කා මාව සම්පූර්ණෙන්ම ලෑස්ති කරා..
ආ.. මගේ ඇඳුම මේ පාරත් හැමෝටම සප්‍රයිස් එකක්..
මං ඇන්දෙ සාරියක්.. ටැමිල් වයිබ් එකට හුරු සුදු සාරියක්.. රතු පාට ජැකට් එකට සුදු සාරියක් ඇන්දා..
කොණ්ඩෙ ලෝ මෙසී බන් එකක් වෙන්න දාලා පිච්ච මල් වැලක් එතුවා..
සුදු අම්මා දීපු තෝඩු වලින් මම ආසම කරපු කලුයි සුදුයි තෝඩු දෙක දාගත්තා..
අත් දෙකටම වලලුත් දාගෙන බෙල්ල මුලට වෙන්න මාලයක් දැම්මා..
අන්තිමට හීල්ස් දෙක දාගෙන මම බොහොම අමාරුවෙන් කේශි අක්කා එක්ක ඇවිදලා ඇවිදලා හොයාගත්තු පායල් දෙක දාගත්තා..
මට කොහොමත් තියෙන්නෙ කෙට්ටු උනාට හැඩ ඇඟක්..
ඉතින් මං දන්නවා සාරිය මට කොහොමත් හැඩයි කියලා..
ඉතින් මම ඒ වෙලාවෙ තමයි කෙලින්ම කණ්ණාඩියෙන් පේන මගේ දිහා බැලුවෙ..
ආ.. මේ ඉන්නෙ ලස්සනට රෝස මලක් වගේ කෙල්ල..
මට මාව සැටිස්..
ඉතින් මං කණ්ණාඩියෙන් මගේ දිහා බලාගෙන හිනා උනා..
"මාරයි සුදූ.. ඔයා කිව්වට ඒක ඔයාට මෙච්චරටම මැච් වෙයි කියලා මං හිතුවෙම නෑ කෙල්ලේ.."
නේෂා අක්කා එහෙම කියන්නෙ හිනා වෙවී..
"අ..ඩෝ මීදු.. උබ මේ.. සාරියක්.. ඕයි.. ඒක ගින්දර වගේ.. උබනම් පට්ට මේකට.."
අරුන් දෙන්නනම් හොඳටම ශොක් වෙලා..
මොකද කවුරුත් කීයටවත් හිතන එකක් නෑ මම සාරියක් අඳියි කියලා..
"ඒහ්.. ඇත්තටම මාර හැඩයි මීදු.. මේක තමා මම උබෙන් දැකපු සුපිරිම ලුක් එක.."
ඒ පාර සංසිත් පටන් අරගෙන..
"එහෙනම් ඉතින් නේෂා අක්කට තමා තෑන්ක් කරන්න ඕනේ.. තැන්ක්යූ උම්මා කැටේ.. ඔයා දවල් වෙලා එන්නකො එහෙනම් හොඳේ.. මෙන්න මේ අපිව අරන් යන්න ඇවිත් දැනටම කෝල් ගන්නවා.."
මං හිනා වෙලා එහෙම කිව්වෙ තිවෙන්‍ය අයියා දැනටමත් කෝල් ගන්න විදියට නේෂා අක්කට පෙන්නලා..
"හරි පැටියෝ.. පරිස්සමට යන්න.. අපි එන්නම්කෝ දවල් වෙලා.."
නේෂා අක්කා එහෙම කිව්වම එයාගෙ ගානත් ගෙවලා අපි එතනින් එලියට ආවා..
අපි එද්දිත් තිවෙන්‍ය අයියා කාර් එකේ බොනට් එකට හේත්තුවක් දාගෙන කෝල් එකක..
එයානම් දැනටම ලෑස්ති වෙලා.. මෙරුන් පාට ෂර්ට් එකට සුදු පාට ට්‍රවුසර් එකක් ඇඳලා..
එයාට ඉතින් කොයි පාටත් හොඳට ගැලපෙනවනේ..
මුලින්ම එලියට ගියේ සංසියි අර්චියි.. මං ගියේ ඒ ජෝඩුවට පිටිපස්සෙන් නිසා මම එයාව දැක්කට එයා තාම මාව දැක්කෙ නෑ..
කෝල් එකේ ඉඳන්ම එයා අපි එන පැත්තට හැරුනෙ අපි තුන්දෙනාගෙ කච කච සද්දෙටම වෙන්න ඇති..
එක පාරටම මාව දැක්කත් එයාට වැඩි ගානක් නෑ.. ඇස් වලින්ම කාර් එකට නගින්න කියලා එහා පැත්තට යන්නයි ලෑස්ති උනේ..
ඒත් ඊලඟ විනාඩියෙ ආයෙමත් හැරිලා බලපු තිවෙන්‍ය අයියගෙ ඇස් බලාගෙන ඉද්දි ලොකු උනා.. ඒ ඇස් වල තිබුනෙ...
ඇත්තටම ඒක මට කියවගන්න තේරෙන්නෑ...
මට හිනා ගියේ එයා බලන් හිටපු විදියට..
ඒ තප්පරේම කෝල් එක කට් කරලා එයා මගේ ලඟට එන්න ගියත් ආපහු පාරක් එයාගෙ ෆෝන් එක රිං උනා..
"හෙලෝ.."
...............................
"හරි හරි බන් එනවා.."
.........................
"නෑ යකෝ මේ එන ගමන් ඉන්නේ.. පොඩ්ඩක් හිටපන්.."
...........................
"තියපන් ගස් බල්ලා.."
ඒ කතා කරපු විදියටනම් ලොවෙත් කතා කරන්න ඇත්තෙ චූටි අයියා..
මං හිනා වෙවීම කාර් එකට නැංගම තිවෙන්‍ය අයියත් ඔරවගෙන වගේ ඩ්‍රයිවින් ශීට් එකට ආවා..
අහක බලාගෙන ඉන්න ගියාට එයාට ඒක කරන්න බෑ.. සැරෙන් සැරේට ඒ ඇස් කැරකිලා ඇවිත් මගේ ලඟ නවතිනවා..
ඕ.. හෝ.. මට දැන්නෙ තේරෙන්නෙ..
එදා නිම්නකගෙ වෙඩින් එක දවසෙත් මෙයාට උනේ ඒකයි එහෙනම්..
අනේ දෙයියනේ.. කිසි දෙයක් ගණන් ගන්නෙ නැති ආඩම්බරකාරයෙක් නේද මේ මගේ එක බැල්මකට කලබල වෙලා කන්ට්‍රෝල් නැති වෙලා යන්නෙ..
"අයියේ.. මේ.. බලන් ඉන්න බෑ කියලා තේරෙනවා.. සරලවම කිව්වොත් අපිත් ශොක් වෙලා ඉන්නෙ මේකිට මෙච්චර හොඳ ටේස්ට් එකක් තියෙනවා කියලා දැනගත්තම.. ඒ උනාට අයියෙ.. මට දැම්ම මැරෙන්නනම් බෑ. තාම කොල්ලෙක්වත් නෑ.. ඒක නිසා දෙයියනේ කියලා ඉස්සරහා බලාගෙන ඩ්‍රයිව් කරන්න හොඳේ.. පස්සෙ බැරියැ ඉතින් ඇති තරමක් බලාගන්න.."
එක පාරටම සද්ද නැතුව හිටපු සංසි එහෙම කියද්දි මං පුදුමෙන් වගේ හැරිලා බැලුවෙ ඒකි දිහා..
"නෑ බන් ඉතිම්. අයියා කොහෙට ඩ්‍රයිව් කරත් ඇස් තියෙන්නෙ උබේ පැත්තට හැරිලනේ.. ඉතින් අපිට සාධාරණ බයක් එන එන සාධාරණයිනේ.. කියන්න බෑනෙ ඉතින්. දැක්කම මෙහෙම ලඟ තියාගෙන බලන් ඉන්න බෑ වගේද දන්නෑනෙ අයියට.."
ඒ පාර අර්චිත් එහෙම කියනවා..
"ඔයාලට තේරෙන දේවල් අදාල මිනිස්සුන්ට තේරෙන්නැති එකනෙ නංගි ප්‍රශ්නේ.."
ඒ පාර එක අතකින් කොණ්ඩෙත් හද හද හිනාවෙවී ඩ්‍රයිව් කරන ගමන් තිවෙන්‍ය අයියා එහෙම කියනවා..
සංසි දිහාට දුන්නු බැල්ම කිසි වෙනසක් නොකර ඇස් ලොකු කරගෙනම මම බැලුවෙ තිවෙන්‍ය අයියා දිහා..
මොනවා කියවනවද මන්දා.. ලැජ්ජාවෙ බෑ..
මේ මෝඩ ජෝඩුව හෝ ගාලා හිනා වෙනවා..
මං පුලුවන් උපරිමෙන් තිවෙන්‍ය අයියට රැව්වා.. හොඳට රැව්වා..
එයාටනම් වගේ වගක් නෑ.. ඔහේ හිනා වෙනවා..
තවත් ටික දුරක් යද්දි ආයෙම පාරක් තිවෙන්‍ය අයියගෙ ෆෝන් එක රිං උනා..
කෝල් ගන්නෙ චූටි අයියා..
ඒක දැක්කම එයා මට ඇස් වලින්ම කිව්වෙ ආන්සර් කරන්න කියලා...
ඉතින් මං කෝල් එක ආන්සර් කරලා එයාට ලේසි වෙන්න ස්පීකර් ඔන් කරා..
"කොහෙද බල්ලෝ ඉන්නෙ.. උබලා පයින්ද එන්නෙ කියපන්කො මට.."
කෝල් එක ආන්සර් කරා විතරයි චූටි අයියා බෙරිහන් දෙන්න ගත්තා..
"මොකද යකෝ කෑගහන්නෙ. මේ ලඟ ඉන්නේ.."
"ආ.. ඕනෙ එකක්.. මේ.. ඒක නෙවෙයි. මට කියපන් අපෙ එකී ඇඳගෙන ඉන්නෙ මොකද්ද.. මට ඒකිගෙ කන පලන්න හිතෙන ජාතියෙ රෙද්දක් නෙවෙයි නේද.."
එක පාරටම චූටි අයියා එහෙම අහද්දිනම් මගෙ ඇස් දෙකත් ලොකු උනා..
"නෑ එයා මේ ස්ග්බ්.. ම්ග්ක්.."
අයියෝ කනවනේ.. කට වැහුවෙ නැත්තන් මෙයා මගේ මිෂන් එක හාලා අල කරලා දානවා..
"වැඩේ කනවනේ.. කට වහගෙන ඉන්න අයියේ.."
මං සද්දෙ අඩුවෙන් එහෙම කිව්වෙ රවාගෙන..
"ඒ.. මොනවද යකෝ උබ ඒ කිව්වෙ.. මට කියපන් මෙච්චර පරක්කු වෙවී තොපි දෙන්නා මගට වෙලා මොකද කරන්නෙ කියලා.."
"පිස්සුද යකෝ.. මොනවද කියන්නේ.."
"හ්ම්ම් හ්ම්ම්.. හරි හරි මස්සිනේ.. ඕනෙ එකක්.. උබලා දෙන්නා ඕනෙ නාඩගමක් නටාගනිල්ලා. හැබැයි මගෙ චූටි නෑණා පොඩ්ඩයි අර බෝනික්කියි දෙන්නව පරිස්සමට අරන් වරෙන්.."
එහෙම කියලා චූටි අයියා කෝල් එක කට කරාම මම මට පුලුවන් හද්ද ගොන්ම හිනාව දාගෙන බැලුවෙ සංසි දිහා..
ඒ වෙලාවෙ අර්චිගෙ මූණෙ තිබ්බෙත් ඒ වගේම හිනාවක්..
සංසි ඇටිකෙහෙල් කාපු උගුඩුවෙක් වගේ බය වෙලා බලාගෙන ඉන්නවා..
"ම්හ්ම්.. ම්හුම්.. මට පේන්නෙ අර්චියෝ.. අපේ ගෙදරට මං ගානෙ තව නෑණා පෝස්ට් එකක් රෙජිස්ටර් කරන්න පුලුවන් වෙයි වගේ නේහ්.."
"හ්ම්ම්ම්ම්.. ඒක තමා මාත් මේ බැලුවෙ බන්.. ඒ කොහොම උනත් තිවේන් අයියට කණ්ණාඩි දෙකක් අරන් දීපන්.. මිහිපිට යක්ෂණියොන්ට බෝනික්කො කියන්නෑ බන් ඇස් පේන මිනිහෙක්නම්.."
"අනේ කටවහන් ඉඳපල්ලකො.."
"ආවු ආවූ.. ලැජ්ජාව.."
අර්චිට ඔරවලා සංසි කෑගහද්දි අපි දෙන්නම මහ හයියෙන් එහෙම කියලා කෑගැහුවෙ හිනා වෙවී..
..........................................................♡
චූටි අයියා කෝල් කරලා බෙරිහන් දුන්නට ඊට විනාඩි පහ හයකට පස්සෙම අපිට හොටෙල් එකට යන්න පුලුවන් උනා..
මෙතන ලොකේෂන් එක ලස්සන නිසා ෆොටෝ ගන්නෙත් හොටෙල් එකේමයි..
කාර් එකෙන් බැහැලා අපි කට්ටියම ඇතුලට ගියා..
ඒත් හෝල් එකට ඇතුල් වෙන්න ඔන්න මෙන්න තියලා මාව ආයෙම පිටිපස්සට ඇදිලා ගියේ කාගෙහරි අත් දෙකක් මගේ ඉණ වටේට ඔතලා..
ආයෙත් අහන්න දෙයක් නෑ.. මම දන්නවා මේ කවුද කියලා..
ඒත් මේ වෙලාවෙ මොකද්ද මෙයා මේ කරන්නෙ කියලයි මට නොතේරෙන්නෙ..
"අයියේ.. මොකද මේ.."
"How you look absolutely stunning my baby girl.."
මං කියන කිසි දෙයක් ගානක් නැතුව මගේ මූණටම එබිලා තිවෙන්‍ය අයියා එහෙම ඇහෙන නෑහෙන ගානට මිමිණුවේ මාව දෙපතුලේ ඉඳන්ම සීතල වෙලා යන කටහඬකින්..
"අයි..යෙහ්.."
" That drape is perfect, you look so graceful Baby.."
තිවෙන්‍ය අයියගෙ ඇස් දිලිසෙනවා.. ඒ ඇස් මේ වෙලාවෙ කතන්දර දාහක් කියනවා..
"ඔයා ඒකට එච්චර කැමතියිද අයියේ.."
"නැතුව.. මට අදම ගෙදර උස්සගෙන යන්න හිතෙනවා. මොකද කියන්නෙ. දෙවනිට පැත්තකට වෙන්න කියලා අපි දෙන්නා බඳිමුද සුදුබබා.."
ඒ පාර පොඩි එකෙක් වගේ මූණ හදාගෙන එහෙම කියනවා..
මට හයියෙන්ම හිනා ගියා..
"පිස්සුද අයියේ.. මොකද මේ.."
"පිස්සුව හැදුනෙනම් ඔයා සැලෝන් එකෙන් එලියට එනවා දැකපු වෙලේ.. දැන් ඉතින් මේක හොඳ කරන්න වෙන්නත් ඔයාටම තමයි.."
එහෙම කියලා තිවෙන්‍ය අයියා මාව ඇති හයියෙන් බදාගත්තා..
"මට තමුසෙව අද කොනක ඉඳන් කන්න හිතෙනවා සුදු බබා.."
මට හුස්ම ගන්න බැරිවෙන තරම් තදට මාව බදාගෙන ඉඳලා අතෑරපු තිවෙන්‍ය අයියා එහෙම කියලා මාව ඇදලා අරන් හයියෙන්ම මගෙ කන් පෙත්තක් හැපුවා..
"ආවු අයියේ.. මොකද කරන්නේ.."
මං ආපහු ආපිටට එයාට කෑගහද්දි ගානක්වත් නැතුව දඟකාර හිනාවක් දාලා මගේ දිහා බලන් ඉඳලා සද්ද නැතුවම ආයෙ මාවත් ඇදගෙන ඇතුලට ගියා..
..........................................................♡
"මොනවද යකෝ උබලා දෙන්නා මෙච්චර වෙලා කරේ.."
යන ගමන් අර්චි මගේ කනට කරලා එහෙම ඇහුවා..
තිවෙන්‍ය අයියයි මායි පරක්කු උනාට අර්චියි සංසියි අපි දෙන්නා එනකල් මග නැවතිලා ඉඳලා..
"මේ දැන් උබව දැක්කම දෑස්ට හිතෙන්නෙ මොනවද.. අන්න ඒ ටිකම තමා.."
"ඈ...."
මං එහෙම කිව්වම අර්චි දමාගෙන කල්පනා කරනවා..
"උබ කොහොමද දන්නෙ අපි කරන ඒවා.. ඈ ඕයි.. තිවෙන්‍ය අයියා උබව කෑවද.. මටනම් උබව එවෙලෙ දැක්කම කන්න හිතුනා ඕයි සිරාවටම.."
"හරි ශෝක් රහස.. මට ඇහුනෙ නැත්තන්.."
ඉස්සරහින් ගියපු තිවෙන්‍ය අයියා පිටිපස්ස හැරිලා එහෙම කිව්වම අර්චිගෙ මූණ බෙරි වෙලා ගියා..
"ඔය කියපුවානම් හිතුනා.. වැඩක් නෑනෙ බන් නංගි. තාම පර්මිෂන් නෑනෙ.."
කට කොනට හිනාවක් දාගෙන එහෙම කියලා ආපහු පැත්තවත් නොබලා තිවෙන්‍ය අයියා ඉස්සර වෙලා ගියා..
එහෙම කියද්දි මටත් හිනා ගියේ එයා ඇත්තටම එහෙම කිව්වා කියලා මතක් වෙලා..
"ම්ම්ම් ම්ම්ම්ම්.. හිනාවෙ හැටියටනම් යමක් සිදු වෙලා වගෙයි.."
ඒ පාර සංසි කියවනවා..
..........................................................♡
අපි ලොකේෂන් එකට යද්දිත් අක්කා එතෙන්ට ඇවිත් නෑ..
ඉතින් මනමාලිට කලින් මගේ ෆස්ට් ලුක් එක දෙන්න එපැයි කට්ටියට..
අපි එතෙන්ට යද්දි දෑසුයි චූටි අයියයි පොඩියි වෙනම කතාවක්..
දෙවනි ලොකු අයියයි අක්කයි එක්ක ලොකුම ලොකු කතාවක්..
ඉතින් කොහොමත් දැන් තිවෙන්‍ය අයියයි අර්චියි සංසියි යන්නෙත් චූටි අයියලා ඉන්න තැනටනේ..
"ආ.. ඇති යන්තම් ආවා.. මොනවද යකෝ මෙච්චර වෙලා කරේ.."
අපි එතෙන්ට ගියපු ගමන් චූටි අයියා එහෙම කිව්වා..
ඒ වෙලාවෙ තමයි මෙච්චර වෙලා තිවෙන්‍ය අයියගෙ පිටිපස්සෙ හිටපු මං ඉස්සරහට ආවෙ..
"ආ මැඩම්.. ආවද.. තමුසෙටත් මේ.. ස්...සුදූ.."
මැෂින් එක වගේ කියවගෙන ගියපු චූටි අයියා එක පාර ස්ටක් වෙලා ගියා..
වෙනසක් නෑ දෑසුයි පොඩියිත් එච්චරයි..
මෙයාලා මේ මං සාරියක් ඇඳන් ඉන්නවා දකිනවමයි.. ඒක තමයි මෙච්චර මේ පුදුම වෙලා ඉන්නේ..
මටනම් හිත යටින් හිනා මෙයාලගෙ මේ නාඩගම් දැකලා..
"සුදූ.. මේ තමුසෙමයි නේද.. ඈ තීව් අයියේ.. කෝ අර අපේ ගෙදර හිටපු හඩ්ඩි.. කාවද මේ අරන් ඇවිත් තියෙන්නේ.."
"අනේ දෑස් මේ.. ඕවටනන් ලෑස්ති වෙන්න එපා හරිද.."
"හරි හරි යකෝ.. පොඩ්ඩක් පුදුම වෙන්න දියන්.. කවුද දන්නෙ තමුසෙ සප්‍රයිස් කියලා යාර හයක් පටලගනී කියලා.. ඒ සිරාවටම මරු සුදූ.."
දෑස් එහෙම කිව්වෙ මගෙ ලඟට ඇවිත් මාව බදාගෙන..
"බලන්න එපැයි අපෙ චූටි කෙල්ලගෙ ලස්සන.."
එහෙම කියලා පොඩි අයියා මාව බදාගනිද්දි අනික් අතට චූටි අයියා ආපහු කටකැඩිච්ච කතාවක් කිව්වා..
"චූටියි කිව්වට මේකි දැන් චූටිමත් නෑ.."
"අනේ මේ.. යනවා යන්න. ඇයි මං කැතද.."
"කැත උනානම් තමුසෙලා මෙච්චර පරක්කු වෙන්නෑනෙ. එහෙනම් මේ වෙද්දි ඇවිත්.."
තිවෙන්‍ය අයියා දිහාට කැත බැල්මක් දාලා චූටි අයියා එහෙම කියන ගමන් මාව බදාගත්තා..
"ම්හ්ම්.. දෑස් මේ.. එහෙනම් ඔයා ඔයාගෙ වයිෆ්ව බලාගන්නකො. චූටි අයියටත් බෝනික්කො නලවන්න එහෙම තියෙයිනේ.. මම ලොකු අයියා ලඟට ගිහින් එන්නම්.."
මං එහෙම කියලා එහාට යද්දි සංසියි චූටි අයියයි මට මාරුවෙන් මාරුවට රවනවා..
අර්චියි තිවෙන්‍ය අයියයි හිනා වෙනවා..
මුකුත් නොදන්න දෑසුයි පොඩියි දෙන්නා කට ඇරන් බලන් ඉන්නවා..
..........................................................♡
දෙවනිගෙ වෙඩින් ෆොටෝස් කරන්නෙ අපේ ක්ලාස් එකේම හිටපු කොල්ලෙක්..
එක පාරට මාව දැක්කම උගේ ඇස් නලලේ..
"මෙන්න සර්.. සඳගලතැන්න චූටි මැණිකෙ ඇවිල්ලා.."
එක පාරටම ඒ යකා එහෙම කියලා කෑගැහුවෙ දෙවනිගෙයි ලොකු අයියගෙයි අක්කගෙයි තුන්දෙනාගෙම අවදානෙ බිඳලා දාලා..
මාව දැක්ක පාර තුන්දෙනාම පුදුම වෙලා වගේ බලන් ඉන්නවා..
"මොකද අනේ ඔහොම බලන්නේ.. කැතයිද මම.."
මං ඇහුවෙ ඉණට අත් දෙකත් තියාගෙන..
"අයියෙ.. කෝ බන් අපේ සුදූ.. මේ කවුද මේ.."
මෝඩ දෙවනි.. මාව විහිලුවකට අරන්..
"ඇයි ඔයාට අද වෙඩින් එක නොගෙන හොස්පිට්ල් යන්න ඕනෙද.. ඕවටනන් එන්නෙපා අයියා.."
"පිස්සු මොංගලී.. තමුසෙ මාර ලස්සනයිනෙ සුදූ.."
"වෙනසක් කරන්න කියලා කිව්වට මෙහෙම වෙනස්වීම්නම් මම බලාපොරොත්තු උනෙත් නෑ සුදූ.."
මැන්ඩි අක්කා කිව්වෙ මාව බදාගෙන..
"ඒ උනාට ඔයාගෙ හස්බන්ඩ් කමෙන්ට් එකක් දුන්නෙ නෑනෙ හලෝ තාම.."
මං අක්කට එහෙම කිව්වෙ ලොකු අයියා දිහා බලාගෙන..
"කෝ මෙහෙට එනවා.."
එහෙම කියන ගමන් ලොකු අයියා මගෙ අතකින් ඇදලා එයාගෙ ලඟට ගත්තා..
"මොනවා කියන්නද කියලා තමයි මං මේ කල්පනා කරන්නෙ.. මගෙ චූටි මැණික අද හින්දි නිලියක් වගේ ලස්සනයි.."
ලොකු අයියා හිනාවෙලා මගෙ නහය මිරිකන ගමන් එහෙම කිව්වම අක්කත් හයියෙන්ම හිනා උනා..
ඒ එක්කම වගේ...
..........................................................♡
මට පොඩ්ඩක් ලැජ්ජයිත් වගෙයි.. 🥲
ඊයෙ කතාව දෙන්න මට ඩේටා තිබුනෙ නෑ ළමයි.. 😩
ඊලඟ කොටස අරන් එන්නම්..
✍️ රාදි
❤️
5