රාදි 🤎🍂
රාදි 🤎🍂
February 6, 2025 at 08:46 AM
"නෑ ඉතින්. කවදා කාපු ටකරම්ද මේ.. ලෙඩක් හැදුනට මලාට බෙහෙතක් බොන්නැති මූ චොක්ලට් කෑල්ලක් දෙන්නම් බෙහෙත් බොන්න කිව්ව පොඩි එකෙක් වගේ බෙහෙත් බොනවා.. ජීවිතේට අපිට ලෙඩක් උනාට අපි උන්නද මලාද කියලවත් නොබලන තමුසෙ බෙහෙත් අරන් මූ පස්සෙ නටනවා.. බලහන් ඉතිම් ලව් එකකට කරන්න පුලුවන් දේවල් නේහ්.." චූටි අයියා හෙන සීරියස් දෙයක් කියන විදියට එහෙම කියන්නෙ කට කොනේ මහ ගොන් මෝඩ හිනාවක් තියාගෙන.. "අනේ චූටි අයියා මේ.." ඒ පාර හිනා වෙනවා ආයෙත්.. මං ආපහු හොඳට රැව්වා චූටි අයියට.. ..........................................................♡ ඒ එක්කම වගේ ඇඳ උඩ වැටිලා තිබ්බ චූටි අයියගෙ ෆෝන් එකට කෝල් එකක් ආව නිසා අපි තුන්දෙනාම ෆෝන් එක දිහා බැලුවෙ එක පාරටම වගේ.. ඒක දැක්කම අපි තුන්දෙනාගෙම මූණු වලට එක වගේ කුප්ප හිනාවක් ආවා.. කෝල් කරන්නෙ දෙවනි.. "බලන් ඉන්නෙ. ආන්සර් කරනවා ඕක.." "මේ.. මම නෙවේ.. තමුසෙ ආන්සර් කරනවා.." "අනේ මේ.. මට බෑ.. ඕක ආන්සර් කරනවා චූටි අයියේ.." "ආ ආ ඔන්න කතා කරනවා.." මං කොච්චර කිව්වත් කෝල් එක ආන්සර් කරලා ස්පීකර් ඔන් කරලා මගේ ලඟින් තියපු චූටි අයියා හිනාවෙලා එහාට උනා.. හැබැයි ඉතින් මට කතා කරන්න හම්බවුනෙත් නෑ.. කෝල් එක ආන්සර් කරපු ගමන් දෙවනි කුණුහරුප පෝලිමක් වපුරගෙන වපුරගෙන ගියා.. මං ශොක් වෙලා වගේ බලාගෙන ඉන්නකොට තිවෙන්‍ය අයියා සේරම අතෑරලා ඇවිත් එයාගෙ අත් දෙකෙන් මගේ කන් දෙක වැහුවා.. මොනවද යකෝ මට ඒ ඇහුනේ.. බාගෙට බාගයක්ම වචන මම ඇහුවෙත් අදයි.. "හ්.. හෙලෝ.. දෙවනි.. චූටි අයියා නෙවෙයි.. මේ.. මං.." මං එහෙම කිව්වා විතරයි එහා පැත්තෙන් ඇහුන දෙවනිගෙ කටහඬ නැවතුනාද කොහෙද.. තිවෙන්‍ය අයියයි චූටි අයියයි ඇති යන්තම් කියලා බර හුස්මක් අතෑරියෙත් තිවෙන්‍ය අයියා මගේ කන් දෙකෙන් එයාගෙ අත් දෙක අයින් කරගත්තෙත් ඒක වෙන්නැති.. "සුදූ.." දෙවනිගෙ කටහඬේ තිබුනෙ ප්‍රශ්නාර්ථ බැල්මක්.. "අහ්.. ඔව් මේ.. චූටි අයියා නානවා.." "ආ ඒකෙන් කමක් නෑ.. මාරු කරපු ඇඳුම් බෑග් ටිකත් අරගෙන ඔය අයියලා නංගිලා සේරම ටික කාමරෙන් එලියට බැස්සනම් හොඳයි.. බෑග් දෙක ගෙනත් දෙනවා දැම්මම අපේ කාමරේට.." "මොකක්.. මාරු කරපු.. මොනාද දෙවනි මේ කියන්නේ.. අනික කාමරේට දෙන්න කියන්නේ.. මේ ගෙදර ඉන්න අපිට ඔහෙ එන්නද කියන්නෙ මේ හදිස්සියෙ.." මං එහෙම ඇහුවෙ කටකොනකින් හිනාවෙන ගමන්.. "අනේ සුදූ මේ.. මාව තම්බන්න උබලගෙ ගොරක මදි.. අර ලොකු අයියටත් කියහන් ඒකනම්.. උබලා ඉන්නෙ මේ හොටෙල් එකේ කියලා මං දන්නවා.. බෑග් දෙක ගෙනත් දෙනවා සුදූ.. සකීට සීතලයි." අමෝ අමෝ ඒ ආදරේ.. "ආයෙ ඉතින් අමුතුවෙන් ඇඳුම් ආච්චිට හාල් ගරන්නද බන් අයියෙ අද. හෙට උදේට බෑග් දෙක හම්බෙයි.. දැන් ඔය කෝල් එක කට් කරපන්.." "චූටි මල්ලි මේ.. උබේ අර බීච් එකේ සීන් එක මං ලොකු අයියට කියන්නද.. උබ බෑග් දෙක අරන් එනවද.." දෙවනි එහෙම අහද්දි තිවෙන්‍ය අයියා මහ හයියෙන් හිනා වෙන්න ගත්තා.. චූටි අයියගෙ මූණ බෙරි වෙලා.. "හරි ඉතිම්. අරන් එන්නම්.. අන්න අර බෑග් දෙක ගන්නවා සුදූ.." චූටි අයියා ඔරවගෙනම එහෙම කියන ගමන් කෝල් එක කට් කරා.. තිවෙන්‍ය අයියා තාමත් හිනා වෙනවා.. "මොකද්ද මොකද්ද.. මොකද්ද ඒ බීච් කතාව.." මං එහෙම ඇහුවම තිවෙන්‍ය අයියා තව ටිකක් හයියෙන් හිනා වෙනවා.. "අම්මෝ මට බෑ.. ඔයා දන්නෑනෙ සුදු බබා.. මූ එක දවසක් බීච් එකේ ඉන්න කෙල්ලෙක්ට ලයින් පාරක් දාන්න කියලා ගියා හෙන ලොකුවට මටත් පාට් දාගෙන.. ගියා ගියාමයි ආයෙ ලොවෙත් නෑ ඉතින්. ඒ අක්කා කෙනෙක්.. ඊටත් ඒ දෙවනිගෙ යාලුවෙක්.. හොඳම වැඩේ කියන්නෙ ඒ අක්කා ඇවිත් හිටියෙත් දෙවනියි තව සෙට් එකකුයි එක්ක.. මුගෙ වැඩේ අතේ මාට්ටු එතනම.." තිවෙන්‍ය අයියා කියලා ඉවර වෙද්දි චූටි අයියා හෝ ගාලා රවනවා.. "හරිද.. සතුටුද දැන් උබට. ගස් බල්ලා.. වරෙව් යන්න මේක දීලා එන්න.." "අපි ඕනෙ නෑනෙ ඉතින්. උබ ගිහින් දීලා වරෙන්කො. මගෙ ඔලුවත් රිදෙනවා.." "එහෙනම් හිටහන් ඉතින්. සුදූ මේක අල්ලගන්නවා.." "ඉතින් උබ පලයන්කො කෙල්ල මෙතන තියලා.. උබට බෑග් දෙකක් උස්සගන්න බැරි නෑනේ.." "මූ යකෝ.. මම මේකිගෙ අයියා බොල. ඒ ගරුත්වයවත් තියපන් අඩුම ගානේ.." "අනේ මට වැඩේමනේ.. පලයන්කෝ තීශ්.." තිවෙන්‍ය අයියා එක දිගට කියවද්දි චූටි අයියා අපි දෙන්නටම ඔරවගෙන එලියට ගියා.. "මොනවද අයියේ කියවන්නේ.. අනේ ඇත්තමයි ඔයානම්.." "ඇයි මම මොකද.. මෙහෙට එනවා සුදුබබා.. මට සී..ත..ල..යි.." තිවෙන්‍ය අයියා එකපාරටම එහෙම කියලා මාව ලඟට ඇදලා අරන් මගේ උකුල උඩින් ඔලුව තියාගත්තා.. ඉතින් ඊලඟ තප්පරේ මටත් කලින් මගේ ඇඟිලි තිවෙන්‍ය අයියගෙ කෙස්ගස් අතරෙ සැරිසරන්න ගත්තා.. "අයියේ.." "ම්ම්ම්ම්.." "ඔයාට අමාරුනම් අපි බෙහෙත් ගන්න යමුද.." "ම්හු.." එච්චරයි.. එහෙම කියලා මෙන්න මෙයා තව ටිකක් හොඳට මාව තුරුල් කරගෙන.. "අයියේ.." "ම්ම්ම්ම්ම්.." "මෙහෙ ශෝක් නේද.." "හ්ම්ම්ම්ම්ම්.." "මෙහෙ මං හිතුවට වඩා සීතලයි ගොඩාක්. ඒත් මං හරි ආසයි.. මං ඉතින් මෙහෙ ආවෙ පලවෙනි පාරටනේ.. ඔයාලනම් කලින් ඇවිත් තියෙනවා නේද.. අපි දෙන්නා විතරක් දවසක මෙහෙ ඇවිදින්න එමු.. හාද.." මං එකදිගට කියවගෙන කියවගෙන ගිහින් ඒක නැවැත්තුවේ තිවෙන්‍ය අයියගෙන් කිසි සද්දයක් නැති නිසා.. කොහෙ සද්ද කරන්නද.. මාවත් බදාගෙන හොඳටම නිදි එයා.. ඉතින් චූටි අයියා ආපහු එනකල් මම කියවිල්ල නවත්තලා ආපහු එයාගෙ ඔලුව අතගාන්න පටන් ගත්තා.. "කොයි උබලා දෙන්නා.. මොනවද යකෝ සද්ද නැතුව..." "ශ්.. ශ්.." චූටි අයියා බෙරිහන් දීගෙන එද්දි මං බොහොම අමාරුවෙන් ඒ සද්දෙ නවත්තගත්තෙ.. "මොකද මේ.. නින්ද ගිහින් නේද.. මූට අමාරුද සුදු බබා.." "නෑ.. දැන් ඔලුව රස්නෙ නෑ කලින් තරම්.. ඒක අඩු වෙයි නේද නිදාගත්තම.. " මං ආපිටට චූටි අයියගෙන් එහෙම ඇහුවෙ තොලක් අනික් පැත්තට පෙරලගෙන... "හ්ම්ම්.. කෝ ඉතින් ඌ නිදාගනී.. තමුසෙ එනවකෝ.." "අනේ.. මට හෙලවෙන්න බෑ. මගෙ කකුල හිරිවැටිලා.. මාව ගන්නකො චූටි අයියා.." මං එහෙම කියද්දි චූටි අයියා මගේ දිහා බැලුවෙ පුදුම වෙලා වගේ.. ඊලඟට මුකුත්ම නොකියා අපි ලඟට ආපු චූටි අයියා සද්ද නැතුවම තිවෙන්‍ය අයියගෙ ඔලුව කොට්ටෙකින් තියලා මාව හරහට උස්සලා ගත්තා.. "මාව කාමරේටම ගෙනියනවා නේද.. කකුලක් නෑ වගේ දැනෙන්නෙ.." මං එහෙම කිව්වෙ ගොන් පාට හිනාවක් දාලා.. "හරි.. ඊට කලින් එනවකෝ මෙතෙන්ට.." එහෙම කියාගෙන රූම් එකේ පැත්තකින් තිබුන සැටියෙන් මාව ඉන්දවලා චූටි අයියත් මගේ එහා පැත්තෙන්ම ඉඳගත්තා.. "ඇයි චූටි අයියේ.." "ම්හු.. මුකුත් නෑ.. මං මේ කල්පනා කරනවා අම්මා රෝස පාට පැනල් එකක ඔතාගෙන අරන් ආව නංගි බබා කොච්චර ලොකු වෙලාද කියලා..." "අනේ.." "නෑ සුදූ.. මං එදත් කිව්වනේ.. තමුසෙට කොල්ලෙක් ඉන්න එක මට ප්‍රශ්නයක් නෙවෙයි.. අපි කාටවත්ම.. මොකද අපිට පොඩි එකී උනාට ඔයා දැන් අවුරුදු විසි එකක කෙල්ලෙක්.." චූටි අයියා කියාගෙන යනවා. මං මුකුත් නොකියා අහගෙන හිටියා.. අපිට බයක් තිබ්බෙ එකම එක දෙයක් ගැන විතරයි සුදූ.. ඒ තමුසෙ තෝරගන්න කෙනා මොන වගේ කෙනෙක් වෙයිද කියන එක.. මොකද තමුසෙ අපේ පණ.. අපි පස් දෙනාගෙම.. එහෙව් කෙල්ලව ඔහේ කොහෙවත් යන එකෙක්ට දීලා දාන්න බෑනෙ.. ඒත් ඔයා ඒ හිඩැස පුරවලා දාලා හරි ලස්සනට.. ඔයා ඔයාට හරියනම කෙනා තෝරගෙන.. තීව් ගැන අමුතුවෙන් හොයලා බලන්න දෙයක් මට නෑ.. ඌට තමුසෙව දෙන එක තරම් සතුටක් මට තවත් ඇත්තෙත් නෑ.. මොකද මං තරම් ඌ ගැන දන්න වෙන එකෙක් නැති නිසා.. තීව් තමයි තමුසෙට හරියටම ගැලපෙන්නෙ කියලා මට දැන් හොඳටම තේරෙනවා.." "චූටි අයියා.." මං ඉඳගෙන හිටපු තැන ඉඳන්ම තල්ලු වෙලා ගිහින් චූටි අයියව බදාගත්තා.. "තමුසෙ මහ ගොඩක් වෙනස් වෙලා සුදූ.. ඉස්සර තමුසෙ ලෙඩ ගැන.. බෙහෙත් ගැන.. ඔය කිසි දෙයක් කෙයා කරපු කෙනෙක් නෙවෙයි. අනික් එක දැන්.. තමුසෙ විනාඩි දහයක්වත් එක තැනක තියන්න පුලුවන් කෙල්ලෙක් නෙවෙයි කියලා මං තරම් වෙන මොකෙක්වත් දන්නෑ.. ඒත් අද.. මේ එක දෙකක් විතරයි සුදූ.. මං මේ ටික කාලෙට ඔයාගෙන් සෑහෙන වෙනස්කම් ගොඩක් දැක්කා.. වෙන කෙනෙක් වෙනුවෙන් එහෙම වෙනස් වෙන එක ලේසි දෙයක් නෙවෙයි සුදූ.. ඔයා ඒක හිතලම කරන්නෙ නෑ ඉබේටම එහෙම වෙනවා කියලා මං දන්නවා. කොහොම උනත් මට ඇත්තටම මගෙ නංගි ගැන ආඩම්බරයි. එයා එයාට ගැලපෙනම කෙනාව තෝරගෙන.." චූටි අයියා අන්තිමට එහෙම කිව්වෙ මගේ නලලට කිස් එකකුත් දීලා.. "අනේ ඉතිම්.." "හ්ම්ම්ම්ම්.. මං ඔය ටික කියන්න වෙලාවක් හම්බෙනකල් හිටියේ.. අරූට කියන්න ඕනෙ ටික මං එදා තමුසෙ එන්න කලින්ම ඌට කිව්වා.." "මොනවද එයාට කිව්වේ. ඔයා එයාට ගහලත් එක්ක මෙතන.." "ඇයි තමුසෙට දුකද. ඒවා මස්සිනාලා මස්සිනාලගෙ කතා.. තමුසෙට ඒවා වැඩක් නෑ.." "යැයි යැයි තමයි.." "සිරාවට නේ.. බලහන් ලව් එකක් කරලා තියෙන දේවල්.." "අනේ මේ.. යනවා යන්න.. ඉතින් සංසිව අල්ලන් ඔය කරන එකක් කරගන්නවකො. වැඩේ ඉවරයිනෙ." මං එහෙම කිව්වම චූටි අයියා මුකුත්ම නොකියා හිනා උනා විතරයි.. "ඒ මාව ගිහින් දානවකො චූටි අයියා.. අරුන් දෙන්නා බය වෙයි.. මට කකුල බිමින් තියන්න බෑ හලෝ හයියෙන් හිනා යනවා.." ඉතින් චූටි අයියා ආයෙමත් මාව උස්සගෙන අපේ රූම් එකෙන් දාලා තමයි ආපහු ගියේ.. ..........................................................♡ "මීදු.. ඉක්මනට වරෙන් බන්. බඩගිනී.. මේ බලපන් උබෙ අයියා දැනටම කෝල් ගන්නවා මට.." දැන් විනාඩි දහයක් තිස්සෙ අර්චි මේ බෙරිහන් දෙන්නෙ ඩිනර් ගන්න යන්න එන්න කියලා.. මෙයාලනම් කියයි.. මටනෙ සීතල.. ඒත් ඉතින් කෑම අංක එකනෙ කියලා මම ශේප් එකේ ඇඳෙන් බැහැලා ඔලුව පීරගත්තා.. අපි යනකොටත් කට්ටියම ඇවිල්ලා... මොකටද අනේ මෙයාලා මෙච්චර කලින් ආවේ.. බුෆේ එක ඕපන් කරන්න තව වෙලාවත් තියෙනවා.. ඔහේ ඉඳගෙන අරුන් දෙන්නා එක්ක කයිය ගැහුවට මගේ එක හිත දෙතැනක නතර වෙලා. එහෙන් තාමත් චූටි අයියයි තිවෙන්‍ය අයියයි පේන්න නෑ.. මෙහෙන් ලොකු අයියා සැරින් සැරේ මගේ දිහා බලනවා.. අනේ දෙයියනේ මටත් වෙන ඒවා.. කමක් නෑ කියලා හිත හදාගෙන අහක බලාගෙන ඉන්න ලෑස්ති වෙනකොට ලොකු අයියා කෙලින්ම ඇවිත් නැවතුනේ අපි හිටපු තැන.. "සුදූ පොඩ්ඩක් එන්න.." එහෙම කියලා ලොකු අයියා මාවත් එක්කගෙන පැත්තකට ගියා.. "අයි..යේ.." මගේ දිහා බලාගෙන මුකුත්ම නොකියා සද්ද නොකර ඉන්න ලොකු අයියා දිහා එක පාරක් බලලා මම එහෙම කිව්වා.. "හ්ම්ම්ම්.. කෝ මෙතෙන්ට එන්න.." තවත් විනාඩියකට පස්සෙ බර හුස්මක් අතෑරලා දාපු ලොකු අයියා මාව එයාගෙ ලඟින් වාඩි කරවගත්තා.. "සුදූ.." "ම්ම්ම්ම්ම්.." "දන්නවා නේද මං මෙතෙන්ට එක්කගෙන ආවෙ ඇයි කියලා.." "හ්ම්ම්ම්ම්.." "ඉතින්.. දැන් මොනවද කියන්න තියෙන්නේ.." ලොකු අයියා එක පාරට එහෙම අහනකොට මගෙ ඇස් වල කඳුලු පිරුනා.. "සොර්..රි ලොකු අයි..යා.. මං.." "ශ්.. ශ්... දැන් මොකටද සොරි.. කෝ ඔලුව උස්සන්න.. සුදූ.. මොකද මේ.. අඬන්න එපා ළමයෝ.." එහෙම කියලා ලොකු අයියා මගේ ඇස් වල පිරිලා තිබ්බ කඳුලු පිහදැම්මා.. "ඕකනෙ ඉතිම් බැරි. හොටු කෙල්ල වගේ අඬන්නෙ මොකටද.. අඬන්න දෙයක් නෑ සුදූ.. ඔයා දැන් ලොකු ළමයෙක්.. අනික දරුවෝ ඔයා වැරදි වැඩක් කරලා නෑනෙ.. ම්ම්ම්.. තිවෙන්‍ය මල්ලි කියන්නෙ මොන වගේ කොල්ලෙක්ද කියලා අපි හැමෝම දන්නවනේ.." මං සද්දයක් නැති තැන ලොකු අයියා ආයෙමත් කතා කරන්න පටන් ගත්තා.. "හැබැයි සුදූ.. දැන් ඔයාගෙ ජීවිතේ තව කෙනෙක් ඉන්නවා. ඒක නිසා දෙයක් කරනකොට තවත් හිතලා බලලා වගකීමෙන් වැඩ කරන්න හරිද.. ප්‍රශ්න ඕනෙ කෙනෙක්ට එනවනේ. මීට කලින් ආව ප්‍රශ්න වගේ නෙවෙයි ඊට වඩා වෙනස් අලුත් ප්‍රශ්න උනත් ඔයාගෙ ජීවිතේට එන්න පුලුවන්.. ඒවට මූණ දෙන්න ඉගෙනගන්න.. දෙන්නත් එක්ක කතා කරලා එකට විසඳගන්න ඒ දේවල්.. මොකද දෙන්නෙක් ආදරේ කරනකොට ඔයාගෙ ප්‍රශ්න මගේ ප්‍රශ්න කියලා දෙවර්ගයක් නෑ සුදූ.. තියෙන්නෙ අපේ ප්‍රශ්න.. ඒක නිසා ඕනෙම දෙයක් දෙන්නත් එක්ක කතා කරලා විසඳගන්න. එහෙමත් උත්තර හම්බවෙන්නෙ නැති තැනක් තිබුනොත් අන්න ඒකට තමයි අපිට පවුලක් තියෙන්නෙ.. තේරෙනවා නේද.." "හ්ම්ම්ම්.." "ඉතින් ඔයාට ඕනෙම වෙලාවක ඔයාගෙ අයියලා ඔයාට ඉන්නවා හරිද.. අපිට කියන්න බැරි ප්‍රශ තියෙනවනම්.. දැම්ම අම්මටවත් සුදු අම්මටවත් මේවා කියන්න බෑ කියලා මං දන්නවා.. ඔයාට ඕනෙ දෙයක් කතා කරන්න දැන් ඔයාට අක්කලා එකට දෙන්නෙක්ම ඉන්නවා.. ඔයාට හොඳ යාලුවෝ දෙන්නෙකුත් ඉන්නවා.. මං කියන්න ඕනෙ නෑනෙ.. විසඳගන්න බැරි ප්‍රශ්නයක් අරන් අඬාගෙන මං ලඟට දුවගෙන ආවත් මේ අයියා පුලුවන් විදියකට ඒ ප්‍රශ්නෙ විසඳලා දෙනවා.. හැබැයි මමනම් හිතන්නෑ එහෙම අඬාගෙන දුවගෙන එන්න තරම් ප්‍රශ්න ඔයාට තියෙයි කියලා.. මොකද ඔයා කොච්චර දඟ උනත් තිවෙන්‍ය මල්ලි ඕනෙ දෙයක් හිතලා බලලා කරන කොල්ලෙක්නේ.." ලොකු අයියා කියපු ටික සද්දයක් නැතුව අහගෙන හිටියට අන්තිම ටික කියද්දිනම් මට හිනා ගියා.. "මොකද හිනා වෙන්නේ.." "මුකුත් නෑ අයියෝ.." "පිස්සි.. අහන්න සුදූ.. දෙන්නෙක් අතරෙ රහස් තියාගන්න එපා.. එහෙම උනාමයි එන තරමක් ප්‍රශ්න එන්නෙ.. පුලුවන් තරම් අනික් කෙනාව තේරුම් ගන්න බලන්න. එයාට ඔයා ලඟ කම්ෆටබල් කියලා දැනෙන විදියට වැඩ කරන්න.. දෙන්නට දෙන්නා ඕපන් වෙන්න.. තේරුනාද.. මං තිවෙන්‍ය මල්ලි එක්ක පස්සෙ කතා කරන්නම්. ඊට කලින් මට ඔයාට මේ ටික කියලා ඉන්න ඕනෙ උනා.. මේ චූටි කෙල්ල අපිට කලින්ම ලොකු වෙලානේ.." "අනේ ඉතිම්..." "හරි හරි කෝ.. දැන් නැගිටින්න. කන්න යං.. අක්කටත් බඩගිනි ඇති ඔය නොකිව්වට.. ඔය ගෑණි මේ දවස් ටිකේ මාව ඇරෙන්න අහුවෙන හැම මගුලම කනවා.." ලොකු අයියා එහෙම කියලා හයියෙන් හිනා උනා.. "අපෝ ඔයා මහ නරකයි අයියා.. එහෙම කියන්න එපා.. පව් අක්කා.. අනික එයා කන්නෙ එයාට විතරක් නෙවේනෙ. මගෙ පුලුන් බෝලෙටත් එක්කනේ.." ..........................................................♡ "අපි ඒත් බැලුවා අයියයි නංගියි ජෝඩුව කොහෙද ගියේ කියලා.." අපි ඇතුලට එද්දිම චූටි අයියා බෙරිහන් දෙන්න ගත්තා.. ඒ කියන්නෙ එයාලා ඇවිල්ලා.. "ඒක උබට වැඩක් නෑනෙ. ඒක අපි දෙන්නගෙ කතාවක්.." ලොකු අයියා ආපිටට එහෙම කියලා උත්තර දෙද්දි මම ඇස් කරක කරක එව්වෙ තිවෙන්‍ය අයියා කොහෙද කියලා.. මෙයා පේන්නවත් නෑනේ.. "හරි හරි ඔච්චර කැරකි කැරකි හොයන්න දෙයක් නෑ. අන්න ඌ කෝල් එකක් ඇවිත් අරෙහෙට ගියා.. ගිහින් බලනවා.." චූටි අයියා කිසිම කැතක් කුණක් නැතුව එක පාර මහ හයියෙන් එහෙම කියලා දැම්මා.. ඔක්කොමලා මට හිනා වෙනවා.. ලැජ්ජාවෙ බෑ අනේ.. "අනේ මේ. මං මොනවත් හෙව්වෙ නෑ.." එහෙම කියාගෙන මම ගස්සගෙන එලියට ගියේ ඔක්කොමලා තවත් හයියෙන් හිනා වෙනවා ඇහෙද්දි.. ..........................................................♡ ගාඩ්න් එකේ ඔහේ ඉස්සරහට ඇවිදගෙන යද්දි මං දැක්කෙ ෆෝන් එකත් කනේ ගහගෙන පැත්තකට වෙලා ඉන්න තිවෙන්‍ය අයියව.. මං ඉතින් සද්දයක් නැතුවම පිටිපස්සෙන් ගිහින් එයාව බදාගත්තා.. "නෑ නෑ.. මං අම්මට කිව්වා.. ඔයා එන්න.." කෝල් එකේ හිටපු කෙනාට එහෙම කියන ගමන් තිවෙන්‍ය අයියා හිනාවෙලා මාව ඉස්සරහට ඇදලා ගත්තා.. "ඇයි පැටියෝ. බඩගිනිද.." එහෙම අහන ගමන්ම එයා මගේ ඉණ වටේ අතක් දාලා මාව ලඟට ඇදගත්තම මං ආයෙම පාරක් ඉස්සරහින් එයාව බදාගත්තා.. "ම්හු.. ඔයා නැති නිසා ආවෙ.." "එහෙනම් ඉන්න. අපි කන්න යං.. හෙලෝ ඩෝල්.. ඔයා අම්මට ගන්න නංගි. මං අම්මට කියලා තියෙන්නෙ. මං තියන්නම්.. බුදුසරණයි.." එහෙම කියලා තිවෙන්‍ය අයියා කෝල් එක කට් කරා.. එතකොට එයාට කෝල් කරේ සහන්‍යාද.. ලාවට ඉරිසියාවක් දැනෙද්දි මම එයාව තව ටිකක් තද කරලා බදාගත්තා.. "මොකෝ මේ ම්ම්ම්.." "මුකුත් නෑ.. ලොකු අයියට ඔයාට කතා කරන්න ඕනෙ කිව්වා.." "ඉතින්.. ඒකද මාව ඔච්චර තද කරලා බදාගත්තෙ.." "නෑ අනේ.. නිකන්.." "එනවා යන්න.. සීතලේ ගොඩක් වෙලා ඉන්න එපා සුදු බබා.. ඔයා අසනීප වෙයි.." එහෙම කියලා තිවෙන්‍ය අයියා මාවත් අරන් ඇතුලට ගියා.. අපි යනකොට... ..........................................................♡ කතාව ලියලා ඉවර වෙලා ආපහු කියවද්දි මගේ දාර්ශනික අදහස් ටික ගැන පුදුම වෙලා ඉන්න මම..  ඊලඟ කොටස අරන් එන්නම්.. ✍️ රාදි
❤️ 6

Comments