
රාදි 🤎🍂
163 subscribers
About රාදි 🤎🍂
එන්න අපි අකුරුවලට පණ දෙමු... 💕💐
Similar Channels
Swipe to see more
Posts

"දැන් ඔයාට සතුටුයි නේද පණ.." බාප්පා ආච්චිගෙනුත් ඈත් වෙලා එහෙම අහද්දි මාත් ආච්චිගෙන් එහාට උනේ ඒ මූණ දිහා බලාගෙන.. "කියන්න වචන නැති තරම්.." ආච්චි එහෙම කියලා ගේ ඇතුලට ගියාම වටේ හිටපු කට්ටියත් ශවී බෝයි එක්ක කතා කරන්න ගත්තා.. එහෙ වගේනම් අල්ලපු ගෙදර මිනිහෙක් මැරුනත් මේ ගෙදර මිනිස්සු දන්නෑ.. ඒකට මෙහෙ.. අපි එනවා කියලා දැනගෙනනෙ මේ හැමෝම ඇවිත් තියෙන්නේ.. ඒත් මොකද මේ මිනිස්සු සැරින් සැරේ මගේ දිහා අමුතු විදියට බලන්නේ.. අර ඇන්ටිලද ආච්චිලද සෙට් එක ඇස් කටේ දාන් මගේ දිහා උඩ ඉඳන් යටටම බලනවනේ... "මෙහ් පුංචි.. මොකද අනේ අර කට්ටිය මගේ දිහා අමුතුවට කන්න වගේ බලන් හිටියෙ ඒ.." හැමෝටම කතා කරලා ශවී බෝයි එක්කම ඇතුලට ආව තප්පරේම මං පුංචිගෙන් එහෙම ඇහුවෙ කටත් බෙරි කරගෙන.. "ආහ්.. එහෙම තමයි ඩෝල්.. ඔයාගෙ ඇඳුම මෙහෙ අයට එච්චර හුරු නෑනේ.. අනික ඔය වගේ ඇඳුමක් දැක්කම මෙහෙ ඉන්න ඕපදූප ඇන්ටිලා ටිකට එයාලගෙ සංස්කෘතියයි සභ්‍යත්වයයි මතක් වෙනවා.. ගණන් ගන්න එපා.. කෙල්ලෙක් පොඩ්ඩක් හොඳට අඳිනවා දැක්කම මෙයාලට ඇරියස් කවර් කරන්න මතක් වෙනවා.. ඒකයි.." පුංචි ඇහැකුත් ගහලා කියද්දි මම බැලුවෙ මගේ ඇඳුම දිහා.. මං ඇඳන් හිටියෙ කොට ඩෙනිම් ශෝට් එකකුයි හයිනෙක් ක්‍රොප්ටොප් එකකුයි.ආයෙ ඉතින් ටොප් එකට උඩින් පොඩි ජැකට් එකක් දාලා ශූස් දෙක දැම්මා.. අනේ ඉතින් ගමනක් යද්දි පහසුවට යන්න එපැයි.. පිස්සු විකාරනේ ඉතින්.. "සෑහ්.. ඔව්වා හිතන්න එපා ඒයි. එනවකො යන්න. අපිට තව ගොඩාක් වැඩ කරන්න තියෙනවනේ.. දැන් චේන්ජ් එකක් දාගන්න.." මං කල්පනා කරනවා දැකලද කොහෙද ඒ පාර පුංචි එහෙම කියාගෙන මාව උඩට ඇදගෙන යන්න ගත්තා.. "එහෙනම් ඩෝල්.. මෙන්න ඔයාගෙ රූම් එක.. බය වෙන්න කිසි දෙයක් නෑ හොඳේ.. මේ ලිවින් රූම් එකට එහාපැත්තෙ රූම් එකේ ඔයාගෙ අහස් කැටේ ඉන්නවා.. එතනම ඉස්සරහා එක අයියගෙ. එතකොට මේ ඔයාගෙ රූම් එකට ඉස්සරහම තියෙන එක ඔයාගෙ කෝච්ගෙ.. එහෙනම් හරිනේ.." පුංචි අත මිටමොලවගෙන මහපට ඇඟිල්ල උඩට උස්සන ගමන් එහෙම ඇහුවෙ මට සේරම විස්තර කරලා දීලා.. "ම්ම්ම් ම්ම්ම්ම්.. ඒ කියන්නෙ තව ටික දවසකින් ඔයත් අර රූම් එකේ නේහ්.. ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්ම්ම්.." පුංචිගෙ මහපට ඇඟිල්ල මැදි වෙන්න එයාගෙ අත උඩින් එයා වගේම අත තියාගත්තු මං අමුතු හිනාවකුත් දාගෙන ඇස් නටව නටව කියද්දි පුංචි තක්කාලි පාට වෙන්නම රතු වෙලා.. හැමෝම දන්නවනෙ ඉතින් මං අම්මා වගේ කියලා.. ඒත් පුංචියි අම්මයි එක වගේ නෙවෙයි. අම්මා අම්මම්මා වගේ උනාට පුංචි සීයා වගේ.. පුංචි අපේ අම්මටත් වඩා ලස්සනයි. එයා සුදුත් නෙවෙයි කහ පාටයි. මට වඩා ශේඩ් දෙක තුනක්ම පාටයි එයා.. ඉතින් අහස් කැටේ ඇඹලයා වගේ පුංචි වටේම කැරකෙන එකෙත් අහන්න දෙයක් නෑනේ.. "අනේ මේ.. පලයන් යන්න පොඩි එකා.. ගිහින් නිදාගන්නවා.." එහෙම කියලා පුංචි මාව පයින් එකක් ගහලා කාමරේ ඇතුලට තල්ලු කරලා දොර වැහුවෙ මටත් ඇදකරගෙනමයි.. අනේ ඇත්තමයි මේ වැඩිහිටියොනම්.. මට හිරිහැරමයි කරන්නෙ අප්පා.. ඔන්න ඔහෙ ඕනෙ කෙහෙම්මලක් කියලා පුංචි ගියාම මම කැරකිලා බැලුවෙ කාමරේ දිහා.. ඇඳයි පොඩි සෝෆා එකකුයි ලොකු කබඩ් එකකුයි මේසෙකුයි ඇරෙන්න වෙන මුකුත්ම නෑ.. වාහ්හ්හ්.. මෙහෙ හරි සනීපයි අනේ.. එහෙට වඩා හරි අමුතු එකක් තියෙන්නෙ.. රස්නෙත් එක්කම එන අමුතු සීතලක්.. ඔය කොයික උනත් මට තියෙන මහන්සියෙ හැටියට හොඳට නාගෙන මම එහෙමම ඇඳට වැටුනා.. ඇත්තමයි නින්ද ගියාද සිහි නැති උනාද මන්දා.. ආයෙම ඇහැරෙනකොට හොඳටම හවස් වෙලා.. කම්මැලිකමටම බෑග් එකේ උඩින්ම තිබ්බ ශෝට් එකයි බැගී එකයි අරන් ගිහින් වොශ් එකක් දාගෙන මං එලියට ආවෙ මාරම බඩගින්නක් දැනුන හින්දා.. මං එද්දි කට්ටියම සාලෙට වෙලා තේ බොනවා.. මෙහෙ ඉතින් අපේ අපාට්මන්ට් එකේ වගේ ඕපන් කිචන් එකක් නෙවේනෙ තියෙන්නේ.. "ආ.. ඇති යන්තම් නිදි කුමාරි ඇහැරලා.." මාව දැක්ක ගමන් අහස් බාප්පා එහෙම කියලා කෑගහන්න ගත්තා.. එයාටත් රවාගෙනම මං ගිහින් වාඩි උනේ ශවී බෝයිගෙ කකුල් දෙක උඩින්.. එහෙමම මම එයාට හේත්තු උනාම තාත්තත් මුකුත් නොකියා මගෙ ඔලුව අතගාන්න ගත්තා.. බඩගිනි නිසාම පහලට ආවට මම මාර නිදිමතක හිටියේ.. "ආයෙ නිදාගන්නද හදන්නෙ කම්මැලි කෙල්ල.. උදේ ඉඳන්ම කාලත් නෑ දැන්.. මේ බලන්නකො ආච්චි ඔයාට මොනවද හදලා තියෙන්නෙ කියලා.." එහෙම කියලා ශවී බෝයි මගේ අතින් තිබ්බෙ අලුවා පිඟානක්.. ඒක දැක්කම මට නැගිට්ටවුනේනම් ඉබේටමයි.. අනේ අම්මෝ.. ඒකෙ රස.. සුදු ආච්චි දෙතුන් පාරක්ම මට ඒවා හදලා එවලා තියෙන හින්දා මම දන්නවා.. ඒක කොච්චරනම් රසද කියලා.. "අනේ.... මේ බලන්නකෝ.. මේකනම් ඔක්කොම මගේ හරිද.. දෙන්නෑ එක කෑල්ලක්වත් ඔයාලට.. ඒක නෙවෙයි. පුංචි කොයි.." අලුවා පිඟානත් මගේ අතට අරන් ශවී බෝයිගෙ එහාපැත්තෙන් ඉඳගෙන එහෙම ඇහුවෙ පුංචි පේන්න නොහිටපු හින්දා.. "පුංචි ගෙදර ගියා බබා.. හොස්පිට්ල් යන්න ලෑස්ති වෙලා එයා එයි.." "ම්ම්ම්.. අෆි වැම්ම හොෆ්පිහුල් වනවද.." අහස් බාප්පා මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නම මං ආපිටට ඇහුවෙ තවත් අලුවා කෑලි දෙකක්ම කටට ඔබාගන්න ගමන්.. "මොකක්.. මොන මගුලක්ද බන් කියන්නේ.." "අහ්.. මේ.. සොරි සොරි.. මං ඇහුවෙ අපි දැම්මම හොස්පිට්ල් යනවද කියලා.. ගණන් ගන්න එපා ඉතින්. කලබලේනේ.." බාප්පා මෝඩ හිනාවක් දාගෙන එහෙම කියන ගමන් මම තව අලුවා කෑල්ලක් කටට දාගත්තා.. මං හිතන්නෙ ඒක මම කන අටවෙනි කෑල්ල.. ඒත් තව කෑල්ලක් ගන්න පිඟානට අත දික් කරද්දිම මම ගැස්සිලා ගියේ කන ලඟ හෙනගහනවා වගේ ඇහුන සද්දෙට.. "ඔච්චර ගොඩක් එකපාර ගිලින්න තමුසෙට පිස්සුද ඕයි. ඔය පිඟාන කවුරුත් උස්සගෙන යන්නෑ.. ඔහොම කන්න ගියොත් තමුසෙට වෙනම ලෙඩක් හැදෙයි.." අතේ තිබ්බ පිඟාන ඇදලා අරන් දඩස් ගාලා එතන තිබ්බ ස්ටූල් එකේ තියන ගමන් චූටි බාප්පා මටත් රවාගෙන බෙරිහන් දෙන්න ගත්තම මං විතරක් නෙවෙයි අනික් අයත් බලන් හිටියෙ කටවලුත් ඇරගෙන.. "ඩෝල්.. තව ටිකකින් ආයෙ කන්න පුතේ.. නැත්තන් ඔයා මත් වෙයි.. පොඩි එකීට කෑගහන්නෙ මොකද චූටි. ආසාවටනෙ කන්නේ.." "ආච්චිලා දුවලා ඕනෙ මගුලක් කරගන්න එකයි ඇත්තෙ. හැබැයි ටැලන්ට් එක බල්ලට ගියාවේ.. අහුවෙන හැම මගුලම කාලා රටේ තියෙන ලෙඩ ටික සේරම හදාගත්ත උන් එකෙක්වත් මගේ ටීම් එකට වද්දගන්නෙ නෑ.. " "පුෆ්.. එයාගෙ ඝනකම.." ආච්චිටයි මටයි දෙන්නටම ඔරවගෙන එහෙම කියපු චූටි බාප්පා දිහා බලාගෙන මං කොඳුරද්දි තාත්තයි අහස් කැටෙයිනම් හිනා වෙනවා.. "ඒයි... පොඩ්ඩක් ඉන්න.. මොකද්ද අරයා අර කියලා ගියේ.. ටීම් එකට ගන්නෑ.. මාව.. මේ මාව.. මේ සාංකේති නැතුව මොන ස්විමින්ද.. මං නැත්තන් ටෙනිස් චැම්පියන්ශිප් එක කොලේජ් එකට ගේන්නෙ කවුද.. තාත්තා මේ.. ඔයාගෙ මහලොකු චූටි මල්ලි දැන් ඕනෙවට වැඩී ඈ.. මාව ටීම් එකට ගන්නෑ කියන්නෙ. තමුන්ව මං ආයෙ මගේ ගෙදර පලාතෙ වද්දගන්නෑ.. බලනවකො කරන දේ මං.." "කෑගැහුවට තමුසෙ තාම ඉන්නෙ මගේ ගෙදර පොඩි එකෝ. ඇදලා එලියට දාන්න කලින් කටවහගෙන හිටපන්.." මං යක්ෂණී වගේ හතර අතටම දෙහි කපලා බෙරිහන් තිබ්බට මොකද මගේ කට වැහිලා ගියේ චූටි බාප්පා හිටපු තැන ඉඳන්ම මහ නෝන්ජල් හිනාවක් එක්ක එහෙම කියනවා ඇහුනම.. ඒ අස්සෙන් මගේ බෙරි වෙච්ච කට දිහා බලාගෙන ශවී බෝයි අහස් කැටෙයි දෙන්නම හිනා වෙනවා.. "ආ.... ඔයාලත් හිනා වෙන්නකො එහෙනම්.. තේරෙයි දවසක මේ ඩෝල්ගෙ අගේ.. බලන් ඉන්නකො. ඔයාලා මහ හොඳ නෑ.. මං මෙත..." "මං හොඳටම පරක්කු වෙලා වගේ නේහ්.." බැනගෙන බැනගෙන ගියපු මගේ කටහඬ එහෙමම නැවතුනේ මට පිටිපස්සෙන් ඇහුන වචන ටිකට.. "නැන්දා..... බලන්නකො මෙයාලා මට වෙනස්කම් කරනවා.." පුංචිත් එක්ක හිනාවෙවී දොර ලඟ හිටගෙන හිටපු නැන්දා ලඟට ගිහින් තුරුල් වෙලා මං පොඩි එකෙක් ගානට නෝක්කාඩු කියන්න ගත්තා.. "ම්ම්ම්.. කෝ බලන්න.. මොනවද තාත්තලා බාප්පලා මගේ කෙල්ලට කරේ.. ම්ම්ම්.. " "ඔයා විතරනේ නැන්දා මට ආදරේ.. මෙයාලා ඕනෙම නෑ මට.." මං එහෙම කියද්දි නැන්දා මගෙ කම්මුල් දෙකෙන් ඇදලා ඇහැක් ගැහුවෙ හරියට නිකන් හිනවෙන්න ඩෝල් කියන්න වගේ.. "වෙල්කම් බැක් බ්‍රෝ.." මගෙන් එහාට උන තප්පරේම නැන්දා පොඩි එකෙක් වගේ අත් දෙකත් දෙපැත්තට දික් කරගෙන එහෙම කිව්වෙ ශවී බෝයි දිහාට හැරිලා.. ඉතින් ආයෙම අයියලා නංගිලාගෙ සහෝදර ප්‍රේමය බෙදාගන්න වෙලාව.. ඔය නාඩගම් සේරටම පස්සෙ අපි කට්ටියම ලෑස්ති වෙලා අම්මම්මව බලන්න හොස්පිට්ල් එකට ගියා.. හොස්පිට්ල් එකට ගියා ගියාමයි මාව දැකපු වෙලාවෙ ඉඳන් අම්මම්මා නවත්තන්නෙ නැතුවම අඬනවා.. මාරුවෙන් මාරුවට මාවයි තාත්තවයි ඉඹ ඉඹ එයා අඬනවා.. "අම්මා.... ඉතින් අඬන එක නවත්තන්න.. දැන් අයියයි ඩෝලුයි ආවනේ.. අඬන්න හොඳ නෑ අම්මා ඔයාට ඔහොම.. " පුංචි අම්මම්මගෙ ලඟට ඇවිත් එහෙම කිව්වම තමයි එයා පොඩ්ඩක් හරි අඬන එක නැවැත්තුවෙ.. "මං බයෙන් හිටියෙ පුතේ.. මැරෙන්න කලින් මගෙ සුදුමහත්තයයි මේ බෝනික්කියි එක පාරක් හරි දැකගන්න බැරි වෙයි කියලා.. බලන්න ඩෝල්.. ඔයා අම්මා වගේමයි පුතේ.. කිසි වෙනසක් නෑ.. ඒ වගේමයි මගෙ කෙල්ල.." "අම්මම්මා.. දැන් අඬන්න එපා.. අපි දැම්ම යන්නෑනේ.. ඒක නිසා අඬන්නැතුව ඉක්මනට හොඳ වෙන්න හරිද.." මං අම්මම්මට තුරුල් වෙලා එහෙම කියද්දි එයත් මගේ ඔලුව අතගෑවෙ හිනාවෙවී.. "අනේ මගෙ පණ්ඩිත ආච්චි.." ..........................................................♡ දවස් දෙකකට පස්සෙ අම්මම්මව හොස්පිට්ල් එකෙන් ඩිස්චාජ් කරන් ගෙදර එක්කගෙන ආවා.. ඒ ආව වෙලාවෙ තමයි මම පලවෙනි වතාවට අම්මගෙ කාමරේ දැක්කෙ.. ඒක වැඩි විච්චූරණ නැති ලස්සන කාමරයක්.. ඒක ඇතුලට අඩියක් තියද්දිම මං දැක්කෙ පොත් පුරවපු රැක් එකක් වගේ එකක්... කාමරේ පිරෙන්නම එක එක තැන් වල ෆොටෝ ගොඩාක් එල්ලලා තිබුනා.. ඉස්සෙල්ලම මගෙ ඇස් වලට අහු උනේ සුදු පාට මල් මාලයක් දාලා තියෙන ෆොටෝ එකක්.. ඒක අම්මගෙයි පොඩි මාමගෙයි ෆොටෝ එකක්.. ඒකෙනම් අම්මට දහ අටක්වත් නැද්ද කොහෙද.. එකක් අම්මගෙයි නැන්දගෙයි ෆොටෝස් ගොඩක් දාලා එඩිට් කරලා ෆ්‍රේම් කරපු තනි ෆොටෝ එකක්.. ඒකෙ එයාලගෙ ස්කූල් යුනිෆෝම් එකෙන් ගත්තු ෆොටෝ පවා තියෙනවා.. අම්මට මාව හම්බවෙන්න ඉන්න කාලෙ ගත්ත ඒවත් තියෙනවා.. ඒ එක්කම මගේ ඇස් වලට අහු උනේ ඇඳේ හෙඩ් බෝඩ් එකට උඩින් සෙට් කරලා තිබ්බ ලොකුම ලොකු ෆොටෝ එක.. ඒකෙ හිටියෙ අම්මයි පුංචියි අම්මම්මයි සීයයි.. තව එකක් තිබුනා. ඒක අම්මගෙයි තාත්තගෙයි ෆොටෝ එකක්.. ඒක කොහෙහරි පාටි එකකදි ගත්තු එකක් මං හිතන්නෙ.. දෙන්නම තනි කලුම ඇඳගෙන ඉන්නෙ ඒකෙ.. මං හිතන්නෙ අර දවසක් ශවී බෝයි මට කිව්වෙ මේ දවස ගැන වෙන්න ඇති.. අම්මට තියෙන්නෙ කොච්චරනම් ලස්සන හිනාවක්ද.. එයාලා මේ හැමතැනකම ලස්සනට හිනාවෙලා ඉන්නවා.. සමහරවිට මම නොවෙන්න එයාලා හැමෝම තාමත් මේ වගේ හිනාවෙලා ඉන්න තිබුනා.. ඇත්තටම... කල්පනාවෙන්ම මගේ අත නැවතුනේ ඒ ෆොටෝ එකේ අම්මගෙ මූණ ලඟ.. ඔයා නැතුව අපි හැමෝටම පාලුයි අම්මා.. "මොනවද ෆොටෝ එක දිහා බලාගෙන කල්පනා කරන්නේ... ම්ම්ම්ම්.." "අම්මා හිනාවෙනකොට ලස්සනයි නේද නැන්දා.." "ම්ම්ම්.. දන්නවද.. ඔයා හිනාවෙද්දිත් ඒ වගේම ලස්සනයි.. ඒක හින්දා හැමදාම හිනා වෙලා ඉන්න. අම්මට ඕනෙත් එච්චරයි.. තේරුනාද.." මගෙ අතින් අල්ලලා ඇඳෙන් ඉන්දවගන්න ගමන් නැන්දා එහෙම කිව්වෙ මගෙ ඔලුවත් අතගාලා.. "අම්මෝ නැන්දා.. බලන්නකො.. මේක මේ ගෙදර තියෙන අනික් හැම රූම් එකකටම වඩා වෙනස්නේ.. එච්චර ඕන්නෑ. ඔයා අම්මගෙ හොඳම යාලුවා වෙලත් ඔයාගෙ රූම් එකවත් මේ වගේ නෑනේ." "මං දන්නවා කෙල්ලේ.. ඔයාගෙ අම්මා එහෙම තමයි.. එයා හරියට පාට පිරිච්ච සුරංගනාවියෙක් වගේ කෙල්ලෙක්.." නැන්දා හිනාවෙවී කියද්දි මම ඇස් දෙකත් ලොකු කරගෙන බැලුවෙ නැන්දා දිහා. මොකද අපේ නැන්දගෙ ෆේවරිට් කලර් එක බ්ලැක්.. බ්ලැක්.. බ්ලැක්.. ඔන්ලි බ්ලැක්.. ඉතින් මට පුදුම හිතෙන එක අහන්නත් දෙයක්ද.. එහෙම දෙන්නෙක් හොඳම යාලුවෝ කියද්දි.. "ඔහොම හිතලා පුදුම වෙන්න එපා ඩෝල්.. ඒක එහෙම තමයි.. ඔයාගෙ අම්මයි මමයි කියන්නෙ සම්පූර්ණ පරස්පර විරෝධී මිනිස්සු දෙන්නෙක්.. මම කැමති මොනවටද ඔයාගෙ අම්මා කැමති තනිකරම ඒකෙ අනික් පැත්තට.. අපි දෙන්නගෙ ෆේවරේෂන්ස් කිසිම වෙලාවක ගැලපුනේ නෑ.. පොඩ්ඩක්වත් නෑ.. ඒත් අපි හොඳම යාලුවෝ.. අදටත්.." "සීරියස්ලි නැන්දා.. ඒකනම් මාරයි.. The real life version of Wednesday Addams and Enid Sinclair.." "ඇත්තටම එහෙම තමයි.." "ඉතින් ඉතින්.. අනේ මට තව විස්තර කියන්නකො නැන්දා ඒ කාලෙ ගැන.. ඔයාලා ගැන.. ඉතින් ඔයාලයි අම්මලයි මාමලයි හැමෝම එකමද හිටියේ.." මං නැන්දගෙ අතේ එල්ලිලා එහෙම අහද්දි නැන්දගෙ ඇස් දෙක ඉබේටම නැවතුනේ අම්මගෙයි පොඩි මාමගෙයි ෆොටෝ එක ලඟ.. ඒත් එක්කම නැන්දා බර හුස්මක් අතෑරියම මගේ ලොකු උන ඇසුත් කැරකුනේ නැන්දගෙ දිහාට.. "නැන්දා.." "ම්ම්ම්..." "දවසක් ඔයා කිව්වෙ.. දිගම දිග කතාවක් තියෙනවා දවසක කියන්නම් කියලා.." මං එහෙම කියද්දි නැන්දගෙ ඇස් ෆොටෝ එකෙන් අහකට ඇවිත් මගෙ ලඟ නැවතුනේ ලොකු කලබලේකින් වගේ.. "මං ඒ කතාව අහන්නෑ නැන්දා.. ඒත්.. ඒ කතාවෙ අයිතිකාරයා මගේ පොඩි මාමා කියලා මට හිතෙනවා.. ඒක එහෙමද නැන්දා.." "ඩ්.. ඩෝල්.." "හරි කමක් නෑ.. මට උත්තරේ හම්බවුනා.. මට තේරෙනවා මං දන්නැති ගොඩක් දේවල් තියෙනවා කියලා.. ඉතින් මං දැනගන්න ඕනෙ කාලෙ ආවම කියන්න. මං එතකල් බලන් ඉන්නම්.." හිනාවෙලාම මං එහෙම කියද්දි නැන්දා මගෙ ඔලුව අතගාලා හිනා උනා... "ම්ම්ම්.. වෙන කතාවක් කියන්නද.. ඔයා දන්නෑනෙ වැඩක්.. ඔයාගෙ අම්මගෙයි තාත්තගෙයි අපිට නොකියන මොනවමහරි මෙව්වා එකක් තියෙනවා කියලා මං දැනගත්තෙ මේ රූම් එකේදිමයි.." "මේ රූම් එකේදි.. සීරියස්ලි.." "හ්ම්ම්ම් ඔව්.. බලන්න එපැයි ඒ කාලෙ දෙන්නගෙ ලව් එක.. කෙලින්ම ඇස් වලින් කතා කරන්නෙ එහෙට මෙහෙට.. ඔයාගෙ තාත්තා අම්මට ලව් කියලා අම්මටත් කලින්ම දැනගත්තෙ මම.. කොහෙද ඉතින්. අරක ටියුබ් ලයිට් එකනේ.." නැන්දා හිනාවෙවී කියවනවා.. කාලෙකින් හිතේ තියෙන හැමදේම එලියට දාන හින්දද කොහෙද එයා මාර සතුටින්.. "අනේ.. මටත් හැමතිස්සෙම එහෙම කියනවා සාරා.." "නැතුව ඉතින්. අරකෙම කාබන් කොපියනෙ මේක.." එහෙම කියලා ඒ පාර නැන්දා හිනා වෙනවා.. කොහොමහරි නැන්දත් එක්ක කයිය ගහලා වරුවක් ගෙවෙනකල් අපි දෙන්නම දන්නෑ.. අම්මම්මා කෑගහලා කන්න එන්න කියද්දියි යන්තම් කතාව නැවතුනේ.. ඉතින් දවස තිස්සෙම මම එහෙ මෙහෙ පිස්සුවෙන් වගේ ඇවිද්දා.. අම්මගෙ ජීවිත කාලෙම වගේ ගෙවුන මේ ගෙදර ඇතුලෙ මට දැනෙන්නෙ මාරම සනීප ෆීලින් එකක්.. ඒකනම් වචන කරන්න බැරි ජාතියෙ හැඟීමක්.. කොහොමහරි හවස් වෙලා අපි තුන්දෙනා එක්කම අඹ අච්චාරු හැදුවා.. පණ්ඩිතයා වගේ කන්න ගත්තට අම්මෝ ඒකෙ සැර.. එහෙමයි කියලා මම සැලෙනවද අනේ.. හොටු පෙර පෙර කෙල හල හල කඳුල් පෙරාගෙන මම ඒක කෑවා.. අපි තුන්දෙනාම අඹ අච්චාරුව එන්ජෝයි කරන අතරෙ... ..........................................................♡ ටිකක් කම්මැලිත් ඇති.. අනේ මන්දා.. මට එහෙම හිතෙනවනේ.. ඊලඟ එපිය අරන් එන්නම් ඉතින් එහෙනම්.. ✍️ රාදි

දාහතරවෙනි දිගහැරුම.. දහතුන්වෙනි දිගහැරුමට - https://whatsapp.com/channel/0029Va9alFg5fM5j9t8uoU3G/475 ✍️ රාදි


"ඒක නෙවෙයි. ඔයාලට වැකේෂන් හම්බවෙනවා නේද ඩෝල් ටික දවසකින්.." "ම්ම්ම්ම්.. ටික දවසකින් නෙවෙයි අනේ.. අද විතරයි. හෙට ඉඳන්ම වැකේෂන් තමා.. ඔයානම් ඇත්තමයි ශවී බෝයි දැන් මගේ ගැන හොය...." මට මං කියන්න ගියපු එක කියලා ඉවර කරගන්නවත් බැරි උනේ එක පාරටම අපි තුන්දෙනාගෙම ෆෝන්ස් රිං වෙන්න ගත්තු හින්දා.. මේ මොකද මේ.. අපි තුන්දෙනාටම මූණට මූණ බැලුනෙ ඉබේටම වගේ.. කොහොමහරි මම බෑග් එකේ තිබුන මගේ ෆෝන් එක ගන්න යන ටිකට ශවී බෝයි කෝල් එක ආන්සර් කරලා.. ඒත් අනික් පැත්තෙන් ඊලඟට ඇහුන වචන ටිකටනම් මාව හිටපු තැනම ගල් වෙලා ගියා.. "අනේ අයියේ.. අම්මා.. අම්මා.. එයාට අමාරුයි.. අනේ.. අයියේ.." දෙයියනේ අම්මම්මා.. පුංචි අඬ අඬම එහෙම කියනවා ඇහෙද්දි මම අනික් අතට අඩියට දෙකට ශවී බෝයි ලඟට දිව්වා.. "චූටි.. මොකද පැටියෝ උනේ. ඇයි අඬන්නේ. අම්මට මොකද උනේ.. අඬන්නැතුව කියන්නකො දරුවෝ.." මම වෙන්නෙ මොකද්ද කියලා දැනගන්නම ශවී බෝයි ඉස්සරහට ගිහින් නැවතුනාම එයා මට ඇස් වලින්ම කලබල වෙන්න එපා කියන ගමන් පුංචිට ආයෙම කතා කරා.. "ප්‍රාති බබා. කොයි.. අයියා ආන්සර් කරාද.. කෝ දෙන්න. අයියෙ මේ මං ලොකූ.." ඒ පාර ෆෝන් එකේ අනික් පැත්තෙන් අහස් බාප්පගෙ කටහඬ ඇහුනා.. අනේ එයාලා මෙච්චර කලබල වෙලා ඉන්නෙ ඇයි.. "අහස්.. මොකද්ද උනේ බන්. ඇයි චූටි අඬන්නේ.." "අයියේ.. තේජා අම්මට එකපාරට අමාරු උනා. හාට් ඇටෑක් එකක් ඇවිත්.. එයාව හොස්පිට්ල් ඇඩ්මිට් කරා. ටිකක් අමාරුයි.. එයා හැමතිස්සෙම.. හැමතිස්සෙම.. ඩෝල්ව අහනවා අයියේ.. අද දවස තිස්සෙම අක්කව මතක් කරනවා.. ඩෝල් ගැන කිය කිය අඬනවා.. මෙයා මෙහෙන් අඬනවා. මට මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ බන්.." බාප්පා කියලා ඉවර වෙද්දි මගේ ඇස් වලින් සට සට ගාලා කඳුලු ගලන්න ගත්තා.. මං හින්දා කී දෙනෙක්නම් විඳවනවද.. ශවී බෝයි ලංකාවට නොයා තනියම විඳවනවා.. එයාලා අපි ගැන හිත හිත එහෙ ඉඳන් විඳවනවා.. මේ සේරම මං හින්දා නේද.. "මං හින්දා.. හැමදේම.." මගේ කටින් ඉබේටම එහෙම පිටවෙද්දි මට දැනුනා මගේ කකුල් පණ නැති වෙලා යනවා.. හුස්ම ගන්න වේගෙ මටවත් හිතාගන්න බැරි විදියට වැඩි වෙද්දි මාව අඩි දෙක තුනක් පස්සට විසි වෙලා ගියේ මගේ ඇඟ මටම පාලනයක් නැති කරලා.. ශවී බෝයි මොන මොනවදෝ කියනවා ඇහුනත් ඒ කිසි දෙයක් මගේ ඔලුවට ගියේ නෑ.. පණ නැතුව ගිහින් එහෙමම එතන තිබුන පුටුවෙන් අල්ලගන්නකොටම බාප්පා ඇවිත් මාව අල්ලගත්තා.. ඒ එක්කම ශවී බෝයිත් ෆෝන් එක අතෑරලා දාලා මගෙ ලඟට ආවෙ දුවගෙන වගේ.. "ඩෝල්.. ඩෝල්.. මොකද මැණික මේ.. ඇයි මේ.." "මං හින්දා.. එහෙම.. උනේ.. මං හින්දා.." මං මන්තරයක් වගේ ඒකම මතුරනවා ඇහෙද්දි ශවී බෝයි අඩියට දෙකට මගේ ලඟට ඇවිත් මාව තද කරලා බදාගත්තා.. "එහෙම කියන්න එපා මගෙ වස්තුව.. ඇයි එහෙම කියන්නේ.. ඔයාගෙ වැරැද්දක් නෑ මේවට.. අඬන එක නවත්‍තන්න මගෙ පැටියෝ.." ශවී බෝයි කොයි තරම් කිව්වත් මගේ ඔලුවෙ එයා කියන කිසි දෙයක් වැඩ කරේ නෑ.. මම එයා ලඟම හිටියත් මගේ සිහිය තිබුනෙ මගෙන්ම ගොඩක් ඈතට ගිහින්.. උදේ ඉඳන් පිරිලා තිබ්බ ස්ට්‍රෙස් එක එක පාරට පුපුරලා ගිහින් මගේ මුලු ඇඟම පණ නැති වෙලා යනවා දැනෙද්දි එහෙමම මටත් නොදැනිම මගේ ඇස් නිලංකාර වෙලා පියවිලා ගියා.. ..........................................................♡ "ඩෝල්.. ඩෝල්.. හොඳින් නේද මගෙ පැටියා.." ඇස් ඇරුන තප්පරේම මම දැක්කෙ ඇඳ ලඟට වෙලා මගේ දිහා බලාගෙන ඇස් වල කඳුලු පිහිදන ශවී බෝයිව.. "තා..ත්..තා.." "ඔව් මැණික.. තාත්තා ඉන්නවා ලඟම.. කෝ හෙමින් නැගිටින්න.. ඇඟට අමාරුද.. කෝ මගේ පැටියා.." "මොකද.. උනේ තාත්තා.. අම්මම්මා.. එයාට.. මං.. අනේ තාත්..තා.." "ෂ්.. ෂ්... අඬන්න එපා මැණික.. මුකුත් නෑ.. ඔයාගෙ අම්මම්මා දැන් හොඳින් ඉන්නවා.. ම්ම්ම්. අඬන්න එපා.. හරිද.. මගෙ හොඳ බෝනික්කිනේ.." මං ශවී බෝයිට තුරුල් වෙලා අඬන්න ගත්තම එයා මගේ ඔලුව අතගාන ගමන් අනික් අතට උත්තර බැන්දෙ උගුර යටින් කතා කරනවා වගේ.. මට ඇති වෙනකල් අඬන්න දුන්නු ශවී බෝයි බර හුස්මක් අතෑරලා මාව කෙලින් කරලා ඇඳෙන් ඉන්දෙව්වා.. ඊටත් පස්සෙ ආයෙම මගෙ ඔලුව අතගාලා මගේ නලලට කිස් එකක් දුන්නා.. "දැන් ඇඬුවා ඇති අම්මගෙ රෝසමල.. ම්ම්ම්.. ගෑණුළමයි ඔහොම ඇඬුවම එයාලා කැත වෙනවා.. හොඳ කෙල්ල වගේ දැන් අඬන එක නවත්තලා ඔයාගෙ බෑග් එක පැක් කරගන්න. චූටි ඔයත්.." ශවී බෝයි එහෙම කියද්දි තමයි මමත් දැක්කේ.. මගේ රූම් එකේ දොර ලඟට වෙලා මගේ දිහාම බලන් ඉන්න බාප්පව.. ඒ ඇස් වල දුක බය පසුතැවිල්ල ඔය හැමදේම වගේ තිබුනා.. ඒත් මොකද්ද මේ බෑග් පැක් කරන කතාව.. "මේ හදිස්සියෙ බෑග් පැක් කරන්නෙ මොකටද අයියා.." මගේ හිතේ තිබුන ප්‍රශ්නෙම බාප්පා ශවී බෝයිගෙන් අහද්දි මාත් ආයෙම එයා දිහා බැලුවෙ ඒක මටත් ප්‍රශ්නයක් හින්දා.. "හ්ම්ම්.. අපි හෙට ලංකාවට යනවා.. ඔයාලගෙ වැකේෂන් ඉවර වෙනකල් මාස තුන අපි ඉන්නෙ එහෙ.. තේජා අම්මවත් බලලා අහස්ගෙයි ප්‍රාතිගෙයි එන්ගේජ්මන්ට් එකටත් ඉඳලයි අපි එන්නෙ.." ශවී බෝයි එහෙම කියද්දි මගේ විතරක් නෙවෙයි බාප්පගෙත් ඇස් නලලේ.. ඇයි දෙයියනේ.. විශ්වාස කරන්න පුලුවන් දේවල්ද මේ වෙන්නේ.. "ඒත්.. තාත්..තා.. ඇයි.." "ඇයි කියන්නෙ මොකද්ද ඩෝල්.. ඔයා බලාගෙන හිටියෙත් මේ දවස එනකල් නේද ම්ම්.. මට තවත් සෙල්ෆිශ් වෙලා ඔයාලා හැමෝම විඳවනවා බලන් ඉන්න බෑ පුතේ.. ආච්චිලා එහේ ඉඳන් දුක් වෙනවා. ඔයා මෙහේ ඉඳන් දුක් වෙනවා.. චූටි උනත් මට නොකිව්වට මම දන්නවා ඔයා කොච්චරනම් අවුලෙන්ද හිටියෙ කියලා.. එහෙම එකේ මට තවත් සෙල්ෆිශ් වෙන්න බෑ.. ඒකහින්දා.... පණ්ඩිතයො දෙන්නා වගේ තවත් ප්‍රශ්න අහන්නෙ නැතුව ලෑස්ති වෙනවලා.. " හෙන සීරියස් විදියට සේරම කියාගෙන ඇවිත් ශවී බෝයි අන්තිම ටික කිව්වෙ අහිංසක මට ටොක්කකුත් ඇනලා.. රිදුනා අප්පා ඒක. අහිංසක මගේ ඔලුව.. මොලේ හෙල්ලුනොත් ඉවරයිනේ.. අන්තිමට.. කොච්චර නරක උනත් මගේ බර්ත්ඩේ එක දවසෙ හොඳ දේකුත් උනා.. දැක්කද අම්මා.. මම ලංකාවට යන්නයි හදන්නේ.. ලංකාවට.. මම ඉපදුන රටට.. අම්මයි තාත්තයි ආදරේ කරපු රටට.. අම්මයි නැන්දයි දඟ වැඩ කරපු රටට.. මාමලත් එක්ක අම්මා ලොකු උන රටට.. මං යනවා අම්මා.. ඔයාට පේනවා නේද.. "ඩෝල්.. ඩෝල්.. are you serious.. ඒ ඇත්තමද ඩෝල්. ඔයා ලංකාවට යනවද.." ශවී බෝයි ගියාට පස්සෙ නිකමට සාරාට මැසේජ් එකක් තිබ්බෙ මට සතුට ඉවසගන්නම බැරි නිසා.. මෙන්න යකෝ ඒ ටිකට මේකි ගෙදරටම කඩන් වැදිලා.. "අනේ කියන්නකො සංකි. ඇත්තමයි නේද ඒ කිව්වේ.." සැරින් සැරේට මාවත් හොලව හොලව සාරා අහද්දි මම ඔව් කියන්න වගේ ඔලුව වැනුවෙ ලොකු හිනාවකුත් මූණෙ පුරවගෙන.. "වෝහ්හ්හ්හ්. ඩෝල් ලංකාවට යනවා.. දෙයියනේ.. මට දැනෙන සතුටක්.. අනේහ්.." "ඔයාට එච්චර සතුටුද සාරා.." "නැතුව ඉතින්.. මම තරම් වෙන කවුද දන්නෙ කියන්නකො මගේ ඩෝල්ට ලංකාවට යන්න කොච්චර උවමනාවක් තිබ්බද කියලා.. ඉතින් අන්තිමේදි ඒ දවස ඇවිත්.. යන්න මගේ කෙල්ලේ.. ගිහින් ඔයා හීන දැකපු ඔයාගෙ රට ඇත්තටම විඳින්න.." සාරා මගේ අත් දෙකෙන්ම අල්ලගෙන ඒක කිව්වෙ.. ඒ මූණ සතුටටම රතු වෙලා.. මේ වගේ යාලුවෙක්.. ඒක ඇත්තටම හැමෝටම ලැබෙන්නැති විදියෙ වරමක්.. ස්තූතියි දෙවියනේ ඇත්තටම මට සාරා වගේ වටින ඇත්තම යාලුවෙක් දුන්නට.. ..........................................................♡ "මොකද ඩෝල් මේ ඇඹරෙන්නේ.. මොකද වෙලා තියෙන්නෙ. ෆ්ලයිට් එකට අඩිය තියපු වෙලාවෙ ඉඳන් පිස්සියෙක් වගේ මොකද ඔය දඟලන්නෙ.." "මට බයයි අනේ.." ඔරවගෙන මගේ දිහා බලන් ඉන්න ශවී බෝයි දිහා බලලා කටත් ඇද කරගෙන මං එහෙම කියද්දි එයාට හිනා ගියේ ඉන්නෙ කොහෙද කියලත් අමතක වෙලාද කොහෙද.. ඒත් වටේ පිටේ මිනිස්සු බලනවා කියලා දැක්කම ශවී බෝයි මගෙ ඔලුවටත් පාරක් ගහලා බොහොම අමාරුවෙන් ඒ හිනාව ගිලගත්තා.. "දැන් මොනාටද බය.. ම්ම්ම්.." "බය ඉතින්.... හැමදේටම.. මට බයයි.. එහෙ මං හිතුවා වගේ නැති උනොත් එහෙම.." මං එහෙම කියද්දි ශවී බෝයි ආයෙම එයාගෙ හිනාව නවත්තගන්න හෙන ගේමක් දුන්නා.. "හිනාවෙන්නේ ඉතින්.." "හරි හරි සොරි.. ඔයා හිතුවා වගේද.. එහෙම නැද්ද කියලා දැන් ඔයාගෙ ඇස් දෙකෙන්ම බලාගන්නකෝ.. තව ටිකකින් අපි ලංකාවේ.." තාත්තා මගෙ නහයත් මිරිකලා එහෙම කිව්වම මගේ අත් දෙක එකට පැටලුනේ ඉබේටම වගේ... නිකන් හිතන්නකෝ.. ජීවිතේටම දැකලා නැති දෙයක් පලවෙනි පාරට දකින්න තප්පරේකට කලින් දැනෙන ෆීලින් එක.. සතුට කුතුහලය බය ආසාව ඔක්කොම මික්ස් වෙලා මගේ හාට් බීට් එක මටම ඇහෙන තරම් වැඩි වෙලා තිබ්බේ.. ෆ්ලයිට් එකෙන් බැහැලා එයාපෝට් එකෙන් එලියට එද්දි මගෙ හිතට දැනුනෙ මහ අමුතුම හැඟීමක්.. මගේ රට.. ඔව් මං අන්තිමේදි මගේ රටට ආවා.. ශවී බෝයිටයි චූටි බාප්පටයි මැද්දෙන් මං එයාපෝට් එකෙන් එලියට ආවෙ හිනා වෙවීමයි... සතුටට මගේ කම්මුල් නලියන විදිය මටම දැනෙනවා දැන්.. ඉතින් එලියට එද්දි හැමදේකටම කලින් මගෙ ඇස් වලට අහු උනේ එලියෙ ඉඳන් අපි එනකල් බලන් ඉන්න අහස් බාප්පවයි චූටි පුංචිවයි.. "මගේ අහස් කැටේ.. ඔන්න ඔයාගෙ බෝනික්කා ආවා. I miss you so much අප්පා.. කෝ බලන්න. අන්තිම පාරට දැක්කට වඩා ඔයා ටිකක් සුදුත් වෙලා.. අනේ..... මට මාර සතුටුයි බාප්පා.." දැක්ක ගමන් දුවගෙන ගිහින් අහස් බාප්පගෙ කරේ එල්ලිලා මම පිස්සියෙක් වගේ කෑගහන්න ගත්තෙ මගෙ සතුට බෙදාගන්න නියම කෙනා මට හම්බවුන නිසා.. බාප්පව දැක්කට පස්සෙ මගෙ සතුට කොච්චර ඩබල් ත්‍රිබල් උනාද කිව්වොත් මට ඉන්න තැනත් අමතක වෙලාම ගියා.. "ඔන්න.. මටවත් මලක් අරන් දීලා නැති මනුස්සයා මහලොකු දෝණියන්දැට මේක අරන් ආවෙ. ඔයාට මහන්සි පාටයි ඩෝල්.." බාප්පගෙන් මම ඈත් උන ගමන් මගේ අතින් මල් එකකුත් තියලා කට ඇද කරගෙන එහෙම කියපු පුංචි අන්තිම ටික කිව්වෙ මට හග් එකකුත් දීලා.. "එහෙම තමයි හලෝ.. අපි වටින මිනිස්සුනේ.." "ඇව් ඇව්. වටින මගුල්නම් දන්නෑ. ඕකත් නැති උනානම් කනක් ඇහෙන්න වෙන්නැති හින්දා ගෙනාවෙ.. යමන් අයියේ.. කොහොමින් හරි චූටි ඔසී ගියත් හරි මාස එක හමාරෙන් මේ ජෝඩුවත් අනික් අතට ලංකාවේ.. ඒකත් මරු හැබැයි.." මං ඇඳන් හිටිය ක්‍රොප්ටොප් එකේ තිබ්බ කොලර් එකත් උස්සන ගමන් කියද්දි අහස් බාප්පා මගෙ ඔලුවටත් එකක් ගහලා එහෙම කිව්වෙ ශවී බෝයිගෙයි චූටි බාප්පගෙයි කරට අත දාගෙන ඉස්සරහට යන ගමන්.. නොකිව්වට මට එයාලගෙ මූණෙන් පේනවා එයාලා ඉන්නෙ කොයි තරම් සතුටෙන්ද කියලා.. කොහොමහරි ඉතින් එයාපෝට් එකේ ඉඳන් ගෙදරට එනකල්ම මටනම් හරි සිහියක් නෑ.. සැරින් සැරේට පහුවෙන ලස්සන ලොකු ගස් කොලන්.. ලොකු ලොකු ගංගා.. ලස්සන ලස්සන පන්සල්.. පල්ලි.. කෝවිල්.. එක පෝලිමට තියෙන කුඹුරු යායවල්.. ගෙදර යනකල්ම මං කරේ කා එකෙන් ඔලුවත් එලියට දාගෙන කටත් ඇරගෙන පොඩි එකෙක් වගේ පහුවෙන දේවල් දිහා බලන් හිටපු එක.. අනේ මෙහෙ මං හිතුවට වැඩිය කොච්චර ලස්සනද.. ගූගල් එකේ පෙන්නන දේවල් වලට වඩා කොච්චරනම් වෙනස්ද.. ලස්සනද.. අන්තිමේදි කොහොමහරි අපි ශවී බෝයිලගෙ ගේ ලඟට ආවා.. ඒක හරි හුරුබුහුටියට හදපු ලස්සන ඒත් ටිකක් ලොකු ගෙයක්.. අපේ අපාට්මන්ට් එකට වඩානම් සෑහෙන ලොකුයි.. ඊටත් වඩා... ගේ වටේටම ලොකුම ලොකු වත්තක් තිබුනා.. සුදු ආච්චි ගේ පිරෙන්නම මල් හිටවලා.. "යකෝ සාක්කි.." කා එකෙන් බහින්න හදද්දිම පුංචි මහ හයියෙන් හිනාවෙවී බෙරිහන් දෙන්න ගත්තු හින්දා එයා දිහා බලද්දි දැක්ක දේටනම් මගෙ කටත් ඇරුනා.. ගෙදර ඕපන් වැරෙන්ඩා එක පිරෙන්නම කට්ටිය.. මේ මොකද මේ.. "මොකද බන් මේ.. මුලු ගමම අපේ ගෙදරනෙ.. අර.. ඕපදූප අම්මණ්ඩිලා ටිකත් ඉන්නවා.. හරියට නිකන් ජනාධිපති රට ඉඳන් ගොඩබහිනවා වගේනෙ මුන් බලන් ඉන්නේ.." මගෙ හිත කියෙව්වා වගේ අහස් බාප්පා එහෙම කියද්දි මටත් හිනාගියෙ ඒ කතාවත් ඇත්තනෙ කියලා හිතිලා.. ආයෙ ඉතින් එන එකෙක් එන්න ඇත්තෙ ශවී බෝයිව බලන්නනේ.. ඉතින් මොකට කරදර වෙනවද කියලා අයියලා මල්ලිලට ඉස්සර වෙන්න දීලා මං පුංචි එක්ක පිටිපස්සෙන් ගියා.. ගෙයි දොරකඩට වෙලා මේ තරම් වෙලාවක් බලන් උන්නු සුදු ආච්චිගෙ ඇස් වල දැනටමත් කඳුලු පිරිලා.. එහෙමම ශවී බෝයි සුදු ආච්චි ලඟට ගිහින් එයාගෙ අත් දෙකෙන් අල්ලගත්තා... "අම්මා.... ඔයාගෙ සුදු පුතා ආවා.." ඒ වචන.. මට දැනුනෙ ඒ වචන ඇතුලෙ තිබ්බ හැඟීම් කන්ද මගෙ පපුව පසාරු කරගෙන ගියා වගේ.. තාත්තගෙ කටින් ඒ වචනෙ පිට උන තප්පරේම සුදු ආච්චි තාත්තටම තුරුල් වෙලා මහා හයියෙන් ඉකිගහලා අඬන්න ගත්තේ එයාගෙ බලන් ඉඳිල්ල සදහටම ඉවරයක් කරලා දාලා.. ශවී බෝයිගෙ පපුවට ඔලුව තියාගෙන දාහක් දේවල් කිය කිය අඬන සුදු ආච්චි දිහා මං බලන් හිටියෙ ඇස් වල කඳුලුත් පුරවගෙන.. "මගෙ කොල්ලා.. අන්තිමට අම්මව බලන්න ආවා.. මගෙ රත්තරන් නැතුව මං කොයිතරම් පාලුවෙන්ද හිටියේ.. අද එයි.. හෙට එයි කියලා අවුරුදු ගානක් මං බලන් හිටියා මයෙඅම්මා.. මගෙ කොල්ලො තුන් දෙනා ලඟ තියාගෙන දැන් මට මැරිලා ගියත් කමක් නෑ රත්තරනේ.." විනාඩි දහයක් පහලවක්.. නෑ.. පැය බාගයක් විතරම සුදු ආච්චි ශවී බෝයිව බදාගෙන ඇඬුවා... අහස් බාප්පා ආච්චිව අයින් කරන්න හැදුවත් තාත්තා ඇස් වලින්ම බාප්පට එපා කිව්වා.. සුදු ආච්චිට ඇති තරමක් අඬන්න දීලා තාත්තා වචනයක්වත් නොකියා එයාගෙ දුක තුනී වෙනකල්ම එයාව තුරුල් කරන් හිටියා.. "දෙයියනේ මගෙ කොල්ලා තාමත් ගෙයි දොරකඩ නේද.. උබව දැක්කම මට ඉවසුම් නැතුව ගියා.. යං පුතේ ඇතුලට.. ඒත්.. ඒක නෙවෙයි.. කොයි පුතේ මගෙ පොඩි එකී.." අහ්.. ඇති යන්තම් මාව මතක් උනා.. "ආ... ඇති යන්තම්.. දැන්ද මාව මතක් උනේ.. ඔයාටත් ඉතින් පුතා දැක්කම මිනිබිරී ගැන වගක් නෑනේ.. මුලු පවුලටම ඉන්න එකම මිනිබිරීට සලකන හැටිනම් අන්තිමයි වාසුකී නෝනා ආහ්හ්.." මං ඉණටත් අත් දෙක තියාගෙන බොරුවට රවාගෙන එහෙම කියද්දි තාත්තයි බාප්පලයි පුංචියි කට්ටියම හයියෙන්ම හිනා උනා.. "අනේ මගෙ බෝනික්කි.. ඔයාව අමතක කරා නෙවෙයි රත්තරනේ.. තාත්‍තව දැක්කම මට තවත් ඉවසන් ඉන්න බැරි උනා.. මගෙ කෙල්ල තරම් වෙන කාවද අපිට වටින්නෙ ම්ම්ම්.. කෝ එන්න ආච්චි ලඟට.." සුදු ආච්චි දෙපැත්තට අත් දෙක දික් කරගෙන එහෙම කියද්දි මම දෙපාරක් නොහිතා ගිහින් නැවතුනේ සුදු ආච්චිගෙ තුරුල්ලෙ.. අම්මා නැති මගේ දෙවනි අම්මලා තමයි මේ.. එයාලා නැත්තන් මට වෙන කවුද ඉන්නේ.. "ඒ උනාට.. මම තරහයි.. යාලු කරගන්න ඕනෙනම් අර ඔයා අහස් කැටේ අතේ මට හදලා එවපු කෑමජාති ඔක්කොම ටික මට හදලා දෙන්න ඕනෙ හරිද.." "ඔන්න පටන් ගත්තා.. මල පෙරේතිගෙ කන බනේ.." මං ආච්චිට තුරුල් වෙලා ඉඳන්ම එහෙම කියද්දි ආයෙම පාරක් අහස් බාප්පා පැත්තක ඉඳන් බෙරිහන් තියනවා.. "කට වහපන් අහස්.. මගෙ කෙල්ලට ඒවා මේවා නොකියා.. චූටි පුතා.. කොයි එන්නැද්ද අම්මා ලඟට.. මාසෙට දෙකට මේ කොල්ලා වෙනස් වෙලා තියෙන තරමක්.. කෝ ඉතින්.." මං එහෙමම ඉද්දි ආයෙමත් ආච්චි චූටි බාප්පට කතා කරාම මම ඔලුව විතරක් හරවලා බැලුවෙ එයා දිහා.. අදනම් ඒ ඇස් වල තියෙන්නෙ අර වෙනදට තියෙන යක්ෂ පාට නෙවෙයි.. අමුතුම සතුටක්.. බාප්පා ආච්චි ලඟට එද්දි මම එහෙමම එහාට වෙන්න හැදුවත් මට හෙල්ලෙන්නවත් තප්පරයක් නොතියා මාත් කිටිකිටියෙ තද වෙන ගානට ආච්චිව බදාගත්තු බාප්පා සුදු ආච්චිගෙ නලලට කිස් එකක් දුන්නා.. "දැන් ඔයාට සතුටුයි නේද පණ.." බාප්පා ආච්චිගෙනුත් ඈත් වෙලා එහෙම අහද්දි මාත් ආච්චිගෙන් එහාට උනේ ඒ මූණ දිහා බලාගෙන.. "කියන්න වචන නැති තරම්.." ආච්චි එහෙම කියලා ගේ ඇතුලට ගියාම වටේ හිටපු කට්ටියත් ශවී බෝයි එක්ක කතා කරන්න ගත්තා.. එහෙ වගේනම් අල්ලපු ගෙදර මිනිහෙක් මැරුනත් මේ ගෙදර මිනිස්සු දන්නෑ.. ඒකට මෙහෙ.. අපි එනවා කියලා දැනගෙනනෙ මේ හැමෝම ඇවිත් තියෙන්නේ.. ඒත්... ..........................................................♡ ඔන්න ආවා.. සමහරවිට ටික දවසකට කතාව නැති වෙන්නත් පුලුවන් ළමයි ආයෙම.. එහෙම වෙනවනම් මං කියන්නම්කෝ.. ආහ් මේ.. ඔයාලට කැමති ඕනෙම දෙයක්.. ඕනෑ.....ම දෙයක් හිතාගන්න නිදහස තියෙනවා මේ එපියෙ ඉඳන් 🌚 ඊලඟ එකෙන් හම්බෙමු.. ✍️ රාදි

දහතුන්වෙනි දිගහැරුම.. දොලොස්වෙනි දිගහරුමට - https://whatsapp.com/channel/0029Va9alFg5fM5j9t8uoU3G/472 ✍️ රාදි


ළමයි මට තව ටික දවසක් දෙන්න.. පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා ඒ ටික විසඳගෙනම කතාව අරන් එන්නම් මම 🫠 එතකල් සමාවෙලා පොඩ්ඩක් ඉවසගෙන ඉන්නවද හොඳ ළමයි වගේ..

දහවන දිගහැරුම.. නවවන දිගහැරුමට - https://whatsapp.com/channel/0029Va9alFg5fM5j9t8uoU3G/464 ✍️ රාදි


හැම රෑකම මගේ නින්ද උබ ඇවිත් හොරකම් කරනකොට.. ඒ ඇයි කියලා තේරුම් ගන්න බැරුව මං වද උනා.. දවසක් දවසක් ගානෙ ඔය ඇස් වල දිස්නෙට මාව පිච්චෙනකොට.. මං උබේ ඇස් නොපෙනෙන්නෙ හැංගුනා.. ඒත් තවත් මට උබේ ඇස් වලින් හැංගෙන්න බැරි දවසක් ආව බව තේරුනාම.. දන්නවද මං දැන් ඔය ඇස් දිහා බලන් ඉන්නවා.. මගෙ ප්‍රේමි.. මගේ ඇස් වල තියෙන කතාව උබේ ඇස් වල නැති වගත් මං දන්නවා.. තාමත් කාගෙවත් වෙනුවෙන් නොලියවුන කතාව වෙන කෙනෙක්ට අයිති වෙයිදෝ කියලත් මගේ හිත කියනවා.. මගෙ බෝනික්කි.. දවසක උබව මගෙන් ඈතටම ගිලිහිලා ගියත්.. දන්නවද මං එදාටත් උබට මේ වගේම ආදරේ කරනවා.. ~ සිත් ~ එච්චරයි.. ඒකෙ තිබුනෙ ඒ වචන ටික විතරමයි.. ඒත් දෙයියනේ.. ඇයි මගෙ ඇස් වලට කඳුලු පිරෙන්නෙ.. ඇයි මගේ පපුව හිරවෙනවා වගේ දැනෙන්නෙ.. ඒ මුලු පේජ් එකටම තියෙන්නෙ පැයකට කලින් දාපු ඒ පෝස්ට් එකයි තව පෝස්ට් දෙක තුනකුයි විතරයි.. සිත්.. කවුද මේ සිත්.. ඇයි එයා මේකට මාව මෙන්ශන් කරලා තියෙන්නෙ.. දැනටමත් මගේ රීඩර්ස්ලා ටික මාර විදියට කලබල වෙලා.. එයාලා හෝ ගාලා මේ සිත් කවුද කියලා හොයනවා.. ඒ එක්කම අහම්බෙන් වගේ මගේ ඇස් වලට අහු උනේ පේජ් එකේ නමට යටින් තිබුන වචන ටික.. To my beloved girl Shonaa ඒ වචන ටිකටනම් මගේ ඇස් ඉබේටම ලොකු වෙන්න ඇති.. මොනවද දෙයියනේ මේ මම දකින්නෙ.. කවුද මේ මට කවි ලියන්නේ.. ඒත් ඒ ලියන්නෙ මටද.. නැත්තන් කවුරුවත් දැකලා නැති ශෝනාටද.. "Hay.. You got stuck, didn't you.. ඔයාට කියන්න ඩෝල් ඕක දැක්කම මාත් ඔය විදියටම හිර උනා.. But who could this be.." (හේයි ඔයා හිර උනා නේද.. ඔයාට කියන්න ඩෝල් ඕක දැක්කම මාත් ඔය විදියටම හිර උනා.. ඒත් මේ කවුරු වෙන්න පුලුවන්ද..) මගේ ලඟම පුටුවෙන් ඉඳගත්තු සාරා එහෙම අහන්නෙ පුටු ඇන්දට වැලමිට තියාගත්තු අත කම්මුලේ තියාගන්න ගමන්.. "Take it easy girl. ඔහොම නමක් නැතුව කවි ලියන ඕනෙ තරම් අය ඉන්නේ.. වෙන එකක් තියා මාත් එහෙමනේ.." මේක අමුතුයි කියලා හිත කොච්චර කිව්වත් මම ඒක ගණන් නොගන්න තාලෙට එහෙම කිව්වෙ ෆෝන් එකත් ආපහු සාරගෙ අතටම දීලා.. "No... No... No... මේ වචන මේ එහෙම ආවට ගියාට ලියපුවා නෙවෙයි. කෙලින්ම ළිඳ පතුලෙන්ම ආව ආදරණීය වචන.." "What.. ළිඳ පතුලෙන්.. oh god.. ළිඳ පතුලෙන් නෙවෙයි යකෝ හද පතුලෙන්.. හද පතුලෙන්.. අනික හද පතුලෙන් නෙවෙයි මොන පතුලෙන් ආවත් ගණන් ගන්න එපා.. එයා ඒ කවි ලියලා තියෙන්නෙ ශෝනාට.. ඒ කියන්නේ.. එයා ඇත්තටම ආදරෙයිනම් ආදරේ ශෝනාට.. ඉතින් මොකද.. ශෝනා කියන්නෙ කවුද කියලා කවුරුත් දන්නෙ නෑ.. දැනගන්නෙත් නෑ.. මොකද ශෝනා කියන්නෙ සාංකේති නෙවෙයි.. අනික කවුද දන්නෙ මේක කාගෙහරි ආතල් එකක්ද කියලා.." "නෑ ඩෝල්.. මේක එහෙම එකක් නෙවෙයි.. මේක ලියලා තියෙන්නෙ ශෝනාව හොඳටම දන්න කෙනෙක්.. හැබැයි ඒක ලියලා තියෙන්නෙ ශෝනාට නෙවෙයි සාංකේතිට.. look.. මගෙ බෝනික්කි.. ඔයාට එහෙම කියන්නෙ ඔයාව හොඳටම දන්න අය විතරයි ඩෝල්.." මම ගණන් ගත්තෙ නැති විදියට රඟපෑවට සාරානම් මේක සීරියස්ම අරන්.. එක අතකට ඒකත් ඇත්ත.. ශෝනාට බෝනික්කි කියලා කතා කරන එක අහම්බෙන් උන දෙයක් කියලා හිතන්න අමාරුයිනෙ.. ඒ කියන්නෙ මේක සංකිව හොඳටම දන්න කෙනෙක් ලියපු එකක්.. ඒත් කවුද.. "ආශ්.. මොනා උනත් මාරම ආදරේකින් ඒක ලියලා තියෙන්නෙ ඈ.." ඒ පාර සාරා කින්ඩි හිනාවක් දාගෙන එහෙම කියනවා.. මාත් හැදුවෙ ඒ ජාතියෙම හිනාවක් දාගෙන ඒකට උත්තර දෙන්න.. "අන්න ඒකනෙ ඕයි කියන්නෙ. ඕක මට ලියපු එකක් නෙවෙයි.. මේ මට ඔය කියන විදියට ආදරේ කරන එකෙක් කොහෙද ඉන්.........." කොහොම පටන් ගත්තත් අන්තිම ටික කියද්දි මගේ වචන නැවතිලා ගියේ දෙයක් මතක් වෙලා... ඒ පුදුමෙටම මම ඇස් ලොකු කරන් සාරා දිහා බලද්දි සාරාත් ඒ විදියටම මගේ දිහා බලාගෙන.. "තියෝ............" ඇති හයියෙන් අපි දෙන්නටම ඒක කියවුනේ එකම වෙලාවක.. "No.. No.. Never.. එහෙම වෙන්න බෑ සාරා.. මේ තියෝ වෙන්න බෑ.. අනික මේකෙ නම තියෙන්නෙත් සිත් කියලනේ.. impossible.." මං ඔලුවටත් හයියෙන් පාරක් ගහගන්න ගමන් එහෙම කිව්වෙ ඇත්තටම.. මට මොන විකාරද මේ හිතෙන්නේ.. "Why Not.. Don't you remember girl. තියෝගෙ ෆුල් නේම් එක තියෝ සිත්නුජ ඇන්ඩර්සන්.. සිත්නුජ.. සිත්නුජ.. සිත්.. හිතන්න ඩෝල් හිතන්න. ඒක වෙන්න බැරි නෑ.." සිරාවටම.. සාරා පණ්ඩිතයෙක් වගේ එහෙම කියව කියව ඇඟිල්ලකින් මගෙ ඔලුවටත් අනිනවා.. ඒත්.. ඇත්තටම ඒ තියෝද.. ඒත් ඉතින් එයා කොහොමද දන්නෙ ශෝනා කියන්නෙ මම කියලා.. මං කියන්නෙ ශවී බෝයිවත් ඒක දන්නෑනෙ.. අනික් එක.. ඇයි එයාට බැරි ඕවා මට කෙලින් කියන්න.. අහ්.. හැබැයි කෙලින් කිව්වට මම අහන්නෙත් නෑනෙ නේද.. හෙහ්.. ඒ උනාට.. කොහොමද දෙයියනේ මේක කන්ෆර්ම් කරගන්නේ.. මාර පිස්සුවක් උනානේ මේක දැන්.. "ආව් ආව්ව්ව්.. පේන විදියටනම් කවිය බොක්කටම වැදිලා වගේ කෙල්ලට.. ම්ම්ම්ම්ම්ම්... හොඳයි හොඳයි. ඔහොම යමුකෝ.." ආහ්හ්.. මට අමතක උනානෙ මේ මෝඩ ඇටිකිකිලි මෙතන කියලා... කවිය ගැන හිත හිත මම මනෝපාර ගහන ටිකට මේ ගෙමිබි මගේ මූණටම එබීගෙන මහ කැත විදියට හිනා වෙනවා.. "මං කියන්නෑ ඉතින්. අහකට වෙනවා සාරා.." "ඌප්ස්.. හරි හරි.. ඒක නෙවෙයි. අද හවස තියෙන පාටි එකට DJ ශෝනා රෙඩිද.." සාරා එහෙම අහන්නෙ මූඩ් එක සම්පූර්ණෙන්ම වෙනස් කරගෙන මාර විදියට චිල් වොයිස් එකකින්.. ඉතින් මාත් ඒ චිල් එකෙන්ම සාරාට උත්තර බැන්දා.. " Definitely girl.." "ඒත් ඩෝල්. ඔයාට තිබුනෙ ඒ ඉන්විටේෂන් එක රිජෙක්ට් කරන්න. ඒ අපේ කොලේජ් එක ඕයි... කවුරුහරි ඔයාව අඳුරගත්තොත් අපේ සමාජෙ කලඹන ෆුල් ප්ලෑන් එකම වතුරෙනේ.." "ආහ්හ්.. relax girl. ඔච්චර හිතන්න එපා සාරා.. එහෙම වෙන්නෙ නෑ.. ඔන්න බලන්නකෝ.." සාරාගෙ කම්මුල් දෙකෙන්ම අල්ලලා දෙපැත්තට අදින ගමන් එහෙම කියලා මම ගිටාර් එකත් අරන් මගේ රූම් එකට පැන්නේ හවසට යන්න ලෑස්ති වෙන්නත් ඕනෙ නිසා.. ඔව් ඔව්ව්. පාටි එකක්.. අපේ කොලේජ් එකේ පාටි එකක්.. අපිට උඩ බැජ් එකක සෙට් එකකගෙ.. ඒකයි ඉතින් මං ඉන්විටේෂන් බාරගත්තෙ.. මොකද එයාලත් එක්ක අපිට ඉතින් වැඩි ඇයි හොඳයියක් නෑනේ.. කොලේජ් එකේ පාටි එකක් කියලා කලින්ම ශවී බෝයිගෙන්නම් පර්මිෂන් ගත්තා.. දැන් ඉතින් ලෑස්තිවිල්ලක් තමා තියෙන්නේ.. වෙනසකටත් එක්ක..... අද ගවුමක්.. ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්... හීනි අත් පටි එක්ක වී ශේප් කරක් තියෙන චූටි කොට රතු පාට ගවුමක්.. ගවුමට උඩින් දිලිසෙන ගෝල්ඩ් කලර් ජැකට් එකක් දාගත්තා.. ගෝල්ඩ් කලර්ම පොයින්ටඩ් හීල්ස් දෙකක් දාගත්තා.. කොණ්ඩෙ තදට හිටින්න උඩට පීරලා උඩින්ම පෝනිටේල් එකක් දැම්මා.. ෆොක්ස් අයිලයිනර් එකක් ඇඳලා අයි මේකප් එකත් ඉවර කරලා පෙනුනත් එකයි නැතත් එකයි කියලා රෙඩ් ලිප්ස්ටික් එකෙන් ගාගත්තා.. "Woah.. look at this sexy girl.. ගිනි ගින්දර වගේ අදනම් හොඳේ.. ඌහ්හ්හ්. සුරංගනාවියක් බිමට බැහැලා වගේ ඩෝල්.. අර කොල්ලො ටිකට පිස්සු හැදිලා ආයෙත් හැදෙයි අදනම්.." ලෑස්ති වෙලා ඉවර වෙද්දිම රූම් එකට පැනපු සාරා බෝනික්කෙක් වගේ මාව එහෙට මෙහෙට හරව හරව පිස්සු කියවනවා.. "බටර් ගාන එක නවත්තනවා සාරා.. පරක්කුයි. Hurry up.." එහෙම කියාගෙන මම ටක් ගාලා එලියට පැන්නෙ තවත් මේ හොල්මන මාව දෙපැත්තට හොලවන්න ගියොත් මගෙ කෑලි ගැලවිලා වැටෙයි කියලා බයට.. ඔන්න ඉතින් අපි ලෑස්ති වෙලා යද්දි ශවී බෝයි ඉන්නවා එලියට වෙලා කෝල් එකක.. මාව දැක්කා විතරයි එයාගෙ ඇස් නලලේ.. "ඩ්..හ්.. ඩෝල්.." " කොහොමද මගේ ඩ්‍රස් කම්බිනේෂන්ස්.. සුපිරි නේහ්.." "Of course my love.. ඔයාගෙ ඇඳුම නිසා මට අම්මව මතක් උනා.. එයත් එක පාරක් ඔය විදියෙම ගවුමක් ඇන්දා මගෙත් එක්ක පාටි එකකට යන්න. හැබැයි කලු පාට..ආයෙ ඉතින් මට පිස්සු හැදුන්නැති ටික විතරයි.." "ඒ කියන්නෙ මාව දැක්කමත් අපේ කොල්ලොන්ට පිස්සු හැදෙයි නේහ් සඳ බොඳ වෙන්නම.. ඉතින් මං අම්මා වගේමද.." මං ඇහුවෙ ශවී බෝයි ලඟට ගිහින් එයාගෙ අතක එල්ලිලා හිනාවෙන ගමන්.. "ඔව් ඔව් සඳ බොඳ වෙයි.. හැබැයි මෙහෙමයි. අම්මා වගේම උනාට අම්මා තමයි නම්බර් වන්.." "ඔයාට ඉතින් කොහොමත් අම්මා ඇර වෙන කාවවත් පේන්නෑනෙ ශවී බෝයි.." ශවී බෝයි හෙන ආඩම්බර හිනාවක් දාගෙන කියද්දි මාත් එහෙම කිව්වෙ කටකොනකින් හිනා වෙලා ඇහැක් ගහන ගමන්.. "පණ්ඩිත ආච්චි.. පරිස්සමට ගිහින් එන්න එහෙනම්.. බායි බායි ඩෝල්.." "බායි බායී.. ලව් යූ.. උම්මාහ්.." ඉතින් සමුගැනීමේ මොහොතෙන් පස්සෙ අපි දෙන්නා ලෑස්ති උනේ කොලේජ් එකට යන්න.. ඒත් අතරමැද්දෙන් මට බඩගින්නක් ආව නිසා මම එහෙමම සාරාවත් ඇදගෙන සුපරි මාකට් එකට ගියා කන්න මොනවහරි ගන්න කියලා.. ම්ම්ම්ම්ම්... චොක්ලට්ස්.. මේවා තමයි ජීවිතේ කියන්නේ.. මම බරටම චොක්ලට් තෝරන අස්සේ සාරානම් චිප්ස් තොගයක් අරන් ඇවිත්.. කොහොමත් ඉතින් චිප්ස්නම් සාරා.. සාරානම් චිප්ස්.. බරටම කෑම බීමත් අරගෙන අපි දෙන්නා එලියට බහිද්දි සුපර් මාකට් එකේ ඉස්සරහා හිටියෙ හොඳ ෆැමිලියර් ඩෑල් එකක්.. වෙන කවුරුත් නෙවෙයි අනේ.. තියෝ තියෝ.. එලියට එන අපිව දැක්කා විතරයි මේ ගස් ගෙම්බා පිස්සුවෙන් වගේ බෙරිහන් තියන්න ගත්තා.. "අහ් නංගිලා.. ගිනි ගින්දර වගේ ඇඳගෙන කොහෙද දන්නෑ මේ ජෝඩුව යන්නෙ නේහ්.." චී... වස විලි ලැජ්ජාවයි අප්පා.. ඉන්ග්ලිශ් වලින් වගේ නෙවෙයිනෙ. සිංහලෙන් කියන ඒවා එයාලට තේරෙන්නැති නිසා අමුතුවෙන් හැරි හැරී බලනවා.. මේ යකානම් මාව කන්නම ආපු එකෙක් අප්පා.. මේ ඇත්තමයි.. "කට වහනවා තියෝ. බෙරිහන් දෙන්න එපා.. ඇඳගෙන ඉන්න විදියට පේන්නැද්ද කොහෙ යන්නද කියලා. බූරුවෙක් වගේ කෑගහන්නේ.." මේ යකාගෙ බෙරිහන් තියවිල්ල නවතින්නෙම නැති නිසා මම ලඟටම ගිහින් සද්දෙ අඩු කරලා එහෙම කිව්වෙ මොනාහරි කරලා ඒක නවත්තගන්න.. "අහ් අහ් අහ්.. අද කොලේජ් පාටියනෙ නේහ්.. මට ස්මිත් කිව්වා dj එකට ඉන්වයිට් කරේ ශෝනාට කියලා.. ඉතින් my lovely girl.. ඔයාගෙ මියුසික් ට්‍රැක්ස් ටික රෙඩිද.. ම්ම්ම්ම්.." "මොහ්.. මේ.." එකපාරට ඇහුන දේ විශ්වාස කරගන්න බැරුව ඇස් ලොකු කරගෙන තියෝ දිහා බලන් උන්නු මට වචන පැටලෙනකොටනම් තියෝගෙ කට කොනක තිබුන හිනාව තව ටිකක් වැඩි උනා.. "ඔයා.. කොහොමද.. ඒ.. ඒ කියන්නේ.. ඒ ඔයා.. සිත්.. ඒවා ලිව්වේ.." "ෂ්... ෂ්... ෂ්... කෑගහන්න එපා ඉතින්. එහෙම උනොත් කට්ටිය දැනගනියි ඩෝල් ඔයාගෙ සීක්‍රට් එක.." තියෝ කියන්නෙ මගෙ තොල් දෙක මැද්දෙන් එයාගෙ අතේ දබරගිල්ලත් තියලා.. "ඒ ඔයාද.. ඇත්තටම ඔයාද ඒ.. තියෝ... ඒත් ඇයි.." මම ඔලුව දෙපැත්තට වනන ගමන් එහෙම ඇහුවෙ මම ශොක් වෙලා වගේ ගියපු හින්දා.. "May be.." "May be කියන්නෙ මොකද්ද.. මට ඇත්ත කියනවා තියෝ. ඒ ඔයාද.." මං තියෝගෙ අතත් ගසලා දාලා හයියෙන්ම කෑගහන්න ගත්තෙ මට හොඳටම තරහා ගියපු නිසා.. ඇයි අනේ.. මම මේ පිස්සු හැදිලා ඉන්නවා. මෙයා මෙතන විකාර කරනවා.. "May be කියන්නෙ ඉතින් may be.. සමහර විට.. සමහරවිට ඒ මං තමයි.. හැබැයි සමහරවිට.. ඒ මම නොවෙන්නත් පුලුවන් baby.." "ඒ.. කියන්..නේ.." "May be sweetheart. ඉවසලා ඉන්න. ඔයාටම දැනගන්න ලැබෙයි.." මගේ කම්මුලකට අත තියාගෙන ඒ ටික විතරක්ම කියලා අතත් වනාගෙනම තියෝ යන්න ගියේ මාව කිසි දෙයක් හිතාගන්න බැරි කරලා දාලා.. "මොකද්ද ඩෝල් ඒ තියෝ කියන්නේ.. ඒ එයාද.. නැත්තන් වෙන කෙනෙක්ද.. මොකද්ද ඒ කිව්වේ..." තියෝ ගියපු ගමන් සාරා ඇවිත් මගේ අතේ එල්ලිලා එහෙම ඇහුවෙ තියෝ කියපු මෙලෝ දෙයක් එයාටත් නොතේරුන හින්දා වෙන්න ඇති.. "මං දන්නෙත් නෑ සාරා.. මට තේරුනෙත් නෑ.. අර කිව්වත් වගේ අපිත් ඉවසගෙන බලන් ඉමු.. හ්ම්ම්.. පරක්කු වෙනවා. Let's go.." ..........................................................♡ වෝහ්.. වෙනදා වගේ නෙවෙයි.. මුලු රෙඩ් වෙල්ව්ට් ක්ලබ් එකම කොලේජ් එකෙන් බුක් කරලා. ඒක නිසා වැඩි සෙනගක් නෑ.. හැබැයි ඉන්න සේරම කොලේජ් එකේ දැකලා පුරුදු මූණු.. ඒකමද කොහෙද සාරා වටපිට බලලා එක පාරටම මගේ ලඟට ඇවිත් කතා කරන්න ගත්තෙ... "ඩෝල්.. ඔයාට ශුවර්ද මේ කවුරුත් අපිව අඳුරගන්න එකක් නෑ කියලා..." "ඔව් ඔව් අනේ. බය වෙන්න එපා.. එන්න යං.." මං එහෙම කියාගෙනම ගෝල්ඩ් කලර් ශෝල් එකෙන් මූණත් කවර් කරගෙන සාරා එක්කම ඇතුලට ගියේ dj එකට වෙන් කරලා තිබුන ඒරියා එකට.. "Gyezzzzzzzzz.. it's dj shonaa. Get ready to groove... here we go.." ඉතින් එතන ඉඳන් පුරුදු විදියටම මම මගේ හිතත් එක්ක මියුසික් ලෝකේ.. ටික වෙලාවක් එකදිගටම ප්ලේ කරලා මම ට්‍රැක් එකක් ඔටෝ ප්ලේ වෙන්න දාලා එහාපැත්තෙ ඉඳගෙන හිටපු සාරා ලඟට ගියා.. ඒකිනම් කරටි කැඩෙන්නම නටලා දැන් හති අරිනවා.. ටික වෙලාවක් ඕපදූප කියව කියව ඉද්දි සාරාට ජේසන්ගෙන් කෝල් එකක්.. ආයෙ ඉතින් වරුවකට ඕකි එන්නෑ.. සාරාත් නැති නිසා පොඩි මනෝ පාරක් දාගෙන ඔහේ ඉඳගෙන ඉද්දි මගේ ලඟින් ඇවිත් ඉඳගත්තෙ කලින් දෙතුන් පාරක් විතර දැකලා තියෙන සීනියර් කෙනෙක්... පොර හෙන ලොකු බිස්නස්මන් කෙනෙක්ගේ පුතෙක්ලු. හැබැයි අමුම සෙවලයා.. මොන එහෙකට මෙතෙන්ට කඩන් පාත් උනාද මන්දා.. "Hay girl. Are you tired..." (හේයි ගෑණුළමයෝ.. ඔයාට මහන්සිද..) මං කල්පනා කර කර ඉද්දි පොර එකපාරටම එහෙම ඇහුවෙ මගේ කල්පනා ලෝකේ බිඳලම දාලා.. "No No. I'm good.. Thankyou.." (නෑ නෑ.. මම හොඳින්. ස්තූතියි..) "Mmmm.. you know what.. I was waiting to meet this strange girl. An Anonymous dj player.." (ම්ම්ම්.. දන්නවද ඔයා.. මම මේ අමුතු කෙල්ලව මුණගැහෙන්න බලාගෙන හිටියා.. නිර්ණාමික dj ප්ලේයර්..) චී.... සෙවල හිනාවක් දාගෙන ඒක කියන කැත.. මූත් මලම ඇණයක් වීගෙන එන්නේ.. පාඩුවෙ මහන්සි අරින්න ආවම මෙතන මගුල් කතා කරන්න එනවනේ.. "Hay.. what's happend.." (හේයි.. මොකද උනේ..) මම සද්දයක් නැති හින්දද කොහෙද අරූ මගේ මූණට එබීගෙන ආයෙම කතා කරනවා.. "Mmh. Ah.. nothing.." (මුකුත් නෑ..) "Ohh. Anyway... Can I see your beautiful face covered by that shawl.." (ඕහ්. කොහොම උනත්.. මට ඔය ශෝල් එකෙන් වැහිලා තියෙන ඔයාගෙ ලස්සන මූණ බලන්න පුලුවන්ද..) මං ඔනෑවට එපාවට උත්තට දෙද්දි ඒ පාර ඒ යකා එහෙම ඇහුවෙ මගෙ අතකිනුත් අල්ලගෙන.. "No. You can't.." (නෑ.. ඔයාට බෑ..) ඇස් වලින්ම සැර බැල්මක් දෙන ගමන් ඒම කියාගෙන මම එතනින් නැගිට්ටේ සාරා ඉන්න තැනට යන්න හිතාගෙන.. "Hay hay. Come on girl. Let me see your face.." නැගිටලා යන්න හදද්දිම මගේ අතකිනුත් අල්ලගෙන ඒ යකා එහෙම කියද්දි මං ආපහු පොර දිහා බැලුවෙ රවාගෙන.. මොකද මෙතන කේස් දාගන්නත් බෑනේ.. ඒත් ඒක ගානකටවත් නොගෙන ඒ යකා මගේ ඉණ වටේට අතක් දාගෙන මාව ඇදලා ගන්න ගමන් මගේ මූණ වැහෙන්න ගැටගහලා තිබුන ශෝල් එකට අත තියන්න හදද්දි මම ඌව මගේ අත් දෙකෙන්ම තල්ලු කරලා දැම්මෙ උපරිම තරහෙන්.. "What the hell are you doing.. stop this nonsense. Don't touch me.. And.. Get away from me.." (මොන මගුලක්ද ඔයා කරන්නේ.. මේ විකාරෙ නවත්තනවා.. මාව අල්ලන්න එපා.. ඒ වගේම.. මගෙන් ඈත් වෙලා ඉන්නවා..) තවත් මොහොතක්වත් නොයිඳ ඒ යකා දිහාට ඇඟිල්ලක් දික් කරන ගමන් මං එහෙම කිව්වෙ උපරිම කේන්තියෙන්.. කේන්තිය නිසාමද මන්දා මට ඒක ටිකක් හයියෙන්ම කියවුනා.. හැබැයි ඉතින් වැඩක් නෑ.. කන් පැලෙන්න දාලා තියෙන මියුසික් සද්දෙට හැමෝම පිස්සො වගේ නටනවා.. අනික් අය මොකද කරන්නෙ කියලා කාටවත් කිසිම ගානක් නෑ.. "You bitch.. how could you.. don't you know who I am.." එක පාරටම තල්ලු කරපු එකටයි කෑගහපු එකටයි දෙකේම තරහටද කොහෙද මේ සෙවලයා මගෙ අත් දෙකම එක මිටකට අල්ලගෙන හෙලවෙන්නවත් නොදී මගෙ ශෝල් එක දිහාට අත අරන් ගියේ මට කර කියාගන්න දෙයක් නැති කරලා... "Awh.. leave me alone.." අනේ දෙයියනේ.. මොකද්ද මේ වෙන්න යන්නේ.. මේ යකා මගේ ශෝල් එක ගැලෙව්වොත් මොනවා වෙයිද.. මෙතන ඉන්න බහුතරය නමින් නොදන්නවා උනත් මාව දන්න අපේ කොලේජ් එකේම අය.. එහෙම සෙනගක් මැද ඇනොනිමස් ඩීජේ ප්ලේයර් මමයි කියලා එලි උනොත් විනාස වෙන්නෙ මං අවුරුද්දක් තිස්සෙ හදාගත්තු මගේ බ්‍රෑන්ඩ් නේම් එක.. මොකද ඩීජේ ප්ලේයර්ස්ලා කොච්චර හිටියත් මට ඕඩියන්ස් එකක් හැදුනෙ මම ඇනොනිමස් ප්ලේයර් කෙනෙක් නිසා.. ඒත් ඉතින් මං කොයි තරම් දැඟලුවත් වැඩක් නෑ.. ඌ ඒක නවත්තන්නෙ නෑ.. ඒ මනුස්සයගෙ අත ශෝල් එකට ගෑවෙන්න ඔන්න මෙන්න කියලා මම ඇස් පියාගත්තෙ ඕනෙ දෙයක් වෙච්චදෙන් කියලා හිතාගෙන.. ඒත් තප්පර කීපයක් ගිහිල්ලත් මුකුත් නොවුන නිසා මං ආයෙ ඇස් ඇරලා බලද්දි මම දැක්කෙ.. ..........................................................♡ මේ කතාව ඔයාලට කම්මැලිද ළමයි.. ඇත්තමයි මට ඒක මාර ප්‍රශ්නයක් අනේ.. කම්මැලිනම් කියවන්න එපා වෙනවනම් කියන්න. මං කතාව ඉක්මනට ඉවර කරන්නම්. ඊලඟ එපිය අරන් එන්නම්.. ✍️ රාදි

*සොම්රි ළමයි.. මෙහෙම හිටියට මටත් හරි හරි වැඩනේ වෙන්නෙ. ඒකයි අවුල.. 🥲😪* *~ Raadi ~*


අනේ අප්පා.. කිසි හෙනයක් නැතුව හිටියොත් අහක යන බල්ලෙක් හරි මගේ කනවා. 😒 උදේ වෙද්දි බලුබීතිකාව හැදිලා ඉන්ජෙස්සම් ගහන්න උනේ නැත්තන් හෙට කතාව දෙන්නම් 😒🤍 ~ Raadi ~

"මොකද.. ඒවා කියද්දි තරහා යනවද.. තමුන්ට.." "Shut up mr. Sihas. I said shut up. ඔයා මේ සතියට දෙකට දැක්කෙ මේ සාංකේතිගෙන් දශම ගානයි.. I'm warning you.. මීට පස්සෙ මගේ ඉස්සරහා මගේ අම්මා ගැන කතා කරද්දි දෙපාරක් හිතන්න.. මොකද මම කැමති නෑ මගේ පවුලෙ මිනිස්සුන්ට අත උස්සන්න.. හැබැයි.. මං කිසිම දෙයක් එක පාරකට වඩා ඉවසන්නෙත් නෑ." ආයෙම පාරක් බාප්පා ඇස් දෙකත් රතු කරගෙන කෑගහන්න හදද්දි මම අඩියක් දෙකක් ඉස්සරහට ඇවිදගෙන ගිහින් බාප්පා දිහාට නැවිලා එහෙම කිව්වෙ මේ වටේ පිටේ ඉන්න අයට විහිලුවක් වෙන්න ඕනෙ නැති නිසා.. ඒත් ඒ එක්කම ඇස් දෙක හීනි කරගෙන හිටපු බාප්පා මගේ අතේ වැලමිට ලඟින් අල්ලලා මාව එයාගෙ දිහාට ඇදලා ගත්තු පාරටනම් මම විසි වෙලා ගියා.. "තමුසේ...." ඒ නපුරු පාට ඇස් රතු කරගෙන විනාඩි ගානක්ම මුකුත් නොකියා මගේ දිහා බලන් හිටියෙ මම දඟලලා දඟලලා අත ගලවගන්න හදන විදිය ගානකටවත් නොගෙන.. ඒත් එක්කම පිටිපස්සෙන් ඇහුන නිකොලාගෙ සද්දෙට ගැස්සිලා ගිහින් මාව අතෑරලා දාපු බාප්පා මගේ දිහාට ඇඟිල්ලක් දික් කරේ තව මොනවහරි කියන්න.. ඒත් ඒ වෙලාවෙම තියෝ මැද්දට පැන්නෙ ජේසන් කෙවින් ලියම් තුන්කට්ටුව මෙතෙන්ට ආවොත් දැන් කිසිම හොඳක් නොවෙන බව දැනගෙනම වෙන්න ඇති.. "මිස්ටර් සිහස්.. මං හිතන්නෙ දැන් ඔයා ගියොත් හොඳයි. මේක කොලේජ් එකක්නේ.. You know what I'm saying.." තියෝ පැනපු ගමන් එහෙම කිව්වම තියෝ දිහත් ටික වෙලාවක් බලාගෙන හිටපු බාප්පා ආයෙමත් මට රවාගෙන ඔරවගෙන එතනින් ගියේ මගේ දිහාට දික් කරපු අතත් මිට මොලවගෙන.. " Hay.. That's mr. Sihas. Isn't he." (හේයි. ඒ මිස්ටර් සිහස් නේද..) බාප්පා යනකොටම වගේ අපි ලඟට කඩාගෙන වැදුන ඇන්ඩ්‍රියා එහෙම ඇහුවෙ ඇස් දෙකත් ලොකු කරගෙන.. "Yeh.. That's him." (ඔව් ඒ එයා.) "But doll.. Do you know each other.. You guys seem very close.. But I didn't understand anything because you spoke in Sinhala.." (ඒත් ඩෝල්. ඔයාලා එකිනෙකා අඳුරනවද. ඔයාලා ගොඩක් සමීපයි වගේනේ.. ඒත් මට මුකුත් තේරුනේනම් නෑ ඔයාලා සිංහලෙන් කතා කරපු නිසා..) මං ඔනෑවට එපාවට ඇන්ඩ්‍රියාට උත්තර බඳිද්දි මගේ අතකිනුත් අල්ලගෙන කටත් ඇද කරගෙන එහෙම ඇහුවෙ නිකොලා.. නිකොලාගෙ ප්‍රශ්නෙත් එක්ක තියෝනම් මගේ දිහා බැලුවෙ කටත් ඇරගෙන.. ඇයි ඉතින් පොර දන්නෑනෙ අර යකා එක්ක තිබුන තරහට මම අපේ නෑදෑකම ගැන කාටවත් කියන්න එපා කියලා සාරට කිව්වා කියලා.. මේ වෙනකලුත් මුලු කොලේජ් එකෙන්ම ඕක දන්නෙ තියෝයි සාරයි විතරයි.. ඒත් එහෙමයි කියලා මෙහෙම ගොන් බූරුවෙක් වගේ මගේ දිහා බලන්න දෙයක් නෑනේ.. "Don't look at me like that, Theo. They don't know that." (ඒ විදියට මගේ දිහා බලන්න එපා තියෝ. එයාලා ඒක දන්නෙ නෑ..) "What don't we know.." (අපි දන්නෙ නැත්තෙ මොනවද..) "Umm.. Actually... he's my dad's brother.. He is staying at our place.." (අම්ම්.. ඇත්තටම.. එයා මගේ තාත්තගෙ සහෝදරයා. එයා නැවතිලා ඉන්නෙ අපේ ගෙදර..) "Wait.. Whaaaaaat." මං මෝඩ හිනාවක් දාගෙන උත්තර දුන්නු සැනින් ඇන්ඩ්‍රියායි නිකොලායි දෙන්නම බෙරිහන් තියන්න ගත්තෙ නිකන් පිස්සු හැදිලා වගේ.. මේ මොකද අනේ මේ.. ඔය පොඩි දේට මෙච්චර කෑගහන්නෙ ඇයි.. "Why did you hide such a big secret from us Doll.. uuuuuuuh.." (ඇයි ඔයා එච්චර ලොකු රහසක් අපෙන් හැංගුවේ ඩෝල්..) ඒ පාර බෙරිහන් දෙනවා මදිවට ඇන්ඩ්‍රියා ඇවිත් මාව දෙපැත්තෙන් හොලවනවා.. නිකොලාට ජබර කලන්තෙ හැදිලද මන්දා.. "What the f$ck. Such a big secret.." මුන්ට පිස්සුද.. ලොකු රහසක්.. මොකද්ද යකෝ ලොකු රහස.. හරියට නිකන් කොලේජ් එකේ ළමයින්ගෙ පවුලෙ අය මේකෙ උගන්නලා නෑ වගේ.. "Oh my god.. our handsome sexy coach and doll are relatives. I can't beleve this." (අනේ මගෙ දෙයියනේ.. අපේ හැන්ඩ්සම් සෙක්සි කෝචුයි ඩෝලුයි නෑදෑයෝ. මටනම් මේක විශ්වාස කරන්නත් බෑ..) මේ මොන විකාරයක්ද මේ.. මුන්ටනම් පිස්සු.. "oh my god , oh my god.. look. He is back." (බලන්න. එයා ආපහු එනවා) ඒ අස්සෙ නිකොලා ආයෙම බෙරිහන් දෙද්දි අපි කට්ටියගෙම අවදානෙ නිකොලා බලන් හිටපු දිහාට හැරුනා.. ඇත්ත තමයි.. තවත් ප්‍රොෆෙසර් කෙනෙක් එක්ක කතා කර කර බාප්පා ග්‍රවුන්ඩ් එක ඉස්සරහා පාරෙන් අනික් පැත්තට යනවා.. ඒ උනාට මුන් මොකටද මෙච්චර මැරෙන්නෙ මේ.. " that's true baby.. He's very handsome. That birthmark near his Adam's apple... ohh.. it's very sexy." ලියම්.. ඒ පාර එයත්.. මගේ කර වටේට අතකුත් දාගෙන යටි තොලත් ලාවට හපාගෙන එහෙම කියන ලියම් දිහා මං බැලුවෙ ඇස් දෙකත් ලොකු කරගෙන.. හරි.. ඇත්ත. ලියම් ගෑණුළමයින්ට කැමති නෑ. එයා ගේ තමයි. ඒ උනාට.. මේ යක්ෂයා.. හෙහ්.. හැබැයි කියන්නත් බෑ.. මෙයත් කෙල්ලෙක් දිහා ඇහැක්වත් ඇරලා බලන්නෑනෙ.. ඌප්ස්.. අර එදා අපට අප හිමි නෑ කිව්වෙ ඒකද දන්නෑ.. අපොයි අපොයි.. හැබැයි නෑ.. එහෙම වෙන්නත් බෑ.. ඒ කොහොම උනත් මං කැමති නෑ මගේ යාලුවෝ කවුරුවත් මේ හිතක් පපුවක් නැති යක්ෂයාව ක්‍රශ් එකක් කරගන්නවට.. ඒ ඇන්ඩ්‍රියා හරි නිකොලා හරි උනත්.. එහෙම නැත්තන් ලියම් උනත්.. මේ සංකි ඒකනම් වෙන්න දෙන්නෑ.. "Stop it, Liam. Don't look at him like that.. he is a handsome devil. Forget about that shit.. and you two too.." (නවත්තගන්න ලියම්. එයා දිහා ඒ විදියට බලන්න එපා.. එයා කඩවසම් යක්ෂයෙක්. ඔය මගුල අමතක කරලා දාන්න. ඒ වගේම ඔයාලා දෙන්නත්..) "Ahhh ok ok. Just for fun baby. Anyway doll. How old is he.." (හරි හරි. විනෝදෙට බැලුවේ.. ඒක නෙවෙයි ඩෝල්. එයාගෙ වයස කීයද..) මං රවාගෙන ඔරවගෙන එහෙම කියපු හින්දා තව ටිකකින් ගුටිකන්න වෙන බව දැනගෙනම තමයි ඔය මං ඉඳගෙන හිටපු තැනට ඇවිත් බටර් පාර ගාන ගමන් ඇන්ඩ්‍රියා එහෙම ඇහුවෙ.. "He's 28" "Whaaaaaaat.." ඔය ඉතින්.. ආයෙ කන අස්සෙ බෙරිහන් දෙනවා.. හරියට නිකන් පිස්සෙක් වගේ.. "Yeh. I know. He is young. And handsome..." (ඔව් මම දන්නවා. එයා තරුණයි. ඒ වගේම හැන්ඩ්සම්.) ඇන්ඩ්‍රියා බෙරිහන් දීලා ඉවර උනාම මම ආයෙමත් කතා කරන්න ගත්තේ කම්මුලකට අතකුත් තියාගෙන ඈතින් පේන බාප්පගෙ රූපෙ දිහාම බලාගෙන ලාවට හිනාවෙන ගමන්.. මොනවා උනත් ඇත්ත කතා කරන්න එපැයි මං.. නපුරු පාට ඇස්.. ඝන ඇහිබැම.. දිග ඇහිපිහාටු.. රෝස පාට තොල්.. ගානට හදපු ඇඟ... අර මුන් හැම වෙලාවෙම කියවන ඇඩම්ස් ඇපල් එකට පහලින් බෙල්ලෙ තියෙන බර්ත්මාක් එක.. ඇයි අර ඉඳලා හිටලා දාන පිස්සු හැදිලා ආයෙත් හැදෙන හිනාව.. ඒකටනම් ඕනෙ එකෙක් වශී වෙනවා.. අනික් අතට ඉතින් එයා හැන්ඩ්සම් නොවී කොහොමද.. මොනා උනත් ශවී බෝයිගෙ මල්ලි බබානේ මේ.. පෙරේරා පවුලෙ කොල්ලො කවදත් හැන්ඩ්සම් තමයි.. තුන්වෙනි පරම්පරාවට මෙච්චර සෙම්සි බනිස් ගෙඩියක් වගේ කෙල්ලෙක් ඉන්න පවුලෙ දෙවනි පරම්පරාවෙ කොල්ලො එහෙම නොවී තියෙයිද.. "But he is our coach. And also my uncle. Please show some respect gyes." (ඒත් එයා අපේ කෝච්.. ඒ වගේම මගේ බාප්පා.. ඒක නිසා පොඩ්ඩක් හරි ගරු කරන්න..) ඔය මොනවා තිබ්බත් ඔය යකාගෙ පණ්ඩිතකම වැඩී.. එතකොට අර සේරම ඉවරයි... මෙච්චර වෙලා බාප්පගෙ රූපෙ ලඟ නවත්තගෙන හිටපු ඇස් සෙට් එක ලඟට ගෙනැල්ලා ඔරවගෙන කටත් ඇද කරගෙන මං එහෙම කිව්වෙ ඒකයි.. "Ok. Ok. That's enough. Doll.. Let's go. Come here. Theo. Come here.." (හරි හරි. ඒ ඇති. ඩෝල්. අපි යං.. තියෝ. මෙහෙ එන්න..) මමවත් අනික් උන්වත් මොනවහරි කියන්න කලින් මැද්දට පැනලා සාරා එහෙම කිව්වෙ මගේ මූණෙන් පෙනුන සබ්ටයිට්ල් ටිකේ කිසිම සුහද බවක් ගෑවිලා තිබ්බෙ නැති හින්දා වෙන්න ඇති මෙලහකට.. කොහොමත් මම මල විකාර එපා කරපු මූඩ් එකක හිටපු හින්දා සේරම දාලා කට්ටියටම ටටා බායි කියලා මම තියෝයි සාරායි එක්ක ආපහු ගෙදර එන්න ආවා.. ඇත්තටම ඒ යන අතරමගදි තමයි මට මෙච්චර වෙලාවක් අමතක වෙලා තිබ්බ ඒවා මතක් උනේ.. "අනේ දෙයියනේ මගෙ ප්‍රොජෙක්ට් එක.." අර කුම්භාණ්ඩ නරපණුවා නිසා මට නැති උනේ මගෙ ප්‍රොජෙක්ට් එක කරගන්න තිබුන වෙලාව නේද.. "මොකද ඩෝල් කෑගහන්නේ.." "කෑගහන්නේ.. කෑගහන්නෙ මට වෙන කරන්න දෙයක් නැති හින්දා.. තමුසෙ හින්දා තමයි තියෝ මේ සේරම. අච්චර වැඩ අස්සෙ තමුසෙ මාව ග්‍රවුන්ඩ් එකට ඇදගෙන ගියේ නැත්තන් මේ කිසි දෙයක් නෑනේ.. මට අර උද්දච්ච බාප්පා එක්ක රණ්ඩු වෙන්න වෙන්නෙත් නෑ.. දෙයියනේ.. දැන් ඉතින් මුලු රෑම ඇහැරගෙන හිටියත් ප්‍රොජෙක්ට් එකනම් ඉවර කරගන්න හම්බෙන්නෑ.." මං පොඩි එකෙක් වගේ බෙරිහන් දෙන ගමන් අත මිට මොලවලා තියෝට ගහන්න ගත්තෙ ඉන්නෙ පාරෙ කියලත් අමතක කරලා.. තියෝ මගෙ අත් දෙක එහාට කර කර බේරෙන්න මාර ගේමක් දෙන්නෙ.. ඊට හපන් සාරා.. මාව නවත්තන්න පුදුම කට්ටක් කනවා.. පාරෙ මිනිස්සුත් අපි දිහා බල බල යන්නෙ අමුතුවට.. ඇයි ඉතින් පිස්සො වගේ මෙතන ගහගන්නවනේ... ඒත් ඒක නෙවෙයිනෙ දැන් මෙතන ප්‍රශ්නේ.. ඇයි දෙයියනේ.. දැන් කොහොමද හෙට වෙද්දි ප්‍රොජෙක්ට් එක සබ්මිට් කරන්නේ.. ප්‍රසන්ටේෂන් එක කරන්නත් ඕනෙ ගිහින්.. "අයියෝ ඩෝල්. Stop it.." "ඩෝල් ඩෝල්. ආහ්.. ගහන්න එපා ගෑණියේ.. ඔය.. ආයි.. ඩෝල්.. මේ කියන එක.. ඌහ්හ්.. බඩට ගහන්න එපා යකෝ.. ඇයි කොනිත්තන්නෙ.. කියන එක අහලා හිටපන්. ප්‍රොජෙක්ට් එක... ආයී.. හූරන්න එපා.. ඒක කරලා ඉවරයි යක්ෂණියේ..." එක පාරට මගෙන් බේරෙන්න දඟල දඟල එහෙම කියද්දි මගෙ තරහා තවත් ඇවිස්සුනා.. "ඉවරයි.. අනේ මේ.. මගෙන් අහගන්න එපා.." එහෙම කියාගෙනම මම ආයෙම අත ඉස්සුවෙ තව දෙතුන් පාරක් තියෝගෙ හොම්බට අනින්න.. ඒත් ඉතින් මේ පාර තියෝ මට කලින්ම ක්‍රියාත්මක උනා.. මගේ අත් දෙකම එක මිටකට අල්ලලා අපි දෙන්නා අතරෙ පරතරයක් නැති වෙන ගානටම මාව ඒ යකාගෙ දිහාට ඇදලා ගත්තෙ හරියට පුලුන් ගොඩක් අදිනවා වගේ.. ඔක්කොමත් හරි මේ අල්ලගෙන ඉන්න විදියට මට හෙල්ලෙන්නවත් බෑ.. "මොහ්.. මේ.. මොකද.." "දෙයක් කියද්දි මුරණ්ඩුකමයි පණ්ඩිතකමයි අතෑරලා ඒ කියන එක අහලා ඉන්නවා ඩෝල්. ඇත්තටම ඒක කරලා ඉවරයි.. ඔයාට ඒක බලලා සබ්මිට් කරන්න විතරයි තියෙන්නේ.." ඒ පාර තියෝ ඒක කිව්වෙ බොහොම නිවුන කටහඬකින්.. "මොහ්.. are you serious.." "Yeh baby.. it almost done. මම ඔයා හදපු ප්ලෑන් එකේ විදියට වැඩ ටික ඉවර කරලා තියෙන්නෙ. ප්‍රසන්ටේෂන් එකත් එක්කම. ඔයාට සැටිස්නම් අපිට දැන් උනත් සබ්මිට් කරන්න පුලුවන්.." තියෝ එහෙම කියද්දි මගෙ ඇස් නලලට ගිහින් කටත් ඇරුනෙ ඉබේටම වගේ... "ම්.. මෙහ්.. ඒකද ඔයා.." " oh honey.. මං කිව්වෙ නැද්ද ඔයාට.. ස්ට්‍රෙස් වෙන්න එපා කියලා . ම්ම්ම්.." මෙච්චර වෙලා මාව අල්ලගෙන හිටපු අතක් මගෙ මූණ ලඟට ගෙනත් ඇඟිල්ලකින් මගේ කම්මුලට තට්ටු දාන ගමන් තියෝ එහෙම ඇහුවෙ ලස්සන හිනාවකුත් මූණෙ තියාගෙන.. ආහ්හ්.. අනේ දෙයියනේ.. මෙච්චර වෙලාවක් මං මේ මනුස්සයට ඇලිලා නේද හිටියෙ මෙතන.. කොහොමද යකෝ මට ඒක අමතක උනේ.. "ඒයි ඒයි.. එහාට වෙන්නයි කිව්වෙ. අතාරිනවා මාව.." මං මහ හයියෙන් එහෙම කියලා කෑගහන ගමන් තියෝව අත් දෙකෙන්ම පිටිපස්සට තල්ලු කරා.. සෑහ්.. ජාත්‍යන්තර මට්ටමේ විලි ලැජ්ජාවක්නෙ යකෝ ඒ උනේ.. ඒ අස්සෙ සාරා ඇස් උඩ තියාගෙන කටත් ඇරගෙන තාමත් ගල් වෙලා වගේ බලන් ඉන්නවා.. අනේ දෙයියනේ.. මෙහෙමත් ලැජ්ජාවක්.. මං හයියෙන්ම මගේ නලලට පාරක් ගහගත්තෙ මේ තරම් අසිහියක් මට ආවෙ කොහෙන්ද කියලා කල්පනා කරන ගමන්මයි.. "Oh shit. සාරා.. මෙහෙ එනවා යන්න.. අදනම් මහ එපාම කරපු දවසක්.. ආහ්හ්.." තාමත් ගල් වෙලා උඩ බලන් ඉන්න සාරවත් ඇදගෙන ලැජ්ජාවට නලියට කම්මුලක් අනික් අතෙන් වහගෙන මම එතනින් එහාට දුවගෙන ගියේ තියෝ හිටපු තැනම ඉඳන් හයියෙන්ම හිනා වෙන සද්දෙ ඇහුනෙවත් නැති ගානට.. ..........................................................♡ "සිතින් විතරක් පෙම් කරන්නම් දුරින් හිද ඔබ දෙස බලන්නම් ලංව ඉන්නට බෑ ඔබේ අපට අප හිමි නෑ ලොවේ ඔබට මා හිමි....." "Woah.. what a beautiful song girl.." (වාව්.. මොන තරම් ලස්සන සින්දුවක්ද..) අනේ අනේ ඉතින්.. මේ තරම් පිනක්.. දවසෙ තියෙන විකාර එපා කරපු වැඩ ටික සේරම ඉවර වෙලා දෙයියනේ කියලා පොඩ්ඩක් නිදහසේ ඉන්න හැදුවා විතරයි.. මගේ ලස්සන හැන්දෑ වරු කාබාසිනියා කරලා නැති නාස්ති කරලා දාන්න මේ සාරාට පුදුම හැකියාවක්නෙ තියෙන්නෙ.. සින්දුව මැද්දෙන්ම ගොන් හරකෙක් වගේ කඩන් පැනපු හැටි විතරක්.. තූ තූ තූ.. කොහෙන් ආව හැකියාවල්ද මන්දා මේවා.. මට නිදහසේ පාඩුවෙ ඉන්න දෙන්නෙම නෑනේ මේ හොල්මන.. කොටින්ම කිව්වොත් මගේ ජීවිතේ කියන හිස් සිවිලිමේ හැමතිස්සෙම එහෙට මෙහෙට දුවන කලවැද්දා තමයි මේ සාරා.. "What the f$ck Saraah. Why are you here. You ruined my song. And my mood too.." ( මොන මගුලක්ද සාරා.. ඇයි ඔයා මෙහෙ. ඔයා මගේ සින්දුව විනාස කරා.. ඒ වගේම මගේ මූඩ් එකත්..) නිහඬ නිස්කලංක ලස්සන හවසක් කිසිම හේතුවක් නැතුව විනාස කරලා දාපු තරහටත් එක්කමයි මං කෑගැහුවෙ.. ඒත් මං ආපහු කටත් ඇරගෙන සාරා දිහා බැලුවෙ ඒ හොල්මන ඊලඟට කියපු මෙලෝ අපබ්‍රංසයක් මට තේරුම් ගන්න බැරි උන නිසා.. "Oh my bad. But I've never heard it before. ම්ම්ම් ම්ම්ම්ම්ම්.. අපට අප හිමි නෑ ලොවේ.. කාටද කාටද.. ශෝනාට කවි ලියන සිත්ටද මේවා කියන්නෙ ඉතින්.. ආහ් ආහ්.." පාඩුවෙ ඉඳගෙන හිටපු මගේ අතකට ඇඟිල්ලකිනුත් ඇන ඇන පිස්සියෙක් වගේ කියව කියව හිනාවෙවී සාරා මේ දඟලන දැඟලිල්ලට තව ටිකෙන් මම ඉඳගෙන හිටපු පුටුවෙනුත් බිම.. ඒත් මොනවද මෙයා මේ කියවන්නේ.. ශෝනාට කවි ලියන සිත්.. ඒ මොකෙද්ද ඒ.. "මොනාද ඕයි මේ කියවන්නෙ. කියන එකක් තේරෙන්න කියහන්කෝ.." මං ආයෙමත් කට අනිත්පැත්ත පෙරලගෙන එහෙම කිව්වෙ ඒකමයි.. ඒ පාර මුකුත් නොකියා කිරිමැටි ගිලපු කිඹුලි වගේ මගේ දිහා බලන් ඉන්නවා.. "ඕයි සාරා.. I'm talking to you.. don't you here me." (මම ඔයාටයි කතා කරන්නේ.. ඇහෙන්නැද්ද..) මං අතකිනුත් අල්ලලා හොලව හොලව එහෙම කියද්දි මෙන්න මේකි හිනා වෙනවා.. "Awww doll. Look how cute when you are mad at me.. oooooh. But it seems like.. you don't know anything about sith. Mmm.. here. Take a look." (අව්ව්ව් ඩෝල්. බලන්න ඔයා මගෙත් එක්ක තරහා ගත්ත වෙලාවට මොන තරම්නම් කියුට්ද කියලා.. ඕහ්හ්හ්හ්. හැබැයි පේන විදියට.. ඔයා සිත් ගැන කිසි දෙයක් දන්නෑ වගේ.. ම්ම්ම්ම්.. මෙන්න බලන්න..) එහෙම කියාගෙන එයාගෙ අත් දෙකෙන් මගේ කම්මුල් දෙක තැලෙන්න තරම් පොඩි කරලා හිනාවෙන ගමන් සාරා මට එයාගෙ ෆෝන් එක දුන්නෙනම් හරි සීරියස් මූඩ් එකකින්.. මං ආයෙම පාරක් සාරා දිහාත් බලලා ආපහු මගෙ අතේ තිබුන ෆෝන් එක දිහා බැලුවෙ මේ මොන පිස්සුවක්ද කියලා තේරුම් ගන්න බැරි නිසා.. සාරා ඕපන් කරන් හිටියෙ ශෝනා පේජ් එක.. අයි මීන් රයිටර් ශෝනාගෙ පේජ් එක.. ඒකත් තව පේජ් එකකින් මගේ පේජ් එක මෙන්ශන් කරලා දාපු පෝස්ට් එකක්.. කිසි දෙයක් තේරුම් ගන්න බැරි තැන මම ආයෙම සාරාගෙ මූණ දිහා බැලුවෙ මේක මට දුන්නෙ ඇයි කියලා අහන්න වගේ.. "ඕක කියවලා බලන්නකෝ.." ඇස් වලිනුත් ෆෝන් එක පෙන්නන ගමන් සාරා එහෙම කිව්වම මම ආයෙමත් මගේ ඇස් දෙක ෆෝන් එක පැත්තට හැරෙව්වා.. හැම රෑකම මගේ නින්ද උබ ඇවිත් හොරකම් කරනකොට.. ඒ ඇයි කියලා තේරුම් ගන්න බැරුව මං වද උනා.. දවසක් දවසක් ගානෙ ඔය ඇස් වල දිස්නෙට මාව පිච්චෙනකොට.. මං උබේ ඇස් නොපෙනෙන්නෙ හැංගුනා.. ඒත් තවත් මට උබේ ඇස් වලින් හැංගෙන්න බැරි දවසක් ආව බව තේරුනාම.. දන්නවද මං දැන් ඔය ඇස් දිහා බලන් ඉන්නවා.. මගෙ ප්‍රේමි.. මගේ ඇස් වල තියෙන කතාව උබේ ඇස් වල නැති වගත් මං දන්නවා.. තාමත් කාගෙවත් වෙනුවෙන් නොලියවුන කතාව වෙන කෙනෙක්ට අයිති වෙයිදෝ කියලත් මගේ හිත කියනවා.. මගෙ බෝනික්කි.. දවසක උබව මගෙන් ඈතටම ගිලිහිලා ගියත්.. දන්නවද මං එදාටත් උබට මේ වගේම ආදරේ කරනවා.. ~ සිත් ~ එච්චරයි.. ඒකෙ තිබුනෙ ඒ වචන ටික විතරමයි.. ඒත් දෙයියනේ.. ඇයි මගෙ ඇස් වලට කඳුලු පිරෙන්නෙ.. ඇයි මගේ පපුව හිරවෙනවා වගේ දැනෙන්නෙ.. ඒ මුලු පේජ් එකටම තියෙන්නෙ පැයකට කලින් දාපු ඒ පෝස්ට් එකයි තව පෝස්ට් දෙක තුනකුයි විතරයි.. සිත්.. කවුද මේ සිත්.. ඇයි එයා මේකට මාව මෙන්ශන් කරලා තියෙන්නෙ.. දැනටමත් මගේ රීඩර්ස්ලා ටික මාර විදියට කලබල වෙලා.. එයාලා හෝ ගාලා මේ සිත් කවුද කියලා හොයනවා.. ඒ එක්කම අහම්බෙන් වගේ මගේ ඇස් වලට අහු උනේ... ..........................................................♡ මෙච්චර පරක්කු උනාට සමාවෙන්න හරිද.. මගේ ෆෝන් එක ටිකක් මරණ මංචකේට ලං වෙලා තියෙන්නෙ මේ දවස් වල.. අනික් එක.. මගෙ මූඩ් එක අවුල්.. මං කියන්නෙ ළමයි.. මං ලියන්නෑ. මට ඉබේ ලියවෙන්න ඕනෙ. එහෙම නොවී බලෙන් ලියන වෙලාවට මගේ වචන මටම සෙට් නෑ.. ඔයාලට කියන්න මේ එපිය මම ලිව්වෙ මැයි 17 වෙනිදා ඉඳන්.. ඉතින් දෙයියනේ කියලා මගෙ හිත හැදෙන්න මොනාහරි කියන් යන්න පොඩ්ඩක්.. ඊලඟ එපිය අරන් එන්නම්.. ✍️ රාදි