රාදි 🤎🍂
February 16, 2025 at 05:34 PM
"මේ බලන්නකො චූටි පැටියෝ.. ඔයා මාව අඳුරගත්තද.. ඕ.. කෝ බලන්න.. ආ ඔයා දන්නෙ නෑනේ.. ඉන්නකො මං ඔයාට අඳුන්වලා දෙන්න.. ඔයා දන්නෙ නෑනේ.. එතකොට ඔයාගෙ බාප්පලා ගොඩාක්.. තව ඔයාට ඉන්නවා ශෝයි පුංචිලා ටිකකුත්. ආ ආච්චිලා දෙන්නෙකුයි සීයලා දෙන්නෙකුයිත් ඉන්නවනේ.. තව ඔයාට ඉන්නවා හැන්ඩ්සම් මාමෙකුත්.. ඔයාගෙ නැන්දි ඔයා එනකල් ගොඩාරියක් කල් බලන් හිටියා.. අපි හැමෝම බලන් හිටියනේ ඔයා එනකල්.. ඔයාගෙ තාත්ති ඔයාට ගොඩාරියක් ආදරෙයි. ඔයානෙ එයාව තාත්තියෙක් කරේ.. ඔයාගෙ අම්මිත් එහෙමයි.. ඔයා හෙමින් හෙමින් ලොකු වෙන්න.. අපි හැමෝම ඔයාට ආදරෙයිනෙ.. ඔයා තෝරගෙන තියෙන්නෙ හරිම තැන පැටියෝ.."
මං චූටි පුලුන් බෝලෙ දිහා බලාගෙන එහෙම කිව්වා..
ඒ ටික කියලා ඔලුව උස්සද්දි මම දැක්කෙ ලොකු අයියගෙ ඇස් වල කඳුලු පිරිලා..
ඉතින් පුලුන් බෝලෙව අක්කගෙ අතට දීලා මම ලොකු අයියා ලඟට ගියා..
"මේ මොකද අප්පා.. අලුත් තාත්තෙක් නේද දැන්.. තාත්තලා ඔහොම අඬන්නෑ අනේ.."
මං එහෙම කියද්දි ලොකු අයියා මාව එයාගෙ ලඟට ගත්තා..
"අලුතෙන් නෙවේනෙ මම තාත්තෙක් උනේ.. එයාට කලින් මාව තාත්තෙක් කරේ ඔයානෙ සුදූ.."
..........................................................♡
"තමුන් කොහොමද එහෙම මගේ සුදු අයියව අල්ලගන්නෙ ආහ්හ්.."
තේ එක අරන් කුස්සියෙන් එලියට එන්න ආව මං පුදුම වෙලා වගේ බැලුවෙ ගිනි පිටවෙන බැල්මක් දාගෙන මගේ දිහා බලන් ඉන්න සහන්‍යාගෙ වචන නිසා..
සහන්‍යා අපේ ගෙදර ආවෙ අපේ පුලුන් බෝලෙව බලලා යන්න. සුදු අම්මයි තිවෙන්‍ය අයියයි එක්ක එයත් ආවා..
"ම්..මොකද්ද ඔයා කියන්නෙ සහන්‍යා.."
"මොකද්ද.. මොකද්ද තමයි. හීමිච්චි වගේ ඉඳගෙන මායම් දාලා මගේ සුදු අයියව අල්ලගෙන.. තමුන් දන්නවද මං එහෙ ඉඳන් මෙහෙ ඇවිත් නැවතුනේම සුදු අයියා හින්දා.. තමුසෙ හිතන්නවත් එපා මීදුම් මම සුදු අයියව තමුසෙට දීලා බලන් ඉඳියි කියලා.. බලාගන්නවා මම තමුසෙට කරන දේ.."
එහෙම කියලා සහන්‍යා එයාගෙ අතේ තිබුන දැන් ටිකකට කලින් හදපු තේ එක ඇඟේ හලාගත්තා..
මෙයා මොනවද මේ කරන්න හදන්නේ..
මට හිතාගන්න බැරුව ශොක් වෙලා ඉද්දි තේ කෝප්පෙ මගේ අතින් අතෑරිලා ගියේ මට හිතන්නවත් වෙලාවක් නොතියා..
"ආවු මීදුම්.. ඇයි අනේ ඔයා මට මෙහෙම කරන්නේ.. මම කිව්වනෙ මට සුදු අයියා මගේ අයියෙක් විතරයි කියලා.. ඇයි ඔයා මට මෙහෙම කරදර කරන්නේ.."
මගේ තේ කෝප්පෙ බිඳිලා යද්දිම සහන්‍යා හයියෙන් කෑගහලා අඬන්න ගත්තු සද්දෙට ගෙදර හැමෝම අපි හිටපු තැනට ආවා..
"සුදූ.. මොකද උනේ. ඇයි මේ ළමයා අඬන්නේ.."
අපේ අම්මා එහෙම අහද්දි සහන්‍යා ආයෙමත් අඬන්න පටන්ගත්තෙ මාව තවත් පුදුම කරලා දාලා..
"අනේ බලන්නකො ආන්ටි. මම මීදුම්ට කිව්වා.. සුදු අයියා මට අයියෙක් විතරයි කියලා. ඒත් එයා තේ එක මගේ ඇඟේ හලලා කෝප්පෙත් පොලොවෙ ගැහුවා.. ඉහි ඉහි.."
මෙයා කොහොමද මේ විදියට අතේ පැලවෙන බොරු කියන්නේ.. මට කතා කරගන්නවත් වචන එන්නෑ සහන්‍යාගෙ මේ රඟපෑම දැකලා..
"සුදූ.. මොකද උබට වෙලා තියෙන්නෙ.. ගෙදරට ආව මනුස්සයෙක්ට ඔහොමද සලකන්නේ.."
"අම්..මා.. මං.."
"අම්මා තමයි.. කියනවා ඉතින්..ඇයි එහෙම කරේ.."
"මං එහෙම කරේ නෑ අම්මා.."
"සුදූ.. මං උබේ හැටි හොඳටම දන්නවා.. ඉරිසියාව කියලා ඔය තරමට මොකද්ද ආ.. දැම්මම සමාවගන්නවා මේ ළමයගෙන්.."
අම්මා දිගටම මට බනිනවා.. මං කියන එක වචනයක්වත් අම්මා පිලිගන්න ලෑස්ති නෑ.. එක අතකට සාධාරණයි.. මම වැඩිපුර ඉරිසියා කරනවා කියලා අම්මා දන්නවා..
ඒත් මම මේ වගේ වැඩ කරන්නෑ කියලා අම්මට තව එක පාරක් හරි හිතන්න තිබුනා..
"දැන් ඇති අම්මා.. මං හිතුවෙ නෑ සුදුබබා ඔයා මේ වගේ වැඩක් කරයි කියලා.. ඔයා මෙච්චර නරක වැඩක් කරයි කියලා මං කීයටවත් හිතුවෙ නෑ.."
අම්මව නවත්තලා තිවෙන්‍ය අයියා මගේ දිහා බලලා එහෙම කියද්දිනම් මට ඉබේටම ඇඬුනා..
කඳුලු අස්සෙන් මම දැක්කෙ සහන්‍යා කට කොනෙන් හිනාවෙලා මගේ දිහා බලන් ඉන්න විදිය..
"අයි..යෙ.."
මං කතා කරද්දිත් තිවෙන්‍ය අයියා නෑහුන ගානට එලියට යද්දි මට හයියෙන්ම ඇඬුවා..
මම ඉඳපු තැන ඉඳන්ම ඉකිගහලා අඬද්දි අම්මත් මාව දාලා යන්න හැදුවා..
"සුදූ.. ඇයි මේ අඬන්නෙ.."
එක පාරට කොහෙදෝ ඉඳන් ආව දෑස් එහෙම අහද්දි මම දෑස්ව බදාගෙනම අඬන්න ගත්තා..
"බොරුවට අඬන එක නවත්තන්න සුදු බබා.. ඔයාව හුරතල් කරලා වැඩි නිසයි මේ සේරම.."
ආපහු ඇවිත් තිවෙන්‍ය අයියා එහෙම කියද්දි මට තව ටිකක් හයියෙන් ඇඬුනා..
"හොඳටම ඇති.. කට වහගන්නවා චූටි පුතා.. තමුන් ඇස් දෙකටම දැක්කද මෙතන මොකද්ද උනේ කියලා.."
එකපාරටම කොහෙදෝ ඉඳන් ආව සුදු අම්මා එහෙම කියලා කෑගහන්න ගත්තා..
"මොනවද අම්මා අහන්නෙ. ඇහුනෙ නැද්ද දැන් ඩෝල් කිව්වා.."
"චූටි පුතා සුදු මැණිකේ.."
"අම්මා.. මං දන්නවා ඔයා මෙයාට ගොඩක් ආදරෙයි කියලා. ඒත් දැන්නම් මෙයාගෙ පැත්ත ගන්න ලෑස්ති වෙන්න එපා.. දැන් ඩෝල්ගෙන් සමාව ගන්න සුදූ..."
ඒ පාර තිවෙන්‍ය අයියා එහෙම කිව්වා..
මං කිසි දෙයක් නෑහුන ගානට දෑස්ව බදාගෙන සද්ද නොකරම ඉද්දි තිවෙන්‍ය අයියා කිව්ව කතාවටනම් මට හිතුනේ මම මැරිලා ගියානම් හොඳයි කියලා..
"පේනවා නේද මුරණ්ඩුකම.. මට මේ වගේ කෙල්ලෙක් ඕනෙ නෑ අම්මා.. ඇත්තටම මට තෝරගන්න තිබුනෙ ඩෝල්ව තමයි.."
ඒ තප්පරෙන් මං දෑස්ගෙන් ඈත් වෙලා බැලුවෙ තිවෙන්‍ය අයියගෙ ඇස් දෙක දිහා..
ඒත් එයා මගේ දිහා නොබලම ඒ ඇස් හංගගත්තා..
ඇත්තටමද ඔයා මේවා කියන්නෙ අයියේ.. මං ඔයාට වැරදුන තේරීමක්ද..
"චුටි පුතා.."
සුදුඅම්මගෙ කේන්ති ගියපු කටහඬත් එක්කම සුදුඅම්මගෙ අතක් නැවතුනේ තිවෙන්‍ය අයියගෙ කම්මුලක..
"අනේ සුදු අම්මා.."
මං කෙඳිරිල්ලකින් වගේ එහෙම කිව්වා..
පාර වැදුනෙ එයාට උනාට රිදුනෙ මටනේ..
"ඔහොමද මං උබව හැදුවෙ ආ.. මොනවද ඔය කියන්නෙ කියලා තේරෙනවද.. දන්නවද.."
සුදු අම්මා එහෙම කියලා කෑගහන්න ගත්තා..
"මං කිව්වෙ ඇත්ත අම්මා.."
තිවෙන්‍ය අයියා ආයෙම එහෙම කියද්දි මට දැනුනෙ මාව ඇතුලෙන් ගිනිගන්නවා වගේ..
"අයියෙ ඔයා මේ.."
ආයෙමත් දෑස් පුදුමෙන්ම කතා කරන්න හැදුවත් ඊට කලින්ම සහන්‍යා මැද්දට පැන්නා..
"අනේ ඇත්තමද සුදු අයියා.. මං මේ දවස එනකල් කොච්චරනම් බලන් හිටියද.. මාත් ඔයාට ආදරෙයි සුදු අයියේ.. අපි දෙන්නා සතුටින් ඉමු.."
සහන්‍යා එහෙම කියද්දි එක පාරටම තිවෙන්‍ය අයියා මහ හයියෙන් හිනාවෙන්න ගත්තා.
"මොකද්ද.. ආයෙමත් කියන්න.."
"මං ඔයාට ගොඩාක් ආදරෙයි සුදු අයියේ.. ආම් ඉන් ලව් විත් යූ.."
"හහ්.. සිරාවට.. තමුන් දැන් ටිකකට කලින් මෙතන දිවුර දිවුර ඇඬුවෙ මොනවා කියලද සහන්‍යා.. මගේ ගැන කිසිම අදහසක් නෑ කියද්දිත් මගේ කෙල්ල ඇඟේ තේ හැලුවා කියලා නේද.. උබ හිතන් ඉන්නෙ මම මෝඩයෙක් කියලද යකෝ. උබ මගෙ කෙල්ලට කරපු හැමදේම මම මගෙ ඇස් දෙකෙන්ම දැක්කා. සහෝදරකමට හොඳට කතා කරාම කරේ යන්න ලෑස්ති වෙන්න එපා.. උබ මගේ හැටි තාම දන්නෙ නෑ.."
එකපාරට තිවෙන්‍ය අයියා එහෙම කියද්දි මං පුදුමෙටම ඇස් ලොකු කරගෙන එයා දිහා බැලුවෙ..
මොනවද මෙයා මේ කියන්නේ..
"සුදු අයියා.."
"චූටි පුතා.."
"ඔව් අම්මා. ඔයා විතරක් නෙවෙයි මාත් හැමදේම දැක්කා. මේක මේ විදියට ඉවරයක් කරන්න ඕනෙ නිසයි මං මෙච්චර වෙලා මෙහෙම නාඩගමක් නැටුවෙ.."
තිවෙන්‍ය අයියා එහෙම කියද්දිම අපේ අම්මත් කතා කරන්න ගත්තා..
"ඇයි දරුවෝ ඔයා මගෙ කෙල්ලට එහෙම කරේ.. මගෙ දරුවා මොකද්ද ඔයාට කරපු වැරැද්ද.. එයාව මෙහෙම අඬවන්න තරම් ඔයාට මොකද්ද එයා එක්ක තිබුන තරහා.."
අම්මා සහන්‍යාගෙන් එහෙම අහද්දි ආයෙමත් මගේ ඇස් වලට කඳුලු පිරුණා..
"දැන් ඇති මේනකා.. සහන්‍යා.. ඔයාට තවත් මෙහෙ ඉන්න බෑ.. මං දැම්මම ඔයාගෙ අම්මට කතා කරලා මේ දේවල් කියනවා. දැන් ඔයා කරුණාකරලා ගෙදර යන්න ලෑස්ති වෙන්න. තවත් මගෙ දරුවො අතරෙ ප්‍රශ්න ඇති කරන්න ලෑස්ති වෙන්න එපා පුතේ..."
සුදු අම්මනම් එහෙම කිව්වෙ ගොඩක් තරහා ගියපු කටහඬකින්..
ඒ එක්කම වගේ තිවෙන්‍ය අයියා මගේ දිහාට හැරුනා..
"සුදු බබා.."
තිවෙන්‍ය අයියා එහෙම කියාගෙන මගේ ලඟට ඇවිත් මගේ අතින් අල්ලගන්න හැදුවත් මම ඒ අත ගසලා දාලා එතනින් එලියට ගියේ මගේ හිත හොඳටම රිදිලා තිබුන නිසා..
"හොර ඇල්ලුවට වැඩක් නෑ.. උබනම් අයියෙ ලොකු වරදක් කරගෙන තියෙන්නේ.."
මං එතනින් එලියට එද්දිම මට ඇහුනෙ දෑස් හිනාවෙවී එහෙම කියන සද්දෙ..
..........................................................♡
එලියෙ තියෙන ඔංචිල්ලාවෙ ඉඳගෙන එහෙට මෙහෙට පැද්දෙන ගමන් මම ඇස් පියාගත්තෙ මගේ හිතේ පටලැවෙන සේරම හැඟීම් ටික නිදහසේ ලෙහාගන්නත් එක්කමයි..
දුක තරහා බය වේදනාව ඔය හැම දෙයක්ම වගේ එකට වෙලා මගේ හිත හිරවෙලා තිබුනේ...
ඒත් එක්කම මට දැනුනෙ මගේ එහාපැත්තෙන් කවුරුහරි ඉඳගන්න විදිය..
ඇස් අරින්න දෙයක් නෑ.. ඒ හුස්මෙන්ම මම දන්නවා මේ එයා කියන්න..
ඊලඟ තප්පරේ මට ඇහුනෙ තිවෙන්‍ය අයියා අතෑරපු බර හුස්මක සද්දෙ..
"මගේ සුදුබබා මගෙත් එක්ක තරහා වෙලාද.."
එයා එහෙම අහද්දි මං ඇස් ඇරලා එයාගෙ දිහා බැලුවා..
ඒ ඇස් වල පිරිලා තිබුනෙ ලොකු වේදනාවක්..
ඉතින් බොරුවට උනත් ඒ වෙලාවෙ කියපු වචන වලට එයාටම කොච්චර් රිදිලද කියලා ඒ ඇස් වලින්ම මට පෙනුනා..
ඒත් මේ වෙලාවෙ මගේ හිත හදන්න ඒ බැල්මට බෑ..
සුදු අම්මා කම්මුලට ගහපු පාරටද කොහෙද ඒ කම්මුල රතු වෙලා..
"තරහා වෙලා ඉන්න මම ඔයාගෙ කවුරුත් නෙවෙයිනෙ අයියේ.."
ඒ ටික විතරක් කියලා මම ලෑස්ති උනේ එතනින් නැගිටලා යන්න..
"මැණික.."
ආයෙම පාරක් තිවෙන්‍ය අයියා මගෙ අතකින් අල්ලගත්තා..
"අතාරින්න.."
එහෙම කියලා බලෙන්ම මගේ අත උදුරවාගෙන මම ගේ ඇතුලට ගියා..
ඇතුලට ඇවිත් ෆස්ට් ඒඩ් බොක්ස් එකෙන් බාම් එකකුත් අරගෙන මම ආයෙම ඔංචිල්ලාව ලඟට ගියා..
තාමත් හිටපු විදියටම දනිස් දෙකට වැලමිට තියාගෙන අත් දෙකෙන් මූණ වහගෙන තිවෙන්‍ය අයියා ඔංචිල්ලාවෙ ඉඳගෙන..
"ඔලුව උස්සන්න අයියේ.."
මං එගෙම කිව්වම තිවෙන්‍ය අයියා ඔලුව උස්සලා මගේ දිහා බැලුවා..
ඊට පස්සෙ මම මුකුත් නොකියම එයාගෙ කම්මුලේ බාම් එක ගාන්න ගත්තා..
"මැණික.. සොරි.."
එයා එහෙම කිව්වෙ එයාගෙ කම්මුලේ බාම් ගාන්න දික් කරපු මගේ අත එයාගෙ අත් දෙකෙන්ම අල්ලගෙන..
මං මුකුත්ම නොකියා හිනා උනා..
"මට ඕනෙ උනේ ඔයාට කරපුවට ඒකිට පාඩමක් උගන්නන්න.. ඔයාට එච්චර දුක හිතෙයි කියලා හිතුවෙ නෑ සුදු බබා.."
"මං කවදාවත් ලෑස්ති වෙලා හිටියෙ නෑ අයියේ.. මං ආදරේ කරන මනුස්සයගෙ කටින් බොරුවට හරි මං එයාගෙ වැරදි තේරීමක් කියලා අගහන්න.."
හිනාවෙලා ඒ ටික විතරක් කියපු මම එතනින් නැගිටලා ආවා..
..........................................................♡
"සුදූ.. ඉතින් දැන් ඔය මදිද තරහා පිරිමැහුවා අරූගෙන්. දැන් සතියක් වෙන්නත් එනවනේ.."
එකපාරටම ඩ්‍රයිව් කර කර හිටපු චූටි අයියා එහෙම කියද්දි මං ඇස් කරකවලා එයා දිහා බැලුවා..
එදා වෙච්ච දෙයින් සතියක් ගිහිල්ලත් මම තිවෙන්‍ය අයියා එක්ක තාමත් හරි හැටියකට කතා කරේ නෑ..
කොටින්ම උවමනාවකට ඇරෙන්න මම එයාට කතා කරේම නැති තරම්..
මොකද බොරුවට හරි එයා කියපු වචනෙ මට සෑහෙන්න රිදෙව්වා..
තරහකට වඩා මගේ හිතේ තිබුනෙ දුකක්..
"ආ සුදූ.."
"මොන තරහක්ද චූටි අයියේ.. ඇයි දැන් එද්දිත් මම එයාට කතා කරලනෙ ආවෙ. දැක්කෙ නැද්ද.."
"ඔව් මං දැක්කා. ඒක හින්දනේ මේ මෙච්චර කියවන්නේ.. තමුසෙ දැන් අරූව ගානකටවත් ගන්නෑ. උගෙ වැඩේම අර මොකාද එකා වගේ ඔහේ බලන් ඉන්නවා.. තමුසෙගෙ මූණෙ හිනා කඳුලක් නෑ.."
"ඇයි ඔයා දැක්කෙ නැද්ද දැන්. එයා ගෙදර ඉද්දි මම ගෙදරට ගිහින් කතා කරලනෙ ආවෙ. ගණන් ගන්නෑ කියන්නෙ.."
"මීට සතියකට කලින්නම් ඌ ලඟ ඉඳන් එද්දි තමුසෙගෙ මූණ දිලිසෙනවා.. අද නිකන් මල මුස්පේන්තු පාටයි සුදූ. ඇරත් ඉතින් උබලා දෙන්නා එක ලඟ ඉද්දි කොච්චර සංවරද කියලත් මම දන්නවනේ.."
චූටි අයියා ඒකනම් කිව්වෙ කට කොනකින් මහ කැත හිනාවකුත් දාගෙන..
"හරි ඔන්න ආවා. කෝ බැහැලා පරිස්සමට යනවා.. හවසට ගන්න එන්න ඕනෙනම් කියනවා හරිද.."
"නෑ මං එන්නම්. මට අභී අයියා ගමනක් යං කිව්වා අද.."
"හහ්.. අරූ පුපුරලා මැරෙයි එහෙනම් අද.. අභියට කියනවා මට කෝල් එකක් ගන්න කියලා.."
එහෙම කියලා මාව ඔෆිස් එක ලඟින් දාලා චූටි අයියා ආපහු ගියා..
අද තියෙන්නෙ අභී අයියගෙයි මගෙයි අලුත් ප්‍රෝග්‍රෑම් එක..
ප්‍රෝග්‍රෑම් එක ඉවර කරලා අභී අයියා කොහෙදෝ තූත්තුකුඩියක යං කියපු නිසා මම චූටි අයියට කිව්වා මම එයා එක්කම ගෙදර එන්නම් කියලා..
අර කිව්වත් වගේ තිවෙන්‍ය අයියනම් හොඳම එකෙන් පුපුරයි තමයි අද..
කොහොමහරි පැය දෙකක ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙද්දි හවස තුනයි.
අභී අයියත් මොන් කෙහෙම්මලක යනවද මන්දන්නෑ අරෙහෙන් මෙහෙන් හරව හරව කොහෙටදෝ යනවා..
යන්නෙ කොහෙද ඇහුවට කියන්නෙත් නෑ..
ඇරත් මෙයා මාර විදියට කලබල වෙලා ඉන්නේ අද. වටපිට බලනවා දාඩිය පිහිනවා එක විකාරයයි..
ඔහොම ඔහොම ඇවිල්ලා අභී අයියා කාර් එක නැවැත්තුවෙ පොඩි රෙස්ටුරන්ට් එකක් ගාවින්..
ඊටත් පස්සෙ එයා මාවත් ඇදගෙන එලියෙ ටේබල් එකකින්ම ඉඳගත්තා..
"අඩේ.. අපි කන්නද ආවේ.. අපරාදෙ කලින් කිව්වනම් අඩුවෙන් කාලා එනවනේ. මෙතන මාර ලස්සනයි හැබැයි ඈ.."
"බට්ටිච්චි.."
මං කියවද්දි අභී අයියා මට කතා කරා..
"ඕ."
"බට්ටිච්චි මේ.."
"ඕ කියන්න අයියෝ..."
"මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. හැබැයි ඔයා මං ගැන වැරදියට හිතන්න එපා.."
..........................................................♡
අනේ.... මන්දා හුම්ම්.. 😪
ඊලඟ කොටසෙන් හම්බෙමු..
✍️ රාදි
❤️
♥️
6