
රාදි 🤎🍂
February 21, 2025 at 01:03 PM
"මගෙ දෙයියනේ.."
එතන තිබුන ඇඳුම එක දැකපු ගමන් මට ඉබේටම එහෙම කියවුනා..
ඒක...
මම කොහොමද මේක අඳින්නේ..
..........................................................♡
එතන තිබුනේ චූටි මිනි ෆ්‍රොක් එකක්...
ස්වීට් හාට් එක් ලයින් එකක් තියෙන තනි සුදු පාට ඕෆ් ශෝල්ඩර් ගවුමක්..
ගවුමෙ සුදු පාටින් බාගෙට බාගයක් වැහෙනකල්ම සුදුපාට නෙට් එක උඩ එක එක ජාතියෙ මල් වලිනුයි කොල වලිනුයි ඩිසයින් එකක් ගිහින් තිබුනා..
මේක සුරංගනාවියෙක්ගෙ ඇදුමක් වගේ...
හරියට..
හරියට ටින්කර්බෙල්ගෙ කබඩ් එකේ තියෙන සුදු පාට ගවුමක් වගේ..
මට ඒක දැක්කම හිතුනෙ එහෙම..
මට ඒක දැක්කම අඳින්න ලෝබ හිතෙන තරමට ඒක ලස්සනයි..
එහෙමයි කියලා හරියනවැයි. මම ඒ ගවුම ඇඳගත්තා..
ඊට පස්සෙ එතන හිටපු මේකප් ආටිස්ට් මාව ලෑස්ති කරා..
ගවුමටම හරියන්න ඩිසයින් කරලා තිබ්බ ශූස් දෙකත් දාගෙන මං එලියට ආවා..
ඒ එක්කම වගේ එහාපැත්තෙ තිබුන රූම් එකෙන් එලියට ආවෙ මගේ හැන්ඩ්සම් බෝයිෆ්‍රෙන්ඩ්..
අදනම් හැන්ඩ්සම් කියන වචනෙත් එයාට මදි දෙයියනේ..
සුදු පාට ලිනන් ෂර්ට් එකට සුදු පාටම කලිසමක් ඇඳලා.. ඒ ෂර්ට් එකෙත් එක පැත්තක මගේ ගවුමෙ වගේම මල් වලින් ඩිසයින් එකක් ගිහින්..
මං එයාව දැක්කට එයා තාම මාව දැක්කෙ නෑනේ..
ඉතින් මං දුවගෙන ගිහින් තිවෙන්‍ය අයියගෙ අතක එල්ලුනා..
"Hay Handsome"
මං ඇහැකුත් ගහලා එහෙම කියද්දි තිවෙන්‍ය අයියා මගේ දිහා බලන් හිටියෙ පුදුම වෙලා..
"is this my girlfriend? Oh really."
..........................................................♡
"මීදුම් ඔයා තිවෙන්‍යගෙ කම්මුලෙන් අතක් තියාගන්න.. දැන් මල්ලි ඔයා නංගිගෙ ඉණ දෙපැත්තෙන් අත තියාගන්න.. අන්න හරි. පර්ෆෙක්ට්.."
"නංගි ඔයා මෙතනින් ඉඳගන්න.. හරි.. ආ.. අන්න එහෙම.. ඕකේ.. සුපර්බ්.."
අන්තිමේදි එහෙට මෙහෙට කැරකිලා දඟලලා ශූට් එක ඉවර කරගත්තා..
"හරි එහෙනම්.. ගුඩ්ලක් දෙන්නටම.. මේවා රිලීස් වෙන දවසට මම ඔයාලට මැසේජ් එකක් දෙන්නම්.."
"තැන්ක්යූ ශෙවෝන්.. අපි එහෙනම් ගිහින් එන්නම්.."
..........................................................♡
"අයියේ.. මොකද මේ.."
මං එහෙම ඇහුවෙ ශූට් එක ඉවර වෙලා ගෙදර එන්න කියලා එලියට ඇවිත් එක පාරට මාව පිටිපස්සෙ ශීට් එකට ඇදලා ගත්තු තිවෙන්‍ය අයියගෙන්..
"තමුසේ.... තමුසෙ එච්චර ලස්සනද සුදු බබා.. මං මෙච්චර වෙලා ඉවසන් හිටපු එක ගැන සතුටු වෙනවා.. තමුසෙ හරියට ටින්කර්බෙල් වගේ.. මට ඒ දැක්ක වෙලාවෙම මෙන්න මෙහෙම ඇදලා අරන් තද කරලා බදාගන්න හිතුනා."
තිවෙන්‍ය අයියා මාව ඇදලා අරගෙන එහෙම කියද්දි මම හයියෙන් හිනා උනා..
"ඉතින් කවුද අප්පේ ඔයාට එපා කිව්වෙ.."
"එහෙම බෑනෙ බබා.. අර සෙනග ඉන්න තැන බදාගත්තනම් මට ඕනි තරමට රතු වෙනවා බලන්න බෑනේ.."
ඔන්න ඉතින්. ඉඳලා ඉඳලා කිව්වොත් කියන්නෙ මහ ඔහොම කතාවක්මයි..
අපෙ චූටි අයියව ආශ්‍රය කරලමද කොහෙද මේ තිවෙන්‍ය අයියත් දැන් සෑහෙන්න නැහැදිලා..
"මහ හොඳ නෑ අනේ ඔයානම්.. අහන්නකො අයියේ. අපි අද කොහෙහරි ඇවිදින්න යංද.."
මං එහෙම ඇහුවෙ තිවෙන්‍ය අයියගෙ අතක් බදාගෙන ඒ අත උඩින්ම මූණ හේත්තු කරගන්න ගමන්..
"හ්ම්ම්... කොහෙටද ඉතින් දැන් මගේ ගෑණුළමයට යන්න ඕනෙ.."
"කොහෙහරි අනේ.. අපි දෙන්නනේ යන්නේ.."
"හ්ම්ම්ම්. හරි එහෙනම්.. අපි දෙන්නා පැණිහදේ යංද.."
ඒ පාර මහ අසික්කිත හිනාවක් දාගෙන එහෙම අහනවා..
"අයියේ..............."
මට ඒ පාරනම් හයියෙන්ම කෑගැහුනා..
අනේ ඇත්තමයි මේ යකානම්..
පුදුම කටක් තියෙන්නේ.. ඇත්තමයි මට දෙන්න හිතෙනවා..
ඔන්න ඊට පස්සෙ හිනා වෙවී ඉඳලා මාවත් ඇදගෙන ඉස්සරහට ගිහින් ඩ්‍රයිව් කරන්න ගත්තා..
"අයියේ. අපි කොහෙද යන්නේ.."
"මං එක්කනම් කොහෙ ගියත් කමක් නෑ කිව්වනෙ. දැන් ඉතින් සද්ද නොකර හිටියොත් හොඳයි මැඩම්."
"අනේ..... කියන්නකෝ..."
මං කොච්චර කරදර කරත් මම කියලා එකෙක් නෑ වගේ මෙයා ඩ්‍රයිව් කරන්නෙ.. දුෂ්ට යකෙක් අප්පා...
"කෑගහන්න එපා ඉතින්. ඔයා ආසම තැනකට යන්නෙ.."
එක අතකින් ඩ්‍රයිව් කරන ගමන් අනික් අතින් මගෙ අතක් අල්ලගෙන තිවෙන්‍ය අයියා එහෙම කිව්වා..
..........................................................♡
අන්තිමේදි තිවෙන්‍ය අයියා ඇවිත් නැවතුනේ මං ආසම තැනක තමයි..
බීච් සයිඩ් එකේ...
ඔහේ රැල්ල ගහන මුහුද දිහා බලාගෙන අපි දෙන්නම ඇවිදගෙන ගිහින් වැඩිය සෙනග නැති පැත්තකින් ගිහින් වාඩි උනා..
"ඇවිදින්න යං කිව්වට ඔයාට මහන්සීනෙ සුදු බබා. ඒක නිසා මෙතන කමක් නෑ නේද.."
තිවෙන්‍ය අයියා ඇහුවෙ මගෙ අතකින් අල්ලගෙන..
"අපෝ පිස්සුද අයියෙ.. ඔයා දන්නවනෙ ඉතින් මම මෙතෙන්ට කොච්චර කැමතියිද කියලා.."
මං එහෙම කිව්වෙ හිනා වෙලා..
"අහන්නකො අයියේ.."
"ම්ම්ම්ම්ම්.."
"ඔයා.. ඇයි එදා ප්‍රෝග්‍රෑම් එකට කෝල් කරලා එහෙම කිව්වේ.."
මං ඇහුවෙ මෙච්චර කාලයක් අමාරුවෙන් හිතේ තියාගෙන හිටපු ප්‍රශ්නයක්..
"එහෙම කියන්නෙ කොහොමද.."
"නෑ... මීදුම් වෙනුවෙන් බලාගෙන මීදුම්ගෙ හීන එක්ක ජීවත් වෙනවා කියලා.."
මං එහෙම අහද්දි තිවෙන්‍ය අයියගෙ මූණට ආවෙ මම ආසම හිනාව..
"එහෙම කිව්වේ.. මට ඕනෙ නිසා. පණ්ඩිත ආච්චි.."
ඒ පාර ඔන්න මගෙ නහය මිරිකනවා..
"රිදෙනවා අයියේ.."
මං තිවෙන්‍ය අයියගෙ අතට පාරක් ගහලා එහෙම කියද්දි එයා හයියෙන් හිනා වෙලා මගේ කර වටේට අතක් දාගත්තා..
විනාඩි දෙක තුනක් අපි දෙන්නම සද්දයක් නැතුව ඔහේ බලාගෙන හිටියා..
ඒ එක්කම හයියෙන් ඇහුන හිනා සද්දෙකට මම ඒ සද්දෙ ආව දිහාට ඇස් හැරෙව්වා..
චූටි බබාලා දෙන්නෙක් හයියෙන් හිනාවෙවී සෙල්ලම් කරනවා..
එයාලගෙ අම්මයි තාත්තයි දෙන්නත් එයාලා එක්කම හිනාවෙවී බලන් ඉන්නවා..
ඒක දැක්කම මගේ මූණට හිනාවක් ආවෙ ඉබේටම වගේ..
අහම්බෙන් වගේ ආපහු හැරෙද්දි තමයි මං දැක්කෙ තිවෙන්‍ය අයියත් බලන් ඉඳලා තියෙන්නෙ ඒ දිහාමයි කියලා..
"අනේ හරි ශෝක් නේද අයියේ.."
"හ්ම්ම්ම්ම්.."
"බලන්නකො එයාලා හරිම සතුටින් ඉන්නෙ.. මටත් ආසයි කවදහරි දවසක එහෙම ඉන්න.."
"එහෙම ඉන්න කිව්වේ.."
තිවෙන්‍ය අයියා එහෙම ඇහුවෙ එයාගෙ අතක් බදාගෙන හිටපු මගේ අතක් එයාගෙ අත් දෙකන්ම අල්ලගෙන..
"එහෙම අනේ.. ඒ වගේ.. ඔයයි.. මමයි.. අපේ බබාලයි. අපේ චූටි ලස්සන ගෙදර.. අපි ඒ ගෙදර පිරෙන්න මල් වවමු හරිද අයියේ. ආ තව.. අපේ ගෙදර තියෙනවා වගේ ලොකූ අඹ ගහක් හිටවලා ඒක යට චූටි සිමෙන්ති මේසයක් තියමු.. එතකොට අපිට පුලුවන් හැමදාම හවසට එතන ඉඳන් තේ බොන්න.. ශෝක් නේද.."
"ඔයා ආස එහෙමනම්.. ඉතින් අපි එහෙම කරමු. තව මොනවටද ඔයා ආස.."
"තව... ආ.. අපේ ගෙදර හෝම් ලයිබ්‍රි එකකුත් හදමු.. තව බැල්කනි එකකුත් ඕනෙ. එතෙන්ට අපි දාමු ලස්සන ඔංචිල්ලාවක්. එතකොට අපිට පුලුවන් රෑට එතන ඉඳන් තරු බලන්න. ඔයා තරු වලට ආසයිනෙ ඉතිම්. අපි හැම සතියකම කොහෙහරි ඇවිදින්න යං.. මට ඕනෙ ට්වින් බබාලා දෙන්නෙක්. අර මගේ වෝල්පේපර් එකේ තියෙනවා වගේ. කොල්ලෙකුයි කෙල්ලෙකුයි.. අනේ එතකොට හරි ශෝක් නේද අයියේ. ඔයා කීවට මගේ හීන වල මං එක්කම ඉන්නවා කියලා.. ඔයා දන්නෑනෙ ඉතිම්. මගේ හීන තමයි ඕවා.. මගේ හැම හීනෙකම හැම තැනකම ඉන්නෙ ඔයයි මමයි අයියේ.. "
මං එහෙම කිව්වෙ තිවෙන්‍ය අයියගෙ ඇස් දිහා බලාගෙන..
ඒ ඇස් වල තියෙන්නෙ අමුතුම දිස්නයක්..
ඒත් ඒ දිලිසෙන ඇස් අස්සෙන් හැමදාම වගේ හරිම පැහැදිලිව මට මාව පේනවා..
"ඔය හීන හැම එකක්ම කොහොමහරි කරලා හැබෑ කරන්න මං හැමවිදියකටම ට්‍රයි කරනවා මැණික.. හැබැයි ඉතින් අර අන්තිමට කිව්ව එකටනම්... ටිකක් වැඩිපුර මහන්සි වෙන්න වෙයි.."
ඒක තිවෙන්‍ය අයියා කිව්වෙ හරිම සීරියස් විදියට..
"අන්තිම එක කිව්වේ.."
මං එහෙම ඇහුවෙ මට ඒ කියපු එක ඇත්තටම නොතේරුන හින්දා..
"ඇයි අර ට්වින් බබාලා දෙන්නෙක් ඕනෙ කිව්වෙ. ඒකත් කොල්ලෙකුයි කෙල්ලෙකුයි. ලේසි වැඩ නෙවෙයිනෙ ඕවා. කොච්චර මහන්සි වෙන්න ඕනෙද. ඒත් ඔයා බයවෙන්න එපා සුදු බබා.. මං කොහොමහරි මහන්සි වෙලා ඔයාගෙ ඒ හීනෙ හැබෑ කරනවා.."
අනේ ඇත්තමයි මේ කටනම්.. මෙයා මේවා කියන්නෙ හරිම වැදගත් හදිස්සි කාරනා ගැන කියන තරම් සීරියස් විදියට..
මේ මනුස්සයගෙ කට ගැන දැන දැනත් මෙව්වා කියන මට ගහන්න ඕනෙ මුලින්..
"ඔයානම්.... මහ හොඳ නෑ අයියෙ. අපේ චූටි අයියා හින්දා තමයි ඔයත් නරක් වෙන්නෙ. ඉස්සර මං හිතන් හිටියෙ ඔයා හරිම අහිංසක ළමයෙක් කියලා. ඒ කාලෙ ඔහොම කියෙව්වෙ නෑ ඔයා.."
"අහ්.. ඔන්න ඕකනම් වැරදි වැටහීමක් මැණිකේ.. මාව නරක් කරේ තීශ් නෙවෙයි අපි දෙන්නම එක්ක අනික් උන්වයි නරක් කරේ.. අනික ඉතින් මේ කට කොහොමත් එදා ඉඳන්ම මෙහෙම තිබ්බා.. හැබැයි එහෙමයි කියලා කෙල්ලට කියන්න ඕනෙ කතා ටික යාලුවගෙ නංගිට කියන්න බෑනේ කෙල්ලේ.."
"අපෝ අයියේ ඔයානම්.."
මං එහෙම කිව්වෙ හයියෙන්ම හිනා වෙලා..
ඉස්සර තරම් ඇවිදින්න යන්න කතා කරන්න වෙලාවක් අපිට ලැබෙන්නෙ නැති හින්දම අපි දෙන්නා අද වැඩිපුර වෙලාවක් ඔහේ කියව කියව හිනා වෙවී හිටියා..
අන්තිමට ආයෙම පාරක් තිවෙන්‍ය අයියගෙ පොකට් එකට පැනලා හොඳට කාලා තමයි අපි ගෙදර ගියේ..
පොඩ්ඩක් මොනා වෙනවද ඉතිම්. මගේ කෝටිපති බෝයිෆ්‍රෙන්ඩ්නේ..
..........................................................♡
නිවාඩු දවස් කියන්නෙම මේ ජීවිතේ කියන රුදු කතරකට වැටෙන දිය බිඳක් වගේ..
ගිනිගෙන දැවෙන ජීවිතේට නින්ද නමැති ශ්‍රියා කාන්තාව කැන්දාගෙන එන්න තියෙන්නෙ ඉතින් මේ නිවාඩු දවස් විතරයිනේ..
යස අපූරුවට උදේ වරුවෙ නිදාගෙන දවල්ට ජොබ් එකට ගිහින් පාඩුවේ ඉන්න බැරිකමට මෝඩ මම ප්‍රයිවට් කැම්පස් එකක රෙජිස්ටර් වෙලා ෆැෂන් ඩිසයිනින් ඩිග්‍රියක් කරන්න පටන් ගත්තනේ..
මං ඕක කරනවයි කියලා කියපු දවසෙ අපේ ගෙදර මිනිස්සු සෑහෙන වෙලාවක් කතා නොකර හිටියා පුදුමය දරාගන්න බැරුව..
මොකද ජොබ් එක කරන ගමන් තව මොනාහරි ඉගෙනගන්න කියලා දෙවනි මට වැන්දෙ නැති ටික විතරයි..
ඇත්තම කිව්වොත් ඉතින් මේ තීරණේ මං ගත්තු එක ගැන මටත් පුදුමයි..
නෑ එහෙමත් නෙවෙයි..
මගේ ආදරණීය ප්‍රේමවන්තයා ඇස් වලින් හිනා වෙලා මායම් දාලා මාව මේකට කැමති කරවගත්තා..
කොටින්ම මම ඕකට කැමතියි කියලා කිව්ව ගමන් චූටි අයියා ඇහුවෙ උබ මොනවා කියලද බන් මේකිව කැමති කරවගත්තෙ. අපි මේකිට වැන්දෙ නැති ටික විතරයි කියලනේ..
කොහෙද ඉතිම්. කොහෙද.. මගේ තියෙන මෝඩකමට තාමත් ගාණක් නියම කරලා නැති පිරිමි මායම් වලට අහු උනා කියන්නද ලැජ්ජා නැතුව..
අන්තිමේදි ඕකෙන් මේකෙන් කොහොමහරි උනේ මට නිදාගන්න ඉතුරු වෙලා තිබ්බ වෙලාව අඩු උන එක..
මොකද දැන් මට දවල් වෙනකල් නිදාගන්න තියෙන දවස් හම්බෙන්නෙ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්..
අද එහෙම දවසක්..
ඉතින් දෙයියනේ කියලා සනීපෙට නිදාගෙන ඉද්දි මෙන්න එනවා කෝල් එකක්..
මොන බූරුවෙක් කතා කරනවද මන්දා.. නිදාගන්නත් නොදී..
මම කෝල් කරන එකාව හිතින් පතුරු යවන ගමන් ඇස් දෙක පියාගෙනම කෝල් එක ආන්සර් කරා..
"සුදූ.. අනේ ඉක්මනට එනවකො මගෙ රූම් එකට.. හදිස්සියක්.."
කෝල් කරේ චූටි අයියා..
පුදුමාකාර කලබලේකින් එහෙම කියලා කෝල් එක කට් කරා..
අද ගෙදර ඉන්නෙත් මායි චූටි අයියයි විතරයි..
මොනවා වෙලාද දන්නෑ කියලා හිත හිත මම බයටම පහලට දිව්වා..
අනේ ඇත්තමයි මේ යකාගෙ ආච්චිට හාල් ගරන්න.. අහ්.. එක්කො මොකටද නේද අර අහක යන ආච්චිව මතක් කරන්නෙ..
"ඔලුව හොඳ නැද්ද චූටි අයියා. මං බය උනා මී හරකෝ.."
මං කෑගැහුවෙ කාමරේ තියෙන පුටුවෙ හොඳට දිගා වෙලා කකුල් දෙකත් මේසෙ උඩ තියාගෙන ඇස් දෙක වහගෙන ඉන්න චූටි අයියට..
මාව බය කරලා මෙයා හෙන ආතල් එකේ ඉන්නවා..
"අහ්.. ආවද. මේ ෆෑන් එක ඕෆ් කරලා යනවා සුදූ.. මොකද තමුසෙට හති. දිව්වද.."
"අනේ මේ. මගෙන් අහගන්නෙපා. ගෙවල පෙරේතයා.. මං යනවා.."
යකෝ කැම්පස් ගමන ඉවර කරලා ඩිග්‍රියකුත් ගත්තා.. දැන් රස්සාවක් කියලා එකකටත් යනවා..
මේ ගොනා තාමත් මට වද දෙන එක නවත්තලා නෑනෙ..
"ඒ ඒ සුදූ.. යන්න එපා.. මට පැනඩෝල් දෙකක් හොයලා දෙනවකෝ. මගෙ ඔලුව රිදෙනවා.."
"ඇත්තටමද ඔය කියන්නේ.."
"ඔව් ඔව් බන්. ඒකනෙ අද ගෙදර ඉඳන් වැඩ කරන්න පර්මිෂන් ගත්තෙ උදේම බොසාට කෝල් කරලා.."
"අහ්.. කලින් කියන්න තිබ්බනෙ ඉතින් මගුලක් නොකර. ඔහොම ඉන්න.."
එහෙම කියලා මං එලියට ගිහින් පැනඩෝල් දෙකක් හොයාගෙන ඇවිත් චූටි අයියගෙ අතට දුන්නා..
"ඔලුව ටිකක් අතගාන්නද.."
"සිරාවටම.. අනේ හා ඕයි. ඔලුව පැලෙන්න වගේ රිදෙනවා.."
"කෝ එනවා ඉතින්.."
මං එහෙම කියලා ඇඳෙන් ඉඳගත්තම චූටි අයියා එතනම බිම වාඩි වෙලා මගේ උකුලෙන් ඔලුව තියාගත්තා..
"කොහොමද සුදූ දැන් ඩිග්‍රි එකේ වැඩ.."
"ආහ්.. ලොකු නෑණගෙ පිහිටෙන් අමාරුවෙන් නමුත් සතුටින් කරගෙන යනවා.."
මං කිව්වෙ බොරුවකුත් නෙවෙයි. මගේ අසයිමන්ට් ප්‍රසන්ටේෂන් වලට නොසෑහෙන්න උදවු කරන්නෙ අපේ මැන්ඩි අක්කා..
එතකොට ඒවට ඕනෙ කරන මැටීරියල් තෝරන්න අරවට මේවට මගෙත් එක්ක කඩේ යන්නෙ අපේ සකී අක්කා..
බඩත් උස්සන් මහන්සි වෙන්න එපා කියලා මං කොච්චර කිව්වත් එයා මගේ පස්සෙන් දුවන එක නතර කරන්නෙ නෑ..
"කමක් නෑ.. අමාරුවෙන් හරි කරගෙන යනවා. වැඩි වෙන්නෑනෙ ඕවා.. නැත්තන් අපිට අරූට ගෙනියන්න දෙන්න වෙන්නෙ මෝඩ මැටි අලයක්නෙ.."
"අනේ මේ.. යනවා හලෝ යන්න.. මම මෝඩ නෑ.. අනික මම මෝඩ උනත් එයා මට ආදරෙයිනෙ."
මං එහෙම කිව්වෙ චූටි අයියගෙ කොණ්ඩෙනුත් ඇදලා..
"ආයි සුදූ.. යස්සනී වගේ කොණ්ඩෙන් අදින්නෙ.. ඒ පාර මගෙත් එක්කත් නාඩගම් නටන්න ගත්තද.. අරූගෙ අත් දෙකේ ගන්න දෙයක් නෑ නියපොතු පාරවල්. තව කොහෙ කොහෙ හූරනවද දන්නෑ ඔහොම.."
"අනේ මේ.. වෙන කොහෙවත් නෑ.. ඒ පොඩ්ඩක් කොනිත්තන්නෙ කෙල්ලො බලයි කියලා.. එයා සුදු නිසා ඒවා රතු වෙලා වැඩිපුර පේන්නෙ. ඒකට මම මොනා කරන්නද හුම්.."
මං එහෙම කිව්වෙ ලාවට හිනා වෙලා..
මං හිනාවෙනවා මේ චූටි අයියට පේන්නෙ නැති හින්දම හොඳයි..
ඇත්තටම මට තරහා ගියපු වෙලාවට මම කරන්නෙ තිවෙන්‍ය අයියගෙ අතක් කොනිත්තන එක..
එහෙමත් නැත්තන් පාර හිටින්නම හපන එක..
එයා ගොඩක් සුදු හින්දා ඔය හැම පාරක්ම කැපිලා පේනවා පොඩ්ඩක් වැඩිපුර..
ඒකටනෙ මේ අහිංසක මට කතා කියන්නේ..
"හරි හරි ඕනෙ මගුලක්.. ඌ මොකටද අද කලින් ඕෆ් වෙන්න ඕනෙ කිව්වේ.. තමුසෙ ඒ අහිංසකයව කඩේ යවන්නද හදන්නේ.."
"අනේ මන්දා.. කොහෙද යන්න එන්න කිව්වා.. හැබැයි ඉතින් කොහෙද කියලා කිව්වෙ නෑ.."
"කිව්වෙ නැත්තන් ඉතින් ගිහින්ම බලාගනින්. ගොන් අලේ.."
"අනේ මේ.. යනවා යන්න.."
"ආයි සුදූ.. කොණ්ඩෙන් අදින්න එපා යෝදියේ.."
මං ආයෙම පාරක් චූටි අයියගෙ කොණ්ඩෙන් අදිද්දි එයා ආයෙමත් කෑගැහුවා..
ඒත් එක්කම චූටි අයියගෙ මේසෙ උඩ තියලා තිබ්බ මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා..
කෝල් එක අර්චිගෙන්..
"අප්පාහ්.. නෑණා පොඩ්ඩ ගන්නෙ.. මොකද දන්නෑ හදිස්සියෙ මාව මතක් උනේ.. ඕක ආන්සර් කරලා ස්පීකර් දාන්නකො චූටි අයියා.. මගෙ අතේ තෙල්නේ.."
මං එහෙම කිව්වම චූටි අයියා ඔලුව හොලවලා ෆෝන් එක අරන් කෝල් එක ආන්සර් කරලා ස්පීකර් ඔන් කරා..
"හෙ.."
..........................................................♡
ස්ක්‍රීන් එක දිහා බලන් ඉද්දි මගේ ඇස් රිදෙන්න ගන්නවා ළමයි මේ ටිකේ.. ඒකයි කතාව දෙන්න බැරි උනේ.. camavenna..
ඊලඟ එපිසෝඩ් එක අරන් එන්නම්..
✍️ රාදි
❤️
♥️
3