
රාදි 🤎🍂
February 2, 2025 at 02:50 PM
"වෙනසක් කරන්න කියලා කිව්වට මෙහෙම වෙනස්වීම්නම් මම බලාපොරොත්තු උනෙත් නෑ සුදූ.."
මැන්ඩි අක්කා කිව්වෙ මාව බදාගෙන..
"ඒ උනාට ඔයාගෙ හස්බන්ඩ් කමෙන්ට් එකක් දුන්නෙ නෑනෙ හලෝ තාම.."
මං අක්කට එහෙම කිව්වෙ ලොකු අයියා දිහා බලාගෙන..
"කෝ මෙහෙට එනවා.."
එහෙම කියන ගමන් ලොකු අයියා මගෙ අතකින් ඇදලා එයාගෙ ලඟට ගත්තා..
"මොනවා කියන්නද කියලා තමයි මං මේ කල්පනා කරන්නෙ.. මගෙ චූටි මැණික අද හින්දි නිලියක් වගේ ලස්සනයි.."
ලොකු අයියා හිනාවෙලා මගෙ නහය මිරිකන ගමන් එහෙම කිව්වම අක්කත් හයියෙන්ම හිනා උනා..
..........................................................♡
ඒ එක්කම වගේ පිටිපස්සෙන් ආයෙමත් ඇහුනෙ චූටි අයියා බෙරිහන් දෙන සද්දේ..
"ලොකු අයියටත් දැන් කණ්ණාඩි දාන්න කාලෙ හරි නෑණේ.. පේනවනේ.."
"අනේ මේ.. යනවද යන්න. ආවා මෙතන.."
ඔහොම ගෙවිලා ගියපු ටික වෙලාවකට පස්සෙ ෆොටෝ ශූට් එක ඉවර උනා..
අහ්.. කියන්න බැරි උනානේ.. සකී අක්කා මාරම ලස්සනයි අද.. කැන්ඩියන් එකට එයාට වෙනස්ම පෙනුමක් ඇවිත් තිබුනේ..
ඊට පස්සෙ ඉතිම් ගැටබෙර තාල මැද්දෙන් දෙවනිත් එක්ක අපි හැමෝම පෝරුව ලඟට ගියා..
පෝරුවෙ චාරිත්‍ර කරෙත් අවුට්ඩෝ විදියට..
සකී අක්කගෙ ආසාවල්නෙ ඔව්වා ඉතිම්..
ටික වෙලාවකින් ඔන්න සකී අක්කත් එයාගෙ තාත්තගෙ අතේ එල්ලිලා පෝරුව ලඟට ආවේ ගැටබෙර තාල මැද්දෙන්..
පෝරුවෙ චාරිත්‍ර පටන් ගන්නකලුත් පොඩියි චූටි අයියයි දෑසුයි දෙවනිට එක එක ඒවා කියලා අවුස්සනවා..
දෙවනි බොහොම අමාරුවෙන් හිනාව කාගෙන ඉන්නෙ කියලා බැලූ බැල්මට පේනවා..
පෝරුවෙ චාරිත්‍ර ඉවර කරලා දෙවනියි අක්කයි පෝරුවෙන් බහිද්දි අම්මගෙ ඇස් වල කඳුලු..
ඒ ජෝඩුව කලින් රෙජිස්ට්‍රේෂන් එක අරන් තිබුන නිසා අමුතුවෙන් ආයෙ කරන්න දෙයක් නෑනේ..
ඉතින් දෙන්නම ගිහින් ඒ දෙන්නට වෙන් කරලා තිබ්බ තැනින් ඉඳගත්තා..
අරෙහෙට මෙහෙට අරකට මේකට කැරකිලා ඉඩක් ලැබුන ගමන් මං ගියේ දෙවනියි අක්කයි ලඟට.. ඒ යද්දිත් මගෙ පාප සහෝදරයො ටික ඔක්කොම එතන..
"ඇයි මොකද.."
මං එතෙන්ට යද්දිම දෑස් එහෙම ඇහුවා..
"තමුසෙට මොකද. මං මේ මගෙ නෑණට වෙල්කම් එකක් දෙන්න ආවෙ.. අයින් වෙනවා.."
මං එහෙම කියලා දෑස්ව එහාට තල්ලු කරා..
"මොන මගුලක්ද සුදූ.. තමුසෙ අද දවසට මාව තල්ලු කරපු දෙවනි වතාව ඕයි මේ.."
"ඉතින් මට පාන්ද.. එහෙනම් නෑණේ.. ඔෆීශියල් වෙල්කම් එක දෙන්නයි ආවෙ මං.. වෙල්කම් ටු සඳගලතැන්න ෆැමිලි.. මිසිස් සකිත්මා මාධවී සඳගලතැන්න.. "
මං ඇහැක් ගහලා එහෙම කියද්දි අක්කා හිනාවෙලා මාව එයාගෙ ලඟින් ඉන්දවගත්තා...
"මට කියන්නත් බැරි උනානෙ කලින්.. ඔයා හරිම ලස්සනයි සුදූ අද.. සුදු රෝස මලක් වගේ.."
"තැන්කියු අක්කා.. මම නෙවේ අනේ ඔයා තමයි අද නෙලුම් මලක් වගේ ලස්සනට පින් පාටට ඉන්නේ.."
ඔහොම ඔහොම කතා කර කර ඉද්දි සංසියි අර්චියි දෙන්නත් අපේ ලඟට ආවා..
"කන්ග්‍රැජුලේෂන්ස් සර්.."
ජෝඩුවම එක පාර කියද්දි මමයි දෑසුයිනම් ඔලුවෙ අත ගහගත්තා..
සකී අක්කත් පුදුම වෙලා බලන් ඉන්නවා.. එයා දන්නෑනෙ මුන් දෙන්නට මෙච්චරම මොලේ හොඳ නෑ කියලා..
"සුද්දා.. මට මේක කියපන්කො මුලින්.. උබේ කෙල්ලට සිංහල තේරෙන්නැද්ද.. නැත්තන් උබ මේකිව බඳින්න බලාගෙන නෙවෙයිද ලව් කරන්නෙ.."
එක පාරට දෙවනි එහෙම අහද්දි දෑස් උඩ බිම බලනවා..
මාත් බැලුවෙ මොනවද මේ දෙවනිට එක පාර උනේ කියලා..
"මොනවද සසෙත් ඔයා මේ කියවන්නේ.."
අපි වෙනුවට එහෙම ඇහුවෙ සකී අක්කා..
"නෑ බබා ඉතින්.. මුන් දෙන්නටම සිංහල තේරෙන්නෑ.. ආ සංසාරිව පැත්තකින් තියමුකො.. දැන් මේකි මූව බැඳලා අපේ ගෙදරට ආවට පස්සෙත් මට සර් කියලමද කියන්න බලාගෙන ඉන්නෙ. යකෝ මම එච්චරම නාකි නෑනෙ මුන්ට කට ඇරලා අයියෙ කියන්න බැරි තරමට.. "
දෙවනි එහෙම කියනකොට මහ කුප්ප හිනාවක් ඉබේටම මගෙ මූණට ආවා..
"නෑ නෑ දෙවනි.. ඒම වෙන්නෑ.. සංසිත් සර් කියන එක ප්‍රශ්නයක් තමා.. හේතු වැඩක් නෑ. ඒක එහෙමයි.. එච්චරයි.."
එහෙම කියලා මම සද්ද නැතුව ශේප් එකේ එතනින් මාරු වෙලා ගියේ චූටි අයියට හොඳම එකෙන් විරිත්තලා..
..........................................................♡
අනේ ඇත්තමයි මේ මගුල දෙවනිගෙද නැත්තන් මගෙද..
අපේ පවුලෙ මිනිස්සුන්ගෙන් බේරිල්ලක් ඇත්තෙම නෑනෙ..
අරයා කොහොමද මෙයා මෙහෙමද.. අනේ ඇත්තමයී...
මේ දෙවනිට තිබ්බෙ අක්කවත් ඇරන් ඉරපානේ පැනලා යන්න..
ඇයි අනේ..
එහෙට මෙහෙට දුවලම මට
හති..
මහන්සියටත් එක්ක කෙලවරේම ටේබල් එකක සද්ද නැතුව ඉඳගත්තා විතරයි කෝල් එකක්..
වෙන කාගෙන්ද ඉතිම් මගේ හේසල්නට්ගෙන්..
"කොහෙද ඉන්නේ.."
"කෙලවරේ ටේබල් එකක ඉඳගෙන හැංගිලා ඉන්නවා.. මගෙ කකුල් රිදෙනවා අනේ.."
"ඔයා කෑවද සුදු බබා.. කොතනද ඉන්නෙ.. මට පේන්නෑනෙ.."
එයා එහෙම අහද්දි මම ඇස් දෙක උස්සලා පොඩි වටයක් කැරකෙව්වා..
ආ.. ඔය ඉන්නෙ බැබලි බැබලි..
"සුදු බබා.."
"මට ඔයාව පේනවා අයියේ.. එහා පැත්තට හැරෙන්න.."
"කෝ කොහෙද.."
"ඔය පැත්තෙ නෙවේ අනේ අනික් පැත්තේ.."
"ආ.. හරි.. ඔහොම ඉන්න.."
එහෙම කියාගෙන තිවෙන්‍ය අයියා මගේ ලඟට ආවා.. තනියමනම් නෙවේ.. චූටි අයියත් එක්ක..
"තමුසෙ තාම කෑවෙ නැද්ද සුදූ.."
ඒ චූටි අයියා..
"අනේ නෑ.. මගෙ කකුල් රිදෙනවා.. ප්‍රියා නැන්දගෙන් බේරෙන්න බෑ හලෝ.. පොඩීට තාම කෙල්ලෙක් නැද්ද අහනවා. ඔයාගෙ ඩිග්‍රිය ඉවරද අහනවා. දෑස් මොනවද කරන්නෙ අහනවා.. අප්පිරියයි චූටි අයියා මට.."
"අපෝ.. මට ඔය වහන්තරාව දෙපාරක් මූණට හම්බුනා.. මං මොනවහරි කියලා ශේප් වෙලා ගියා.. කෝ.. එනවා.. යං කන්න.. මූට ලඟකදි ඉඳන් ගිලෙන්නෑලුනෙ තමුසෙ කෑවෙ නැතුවම.."
ෆුල් සීරියස් පිට කතා කර කර ඉඳලා අන්තිම මොහොතෙ ගොන් කතාවක් කිව්වා.. අනේ අම්මපා දෙන්න තියෙන්නෙ මූට..
මම ඒකට රවනකල් ඉඳලා බඩත් අල්ලන් හිනා වෙනවා බූරුවෙක් වගේ..
ඉතින් එහෙමම අර්චියි සංසියි දෙන්නත් හොයාගෙන ඇවිත් අපි කට්ටියම ගියා කන්න.. ටිකකින් දෑසුත් ආවා අපි ලඟටම..
නිදහසේ කකා ඉන්නකොට දැන් මට ඇස් කොනෙන් පේනවා යමක් සිදුවෙනවා..
"ඒයි දෑස් මේ.. අර අතන ඉඳගෙන ඉන්න නාටිකාංගනාවො ටික අර අච්චර පැණි පෙරන්නෙ පොඩීට නේද.."
මං ශේප් එකේ දෑස් දිහාට නැවිලා එහෙම ඇහුවා..
"කෝ කොහෙද.. අඩේ ඔව්මයි.. අර බලහන්කො චූටි අයියේ.. අදම පොඩීටත් මගුලක් සෙට් වෙයි වගේ.."
එක පාරට කුප්ප හිනාවක් දාන ගමන් දෑස් එහෙම කිව්වම කට්ටියගෙම ඇස් ඒ පැත්තට හැරුනා..
පොඩී අස්සෙ ඇලිලා නාඩගම් නටන කෙල්ලො ටිකයි බෙරි වෙලා ගියපු පොඩීගෙ මූණයි දැක්කම අපි කට්ටියටම ටිකක් හයියෙන් හිනා ගියා..
ඒ සද්දෙට අපේ දිහා බලපු පොඩී යන්තම් එතනින් මාරු වෙලා අපි ලඟට ආවා..
"අම්මෝහ්.. ඇති යන්තම්. පුදුම කරුමයක් උනානෙ මේක.."
"ඇයි බන් අයියේ.. ඉතින් ඒ තමුසෙගෙ ෆෑන්ස්ලා වෙන්නැති.."
ඒ චූටි අයියා..
"මගුල තමා ෆෑන්ස්ලා.. උන් හදන්නෙ මගෙ කරේ යන්න.. මල සාපෙ.."
පොඩී තනියම කියව කියව බනිනවා..
"මොනාහරි කිව්වොත් ඔයා මට කියන්න පොඩි අයියා.. දත් ටික ගලෝලා අතට දෙන්නෙ.. ඔය එක එක වහන්තරාවලට එහෙම මගෙ අයියලව දෙන්නෑ මම.."
"ඈ යකෝ.. උබ මටත් එක්කද ඒක කිව්වෙ.."
ඒ පාර අර්චි කෑගහනවා..
"උබත් එක්තරා ආකාරයක වහන්තරාවක් තමා බන්.. ඒත් ඉතිම් මේ වගේ ගොන් මී හරකෙක්ව අපි වෙන කාට කියලා දෙන්නද. ඒක නිසානෙ මම උබේ නෑණා පෝස්ට් එක දැම්ම තියා පර්මනන්ට් කරලා තියෙන්නේ.."
මං අර්චිට ඇහැකුත් ගහලා එහෙම කියද්දි දෑස් හෝ ගාලා රවනවා..
..........................................................♡
දැන් කට්ටියම කාලා බීලා තැන තැන ඉඳන් එක එක කතා වල..
ඉතින් අපි කට්ටිය ලෑස්ති උනේ අපේ ගානෙ දෙවනිට දෙන සප්‍රයිස් එකේ පාට් වන් එක ඉදිරිපත් කරන්න..
සහෝදරයො වශයෙන් යුතුකම් ඉටු කරන්න එපැයි..
ඉතින් අපෙ අම්මගෙ මෝඩ පුතාලා ටිකත් අඬගහගෙන මම ගියා ඩාන්සින් ෆ්ලෝ එකට..
"එකෝමත් එක කාලෙක.. එකෝ...මත් එක කාලෙක.. හැන්ඩ්සම් කියලා හිතාගෙන ඉන්න සයන්ස් කරපු කොල්ලෙක්.. ඒලෙවල් පොඩි උන්ට පිසික්ස් උගන්නන්න පටන් ගත්තා.. මේ ඒ මිස්ට සර්ගේ පලවෙනි බැජ් එකේ ක්ලාස් එකකදි සිදු උන සිදුවීමක්..
කාටුන් වොයිස් එකක් දාලා පැත්තක ඉඳන් එක දිගට එහෙම කියාගෙන ගියේ චූටි අයියා..
"කෝ බලන්න.. මොකද්ද කියන්නේ.. සකිත්මා ඔයා තව ටිකක් ප්‍රැක්ටිස් කරන්න ඕනෙ.. එහෙම නැතුව පිසික්ස් ගණන් හදන එක ලේසි නෑ.."
ලාවට ප්ලේ වෙන මියුසික් එක මැද්දෙන් එහෙම කිව්වෙ දෑස්..
දෑස් එහෙම කියලා ඉවර වෙද්දි දෙවනිගෙ මූණෙ ගන්න දෙයක් නෑ..
"අනේ සර්.. මට තේරෙන්නෑ අනේ.. මම කොච්චර ට්‍රයි කරත් මේක හදාගන්නම බෑනේ.."
මමත් අනික් අතට දෑස්ගෙ ලඟට ගිහින් වැඩේ පටන් ගත්තා..
"මෙන්න මෙහෙමයි ළමයෝ.. කෝ බලන්න.. මේ සුලුකිරීම් වැරදීනෙ මෙතන.. ආ මේ.."
දෑස් එහෙම කියන ගමන් මගෙ අතකින් අල්ලගත්තා..
ඒ එක්කම අපි දෙන්නා ෆ්‍රීස් වෙලා වගේ බලන් ඉද්දි ටයිටැනික් මියුසික් එක විකෘති කරලා බැක්ග්‍රවුන්ඩ් එකෙන් ප්ලේ වෙනවා..
දැන්නම් අන්න වැඩේ හරි.. සකී අක්කත් ශොක් වෙලා..
සීන් එක තේරුන දෙවනිගෙ යාලුවො සෙට් එක හයියෙන්ම හූ කියනවා..
ඔව් ඔව්.. ඔයාලා හිතන දේ තමයි මේ වෙන්නෙ..
සකී අක්කා කියන්නෙ දෙවනිගෙ ෆස්ට් බැජ් එකේ ළමයෙක්..
ඒ දවස් වල දෙවනි ක්ලාස් කරේ ගෙදරමයි..
දැන් බලන්න එපා ඉතින් පිසික්ස් ඉගෙනගත්තු එකෙක් කොහොමද බැංකුවක වැඩ කරන්නෙ කියලා..
ඇයි දන්නෙ නැද්ද. සයන්ස් කරපු උන් තමයි බැංකු වල වැඩි හරියක් දැන් ඉන්නේ..
අපි දෙන්නා ඒ දෙබස ඉවර කරනවත් එක්කම ස්ටේජ් එකට ආවෙ ලොකුයි මැන්ඩි අක්කයි..
"සකිත්මා මේ.. මට හෑලි කියන්න තේරෙන්නෑ ඕයි. මම තමුසෙට කැමතී නංගි. ඒක නිසා අර තමුසෙගෙ පස්සෙන් එන හාල්පෙන්දට කියනවා කරුණාකරලා ගේම අතාරින්න කියලා.."
ලොකූ මැන්ඩි අක්කව ලඟට ඇදලා අරන් අතිනුත් අල්ලගෙන එහෙම කිව්වා..
"ඉතින් මෙතන මට පාට් දාන්නෙ. ගිහින් ඌට කියන්න තිබුනනේ සකිත්මා මගෙ කෙල්ල ඒකිගෙ පස්සෙන් යන එක නවත්තපන් කියලා.."
අනික් අතට මැන්ඩි අක්කා එහෙම කියද්දි ආයෙම විකාර මියුසික් එකක් ප්ලේ උනා..
ඇත්තම කිව්වොත් මේ ස්ක්‍රිප්ට් එක තනිකරම මගේ..
ඒ විතරක් නෙවෙයි. ඔය කියලා තියෙන වචනයක් වචනයක් ගානෙ අමූලික ඇත්ත..
දෙවනි කවදාවත් බොහොම සරල සාමාන්‍ය විදියට අක්කට කැමතී කියලා නෑ..
ඇත්තටම එදා උනේ ඔහොම සීන් එකක් කියලා සකී අක්කමයි මට කිව්වේ..
ඉතින් ඊලඟට ආයෙම සීන් එක වෙනස් කරා..
"සුදූ.. සකී මගෙත් එක්ක තරහා වෙලා හලෝ.. යාලු කරලා දෙනවකෝ.."
දැන් දෙවනිගෙ චරිතෙට ඇක්ට් කරන්නෙ පොඩී..
"අනේ අක්කේ.. මොනාහරි කියනවකෝ.."
"ඒ.. චූටි මල්ලි.. ශේප් කරගන්න මල් එකක් ගෙනත් දියන්කෝ.."
දැන්නම් මටත් හිනාව කාගෙන ඉන්න අමාරුයි..
පොඩී චරිතෙට උපරිම සාධාරණයක් කරනවා..
ඇත්තටම සකී අක්කා තරහා උන දවසට අපේ මොලේ හොඳනැති දෙවනි ඔහොම තමා හැසිරුනේ..
දැන් බලන් ඉන්න කට්ටිය හූ තිය තිය හිනා වෙනවා..
"අයියෝ මෙන්න මෙහෙට වරෙන් බන් අයියේ.."
එහෙම කියාගෙන දෑස් දෙවනිව ඇදගෙන ගියා..
ඒ එක්කම හෝල් එකේ ලයිට්ස් ඩිම් උනා..
"ඒ ලොකු අයියේ... වෙඩින් එකට ඩේට් ෆික්ස් කරගත්තා බන්.. දැන් ඉතින් සකී මගේ විතරයි.."
ලයිට්ස් ඔන් වෙනවත් එක්කම පැත්තක හිටපු ලොකු අයියා ලඟට කෑගහගෙන දුවගෙන ගියේ පොඩී..
මේවා සියල්ල සත්‍ය සිදුවීම් ඇසුරෙන් නිමවූවකි හරිද..
අම්මලා පවා නවත්තන්නෙ නැතුව හිනා වෙන්න ගන්නවත් එක්කම සින්දුව ප්ලේ වෙන්න ගත්තා..
ඉතින් අපි කට්ටියම ඩාන්සින් ෆ්ලෝ එකට ඇවිත් ප්‍රැක්ටිස් කරපු විදියටම නටන්න ගත්තා...
එක යායේ කකා වැටී
එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා
නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා
මේ ඩාන්සින් ස්ටෙප් වල මූලික අයිතිය මැන්ඩි අක්කා සතුයි..
එයා තමා දහ දුක් විඳගෙන අපිට මේවා පුරුදු කරේ..
ගෙට ආ කල ටිකිරි ලියා
නුඹ වේවිලු කබර ගොයා
ළිඳට ගියත් අවසරයක් ගන්නට වේවී
දළ ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී
එක යායේ කකා වැටී
එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා
නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා
නැටුම මැද්දෙන්ම දෑසුයි චූටි අයියයි ගිහින් දෙවනිවයි සකී අක්කවයි ස්ටේජ් එකට එක්කගෙන ආවා..
වළට වැටුණු එකා යකා
වළටම ඇද ගනු මිසකා
වළෙන් උඩට එන්නට අත දෙන්නට කැමතී
නෑදෑ හිතවතෙක් නැතී ඒ ගැන හිතුවොත් යෙහෙකී
කසාදෙ නං කසාය හරි තිත්ත බේතකි
එක යායේ කකා වැටී
එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා
නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා
අන්තිම කෑල්ල වෙනකොට අපි ඒ ජෝඩුව මැදි කරගෙන පිස්සො වගේ නටන්න ගත්තා..
සින්දුව ඉවර වෙනකොට අපි හැමෝමව බදාගත්තු දෙවනි ආපහු ඉඳගෙන ඉන්න තැනට යන්නයි හැදුවේ..
ඇත්තටම අයියලා ප්ලෑන් කරපු සප්‍රයිස් එක මෙතනින් ඉවරයි..
ඉතින් එයාලත් ඩාන්සින් ෆ්ලෝ එකෙන් අයින් උනා..
ඒ එක්කම ආපහු යන්න හදපු දෙවනිගෙයි අත් දෙකෙන් අල්ලලා නවත්තගත්තෙ මමයි දෑසුයි..
ලාවට මියුසික් එකක් ප්ලේ වෙද්දි පැත්තක තියලා තිබ්බ මයික් දෙක මමයි දෑසුයි අත් දෙකට ගත්තා..
දැන්නම් අයියලත් බලාගෙන ඉන්නෙ පුදුම වෙලා..
දෙවනිත් අපි දිහා බැලුවෙ ප්‍රශ්නාර්ථ බැල්මකින්..
"දනම් මා හද ඉවසුම් නෑ....
සොයුරේ දැන දැන මා...
හැඟුමන් පා.. රැඳුවාදෝ...
මංගල මුදු පළඳා...."
මං දෙවනිගෙ මූණ දිහා බලාගෙනම සින්දුව කියන්න පටන් ගද්දි එයාගෙ මූණෙ මෙච්චර වෙලා තිබුන බැල්ම හරි ඉක්මනට වෙනස් උනා..
හරියට ඊයෙ හවස මං එයාට යන්න එපා කියලා අඬපු වෙලාවෙ වගේ..
"එක ලේ පැහෑයයි සිරුරේ පුරා...
සොයුරේ නුඹ මගේ පණයි සදා..."
එතකොටම දෑස් එයාගෙ පාට් එක පටන් ගන්න ගමන් දෙවනිගෙ කර වටේට අතක් දාගත්තා..
"සතුටින් ඉනු මැන දිවිය පුරාවට...
නිදුකින් මතු සැමඳා.."
මේ වෙනකොටනම් දෙවනි විතරක් නෙවේ බලන් ඉන්න හැමෝගෙම මූඩ් වෙනස් වෙලා..
මේක දෑසුයි මමයි හැමෝටම හොරෙන් ප්ලෑන් කරපු වැඩක්. ඉතින් කවුරුවත්ම මේක ගැන දැනගෙන හිටියෙ නෑ..
"අයඳිම්... සමා..ව මා සැමදා...
සිදු වී ඇතොත් වරදක්...
ඔබගේ ලඟින්ම මා මතු රැඳේ..
නොබිදේ උතුම් හැඟුමන්.."
ඒ කෑල්ල කියද්දිනම් මෙච්චර වෙලා උගුර මුල හිරවෙලා වගේ තිබුන ඉකියක් ඉබේටම පිට පැන්නම දෙවනි මගෙ ඉණ වටේට අත දාලා මාව තුරුල් කරගත්තා..
"පෙරුමන් පුරාණ ආවදෝ..
මා සොයුරූ... ඒ සොදුරූ....
මේ ලෙසිනා අපි අපේම වී සසරේ.. බැඳී.."
අනේ ඇත්තටම.. මම කොයි තරම්නම් දෙවනිට වද දීලා ඇතිද..
කොයි තරම්නම් එයාගෙන් ටොකු කාලා ඇතිද..
මහලොකුවට ඒලෙවල් කරන්න ගත්තට දෙවනි ටොකු ඇන ඇන හරි ඉගැන්නුවෙ නැත්තන් මේ වෙද්දිත් මමයි දෑසුයි සකන්ඩ් ශයි නැත්තන් තර්ඩ් ශයි කරනවා වෙන්නත් බැරි නෑ..
මම හැමතිස්සෙම දෙවනිට බනිනවා එයා තමයි මට ඉන්න නරකම අයියා කියලා..
සමහර වෙලාවට කොච්චර ටොකු කෑවත් මං අඬ අඬා හරි එයාට කරදර කරලා එනවා..
මොකද දෙවනිගෙන් තරම් මං අයියලා කාගෙන්වත් බැනුම් අහලා නෑ..
"සසරේ පුරාම මා පතනා සොයුරේ...
ඔබයි සොදුරූ....
ඔබගේ දයාව ප්‍රේමය රැඳි මතකයි..
සෙනේ පිරුනූ.."
"පෙරුමන් පුරාණ ආවාදෝ..
මා සොයුරූ... ඒ සොදුරූ....
මේ ලෙසිනා අපි අපේම වී සසරේ.. බැඳී.."
දැන්නම් ඇඬෙනවා... ඉස්සරහට ආයෙ කවමදාවත් මට ඉස්සර වගේ දෙවනිට එහෙම කරදර කරන්න බැරි වේවි..
මගේ විතරක් නෙවේ.. දෑස්ගෙත් ඇස් රතු වෙලා.. අයියලා හැමෝගෙම..
මං දැක්කා.. අම්මත් ඇස් කොනින් කඳුලු පිහිඳ පිහිඳ බලන් ඉන්න හැටි..
"සතුටින් ඉනු මැන දිවිය පුරාවට...
නිදුකින් මතු සැමඳා.....
සතුටින් ඉනු මැන දිවිය පුරාවට...
නිදුකින් මතු සැමඳා.."
ඒ කෑල්ල ඉවර උන ගමන් මම එහෙමම දෙවනිට තුරුල් උනේ ඉකිය නවත්තගන්න බැරි උන නිසා.. ඒ දෙක්කම දෙවනි මාවයි දෑස්වයි දෙන්නවම බදාගත්තා...
"ඇයි ඇයි දැන් අර.. අපි ඒ පවුලෙ නෙවෙයිද.."
චූටි අයියා උනත් කෑගැහුවට ඒ වෙනදා වගේ දඟ කටහඬක් නෙවෙයි..
"ඉති..න්.. එන්න එ...පා කිව්..වද.."
මං අනික් පැත්ත හැරිලා එහෙම කියද්දි ආයෙම පාරක් කට්ටියම ඇවිත් දෙවනිව බදාගත්තා..
..........................................................♡
"ඉක්මන් කරන්න සුදූ.. පිටත්වෙන නැකත ලඟයි.."
ආ.. අම්මා බලන්නකො. මොන එහෙකටද දැන් ඒ මට ඉක්මන් කරන්න කියන්නෙ.. මොකෝ මම කොහෙවත් යනවයැ..
ඒත් ඉතින් දැන් ඇත්තටම නැකත ලඟයි තමයි..
මම වැඩිය කතා කරන්න බලාපොරොත්තු වෙන්නෑ කියලා පටන් ගත්තු පැයයි විනාඩි හතලිස් දෙකේ කතා දෙක තුනකට පස්සෙ යන්තම් ඔන්න පිටත් වෙන නැකත ආවා..
අක්කයි දෙවනියි හැමෝටම වඳිනකල් ඉඳලා අපි කට්ටියම පෝලිමට ගිහින් දෙවනිට වැන්දා..
පුරුදු විදියටම අන්තිමට ඉතින් මම..
මම දෙවනිව බදාගෙන මුකුත් නොකියා සද්ද නැතුව ඔහේ හිටියා..
මගේ අයියා අද ඉඳන් අක්කගෙනේ ඉතිම්..
සකී අක්කනම් එයාලගෙ අම්මලව බදාගෙන හොඳටම අඬනවා...
මං දෙවනිගෙන් ඈත් වෙලා එහාට උනේ එයාට අක්කා ලඟට යන්න දීලා..
මං බලන් හිටියෙ දෙවනි සකී අක්කගෙ ඔලුවත් අත ගගා මොනවද කියන විදිය..
" අදට අඬලා ඉවරයි නේද.. එදාට අඬන්නෙ කොච්චරක්ද කියලද කල්පනා කරන්නෙ.. අක්කගෙ දිහා බලාගෙන හීන මවනවද මගේ කෙල්ල.."
එක පාරටම හැමෝටම හොරෙන් කාටවත් නොපෙනෙන්න මගේ අතේ ඒ අත පටලගන්න ගමන් තිවෙන්‍ය අයියා එහෙම ඇහුවෙ ලාවට මගෙ කනට කොඳුරලා..
"එදාට මං අඬන්නෑ.."
මං එහෙම කිව්වෙ අක්කා දිහාම බලාගෙන..
ඒත් තිවෙන්‍ය අයියගෙ සද්දයක් නැති තැන මම ආපහු ඔලුව හරවලා එයා දිහා බැලුවා..
තිවෙන්‍ය අයියා අමුතුම බැල්මක් තියාගෙන මගේ දිහා බලන් ඉන්නවා..
"ඇයී.. මොකද ඔහොම බලන්නේ.."
"අඬන්නෙ නෑ කියන්නෙ.. ඇත්තටමද.."
"අඬන්න දෙයක් නෑ.. මං දන්නවා දැන්.. මම එන්නෙ හරිම කෙනා ගාවට කියලා.. අක්කත් ඒක දන්නවා ඇති ඇඬුවට.. ඒත් එදාට මං අඬන්නෑ.. අඬන්න දේකුත් නෑනේ.. ඕනෙම උනොත් එතනින් එහා පැත්තට පනින එකනේ.."
මං කිව්වෙ ශේප් එකේ ඇහැකුත් ගහලා..
"අහ්.. එව්වනම් වෙන වැඩ නෙවෙයි නෝනා.."
තිවෙන්‍ය අයියා එහෙම කියද්දිම අපිට පිටිපස්සෙන් ඇහුනෙ..
..........................................................♡
මොනාද දන්නෑ ඇහුනේ..
අනේ ළමයි ආයෙම කියනවා.. මට අයියලා නෑ.. අයියලා සම්බන්ධ දේවල් ලියද්දි මම වැඩේ හාලද දන්නෑ ඉතින්..
ඊලඟ කොටස අරන් එන්නම්..
✍️ රාදි
❤️
♥️
4