රාදි 🤎🍂
රාදි 🤎🍂
February 15, 2025 at 12:58 PM
අන්තිමේදි දෙවනියි අක්කයි ගෙදර එන දවසත් ආවා.. දවස් දෙකක් නැතුව එක දවසක් ගත්තු නිසා හෝම්කමින් එකක් නෑ.. පවුල් දෙකේ අය‍යි ලඟම යාලුවොයි විතරක් එක්ක පුංචි පාටියක් වගේ එකක් තියෙන්නේ.. ඉතින් වැඩි විච්චූරණ නෑ.. අද අඳින්නෙත් මමම මහපු ඇඳුමක්.. අත් පටි දාපු රැපරවුන්ඩ් ටයිප් එකේ අප් ඇන්ඩ් ඩවුන් ගවුමක්.. ගවුම ඇඳගෙන කොණ්ඩෙත් අයන් කරලා දෙපැත්තෙන් අඹරලා පොඩි කටු දෙකක් ගහගෙන මං එලියට ආවෙ අයියලා එන සද්දෙ ඇහෙද්දි.. ..........................................................♡ ඒත් එලියට එද්දිම මම දැක්කෙ පැත්තකට වෙලා කච කච ගාන දෙවනිගෙ ස්ටාෆ් එකේ කෙල්ලො ටික.. "ඒ එයා මාර හැන්ඩ්සම්නේ.." "ඒක තමයි අනේ.. ඒ ඇස් දෙක.. පිස්සු හැදෙනවා. මම ඒ වගේ ඇස් දෙකක් දැක්කමයි ඒ.." "ඇයි අනේ එයාගෙ ඇඟ.. ඌ... මටනම් පිස්සු වගේ.." "එයා සසෙත් සර්ගෙ චූටි මල්ලිගෙ යාලුවලු. අර තිවේන් අයියා. එයාගෙ.. මේ එහා පැත්තෙලු එයාගෙ ගෙදර තියෙන්නෙත්.." මුන් යකෝ.. මුන් මේ කියවන්නෙ මගේ මනුස්සයා ගැන නේද. මට කියලා ආච්චිට හාල් ගරවගන්නයි හදන්නෙ මේ ලලනාවො ටික දැන්.. මම මේ පැත්තක ඉඳන් බලන් ඉද්දි මේ ඇස් මානෙ ඉන්න මගේ මනුස්සයව නේද මුන් මේ ගිලින්න දඟලන්නෙ.. ඒ කෙල්ලො ටික ලඟම කන තියාගෙන මම ඇස් හරවලා බැලුවෙ ටිකක් ඉස්සරහට වෙන්න හිටපු තිවෙන්‍ය අයියා දිහා.. ඩෙනිම් කලිසමකට කලු පාට ෂර්ට් එකක් ඇඳලා.. වැලමිට ගාවට එනකල් අත නවලා.. ඒ මදිවට උඩම බට්න් දෙක දාලත් නෑ.. මුන් මේ මනුස්සයව කන්න හදන එක සාධාරණයි.. ඒ උනාට එහෙම කොහොමද. එයා මගේනේ.. කෙහෙම්මල.. "කෙල්ලෙක් ඉන්නවද දන්නෑ නේහ්. අල්ලගෙන ඉඹින්න හිතෙනවා බන්.." ඉතින් හරි. මගෙ ඉවසීමේ සීමාව ඉවරයි.. "අයියේ.." එහෙම කියාගෙන මං ගිහින් තිවෙන්‍ය අයියගෙ ඉස්සරහින් හිටගත්තා.. "සුදුබබා.. මොකද මේ හදිස්සියෙ මගෙ කෙල්ලට මාව මතක් වෙලා තියෙන්නෙ." "පාටිය ඉවර උන ගමන් ඇස්වහ පුච්චන්න කියන්න ඕනෙ සුදු අම්මට. මේ පෙරේත බැල්මවල් වැටෙනවා බලාගෙන ඉන්න බැරිම තැන මම ආවෙ.." මං ටිකක් සද්දෙට ඒක කියලා තිවෙන්‍ය අයියගෙ අතක එල්ලුනා.. දැන් මෙහෙමයි ඉතින්.. මේ වෙලාවෙ අපේ අම්මලා ඉන්නෙ ගේ ඇතුලෙ. කීයටවත් එයාලා එලියට එන්නෙ නෑ. අනික් එක මේ වෙලාවෙ මෙතන වැඩි සෙනගක් නෑ... නැත්තන් ඉතින් බයක් සැකක් නැතුව මං එහෙම කරන්නෑනේ.. "අයියේ.. අද මං ලස්සනයිද.." "ඔයා කොහොමත් ලස්සනයිනෙ බබා.. අහිංසක පාටට ඇන්දට යක්ෂ පෙනුම යවන්න බෑ ඉතින්.." මගෙ කම්මුලක් කොනිත්තලා එහෙම කියලා තිවෙන්‍ය අයියා හිනා වෙනවා.. "ඔව් ඔව්.. ඔයා තරම් කවුරුත් ලස්සන නෑනෙ ඉතිම්." මං ඒක කිව්වෙ ඔරවගෙන.. එහෙම කියන ගමන් මම්ම් ශේප් එකේ බැලුවෙ අර කෙල්ලො ටික දිහා.. කට්ටියගෙම මූණු බෙරි වෙලා ගිහින්.. "මොනවද යකෝ කරන්නෙ. බැලුවොත් උබලා දෙන්නා ලව් කරනවනෙ. මෙහෙ වරෙන් තීව් ඔන්න ඕකිව දාලා. තව වැඩ තියෙනවා.." ඒ පාර චූටි අයියා ඇවිත් බෙරිහන් දෙනවා.. මෙයානම් මහම මහ වදයක් ඇත්තමයි. මල කරදරේ.. ආයෙ ඉතින් මට වචනයක්වත් කියන්න තප්පරයක්වත් නොතියා තිවෙන්‍ය අයියව ඇදගෙන ගියා.. ඉතින් මං මෙතන ඉඳලා මොනවා කරන්නද.. මම ගියා දෙවනියි සකී අක්කයි ලඟට.. "ආහ් නෑණේ.. ඉතින් කොහොමද ජීවිතේ.." "දැන් ඉතින් ජීවිතේ මල් ඉතින් සුදූ ඉන්නකල්.." අක්කා එහෙම කියලා මාව එයාගෙ ලඟින් ඉන්දවගත්තා.. "ඔව්වා ඇහිලවත් අනික් අය අපේ වටිනාකම දැනගත්තනම් තමා හොඳ.." මං එහෙම කිව්වෙ දෙවනිටත් ඇද කරන ගමන්.. "අනේ වටින එකී.. බලමුකො ඔය වටිනාකම් කී දවසක්ද කියලා.." මෙයා බලහල්ලකො.. "අලුත් නෑණව හම්බුනාම සුදූට මාව අමතකම වෙලාද කොහෙද.." ඒ පාර මගේ ලඟට ආව මැන්ඩි අක්කා කෙඳිරි ගානවා.. "පිස්සුද හලෝ.. එහෙම අමතක වෙනවද ඔයාව.. මේ පුලුන් බෝලෙට කරදර කරන්න හොඳ නෑනේ.. ඒකයි පාඩුවෙ හිටියෙ මං.." මං එහෙම කිව්වෙ සකී අක්කා ලඟින් නැගිටලා මැන්ඩි අක්කගෙ කර වටේ අතක් දාගන්න ගමන්.. "මේ දෙවනි.. කොයි ඔයාගෙ ෆෝන් එක.." මං ඇහුවෙ දෙවනිගෙ මූණ දිහා බලන් ගමන්.. "තියෙනවා ඇයි.." "තියෙනවනම් ඔතන ගල් පිලිමෙ වගේ බලාගෙන ඉන්නෙ නැතුව ඔය මහලොකු ඇපල් කට්ටෙන් අපි තුන්දෙනාගෙ ෆොටෝ එකක් ගන්නවකො හලෝ.. මට දැන් ඔෆීශියල් නෑණලා දෙන්නෙක්ම ඉන්නවනේ.." මං එහෙම කිව්වම දෙවනි ඔලුව හොලවලා ඉඳගෙන හිටපු තැනින් නැගිට්ටා.. දැන් කැමරාමන් පැත්තක.. දෙවනි දිගට හරහට අපි කියන කියන විදියට ෆොටෝ ගන්නවා.. "මෙව්වා මාර මගුල්නෙ යකෝ.. මනමාලයා ෆොටෝග්‍රැෆර් වෙලා.. මුන් මෙතන ෆොටෝ ශූට් කරනවා.." එහෙම කියාගෙන අපි හිටපු තැනට ආවෙ පොඩී.. ඔන්න එතකොට තමයි මං අහම්බෙන් වගේ දැක්කෙ අර ලලනාවො ටික ඒ පාර පොඩීට බැල්ම දානවා.. ඉතින් මං ඔරවගෙනම ගිහිල්ලා පොඩීගෙ අතක එල්ලුනා.. "කෝ.. මෙහෙට හැරෙන්න.." "මොකද සුදූ මේ." "දෙවනි මේ.. කරුණාකරලා ඔයාගෙ ඔෆිස් එකේ නැට්ටිච්චියො ටිකට කියන්න අපේ ගෙදර ඉන්න කොල්ලොන්ට බැල්ම දාන්න එපා කියලා.. ඉස්සෙල්ලා තිවෙන්‍ය අයියව දැකලා මැරෙන්න හැදුවා. දැන් ඒ පාර පොඩීව කන්න හදනවා.. කොහෙද බලන්නෙ මෙහෙ හැරෙනවා පොඩී.." මං පොඩීගෙ බෙල්ලෙන්ම අල්ලගෙන එහෙම කියද්දි කට්ටියම හිනා වෙනවා.. ..........................................................♡ හෝම්කමින් කිව්වට ඉතින් පොඩි පාටියක්නෙ තිබුනේ.. ඉතින් හවස් වෙද්දි අක්කව දෙවනිට බාරදීලා සකී අක්කගෙ ගෙදර අයත් ගියා.. රෑ වෙනකොට කට්ටිය හැමෝම ගිහින් අන්තිමට ඉතුරු උනේ අපේ ගෙදර අයයි සුදු අම්මලයි අර්චියි සංසියි විතරයි.. අපේ ගෙදර මෙහෙම විශේෂ දවස් කියන්නෙ අපි හැමෝම එකට සමරන දවස්.. ඉතින් එහෙම දවසක් ඉවර වෙද්දි කොහොමත් අපි කට්ටියම වට මේස සාකච්ඡාවක් දාලා සින්දුවක් කියලා තමයි ඕක සමරන්නෙ.. අපේ ගෙදර කියන්නෙ සුදු අම්මලත් එක්ක තමා. අල්ලපුගෙදර හිටියට තිවෙන්‍ය අයියලත් අපේ ගෙදර මිනිස්සුම තමයි.. ඉතින් හැමදාම වගේ අපි කට්ටියම වැරෙන්ඩාවෙ තැන් තැන් වල ඉඳගත්තා.. අපි කට්ටියම කිව්වෙ අම්මලා තාත්තලත් එක්ක තමා.. සින්දු දෙක තුනක් කියලා ඔහේ කතා කර කර ඉන්න වෙලාවක එක පාරටම පොඩී කෑගහන්න ගත්තා.. "හෝව් හෝව් කෑගහන්න එපා.. මට කියන්න දෙයක් තියෙනවා.." පොඩී එහෙම කිව්වම අපි හැමෝම එයා දිහා බැලුවා.. "මේ අම්මේ.. මේක කිව්වට පස්සෙ ඔයා මට කන පැලෙන්න ගහන්නෑ කියලා ප්‍රොමිස් වෙන්න ඕනෙ හැබැයි හරිද." "මොකද්ද ළමයෝ..." "මේ.. මේකයි.." "කෙල්ලගෙ නම කියහන් කොල්ලෝ.. අම්මා බනින්නෙ නෑ.." එක පාරට සද්ද නැතුව ඉඳපු තාත්තා එහෙම කියද්දි අපි කට්ටියගෙම ඇස් නලලෙ.. "තාත්තෙ මේ.. මේ... අර නිවත්මා.. මේ දවස් වල මගෙ ඩ්‍රාමා එකේ.. අනේ මගුල මට බෑ.." පොඩී ඔලුව කහ කහ එහෙම කියලා ලැජ්ජාවට බිම බලාගත්තෙ අපි හැමෝටම හිනා යද්දි.. "යකෝ අයියෙ.. මූව කන්න එපැයි. දැන් සතියකට කලිනුත් කෙල්ලෙක් නෑ කිව්වා නේද.." "සුදු පුතා.. මොනවද ළමයො ඔය කියවන්නේ.." මගේ හිතේ තිබුන ප්‍රශ්නෙම දෑස්ගෙ කටිනුත් පනිද්දි සුදු අම්මා හිනා වෙවී එහෙම ඇහුවා.. "ඉතින් ඒ ළමයා ලස්සනයිනෙ පුතේ.. මට දෙතුන් පාරක්ම හම්බවෙලත් තියේ.. ඒ ළමයගෙ එහෙම පේන්න වරදක් නෑ.. මොන එහෙකටද කියන්නෙ නැතුව හංගගෙන හිටියෙ.." යකෝ අපෙ අම්මා බලහල්ලකො.. මං එහෙම ඔහොම කොල්ලෙක් ගැන කිව්වනම් බලන්න තිබ්බා වැඩේ.. "ආ මේ.. මේකයි.. එයා හොඳයි.. ඒ උනාට.." "ඇයි මොකද්ද ඒ උනාට.." "ඒ උනාට ඒ කෙල්ල මූට වඩා අවුරුදු දෙකක් වැඩිමල්.. ඒකි අපේ කැම්පස් එකේ අපේ බැජ් එකේ.." දෙවනි සතපහක ගානක් නැතුව එහෙම කියද්දි අපි හැමෝම බැලුවෙ දෙවනි දිහා.. පොඩි අයියා අම්මා දිහා බලන් හිටියෙ හෙන අසරණ මූඩ් එකකින්... "ඇත්තද පොඩී මේ අයියා කියන්නේ.." "ඔව් තාත්තේ.." දෙවනි කියපු එක ඇත්තක් කරන ගමන් පොඩි අයියා එහෙම කියද්දි අපි හැමෝම අම්මා දිහා බැලුවෙ මොන වගේ උත්තරයක් හම්බෙයිද කියලා දැනගන්න.. "අනේ ඇත්තමයි මේ ළමයිනම්.. එහෙමයි කියලා මොකටද ඕක හංගගෙන හිටියෙ. වයසෙන් වැඩක් නෑ. ඔයාට ගැලපෙනවනම් ඔයා කැමති දෙයක් කරන්න. හෙට දිහාට කෝල් එකක් අරන් දෙන්න. මං ඒ දරුවට කතා කරන්නම්." "අම්..මා.. ඇත්තටමද.." පොඩී එහෙම ඇහුවෙ දඩිබිඩි ගාලා අම්මගෙ ලඟට ගිහින් ඉඳගන්න ගමන්.. "ඔව් ඔව් ළමයෝ.." අම්මා පොඩීගෙ ඔලුවත් අතගාලා එහෙම කිව්වා.. "ඒ උනාට ඒක නෙවෙයිනෙ ප්‍රශ්නෙ.. මෙයා මේ බයේ නොකියා හිටියට කොහොමත් අවසරේ හම්බෙන බව දැන දැනත් නොකියන කට්ටිය ගැනනෙ ප්‍රශ්නෙ.." අම්මා එකපාරටම එහෙම කියද්දි මට ඉබේටම බැලුනෙ තිවෙන්‍ය අයියා දිහා.. එයත් ශොක් වෙලා වගේ මගේ දිහා බලාගෙන.. මට නිකන් හුස්ම හිරවෙනවා වගේ.. අපි දෙන්නා විතරක් නෙවෙයි ඒ වගේ බය වෙලා තියෙන්නෙ කියලා මට තේරුනේ සීතල වෙලා ගිය අතකින් මගේ අත අල්ලගත්තු අර්චිවයි සුදුමැලි වෙලා ඉන්න දෑස්වයි දැක්කම.. "සුදුපුතා..." "අම්..මා.." "මං මේ ඔයා ගැන අහන්නෙ. තව කොච්චර කාලයක් හංගගෙන ඉන්නවද අපිට.." අම්මා එහෙම කියද්දි මම බොහොම නිදහසේ හුස්මක් අතෑරියට අර්චිනම් බයටම මගෙ අත තද කරලා අල්ලගෙන.. "අම්මෙ මං.." "අම්මෙ මං තමා. ඇති යන්තම් උබ ඒකවත් මොලේ ඇති විදියට තෝරගත්තා.. මං පණ බයේ හිටියෙ මොන ජාතියෙ කුණ්ඩවාලෙකට කරගහලද දන්නෑ කියලා.. අනේ.. දෝණි ඇයි මේ අඬන්නෙ. අඬන්න එපා දරුවෝ.. මොකෝ නොදන්න කෙල්ලෙක්ද මේ.." එහෙම කියාගෙන අම්මා අර්චි ලඟට ඇවිත් අර්චිව බදාගද්දි තමයි මං දැක්කෙ.. බයටම අර්චිගෙ ඇස් වල කඳුලු පිරිලා.. පිස්සුනේ ඉතින්.. මමනම් දැනන් හිටියා අම්මා කවදාවත් ඕකට අකමැති වෙන්නෑ කියලා.. අන්තිමේදි ඒකත් එහෙනම් හරි.. මං බොහෝම සැනසීමෙ හුස්මක් අතෑරියා.. මං හිතුවෙ අම්මා අපි දෙන්නා ගැන සේරම දැනගෙන කියලා.. "අනික් ජෝඩුව ශේප් එකේ මූණු හංගගත්තෙ අපි ඒක ගැන දන්නෑ කියලා හිතාගෙන වෙන්නැති නේද මහේන්.." නාලක අංකල් එහෙම කියද්දි අපි දෙන්නා එකපාරටම ඔලුව උස්සලා නාලක අංකල් දිහා බැලුවෙ ඇත්තටම බයවෙලා.. "අයියණ්ඩිලා ටිකත් නොසෑහෙන්න සපෝට් කරානෙ දෙන්නට හොර වහගන්න.. නේද සුදූ.." තාත්තා එහෙම අහද්දි මට කට උත්තර නෑ.. "ම්හ්.. ම්.. තාත්..තෙ.." "තාත්තා තමයි. පොඩියි පොඩියි කියලා හිතාගෙන හිටියට මෙයා හැමෝටම හපන්නෙ.." "මාමේ.. සුදූට බනින්න එපා.. මං.." තාත්තා කෑගහද්දි තිවෙන්‍ය අයියා මැද්දට පැනලා එහෙම කිව්වා... "ආ ඇත්තද පුතේ.. සුදූට බනින්න එපාද.. මුන් බලහල්ලකො.. අනේ අම්මපා. මේ පොඩි උන් කියලා හිතන් හිටපු අපිට ගහන්න ඕනෙ මඩු වලිගෙකින්.." ඒත් එක්කම නාලක අංකල් හිනාවෙවී එහෙම කියද්දි තමයි මට පොඩ්ඩක් හරි සැනසිල්ලක් දැනුනේ.. "අනේ මේ.. ඔයා කටවහගන්න. මේ කොහොමත් මගේ කෙල්ල. ඒකනෙ ඉපදෙද්දිම මම ඉල්ලගෙන තියාගත්තේ.." සුදු අම්මා එහෙම කියලා මාව බදාගද්දි මම ෆුල් ශොක්.. බලන් යද්දි මෙයාලා මට උපන්දා ඉඳන්ම මගුල් කතා කරලනෙ.. කොහෙද ඉතින් අම්මට තිබ්බ හදිස්සිය පුතාටත් තිබ්බනම් මෙව්වා වෙන්නෙ මීටත් කලින් හුම්ම්.. "මොකක්.." හැමෝම සතුටෙන් හිනාවෙවී ඉන්න වෙලාවෙ මහ හයියෙන් බෙරිහන් දුන්නෙ සහන්‍යා.. "ඇයි දෝණි.." " න්..නැන්දා.. අපේ සුදු අයියයි මෙ..යයි.." "අනේ ඇත්තට. මේ කෙල්ලට නින්ද ගිහින්ද හිටියෙ මෙච්චර වෙලා.. ඔයාගෙ අයියා පොඩ්ඩ හොරෙන් හොරෙන් කරපු වැඩ වල තරම තමයි ඔය.." සුදු අම්මා හිනාවෙලා එහෙම කියද්දි සහන්‍යා එක පාරටම බැලුවෙ මගේ දිහා.. මගේ දිහාට ගිණි පිටවෙන බැල්මක් දාලා එයා ගිහින් තිවෙන්‍ය අයියා ලඟින් ඉඳගත්තා.. "සුදු අයියා.. ඒ.. ඇත්තමද.. ඔයා.. අනේ බොරුනෙ.." "මොනවද බොරුද අහන්නෙ ඩෝල්. දැන් අම්මම කිව්වනෙ ඒක ඇත්ත කියලා.." තිවෙන්‍ය අයියා එහෙම කියද්දි සහන්‍යාගෙ මූණ බෙරි වෙලා ගියා.. ආයෙ ඉතින් එයා මොන එහෙකට දුක් වෙනවද.. නංගිනම් නංගි විදියට පාඩුවෙ ඉන්නෝනෙ හුම්ම්.. "ඒක නෙවෙයි තාත්තේ.. ඔයාලා කොහොමද මේ ඔක්කොම.." ලොකු අයියා අහලා ඉවර කරන්නත් කලින්ම තාත්තලා මහ හයියෙන් හිනා වෙන්න ගත්තා.. "අනේ බන් පුතේ.. අපි උබලට කලින් ඔය වයස පහු කරලා ආවෙ.. එහෙව් අපෙන්ද ඔව්වා අහන්නෙ.." මේ තාත්තා බලන්න එපැයි. ලොකු අයියගෙ මූණ තක්කාලියක් වගේ වෙලා.. කොහොම උනත් දැන් ඉතින් සේරම හරි.. තව විසඳෙන්න තියෙන්නෙ චූටි අයියගෙ කතාව විතරනේ.. "දැන් ඇති ළමයිනේ.. යමු නිදාගන්න.. මේ දරුවට එපා වෙලත් ඇති ඔයාලගෙ කියවිල්ල අහගෙන ඉඳලා.." අම්මා එහෙම කිව්වෙ දෙවනිගෙ උරිස්සකට හේත්තු වෙලා ඉන්න සකී අක්කා දිහා බලලා.. "අනේ එහෙම නෑ අම්මා.. මං ආසයි මේකට. මට ඉතින් මෙහෙම කතා කරන්න කවුරුත් ඉඳලා නෑනෙ එහෙ.. ඒකනෙ මං මෙච්චර හදිස්සි කරලා මෙහෙට ආවෙ.." සකී අක්කා එහෙම කිව්වෙ හිනා වෙලා.. කොහොමහරි ඉතින් අපි ආයෙ නිදාගන්න ගියේ තවත් පැය ගානක් කියව කියව ඉඳලා ඇති වෙනකල්ම සින්දුත් කියලා ඉවර වෙලා.. ..........................................................♡ "වෙඩින් ගන්න ඕනෙ කියලා එහෙම ලොකු ආසාවක් මට නෑ අම්මා. මගේ පවුලෙ කියලා කවුරුත් නෑනේ.. අම්මලට කැමති විදියකට කරන්න. මට ප්‍රශ්නයක් නෑ.." ඔෆිස් එකට ගිහින් කලින් ආව දවසක සාලෙට අඩිය තියද්දිම මට ඇහුනෙ ඔන්න ඔය ටික.. කවුද මේ කතා කරන්නෙ කියලා හිතාගන්න බැරි තැන මම බැලුවෙ මගෙ එහාපැත්තෙන් හිටපු තිවෙන්‍ය අයියා දිහා.. එයත් දන්නෑ කියන්න වගේ උරහිස් අකුලද්දි අපි දෙන්නම ගේ ඇතුලට ගියේ මොකද්ද වෙන්නෙ කියලා බලාගන්න.. "අම්මා.. මම ආවා.." "ඔයා ආවද සුදූ.. කොයි පුතා.. ඒක නෙවෙයි මේ බලන්නකො කවුද ඇවිත් ඉන්නෙ කියලා.." "හරි හරි අනේ.. ඔයාගෙ මහලොකු පුතා මේ ඉන්නෙ. මොනවද අනේ. මං යනවා සුදුඅම්මලගෙ ගෙදර.. මේ ගෙදර මට තැනක් ඇත්තෙම නෑනෙ.." "එහෙ යන්න ඕනෙ හින්දනෙ ඉතින් මේ අහිංසකයව අල්ලගත්තෙත්.." අම්මා එහෙම කියද්දි තිවෙන්‍ය අයියා හොඳට හිනා වෙනවා.. මහ මෝඩයෙක් ඔව්.. දෙන්නටම රවාගෙන එතන තිබුන පුටුවෙන් ඉඳගද්දි මම දැක්කෙ මගෙ ඉස්සරහා ඉඳගෙන ඉන්න අපේ පොඩීගෙ පරම පිවිතුරු ලව් එක.. නිවත්මා අක්කා.. "අනේ අනේ.. මේ මගෙ අලුත් නෑණා පොඩ්ඩනේ.. කවුද දෙයියනේ ඉතිම් හිතුවෙ.. මෙච්චර ෆේමස් ඇක්ට්‍රස් කෙනෙක් නෑණා කරගන්න තරම් මේ මීදුම් පින් කරලා ඇති කියලා.. ඇරත් අර අපේ රිලවෙක් වගේ පොඩි අයියට මෙච්චර ලස්සන කෙල්ලෙක් කැමති වෙයි කියලා.." මං එහෙම කියද්දි ඒ අක්කා හිනා වෙනවා..  එයා මං හිතුවටත් වඩා මාර අහිංසකයිනේ.. නිවත්මා අක්කගෙ පවුලෙ අය කවුරුත්ම නැතිලු.. එයා පොඩි කාලෙම එයාලා නැති වෙලා තියෙන්නෙ..  එයා අද මෙහෙ ඇවිත් තියෙන්නෙ අම්මා එක්ක එයාලගෙ වෙඩින් එක ගැන කතා කරගන්න.. අක්කගෙ විස්තර ඔක්කොම දන්න නිසා පොඩී වගේම අම්මා කැමතිත් නෑ අක්කව තවත් තනියම තියන්න. ඉතින් ඒ දෙන්නටම වෙඩින් එකක් ගැන ලොකු උවමනාවක් නැති නිසා ලඟම එන දවසක තියෙන නැකතකට එන්ගේජ්මන්ට් එක ගන්න තමයි දැන් අපෙ අම්මා ලෑස්ති වෙන්නෙ.. ..........................................................♡ "අනේ මගේ පුලුන් බෝලේ.. කෝ බලන්න මගෙ සූටි පැටියා.. නැන්දි ආවා මගෙ මැණිකව බලන්න.. සංකැටේ.. ඕ ඕ.. මොනාද කියන්නේ.. අනේ අක්කේ.. එයා පුලුන් බෝලයක් වගේමයි.. බලන්නකෝ.. තනිකර ලොකූ වගේමයි. ඒත් එයාට තියෙන්නෙ ඔයාගෙ වගේ ඇස් දෙකක්.. අනේ... මට ආසාවෙ බෑ.." අපේ චූටි පුලුන් බෝලෙ.. අන්තිමට එයා මේ ලෝකෙට ආවා.. මැන්ඩි අක්කට අමාරු උනේ හදිස්සියෙම වගේ.. ඉතින් හිතුවට වඩා ටිකක් කලින් පුලුන් බෝලෙට අපිව බලන්න ඕනෙ වෙලා.. "අනේ මන්දා බන් ලොකු අයියේ.. ඔය පොඩි එකාවත් මේකි වගේනම් හදන්න එපා හරිද.. පේනවනෙ දැන්.." හිනාවෙවී එහෙම කියන්නෙ චූටි අයියා.. "අනේ මේ.. බලන්නකො අප්පා මෙයා චූටි රෝස මලක් වගේ.. පැටියෝ ඔයා නැන්දි වගේම හැදෙන්න හරිද.. ආ.. මට තව ටිකෙන් අමතක වෙනවා.. අපි චූටි මැණිකට තෑග්ගක් ගෙනාවනේ.." මං එහෙම කිව්වෙ ඇත්තටම මට ඒක මෙච්චර වෙලා අමතක වෙලා තිබ්බ හින්දා.. "නැන්දට බබාව දැක්කම සේරම අමතකයිනෙ.. ඔන්න පැටියෝ.. මේක ඔයාට.." එහෙම කියලා තිවෙන්‍ය අයියා එලියට ගත්තෙ අපි දෙන්නා කලින්ම ගිහින් තෝරගත්තු චූටි පංචායුධෙයි මාලෙයි.. ඉතින් තිවෙන්‍ය අයියා ඒක අක්කගෙ අතට දුන්නා.. "අනේ සුදූ.. මේවා මොකටද ගෙනාවෙ.. ඔයාලා දෙන්නට කීයක් වි‍යදම්ද.." ඒ පාර අක්කා කියවනවා.. "අනේ මේ.. මං පලවෙනි පාරට හලෝ නැන්දෙක් උනේ.. මෙහෙමවත් නොකර කොහොමද.. නේද චූටි මැණික.." මං කිව්වෙ මගෙ අතේ ඉන්න චූටි කෙල්ල දිහා බලාගෙන..   "ඉතින් දැන් මේක මට දුන්නෙ මොකටද. මාමයි නැන්දයි දෙන්නම දාන්න ඒක.." "කමක් නැද්ද අක්කේ.. ආ අම්මා.." "කමක් නෑ දරුවෝ.." ඉතින් අම්මගෙන් පර්මිෂන් හම්බවුනාම මම ඒක පරිස්සමට චූටි පැටියගෙ කරට දැම්මා.. "මේ බලන්නකො චූටි පැටියෝ.. ඔයා මාව අඳුරගත්තද.. ඕ.. කෝ බලන්න.. ආ ඔයා දන්නෙ නෑනේ.. ඉන්නකො මං ඔයාට අඳුන්වලා දෙන්න.. ඔයා දන්නෙ නෑනේ.. එතකොට ඔයාගෙ බාප්පලා ගොඩාක්.. තව ඔයාට ඉන්නවා ශෝයි පුංචිලා ටිකකුත්. ආ ආච්චිලා දෙන්නෙකුයි සීයලා දෙන්නෙකුයිත් ඉන්නවනේ.. තව ඔයාට ඉන්නවා හැන්ඩ්සම් මාමෙකුත්.. ඔයාගෙ නැන්දි ඔයා එනකල් ගොඩාරියක් කල් බලන් හිටියා.. අපි හැමෝම බලන් හිටියනේ ඔයා එනකල්.. ඔයාගෙ තාත්ති ඔයාට ගොඩාරියක් ආදරෙයි. ඔයානෙ එයාව තාත්තියෙක් කරේ.. ඔයාගෙ අම්මිත් එහෙමයි..  ඔයා හෙමින් හෙමින් ලොකු වෙන්න.. අපි හැමෝම ඔයාට ආදරෙයිනෙ.. ඔයා තෝරගෙන තියෙන්නෙ හරිම තැන පැටියෝ.." මං චූටි පුලුන් බෝලෙ දිහා බලාගෙන එහෙම කිව්වා.. ඒ ටික කියලා ඔලුව උස්සද්දි මම දැක්කෙ ලොකු අයියගෙ ඇස් වල කඳුලු පිරිලා.. ඉතින් පුලුන් බෝලෙව අක්කගෙ අතට දීලා මම ලොකු අයියා ලඟට ගියා.. "මේ මොකද අප්පා.. අලුත් තාත්තෙක් නේද දැන්.. තාත්තලා ඔහොම අඬන්නෑ අනේ.." මං එහෙම කියද්දි ලොකු අයියා මාව එයාගෙ ලඟට ගත්තා.. "අලුතෙන් නෙවේනෙ මම තාත්තෙක් උනේ.. එයාට කලින් මාව තාත්තෙක් කරේ ඔයානෙ සුදූ.." ..........................................................♡ "තමුන් කොහොමද එහෙම මගේ සුදු අයියව අල්ලගන්නෙ ආහ්හ්.." ..........................................................♡ එකපාර ශකබුම් උනා නේත.. ඊලඟ එකෙන් තවත් ශකබුම් වෙයි.. අලුත් කොටසකින් හම්බෙමු.. ✍️ රාදි
❤️ 3

Comments