රාදි 🤎🍂
රාදි 🤎🍂
February 18, 2025 at 03:17 PM
"අඩේ.. අපි කන්නද ආවේ.. අපරාදෙ කලින් කිව්වනම් අඩුවෙන් කාලා එනවනේ. මෙතන මාර ලස්සනයි හැබැයි ඈ.." "බට්ටිච්චි.." මං කියවද්දි අභී අයියා මට කතා කරා.. "ඕ." "බට්ටිච්චි මේ.." "ඕ කියන්න අයියෝ..." "මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. හැබැයි ඔයා මං ගැන වැරදියට හිතන්න එපා.." ..........................................................♡ "මොකද අනේ මේ.. කෝ ඉතිම් කියන්න.." "මේ අහනවකො හලෝ.. මට.. මේ.. මට කෙල්ලෙක් සෙට් උනා.." අභී අයියා වචන පටල පටල එහෙම කියද්දි මටනම් හිනා.. "අඩේ සිරාවටම.. මරුනෙ අයියේ.." "මං මේ අරුන්ට කියන්න කලින් ඔයාට එයාව පෙන්නන්න හැදුවෙ. උන්ට කිව්වොත් මාව බයිට් කරයි අප්පා.." මං හිනාවෙලා අත්පුඩියකුත් ගහද්දි අභී අයියා මූණ දෙල් කරගෙන එහෙම කියනවා. "කෝ ඉතින්. මොකද්ද එයාගෙ නම. මට පෙන්නන්නකො.." "ඔයාට එයාව පෙන්නන්න තමා අනේ මම මේ එක්කගෙන ආවෙ.." එහෙම කියද්දිම අභී අයියට කෝල් එකක් ආවා.. "හෙලෝ.." "ඔව් මං ඇවිත් ඉන්නෙ.. ඔහොම ඉස්සරහට එන්න. මං එන්නම්.." එහෙම කියලා මට ඉන්න කියලා අභී අයියා නැගිටලා පොඩ්ඩක් ඉස්සරහට ඇවිදගෙන ගියා.. මම ආයෙම අභී අයියා ආපහු එනවා දැක්කෙ තවත් ගෑණුළමයෙක් එක්ක.. ඒ කෙල්ල ලඟටම ආවම තමයි මගේ නිකට බෙල්ලට වැටෙන තරමට කට ඇරිලා ඇස් දෙකත් ලොකු වෙලා ගියේ.. වෙනසක් නෑ. ඒ ආව ගෑණුළමයගෙත් එහෙමයි.. "අම්මටසිරි තාත්තට ආසිරි.. තාරුකා අක්කා.." "සුදූ.." මගේ කටින් එහෙම කියවෙන තප්පරේම එයාටත් එහෙම කියවුනා.. "ම්..මොකක්.. ඔයාලා දෙන්නා අඳුරනවද.." ඒ පාර අභී අයියා පුදුම වෙලා එහෙම අහනවා.. "අනේ දෙයියනේ අයියේ.. ඔයා මොනවද මේ අහන්නේ.. මෙහෙම හිටියට අපි දෙන්නා නෑණලා හලෝ.." මං එහෙම කියලා හයියෙන් හිනා උනා.. "ම්..මොකක්.. ඇත්තද තාරු මේ.." "ඔව් අයියේ.. මං කිව්වෙ අපෙ අක්කා බැඳපු අයියට ඉන්නෙ මල්ලිලා ගොඩකුයි එකම එක නංගියෙකුයි කියලා.. මෙ ඉන්නෙ ඒ එකම එක නගා තමයි.." තාරු අක්කා එහෙම කිව්වෙ ලා හිනාවකුත් මූණෙ තියාගෙන..  ඔව් ඔව් දෙයියනේ.. තාරුකා කියන්නෙ අපෙ මැන්ඩියාගෙ වන් ඇන්ඩ් ඔන්ලි නංගි බබා.. හැබැයි මම කීයටවත් හිතුවෙ නෑ අභී අයියා ඉඳලා ඉඳලා සෙට් කරගත්තු කෙල්ල තාරු අක්කම වෙයි කියලා.. අඩේ.. මරු හැබැයි අප්පා.. "බලන්න එපැයි ඒකෙත් හැටි.. ඔයාලව සප්‍රයිස් කරන්න ගිහින් මමයි සප්‍රයිස් උනේ.. හරි හරි කමක් නෑ.. දැන් ඉතින් කමු. වෙන මොනවා කරන්නද.." "ආ හා.. දැන් ඉතින් මේ කෑම එක දීලනම් ශේප් වෙන්න බෑ අයියේ. මම දැන් ගියපු ගමන් මේක කේශි අක්කට කියනවා. එච්චරයි.." "අපෝ හරි හරි බන්. ඒවා එතකොටනේ.. කෙහෙම්මල.." ..........................................................♡ කොහොමහරි අභී අයියා මාව ගේ ලඟින් බස්සලා ගියා.. ඔන්න එතකොටත් ඉන්නවා ඉරිසියාකාරයා ගේට් එක ලඟට වෙලා බිමට රවාගෙන.. මං සද්ද නැතුවම ඇතුලට යන්නයි හැදුවෙ.. ඒත් තිවෙන්‍ය අයියත් මගේ පස්සෙන් මං එක්කම ආවා.. "දැන් ඇති නේද මැණික ඔහොම හිටියා.." දැන්නම් මට ඔය වචන ටික කටපාඩම්.. "මං පව් නැද්ද සුදු බබා.." තිවෙන්‍ය අයියා තව තවත් කෙඳිරි ගාද්දි මම නෑහුන ගානටම ගෙට ගියා.. "තාමත් වැඩේ ගොඩදාගෙන නෑ වගේ නේද මස්සිනා.." කාමරේ ඉඳන් එලියට ආව පොඩී හිනා වෙලාම එහෙම කියාගෙන එලියට ගියේ තිවෙන්‍ය අයියගෙ උරිස්සකට පාරක් ගහගෙන.. තිවෙන්‍ය අයියා චූටි අයියත් එක්ක සාලෙ නවතිද්දි මම ටක් ගාලා කාමරේට ගිහින් වොශ් එකක් දාගෙන එලියට ආවා.. මේ දවස් වල ගෙදර ආවම මම වෙන වැඩකට කියලා එක විනාඩි පහක් නාස්ති කරන්නෑ.. එහෙම උනොත් මට නැති වෙන්නෙ මගෙ චූටි පුලුන් බෝලෙ එක්ක ඉන්න තියෙන වෙලාව.. "කෝ මගෙ සංකැටේ.. ඔයාගෙ නැන්දි ආවා පැටියෝ.. මගෙ මැණික පාලුවෙන්ද හිටියේ.. ඔයාට සෙල්ලම් කරන්නවත් කවුරුත් නැතුව තනියම ඉඳලා එපා උනාද සංකැටේ.." මං එහෙම ඇහුවෙ ඇඳට වෙලා හිනා වෙවී දඟලට පුලුන් බෝලෙ ලඟට ගිහින්.. "තව වැඩි දවසක් එයාට තනියම සෙල්ලම් කරන්න වෙන්නෙ නෑ.. අනේ මන්දා ඉතිම් නැන්දලාටනම් වැඩ වැඩි වෙයි ඔන්න.." අම්මා එකපාරටම හිනා වෙවී කිව්වෙ ලඟ හිටපු සකී අක්කගෙ ඔලුවත් අතගාලා.. ඇත්තම කිව්වොත් අම්මා කියපු එක තේරුම් ගන්න මට ටිකක් වැඩි වෙලාවක් ගියා.. "ඇහ්.. ඒ... සිරාවටම.. අක්කා.. ඇත්තමද.." "ඔව් සුදූ.." අක්කා ඇහැක් ගහලා හිනාවෙලා එහෙම කියද්දි මම දුවගෙන ගිහින් සකී අක්කව බදාගත්තා.. "අනේ මරුනේ.. මං ආයෙමත් නැන්දා කෙනෙක් වෙන්නයි යන්නේ.. බලන්නකෝ කොච්චර ශෝක්ද කියලා.. හැබැයි ඒ අතින් අපේ දෙවනි වැඩ්ඩා.. ලොකු අයියට ඔය පෝස්ට් එක ගන්න කොච්චර කල් ගියාද. ඒකට දෙවනි. බැඳලා මාස කීයද.." මං හිනා වෙවීම එහෙම කියද්දි අම්මා මගෙ අතකට පාරක් ගැහුවා.. සකී අක්කා රතු වෙලා ගිහින්.. කොහොමහරි ඉතින් සතුට සමරන්න අපේ ගෙදර පාටි.. සකී අක්කට තෑගි ගොඩායි.. අන්තිමේදි පුරුදු විදියටම කට්ටිය එක්ක සින්දු කියන්න ගත්තා.. අපේ ගෙදර සතුටු හිතෙන හැම දවසකම අපි සින්දු කිව්වා.. අපේ ලස්සන හැම මතකයක් එක්කම මොනාහරි සින්දු දෙක තුනක් බැඳිලා තියෙන්නෙ ඒ නිසා වෙන්න ඇති.. මට මතකයි අපි පොඩිම කාලේ අම්මයි තාත්තයි අපිව වටකරගෙන හැන්දෑවට සින්දු කියනවා.. ඒ පුරුද්දටම ගිහින්ද කොහෙද අපි සතුට පිරෙන හැම දවසකම අපි සින්දු කියන්න පුරුදු වෙලා හිටියේ.. කොහොමහරි කට්ටියම මාරුවෙන් මාරුවට සින්දු තුන හතරක් කිව්වා.. කට්ටියම ටික වෙලාවක් මහන්සි ඇර ඇර ඉද්දි ඔන්න චූටි අයියා එකපාරම ආයෙ සින්දුවක් පටන් ගත්තා.. "අකාමකා වීලා වේදනා මැකී යනවා සාමයෙන් හඳේ හාවා පාඩුවේ ඇවිත් යනවා හිතේ නැතේ ශෝකා ජීවිතේ ඔහේ ගෙවෙනා බෝතලේ වගේ සෝඩා ආයේ නෑ හිතේ තරහා ඉන්නේ හිනා වෙලා මුලු හදවතින් බඳා එහෙමයි අපේ එකාලා අකාමකා වීලා වේදනා මැකී යනවා සාමයෙන් හඳේ හාවා පාඩුවේ ඇවිත් යනවා.." ඒ කෑල්ල ඉවර වෙද්දිම චූටි අයියා මගේ දිහා බැලුවා.. "ආදරේට හේතුකාර හාර හාර හොයනු එපා ආදරේ සැබෑ රසේ මැකේවි ඒ නිසා ගැලපෙනා කෙනා එනවා යන කෙනා ලොවෙත් යනවා කල්ගියත් එදේ වෙනවා හොඳම දේ තමා වෙනවා අකාමකා වීලා වේදනා මැකී යනවා සාමයෙන් හඳේ හාවා පාඩුවේ ඇවිත් යනවා.." ඒ එක්කම ඊලඟ කෑල්ල පටන් ගත්තෙ පොඩී.. "ජීවිතේට වාසනාව ඒවි යාවි හිතනු එපා මේ හැබෑ උනේ තමා කරාපු දේ තමා වැරදුනොත් කොහේ හරි මා මුල ඉදන් යලිත් යනවා ගොඩ ගියොත් එකෙක් හරි මා හදවතින් හිනා වෙනවා.." "අකාමකා වීලා වේදනා මැකී යනවා සාමයෙන් හඳේ හාවා පාඩුවේ ඇවිත් යනවා හිතේ නැතේ ශෝකා ජීවිතේ ඔහේ ගෙවෙනා බෝතලේ වගේ සෝඩා ආයේ නෑ හිතේ තරහා ඉන්නේ හිනා වෙලා මුලු හදවතින් බඳා එහෙමයි අපේ එකාලා අකාමකා වීලා වේදනා මැකී යනවා සාමයෙන් හඳේ හාවා පාඩුවේ ඇවිත් යනවා.." අන්තිමේදි කොහොමහරි සින්දුව ඉවර කරේ ඔක්කොමලා එකතු වෙලා.. "හරි. දැන් එහෙනම් මස්සිනේ.. උබ කියහන් සින්දුවක්. මට දැන් හති.." ඊට පස්සෙ ඔන්න එහෙම කියාගෙන චූටි අයියා ගිටාර් එක තිවෙන්‍ය අයියගෙ අතට දුන්නා.. තිවෙන්‍ය අයියා මගේ දිහා බලනවා දැක්කත් මම නොදැක්ක ගානට අහක බලාගත්තා.. "මගෙ ආදර ළන්දු ඇයි ඔය නෙතු අග කඳුළු මට වද දෙයි ළන්දු හොර රහසෙ වැටෙන කඳුළු ඒ වැටෙන කඳුළු මං නිසාද මගෙ සුදු ළන්දු ඒ නුඹේ කඳුළු මට දීපන් මගෙ සුදු ළන්දු මගෙ ආදර ළන්දු ඇයි ඔය නෙතු අග කඳුළු මට වද දෙයි ළන්දු හොර රහසෙ වැටෙන කඳුළු" බොරු කියන්න ඕනෙ නෑනෙ. කොච්චර තරහා වෙලා හිටියත් ඒ කටහඬ ඇහෙද්දිම මම ගැස්සිලා ගිහින් තිවෙන්‍ය අයියගෙ මූණ දිහා බැලුවා.. "කෝල කතා දිග හැරපන් ඔමරි සිනා තව හෙළපන් වෙනදා මෙන් තුරුළු වෙයන් රත්තරනේ මට සමාවෙයන් මම නුඹේ ළඟම ගැවසීලා නුඹ සනසන්නම් ඒ නුඹේ ඇසින් වැටෙන කඳුළු පිසදාලන්නම්" මං දන්නවා ඉතින්. එයා පව්.. මේ සතියම උවමනාවකට ඇරෙන්න කිසිම දේකට මම එයා එක්ක කතා කරේ නෑ.. හොඳටම දන්නවා මම එයා කොච්චර අවුලෙන්ද ඉන්නෙ කියලත්.. ඒත් ඉතින් එදා මට ඊට වඩා දුක හිතුනා.. "මගෙ ආදර ළන්දු ඇයි ඔය නෙතු අග කඳුළු මට වද දෙයි ළන්දු හොර රහසෙ වැටෙන කඳුළු නුඹෙ සෙනෙහෙන් දෝරෙ ගලන්, ගිය කඳුලින් මට ලියපන් නුඹෙ සිතුම් දිග හැරපන්, නුඹෙ සුසුම් මට දීපන් මම හිරුට හොරෙන් ඇවිදින් නුඹ කැන්දන් යන්නම් නුඹ සඳුට හොරෙන් තරු අතරින් එක්කන් යන්නම්" දැන්නම් තිවෙන්‍ය අයියගෙ කටහඬත් ටිකක් අවුල් වෙලා වගේ.. "මගෙ ආදර ළන්දු ඇයි ඔය නෙතු අග කඳුළු මට වද දෙයි ළන්දු හොර රහසෙ වැටෙන කඳුළු.." ඒත් ඔයා තව ටිකක් ඉවසන්න ඕනෙ අයියේ.. සින්දුව ඉවර කරලා එයා මගෙ දිහා බලනවත් එක්කම මම දැක්කෙ නැති ගානට එතනින් නැගිටලා ඇතුලට ආවා.. "ඒකත් සැර මදි වගේ බන් මස්සිනේ.. ආයෙ පාරක් ට්‍රයි කරන්න වේවි.." මං ඇතුලට එද්දි දෑස් එහෙම කියනවා මට ලාවට වගේ ඇහුනා.. ..........................................................♡ මේ මල කලුවරේ ඇවිදින්න ගිහින් දැන් මගෙ බෙල්ල කැඩිලා යනවා මම දන්නෙ.. අනේ ඇත්තමයි ලව් කරන්න ගිහින් මම කන කට්ටක්.. තිවෙන්‍ය අයියගෙ සින්දුව ඉවර වෙද්දිම කරන්ට් ගියා.. කොහොමත් එයාලගෙ ගෙදර අපේ ගෙදර කියලා වෙනසක් නැති තිවෙන්‍ය අයියා අද ගෙදර යන්නෙ නෑ කියලා මම හොඳටම දැනගෙන හිටියා.. එයාට කතා කරන්න ඕනෙ උනත් ඒක කරගන්න විදියක් තිබ්බෙත් නෑ මට. අයියලා ඉස්සරහා දමලා ගහලා ඇවිත් දැන් ලැජ්ජා නැතුව කතා කරන්න පුලුවන්ද මං අහන්නෙ. ඒත් එතකොට මට චූටි අයියගෙ කාමරේ පැත්තෙන් ඇහුනෙ වතුර එකක් අරන් එන්නම් කියලා එලියට එන තිවෙන්‍ය අයියගෙ සද්දෙ.. එයාට කුස්සියට යන්න ඉඩ දීලා මාත් සද්ද නැතුව ඒ පස්සෙන්ම ඇවිදගෙන ගියා.. වතුර බෝතලෙත් අරගෙන කලුවරේම එලියට ආව තිවෙන්‍ය අයියා කාමරේට යන්න කලින් එයාගෙ අතින් ඇදලා ගත්තු මම ඇඟිලි තුඩු වලින් ඉස්සිලා එයාගෙ තොල් වලට බර උනා.. මුලින් කලබල උනා වගේ දැනුනත් ඒ මං කියලා අඳුරගත්තම එයා මගේ ඉණ වටේට අතක් යවලා මෙච්චර වෙලාවක් ඇඟිලි තුඩු වලින් ඉස්සිලා හිටපු  මාව උඩට උස්සගත්තා.. මගේ හිතේ පිරිලා තිබ්බ තරහා දුක කලකිරීම මේ සේරම දියවෙලා යනකල් මම තිවෙන්‍ය අයියගෙන් එහාට උනේ නෑ.. එයා මට මුකුත් කිව්වෙත් නෑ.. ඇත්තටම මම එයාව හැපුවා.. එහෙම කිව්වම තමයි හරියටම හරි.. තිවෙන්‍ය අයියගෙ තොල් වලින් ලාවට ලේ රසක් දැනෙද්දි මං හැදුවෙ එයාගෙන් ඈත් වෙන්න.. ඒත් ඒ එක්කම මාව ආපහු ඇදලා අරන් ඒ ලඟම තිබ්බ සෝෆා එකට තල්ලු කරලා තිවෙන්‍ය අයියා ආයෙමත් මගෙ තොල් වලට බර උනා.. මං දන්නවා. මට විතරක් නෙවෙයි. එයාටත් මේ සතිය අන්තිම නරක සතියක් උනා කියලා.. විනාඩි ගානකින් එයා මගෙන් ඈත් උනේ මගේ තොල් වලට ආයෙම ලාවට සිපුමක් තියලා... "මට සමාවෙන්න අයියේ.." තිවෙන්‍ය අයියා මගෙන් ඈත් උන තප්පරේම කලුවරේ උනත් දිලිසෙන ඒ ඇස් දිහා බලාගෙන මම එහෙම කෙඳිරුවා.. "මේ සතියට මං කොච්චරක්නම් පිච්චුනාද කියලා දන්නවද ආ..." මං ඒක දන්නවා.. ඒ ගැන එයාට එහෙම කරපු මම තරම් වෙන කවුරුත් දන්නෙ නැතුව ඇති.. "මටත් සමාවෙන්න සුදු බබා.. මොන දේ උනත් මං ඔයා ගැන එහෙම නොකියන්නයි තිබුනෙ. අම්මා උනත් එදා මට අත ඉස්සුවෙ ඒක නිසා වෙන්න ඇති.." "ශ්.. ශ්... දැන් ඒක ඉවරයිනෙ අයියේ.. අපි ආයෙම ඒක මතක් නොකර ඉමු.." "ඉවර කොහෙද.. සතියක් තිස්සෙ මාව පිච්චුව තරමට පනිශ්මන්ට් තියෙනවා. ලේසියෙන් ගැලවිලා යන්නනම් හම්බෙන්නෑ.." යන්තමට මගෙ කන ලඟට නැවිලා ලාවට කන් පෙත්තක් හපන ගමන් හිමින් ඒත් හැමදාමත් වගේ මාව හිරිවට්ටන කටහඬකින් තිවෙන්‍ය අයියා එහෙම කිව්වෙ මාව එයාගෙ උකුලෙන් ඉන්දවගන්න ගමන්.. "මොකක්.." "හෙහ්.. wait and watch sweetheart.. ලෑස්ති වෙලා ඉන්නකො හෙට වෙනකල්.." ආයෙමත් මගේ කන් පෙත්තේ හිතලම තොල් වද්දන ගමන් තිවෙන්‍ය අයියා එහෙම කිව්වා.. "ආ.. ඒ හෙටනේ. ඒක එතකොටනෙ.." එහෙම කියලා මං උන්නු විදියටම ඉඳන් තිවෙන්‍ය අයියව තද කරලා බදාගත්තා.. ඒ එක්කම බර හුස්මක් අතෑරපු තිවෙන්‍ය අයියත් මගේ වටේට අත් දෙක යවලා මාව තද කරලා බදාගත්තා... හිතට දැනෙන සැනසීමටම මම ඇස් දෙක වහගත්තම මට දැනුනෙ මාව පාවෙන තරම් සැහැල්ලු වෙලා වගේ.. "මොන මගුලක්ද යකෝ කරන්නේ.. තොපි දෙන්නා මිනී මරන්නද හදන්නේ.." එක පාරටම අපි දෙන්නා හිටපු තැනට පොඩ්ඩක් එහායින් ඇහුනෙ හොඳටම බය වෙච්ච චූටි අයියගෙ කටහඬ.. "චූටි අයියේ.." "චූටි අයියෙ.. චූටි අයියා තමයි බොල. තොපි දෙන්නට ඔය විසඳගන්න ප්‍රශ්නයක් කරන්ට් තියෙන වෙලාවක එහෙම නැත්තන් හොඳ උදේ වරුවක විසඳගන්න තිබ්බෙ නැද්ද. මොක්කුද දෙන්නා වගේ මෙතන ඇලිලා ඉන්නෙ. වතුර බොන්න ආව එකා පැය බාගයක් තිස්සෙ නෑ. මේකා මැරිලද බලන්න මම ආවෙ. තව ටිකෙන් මැරෙන්නෙ මම. හොල්මන් දෙක වගේ මෙතන මගුල් නටන උබලා දෙන්නව දැකලා.." හෙමින් හෙමින් කුටු කුටු ගෑවට චූටි අයියා එහෙම කියන්නෙ හොඳටම තරහෙන්.. "හරි හරි බන් ඉතිම්.." "හරි බන්.. මගෙන් අහගන්නෙප උබත්. හරි බන්.. අනික් දවසෙ මෙන්න මේකි මොලේ කොලොප්පන් වැඩ කරන ජාතියෙ දෙයක් උබ කරොත් අන්න එදාට මම මුලින්ම කන පැලෙන්න ගහන්නෙ උබට. ඇයි යකෝ. නිදාගන්නත් නෑ රෙද්ද මෙතන.. වරෙන් යන්න දැන්. උබත් ගිහින් නිදාගනින්. කෙහෙම්මල.." ඔන්න එහෙම කියලා කියවලා මටත් බැනලා තිවෙන්‍ය අයියවත් ඇදගෙන චූටි අයියා කාමරේට ගියාම මාත් ආපහු මගේ කාමරේට ගියේ හිනාවෙවී.. ..........................................................♡ "හායි.. වෙල්කම් ගයිස්.. ඔයාලා වෙලාවටම ඇවිත්. එහෙනම් අපි වැඩේ පටන් ගම්මු. ඔයාලා චේන්ජ් කරගෙන එන්නකො.." අද තමයි ශෙවෝන්ගෙ ෆොටෝ ශූට් එක.. අම්මලාගෙන් ප්‍රශ්නයක් නැති හින්දම අපි ඒ ශූට් එක කරන්න කැමැත්ත දුන්නා.. ඉතින් ශෙවෝන් හම්බවෙලා කතා කරලා ඉවර වෙලා අපි ගියේ චේන්ජ් කරගන්න.. "මගෙ දෙයියනේ.." එතන තිබුන ඇඳුම එක දැකපු ගමන් මට ඉබේටම එහෙම කියවුනා.. ඒක... මම කොහොමද මේක අඳින්නේ.. එතන තිබුනේ... ..........................................................♡ මොනවද දන්නෑ තිබ්බෙ.. හෙට එපියෙදි අහිංසකව හැසිරෙන්න හිතාගෙන මේක ලියලා සතුටින් එඩිට් කරන මම.. ඊලඟ කොටස අරන් එන්නම්.. ✍️ රාදි
❤️ 🌝 3

Comments